Posts

Showing posts from June, 2015

හිමාලයෙ'ව් පර්වත සෙලවිය හැකි ජේසු සමිඳුන් කෙරෙහි විශ්වාසය ..........

Image
"Faith: The virtue that frees and saves...." (2015 ජුනි 30) "විශ්වාසය යනු මෙයයි: ජේසු සමිඳුන්ගෙන් ගැළවීමේ වරප්‍රසාද ලබා ගැනීම සඳහා උන්වහන්සේ ස්පර්ශ කිරීමයි" පසුගිය ජුනි 28 වන ඉරිදා දහවල් සාන්ත පීතර චතුරශ්‍රයේදී  පැවැති  තුන්කාල ආරාධනා යැදුමට  පෙර ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය දේශනය ආරම්භ කලේ එලෙසයි. එදින එතුමන්ගේ දේශනාවේ තේමාව වූයේ කිතු දහමේ ප්‍රධාන ගුණදහම් තුනෙන් පළමුවැන්න වන  විශ්වාසයයි. ශු. මාක් තුමන් ගේ සුබ අස්නේ එන මහා ලේ  රෝගී කාන්තාවට සුවය ලැබීම සහ ධර්ම ශාලා නිලධාරි ජායිරස් ගේ  දියණිය මරණයෙන් නැගිටවීම යන සිද්ධි දෙක පදනම් කර ගනිමින් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කෙළේය.(මාක් සුබ අස්න 5:21-43) දොළොස් වසරක් මහා ලේ රෝගයෙන් පෙළෙමින් සිටි  කාන්තාව ජේසු සමිඳුන් ගේ වස්ත්‍රයට පමණවත් අත තැබුවොත් තමාට සුව වෙතැයි විශ්වාසයෙන් උන්වහන්සේ ගේ වස්ත්‍රයට ඇත තැබුවාය. "එය එසේම වූවා " සුදොතුම් පියතුමා සිහිපත් කළේය. "(රෝගයෙන්) නිදහස් වීමට, විමුක්තිය ලැබීමට ඇති අවශ්‍යතාව විසින් එඩිතර වීමට ඈ පොලඹවනු ලැබුවා. ඇගේ එම විශ්වාසය ස්වාමීන් වහන්සේගෙන් සුවය

"කිතුනුවන් ගේ දෑත් අපවිත්‍ර විය යුතුයි" පාප්වහන්සේ පවසති. හැබෑටම?

Image
"Christians must get their hands dirty in order to do good" - Holy Father says (2015 ජුනි 29) "මට බොහෝ වෙලාවට මේ ගැන  හිතෙනවා.අපේ දෑත් කිලිටි කර නොගෙන යහපත් වැඩක් කරන්න අමාරුයි. එසේ නොකලහැකිම යැයි මා කියන්නේ නැහැ. අමාරුයි. ජේසු සමිඳුන් ගේ දෑත් කිලිටියි. එත් උන්වහන්සේ සමීපයි. ඒ වගේ කිතුනුවන් ගේ දෑත් කිලිටි විය යුතුයි." මෙසේ පවසන්නේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ය. "හැබෑටම?" යැයි අපේ මුව විවර වනු ඇත. අපේ ඇස් බැමි ඉහල යනු ඇත. ඉතින් අපත් අපවිත්‍ර වෙනවා නොවේ ද? ඇත්තය. කිතුනු අපිත් අපේ දෑතින් පමණක් නොව ඇතැම් විට සියොලඟීන්ම අපවිත්‍ර වෙමු. විශේෂයෙන්ම ඇතැම් (කිතුනු) දේශපාලකයන්, රජයේ නිලධාරීන්, විනිශ්චයකාරවරුන්,කළා කරුවන්, නීතීඥයන්, පමණක් නොව මාධ්‍යවේදීන් පවා දෑත් කිලිටි කර ගනිති. ඒ අල්ලස, දුෂණය, වංචාව, සුරාව, සූදුව හා මත්ද්‍රව්‍ය ජාවාරම, මනුෂ්‍ය ඝාතනය වැනි පව් කසල කිසිදු හිරිකිතයක් නැතිව අත ගෑමෙනි. පාප්වහන්සේ පවසන්නේ එවැනි කිළුටක් ගැන නොවේ. "දෙවියන් වහන්සේට ප්‍රසන්න" කිළුටක් ගැනය. එනම් "කිතුනුවන් ගේ දෑත් යහපත් දේ කිරීමෙන් අපවිත්‍ර

