Posts