වතිකානයේ සියලු ජන සන්නිවේදන ආයතන එක් දෙපාර්තමේන්තුවක් යටතට

Image
A new Secretariat created to oversee all Vatican Communications  වතිකාන ගුවන් විදුලියේ තවමත් සුරක්ෂිතව ඇති මාකෝනි ගේ ප්‍රථම රේඩියෝ මයික්‍රොපෝනය (2015 ජුනි 28) වතිකානයේ සියලු ජන සන්නිවේදන ආයතනවලට නායකත්වය දීම සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් නව ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලබයි. "තත්කාලීන සන්නිවේදන සන්දර්භය" (The current communication context) යනුවෙන් නම් කර ඇති ඊට අදාළ වතිකාන පනත පාප් වහන්සේ විසින් ජුනි 27 වැනි සෙනසුරාදා ක්‍රියාත්මක කෙරිණි. මේ අනුව නව ලේකම් කාර්යාලයේ කලමනාකාරීත්වය  ජුනි 29 වැනි සඳුදා සිට සිය වගකීම් භාරගැනීමට නියමිතය. "ඩිජිටල් මාධ්‍යයන් ගේ ක්‍රියාකාරීත්වයෙන් හා වර්ධනයෙන් ද අභිසරණයෙන් හා අන්තර් ක්‍රියාකාරීත්වයෙන්  ද සලකුණු වී ඇත්තාවූ වර්තමාන මාධ්‍ය සන්දර්භය, ශුද්ධාසනයේ තොරතුරු පද්ධතිය ගැන අලුතෙන් සිතාබැලීමේ අවශ්‍යතාවක් උදා කොට තිබේ.මේ අනුව ශුද්ධාසනයේ සන්න්වේදනය ඒකාබද්ධ සහ එක්සත් කලමනාකාරීත්වයකට යොමුකෙරෙන ප්‍රතිසංවිධානයක් සිදු කල යුතුව ඇත. මේ අරමුනින් මෙතෙක් වෙනස් මාර්ග ඔස්සේ සන්නිවේදන කටයුතු වල නිරත වූ සභාවේ සන්නිවේදන අංශ, රෝම ක්‍යු

සාමය පිලිබඳ නව අපේක්ෂා ඇතිකරමින් වතිකාන-පලස්තීන සම්මුතියට අත්සන් තැබේ (Video)

Image
Vatican, Palestine sign treaty, protecting religious liberty and highlighting peace අල්-මල්කි මහතා සම්මුතියට අත්සන් තබමින් (2015 ජුනි 27) වතිකාන රාජ්‍යය සහ පලස්තීන රාජ්‍යය අතර සවිස්තර සම්මුතියකට අත්සන් තැබේ. මැදපෙරදිග සාමය ඇතිකිරීම හා ආගමික නිදහස සුරක්ෂිත කිරීම යන දෙවදෑරුම් කරුණු ඉලක්ක කර ගනිමින් මෙම සම්මුතිය සකස් වී තිබේ.  සම්මුතියට අදාළ කෙටුම් පතට ඉකුත් මැයි 13 වනදා දෙපාර්ශවය එකඟත්ව පලකළේය. පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පාප්වහන්සේ වතිකානයේ දී හමුවූ අවස්ථාවේ දී මෙම එකඟත්වයට එලැඹින. ඊට  අත්සන් තැබීම  වතිකානයේ දී ඊයේ (ජුනි 26 සිකුරාදා) සිදුවිය.  වතිකානය වෙනුවෙන් ඊට අත්සන් කරන ලද්දේ රාජ්‍යයන් සමග සම්බන්ධතා පිලිබඳ ලේකම් (වතිකාන රාජ්‍යයේ විදේශ ඇමැති ) අති උතුම් ජෝන් ගැලහර් අගරදගුරු හිමිපාණන් විසිනි. පලස්තීනයේ විදේශ ඇමැති රියාද් අල්-මල්කි මහතා එම පාර්ශවය වෙනුවෙන් අත්සන් කළේය.  පලස්තීන-වතිකාන සම්මුතිය, පලස්තීන රාජ්‍යය තුළ ආගමික නිදහස පිළිගනියි. එසේම,කතෝලික සභාවේද එහි ආයතනවල හා පලස්තීනය තුල සිටින කාර්ය මණ්ඩලවල අයිතිවාසිකම් හා වගකීම එහි විස්තර කර තිබේ. ආගමික නිදහස සහ හ

"අඹු-සැමි තුවාල පිළිකාවක් සේ ඔඩුදුවා පවුල ගිල ගන්නට පෙර........." (Video)

Image
"If your wounds are not healed in time, they would cripple the family" - General Audience  (2015 ජුනි 24) පවුලේ තුවාලවලට කලට වේලාවට, පවුලේ සුව සෙත ලැබෙන ලෙස ප්‍රතිකාර නොකළහොත් ඒවා ඔඩු දුවන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් සැමියා සහ බිරිඳට පමණක් නොව දූ දරුවනටත් ඒවායේ ආදීනව වලට මුහුණ දීමට සිදු වේ. එබැවින් තුවාල සඟවාගෙන නොසිට ඒවා සුවපත් කර ගැනීමේ මගට පිවිසීමට පවුල් ප්‍රඥාවෙන් කටයුතු කල යුතුය. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ බදාදා (ජුනි 24 දා) පොදු හමුවේ ධර්මෝපදේශ කතාවේ සාරාංශය එයයි. ලබන ඔක්තෝබරයේ පැවැත්වෙන පවුල පිලිබඳ ලෝක රදගුරු කතිකාව තෙක් පොදු හමුවේ ධර්මෝපදේශ කතාවේ තේමාව ලෙස පාප්වහන්සේ තෝරාගෙන ඇත්තේ පවුලයි. පවුලේ සම්බන්ධතාවලට සිදුවන තුවාල, එහි පැවැත්මට බලපාන අයුරු මෙම බදාදා හමුවේ දී පාප්වහන්සේ පෙන්වා දුන්හ. "පවුලේ එක සාමාජිකයකු තවත් කෙනෙකුට රිදවන අවස්ථා පවුල් ජීවිතයේ දක්නට ලැබෙනවා" සිය දේශනය අරඹමින් පාප්වහන්සේ කියා සිටියහ."එහි ප්‍රතිඵල ලෙස ඇතිවන තුවාල එක සාමාජිකයකුගේ වචන, ක්‍රියා හෝ අත පසු කිරීම් නිසා සිදුවන්නට පුළුවන්. ආදරය ප්‍රකාශ කරනු වෙනුවට ඒ මගින් සිද

"සභාව නූතන පවුලේ අභියෝග දෙස බැලිය යුත්තේ කාරුණික හදවතින්" - පවුල් කතිකාවේ මාර්ගෝපදේශ ලියවිල්ල කියයි

Image
"Families need the Church's message of mercy" (2015 ජුනි 23) මේ වසරේ පැවැත්වෙන පවුල පිලිබඳ රදගුරු කතිකාවේ  මාර්ගෝපදේශක ලේඛනය ඊයේ (ජුනි 23 අඟහරුවාදා) වතිකානය විසින් නිකුත් කෙරිණි. පවුල පිළිබඳව පන නැගී ඇති අතිශය උණුසුම් සහ ඇතැම්  විට ආන්දෝලනාත්මක ද වන මාතෘකා කිහිපයක් ද එම ලේඛනය මගින් පෙන්වා දී තිබේ. සමලිංගිකත්වය  හා දික්කසාද වී යළි විවාහ වූ පවුල් ඒ අතර ඇති මාතෘකා කිහිපයකි. සෑම පවුලකටම කතෝලික සභාවෙන් අවශ්‍ය වන්නේ දයා කරුණාව දැක්වීම මේ සමස්ත ගැටළු වලදී සභාවේ මෙහෙවර බව එම ලේඛනය කියයි. "කතෝලික සභාව අද කල යුත්තේ නුතන පවුලේ ප්‍රායෝගික තත්වයන්ගෙන්  පටන් ගැනීමයි.අතිශයින්ම දුක් විඳින පවුල් වල සිට සියල්ලන්ට දයා කරුණාව අවශ්‍ය" යයි එහි සඳහන් වේ. මෙවැනි ගැටළු ගැන කතා කිරීමේ දී සභාවේ විශ්වාස ධර්මය, ශීල ධර්මය වැනි ඉගැන්වීම් වල තරයේ එල්බගෙන, නූතන ගැටළු දෙස කරුණා දෙනෙතින් බැලීම ප්‍රතිඛේප කරන කොටස් වෙත ද  මෙම ලේඛනය මගින් පණිවිඩයක් ඉදිරිපත් කර තිබේ. "දයා කරුණාව සභාවේ ඉගැන්වීම් පදනම් වී ඇති අනිවාර්ය සත්‍යතා වලට පටහැනි නොවේ. එසේ වුවද එය වඩාත් හොඳින් සන්නිවේදනය කල හැක

නිර්මලා කන්‍යා සොයුරිය සදා ජීවිතයට නික්ම යයි

Image
Sr. Nirmala of Calcutta called to Eternal Rest (2015 ජුනි 23) භාග්‍යවන්ත කල්කටාවේ සාන්ත තෙරේසා මව් තුමියට පසුව දයාවේ සොයුරියන් ගේ නිකායේ නායිකාව වූ නිර්මලා කන්‍යා සොයුරිය ගේ අභාවයෙන් ඉන්දියාව සංවේගයට පත්ව සිටියි. කලක් ගිලන්ව සිටි 81 හැවිරිදි නිර්මලා සොයුරිය රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මීට දින කිහිපයකට පෙර කල්කටාවේ දයා සේවා නිවසකට ගෙන එනු ලැබුවා ය. එහිදී ඇය ඊයේ  (ජුනි 23අඟහරුවාදා) ස්වර්ගස්ථ වූ බව එම නිකාය ප්‍රකාශ කළේය. "ඉතා දයාබර වුත් අප සියල්ලන්ට ඉතා සමීප වුත් නිර්මලා සොහොයුරිය ගේ අභාවය හේතුවෙන් මුළු මහත් ඉන්දියාවත් විශේෂයෙන් කල්කටා අගරදගුරු පදවියත් මහත් ශෝකයට පත්ව සිටින" බව එම පදවියේ අනු නායක ඩොමිනික් ගෝමස් පියතුමා කියා සිටියේය. නිර්මලා සොයුරිය ගේ දේහය කල්කටාවේ සියල්දා කලාපයේ සාන්ත ජුවාම් දෙව්මැදුරේ තැන්පත් කර තිබින.එහි සිට අද (බදාදා) එම දේහය කල්කටාවේ පිහිටි දයාවේ සොයුරියන් ගේ මව් නිවෙසට ගෙනයාමට නියමිතය. එහි දී ඉන්දියාවේ වේලාවෙන් අද ප.ව. 4 ට පැවැත්වෙන දිව්‍ය පුජාවෙන් පසුව, සාන්ත ජුවාම් සුසාන  භුමියේ දී අවසන් කටයුතු සිදු කෙරේ. 1934 ඉන්දියාවේ (වත්මන් ඉන්දියාවේ ජාර

"දුප්පතුන්, පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින පුජකවරුන් කොමියුනිස්ට් කාරයන් නොවේ; ඔවුන් සැබෑ කිතුනුවන්" - පාප් වහන්සේ ගෙන් දුප්පත්කමේ දේවධර්මයට සාරාංශයක්

Image
"Concern for the Poor is sign of Gospel; not a red flag of Communism"- Pope explains the "Theology of Poverty" (2015 ජුනි 22) "දුප්පත් සභාවක් දුප්පතුන් සඳහා වන සභාවක්" යැයි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූ දා සිට, කතෝලික සභාවේ සාම්ප්‍රදායික මිනුම් දඬු වෙනස් කරන  ලෙස උන්වහන්සේ වෙතින් අභියෝග ගලා එමින් තිබේ.  තම සුඛ විහරණ තුළ ගැලී සිටින්නට කැමති පූජකවරුන්ට හා රදගුරු හිමිවරුනට එවැනි අභියෝග වහ කදුරු සේ තිත්ත වීම නිසා,පාප්වහන්සේ කුමක් කීවත්, ඔවුන් නොඇසූ කන්ව සිටිය ද ලොව පුරා කිතුනු නොකිතුනු සියලු ජනතාවට එම ඉගැන්වීම් ක්‍රිස්තු සමිඳුන් ගේ හඬ යළි ප්‍රතිරාව වීමක් සේ ආනන්දයට හේතුවක් වී තිබේ. දුප්පතුන් හා පීඩිතයන් සමග ඔවුන් වෙනුවෙන් සේවය කරන පියවරුන් හා රදගුරු හිමිවරුන් දෙස මෙතෙක් කතෝලික නායකයන් බැලුවේ සැක සහිතව ය. කතෝලික සමාජ ධර්මයේ එන "දුප්පතුන් සඳහා වරණය" (Option for the Poor) තෝරාගනිමින් සමාජයේ පීඩිත පන්තිය වෙනුවෙන් සේවය කරණ පුජකතුමන් "කොමියුනිස්ට්වාදීන්" ය යන ආකල්පයක් කතෝලික නායකත්වය තුළ තිබිණී. එබැවින් එවැනි පියතුමන්ලාට පල න

"අයුක්තියටත් වදහිංසා වලටත් ලක්වන ජනතාවගේ හදවත් වල ප්‍රතිබිම්බයක් බඳු ශ්‍රී සළුවේ විකෘති වූ වත මඬල...." ටියුරින්හි ශ්‍රී සළුව අබියස සිට

Image
“The Disfigured face of the Holy Shroud: A reflection of people’s  faces  marred by loss of  human dignity, by war and violence ”  ශ්‍රී සළුවේ ඡායාරූප නෙගටිව් පිටපතක්  (2015 ජුනි 21) උතුරු දිග ඉතාලියේ ටියුරින් නුවර ආසන දෙව්මැදුරට ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පැමිණියහ. එය මඳ අඳුරේ පැවැතින. ආලෝකය පැවතියේ එක ස්ථානයක පමණි. ඒ ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී සළුව ප්‍රදර්ශනය කර තිබූ ස්‌ථානයේ ය. පාප් වහන්සේ එම ස්ථානයට ගමන් කළහ. එය දැඩි නිහැඬියාවේ මොහොතක් විය. අල්පෙනෙත්තක් බිම වැටුනත් එහි ශබ්දය ඇසෙන තරමේ නිශ්ශබ්දතාවක් දෙව්මැදුර පුරා පැවැතින.එම නිහඬබව තුළ ධ්‍යානසම වූ පාප්වහන්සේ, නෙත් නොපියා  ශ්‍රී සළුව දෙස බලා සිටිමින්, සිය හදපත්ලෙන් නැගෙන යැදුම් හා වන්දනාව ඊට  ඔප්පු කලහ. පාප් වහන්සේ සළුව අබියස සිය  අසුනේ හිඳගෙන අනිමිසලෝචනයෙන් මෙන් එදෙස බලා සිටියහ.  ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ මරණයෙන් පසු උන්වහන්සේ ගල් ලෙනෙහි තැන්පත් කරද්දී, ජුදෙව් චාරිත්‍රානුකුලව උන්වහන්සේ ගේ ශ්‍රී දේහය ඔතන ලද සළුව ලෙස මෙම ශ්‍රී සළු ධාතුව සියවස ගණනක් තිස්සේ ලොව පුරා කිතුවන් ගේ වන්දනාමානයට පත්ව තිබේ. සළුවේ ඉතිහා

පාරිසරික ජීවිත මාරුවකට අභියෝග කෙරෙන පරිසර විශ්ව ලේඛනය - හැඳින්වීමක්

Image
Environmental Encyclical: A call to an "Ecological Conversion" විශ්ව ලේඛනය නිකුත් ප්‍රකාශට පත් කිරීමේ උත්සවය  (2015 ජුනි 20) ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය ඉකුත් ජුනි 18 වන බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරින. මේ අනුව, මෙය, ලෝකයේ සහ සභාවේ කඩඉම් රැසක් සනිටුහන් කල, කතෝලික සභාවේ සමාජ විශ්වලේඛන පෙළට එක්වන අලුත්ම ලියවිල්ල බවට පත් වේ. මේ නිමිත්තෙන් වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව මෙහෙයවන ලද්දේ යුක්තිය සහ සාමය පිලිබඳ සභා නියෝජනයේ සභාපති අති උතුම් පීටර් ටර්ක්සන් කාදිනල් හිමිපාණන් විසිනි. පෝස්ට්ඩෑම් දේශගුණ බලපෑම් පර්යේෂණායතනයේ ආරම්භක අධ්‍යක්ෂ මහාචාර්ය ජෝන් ශේල්න්හියුබර් සහ වතිකාන විද්‍යා ඇකඩමියේ ආචාර්ය කැරලින් වූ යන විද්‍යාඥයෝ ද ඕතඩොක්ස් සභාව නියෝජනය කරමින් ජෝන් සිසියුලාස් රදගුරු හිමිපාණෝ ද ඊට එක්ව සිටියහ. සවැනි පාවුළු ශාලාව පරිසරවේදීන් ගෙන් හා පත්‍රකලාවේදීන් ගෙන් පිරී තිබිණි. මෙහිදී අදහස් දැක් වූ ටර්ක්සන් කාදිනල් තුමා,  ගෝලීය උණුසුම් වීම, පරිසර දූෂණය,විශේෂයන් වඳ වී යාම සහ ලොව පුරා පවතින විෂමතා සවාභාවික සම්පත් මත ඇති කරන බලපෑ

මිහිතල විශ්ව ලේඛනය නිකුත්වේ. පරිසර ගැටළු ගැන ඍජු, පුළුල් හා ගැඹුරු විමර්ශනයක්

Image
Environmental Encyclical takes bold stance on controversial issues (2015 ජුනි 18) “Laudato Si" හෙවත්  "පැසැසුම් වේ! සැමගේ පොදු නිවස රක බලා ගැනීම" යැයි නම් කරන ලද,  ලෝකය මහත් අපේක්ෂාවෙන් බලා සිටි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ  ගේ පරිසර විශ්ව ලේඛනය අද (ජුනි 18) වතිකාන යේ දී ප්‍රකාශයට පත් කෙරින. පරිසරය හා පරිසර විද්‍යාව සම්බන්ධයෙන් විද්වත් මණ්ඩල වල සාකච්ඡාවටත් විවාදයටත් ලක්ව ඇති සියලු මත භේදාත්මක කරුණු  පිළිබඳව පාප්වහන්සේ මෙම ලේඛනය මගින් ඍජුව සහ එඩිතරව සභාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ අනන්‍යතාව වන්නේ, කියන්නට ඇති දේ නොවලහා කෙලින් කීමයි. එය මෙම පරිසර විශ්ව ලේඛනයෙන් යලත් වරක් සනාත වී ඇති බව වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මිහිතලය මහත් අනතුරකට පත් කර ඇති විනාශකාරී කාලගුණ විපර්යාසවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවට පුළුල් විද්‍යාත්මක සම්මුතියක් ඇති වී තිබෙන බව පාප්වහන්සේ මෙම ලේඛනයෙන් පෙන්වා දෙති. දශක ගණනාවක් පුරා මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානයක් නොමැති වීම ගැනත් ඒ සම්බන්ධයෙන් දක්වන දුර්වල ප්‍රතිචාරය ගැනත් එතුමා ලෝක දේශපාල

"ගැහැනියක හා පිරිමියකු අතර ඇති ආදරයේ සෞන්දර්යය ......."

Image
"Do you believe in the Beauty of love between a man and a woman?" Pope asks parents   (2015 ජුනි 16) "දෙවියන් වහන්සේ ප්‍රේමය වන සේකැ"යි ජුවාම් තුමා සිය ලිපියේ පවසයි. එම "ප්‍රේමය" විසින් මවන ලද මිනිසා  සහ ගැහැණිය අතර හටගන්නා ප්‍රේමයේ සුන්දරත්වය ගැන ඔබ විශ්වාස කරනවා ද? ඉකුත් ඉරිදා වතිකානයේ දී දෙමාපියන් කණ්ඩායමකට අනුශාසනා කරමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ඇසු ප්‍රශ්නය එයයි. " මට ඔබෙන් මෙය අසන්නට ඕනෑ: ඔබ ප්‍රේමයේ සුන්දරත්වය කෙරෙහි විශ්වාස කරනවා ද? ප්‍රේමයේ විශිෂ්ටත්වය ගැන විශ්වාස කරනවා ද? ඔබට මේ ගැන විශ්වාසයක් තිබෙනවා ද?" යි උන්වහන්සේ ඇසූහ."ප්‍රේමය ගැනත් ප්‍රේමයේ සුන්දරත්වය කෙරෙහිත් විශ්වාස කරන කාන්තාවන්ටත් පිරිමින්ටත් දෙමාපියන් වන්නට දෙවියන්වහන්සේ ඇරයුම් කරනවා" යැයි එතුමා කියා සිටියේ ය. පාප්වහන්සේ මෙසේ පැවසුවේ පසුගිය ජුනි 14 වන ඉරිදා සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දෙමාපියන්ගේ රැස්වීමකදීය. රෝම රදගුරු පදවියේ ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන සහ අභිවෘද්ධි ආලේපය දේව ප්‍රසාද නිධානය ලබන දරු දැරියන්ගේ දෙමාපියන් සඳහා මෙම

"සභාව අම්මා කෙනෙක්. ඇය නැන්දම්මා කෙනකු නොකරන්න"- පාප්වහන්සේ පියතුමන්ලාට දුන් පණිවිඩය

Image
Holy Father's message to Priests: "Don't scare off God's people" මාර්තු මාසයේ සවැනි පාවුළු ශාලාවේ පැවැති පියතුන්මලා ගේ  හමුවකට පාප්වහන්සේ පැමිණි අවස්ථාව (2015 ජුනි 15) ඉකුත් සති අන්තයේ ලෝක පුජාප්‍රසාදීවරුන්ගේ ධර්ම විවේකයක් (ඥාණකාන්තියක්) රෝමයේ දී පැවැත්විණි. රෝමයේ රදගුරුතුමන් වන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ද පියතුමන්ලා ගේ ආධ්‍යාත්මික හා එඬේරික මෙහෙවර පෝෂණය කිරීම අරභයා මෙහිදී දේශනයක් පැවැත්වූ හ. සිකුරාදා (ජුනි 13) සාන්ත පීතර බැසිලිකාවේ දී පුජකවරුන් ගේ ධර්ම විවේකයට එක්වූ පාප්වහන්සේ, විශ්වාසකයන් හා සම්බන්ධතාව, කිතුනු සභා අතර සම්බන්ධතා, පුජක අධිපති වාදය, ගිහියන් ගේ සේවාව හා ධර්ම දේශනා පැවැත්වීම යන කරුණු ගැන කතා කළහ. ('ධර්ම විවේකය' -Recollection or Retreat-  යනු කතෝලිකයන් විසින්  සිය ආධ්‍යාත්මික ජීවිතය දෙස එබී බලා, දෙවිඳුන් සමග සිය ජීවිතය නිසිමගට යොමුකරගැනීම සඳහා කලින් කලට සිදු කරනු ලබන  ආධ්‍යාත්මික අභ්‍යාසයකි.) ජේසු නිකායිකයකු වන ප්‍රැන්සිස් පාප්වහන්සේ, ජේසු නිකායික දේශනාවාදී පියතුමන්ලා ගේ ශෛලිය අනුගමනය කරමින්, ඇතැම් විට සැහැල්ලුවෙන්, මෘදුව හා

"අපේ පොදු නිවස - මිහිතලය - පිළිසකර කොට සුරකින්න එක්වන්න" - පරිසර විශ්ව ලේඛනය 18 දා දොරට වඩියි

Image
Holy Father requests prayers for the success of the Environmental Encyclical  (2015 ජුනි 14) ලෝකය මහත් නොඉවසිල්ලෙන් බලා සිටි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය මේ සතියේ බ්‍රහස්පතින්දා, එනම් ජුනි 18 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ. මැවිල්ල බලා ගැනීම පිණිස කෙරෙන ඇරයුමක් වන මෙයින් ආමන්ත්‍රණය කෙරෙන්නේ එක් කොටසකට පමණක් නොව, මිහිතලය සිය ගෙදර කරගත් සියලු ජනතාවට යයි පාප්වහන්සේ පැවසූහ. සිරිත් පරිදි ඉරිදා දහවල් තුන්කාල ආරාධනා යැදුම සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනාකරුවන් අමතමින් උන්වහන්සේ ඊයේ (ජුනි 14 ඉරිදා) මේ බව කියා සිටියහ. ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දෙවන විශ්ව ලේඛනය ද පාප්වහන්සේ නමක් විසින් ලියන ලද ප්‍රථම පරිසර විශ්ව ලේඛනය ද වන මෙය "ප්‍රශංසා වේ: පොදු නිවස රැක බලා ගැනීම" ("Laudato Si: On the Care of the Common Home") යනුවෙන් නම් කර ඇත. මෙහි එන “Laudato Si" යන දෙපදය උපුටා ගෙන ඇත්තේ සොබා දහමේ සාන්තු වරයා වන ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් විසින් ලියන ලද ප්‍රශංසා ගීතයකිනි. (මෙය පාප්වහන්සේ ගේ විශ්වලේඛනයේ නම බවට පත්වන බව සිංහල පාඨකයන

"ISIS වෙතින් අප ගලවා ගන්න"- ඉරාක අගරදගුරු හිමි ලෝකයෙන් ඉල්ලයි

Image
"Save us from ISIS" - Mosul Archbishop's plea to the international community මොසුල්හි සිට පලා ආ කිතුනුවන් (2015 ජුනි 14) ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෙවත් අයිසිස් (ISIS ) පරාජයට පත්කොට ඉරාක කතෝලිකයනට තම උපන් බිම යලි ලබා දෙන්නැයි ඉරාක කතෝලික අගරදගුරු හිමි බටහිර ලෝකයෙන් ඉල්ලයි. පීඩාවට ලක් වූ කතෝලික රටවලට ආධාර කරන ප්‍රමුඛ කතෝලික දයා සේවාවක් වන Aid to the Church in Need ආයතනය සමග පැවැති සම්මුඛ සාකච්චාවකදී මෙම ඉල්ලීම කර ඇත්තේ සිරියානු කතෝලික අගරදගුරු අති උතුම් යෝහන්නා මුෂේ හිමිපාණෝ ය. ISIS ත්‍රස්තවාදීන් විසින් ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් කිතුනුවන් පලවා හැර මේ සතියට වසරක් සම්පුර්ණ  විය. Church in Need ආයතනය, මුෂේ අගරදගුරු හිමිපාණන් හා සාකච්ඡා කලේ ඒ නිමිත්තෙනි. ඉරාක කිතුනු ජනතාව තමන් උපන් හා හැදුනු වැඩුණු  ගම්  බිම් වලට ආපසු යාමට මහත් ආශාවෙන් බලා සිටින බව එතුමා පැවසීය.එබැවින් තම ජනතාව ගලවා ගැනීමට ඉදිරිපත් වන ලෙස මේ පිලිබඳ වගකීම ඇති සියල්ලනට ආයාචනා කරන්නේ යයි  එතුමා සඳහන්  කලේ ය. මේ සඳහා ඉතිරිව ඇති "හොඳම විසඳුම හමුදා ක්‍රියාමාර්ගයක් " බව අගරදගුරු හිමි පෙන්වා දුන

"ලොව පුරා කුසගිනි නිවීම න්‍යාය පත්‍රයේ අංක එක විය යුතුයි" : ආහාර සංවිධානයේ නියෝජිතයනට කියයි.

Image
Ensure Food for All; Minimize waste; Change life styles : Holy Father tells FAO representatives  (2015 ජුනි 11) "ලෝකයේ - විශේෂයෙන් දකුණු දිග ලෝකයේ- කුසගින්න නිවීම ලෝක ආහාර සංවිධානයේ තේමාව විය යුතුයි" "සැමට ආහාර " යන්න ලොව පුරා සියලු රටවල නායකයන් ගේ න්‍යාය පත්‍රයට ඇතුළු විය යුතුයි" මානව ශ්‍රමයෙන් මිහිතලයේ වගාකර නෙලා ගන්නා ආහාර, කුසගිනි නිවීමට හැර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම වැරදියි. සියලු ආකාරයේ ආහාර අපතේ යැවීම නැවැත්විය යුතුයි." ජුනි 11 වැනි දා බ්‍රහස්පතින්දා රෝමයේ පැවැති ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන නියෝජිතයන් ගේ සමුළුව අමතමින් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ කල දේශනයේ සාරාංශයයි ඒ. සමස්තයක් ලෙස ගත්  කල, මෙම දේශනය, පාප් වහන්සේ විසින් මේ මස 18 වැනිදා නිකුත් කිරීමට නියමිත "වේ ප්‍රශංසා" නමැති පරිසර විශ්ව ලේඛනයට පෙර වදනක් ලෙස දැකිය හැකි යැයි වතිකාන නිරීක්ෂකයෝ ප්‍රකාශ කරති. "ආහාර නාස්තිය පිලිබඳ සංඛ්‍යා ලේඛන සංවේගජනක යැයි පාප්වහන්සේ සමුළු නියෝජිතයනට පැවසුහ. "ආහාර වලින් තුනෙන් එකක් අපතේ හරිනු ලබයි."කෘෂිකාර්මික නිෂ්පාදනවල

ජනාධිපති පූටින් හා පාප්වහන්සේ අතර හමුවක් - යුක්රේන අර්බුදය කෙරෙහි දැඩි අවධානය

Image
Ukraine Crisis: The focal point in Putin-Pope Francis meeting  (2015 ජුනි 10) රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පූටින් මහතා වතිකානයේ දී ඊයේ (10 බදාදා ) ශුධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසුණේය. මෙය ඔහු ශුද්ධෝත්තම පියතුමන් මුණගැසුණු දෙවන අවස්ථාවයි. සාකච්ඡා වලින් පසුව වතිකානය විසින් නායකයන් දෙදෙනා අතර හමුව සම්බන්ධයෙන්  අසාමාන්‍ය ලෙස දීර්ඝ නිවේදනයක් නිකුත් කර තිබුනේ ය. එහි සඳහන් වූයේ පාප් වහන්සේ හා රුසියානු නායකයා අතර සාකච්ඡා "ප්‍රතිපත්තිමය වශයෙන් යුක්රේනයේ පවත්නා ගැටුම්කාරී තත්වය හා මද පෙරදිග තත්වය කෙරෙහි පමණක් යොමු වී තිබූ"  බවයි. යුක්රේන අර්බුදයට විසඳුම් ලබා ගෙන "සාමය ඇති කිරීම සඳහා අවංක හා බලවත් උත්සාහයක යෙදෙන ලෙස "  පාප් වහන්සේ පූටින් මහතාට අවධාරණය කල බව එම නිවේදනය කියයි. එමෙන්ම, මේ වසර මුලදී ජර්මනියේ මින්ස්ක් නුවරදී ගිවිස ගෙන අත්සන් තැබුණු සාම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශව කැපවීමෙන් ක්‍රියා කල යුතු බවද පාප්වහන්සේ අවධාරණය කර තිබේ. මෙහිලා සියල්ලන්ට සංවාදයේ යෙදිය හැකි වාතාවරණයක් ගොඩනැගීමේ වැදගත්කම ද එතුමා පෙන්වා දුන් බව වතිකාන නිවේදනය සඳහන්

"ඵල දරන්නට නම් සභාව දුප්පත්විය යුතුයි" පාප් වහන්සේ අවධාරණය කරති

Image
"To be FRUITFUL, the Church MUST be POOR" - Holy Father reiterates  (2015 ජුනි 9) කතෝලික සභාව දුප්පත්කම වැළඳ ගත යුතු  බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ යළිත් වරක් අවධාරණය කරති. ලොව තුළ ඵල දැරීමට නම් මෙය අත්‍යවශ්‍ය කාරනාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති.  පාප් වහන්සේ මේ බව කියා සිටියේ පසු ගිය බදාදා සිය පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. පවුලට එල්ලවන බලපෑම් පිළිබඳව ධර්මෝපදේශ කතා මාලාවක් ආරම්භ කළ පාප් වහන්සේ එදා කතා කලේ දුප්පත්කම නිසා පවුල්වලට එල්ලවන බලපෑම් පිලිබඳවය.    නගර හා මෙගා නගරවල පර්යන්ත ප්‍රදේශවලත් ග්‍රාමීය ප්‍රදේශවලත් ජීවත් වන දුප්පත් පවුල් මුහුණ දෙන ප්‍රශ්න ගැන එතුමා එහිදේ කතා කළේය."ඔවුන් ගේ ජීවිත කෙතරම් දුක්ඛිත ද? කෙතරම් පිරීහී තිබේ ද?" යි උන්වහන්සේ විමසීය. යුද්ධය විසින් දුප්පත් පවුල් තවත් දුකට ඇද දමන ආකාරය ද එතුමා පෙන්වා දුන්නේ ය. දුප්පත් පවුල් වලට අත දීමත්, ඔවුන් ගේ ගැටළු වලදී ඔවුනට උපකාර කිරීමත්, දුප්පත් කමින් නැගී සිටීමට ඔවුන්ට කල හැකි සියලු උපකාර කිරීමත් සියලු කිතුනුවන්ගේ යුතුකමක් හා වගකීමක් බව පාප් වහන්සේ සිය ධර්මෝපදේශය දේශනාවේ දී අවධාරණය කළහ.

"සාමය මිනිසා පිලිබඳව දෙවිඳුන් ගේ සිහිනයයි" අළු යට ගිණි ඇති බොස්නියාවට දුන් පණිවිඩය

Image
"Peace is God's dream, his plan for the world": Pope says in Sarajevo (2015 ජුනි 9) "සාමය ලෝකය වෙනුවෙන් දෙවිඳුන් ගේ සිහිනයයි." "සාමය යුක්තිය ඉටුකිරීමේ ඵලයයි" "ජේසු සමිඳුන් කීවේ සාමය ඇති කරන්නෝ ආශීර්වාද ලද්දෝය' කියා මිස 'සාමය ගැන දේශනා කරන්නෝ ආශීර්වාද ලද්දෝය' කියා නොවේ" මතක ද බොස්නියාව?  එකම රටේ ජනවාර්ගික කොටස් අතර ඇවිලුණු යුද ගින්නෙන් ආදරය දැවී,මානව භක්තියත් සමග විනාශ වෙමින් තිබූ දේශය? 1992 සිට 1995 දක්වා, වෛරයේ බලශක්තියෙන් පන පෙවුණු වෙඩි හඬින්, බෝම්බ හඬින් සේ ම, යුද්ධයේ ගොදුරු බවට පත්වුනු තම ප්‍රියයන් වෙනුවෙන් හඬා  වැලපෙන මිනිසුන්ගේත් ගැහැණුන්ගේත් වැලැපිල්ලෙන් කම්පනයට පත්ව තිබූ රට? ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙර කියූ ප්‍රකාශ කලේ, යුද ගිණි නිවී ගියත් තවමත් අළු යට ගිණි පවතින එම රටේ දී ය. යුද්ධයේ අවසානයෙන් පසු බොස්නියා-හර්සගොවිනාව බවට පත් වූ එරටට ශුද්ධෝත්ම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සෙනසුරාදා (ජුනි 6 දා) අපෝස්තලික චාරිකාවක් සඳහා පැමිණියහ. එහි ගතකල පැය 11 ක කාලය තුළ එතුමා  එරට දේශපාලන නායකයන්, කතෝලිකයන්, අන්ත

"දුප්පත්කම නිසා පවුල් විනාශ වෙයි. ඔවුන්ට සමීප වී නැගී සිටීමට හැකි සෑම දෙයක් ම කරමු" :බදාදා පොදු හමුව

Image
Poverty is a threat to the Family : Pope at the General audience (2015 ජුනි 4) දුප්පත්කම පවුල්වලට තද බල පහරක් වී ඇති බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එහෙත් ආර්ථික ප්‍රගතිය කෙරෙහි පමණක් අවධානය යොමු කරන දේශපාලනයට මෙය අවබෝධ වී නැති බව උන්වහන්සේ පෙන්වා දෙති. යුද්ධය, පවුල්වල දුප්පත්කම දරුණු කිරීමට හේතු වී තිබේ. කතෝලික සභාව ද පවුල් වල අභියෝගයට නෙත් යොමුකර දුප්පත් කම වැළඳ ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කරති. වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ඊයේ (ජුනි 3 බදාදා) පැවැති සති පතා පොදු හමුවේ දී පාප් වහන්සේ මේ බව කියා සිටියහ. ඔක්තෝබරයේ පැවැත්වෙන පවුල පිලිබඳ රදගුරු කතිකාව ආරම්භ වනතෙක් පොදු හමුවේ පවත්වන ධර්මෝපදේශ කතාවේ තේමාව ලෙස පාප් වහන්සේ තෝරා ගෙන ඇත්තේ "පවුල"යි. පවුලේ විවිධ පැතිකඩ ගැන ඉකුත් සතිය දක්වා උන්වහන්සේ කතා කළහ. ඊයේ සිට උන්වහන්සේ නව පැතිකඩක් දෙස අවධානය යොමු කළහ. දුෂ්කර තත්ත්වයන් හේතුවෙන් පවුල් මුහුණ පාන අනතුරු ගැන කතාකිරීම උන්වහන්සේ ඊයේ සිට ආරම්භ කළහ. එහි මුල්ම සාධකය ලෙස උන්වහන්සේ තෝරා ගත්තේ දුප්පත්කමයි. "නගර හා මෙගා නගරවල පර්යන්ත ප්‍රදේශවලත් ග්‍රාමීය ප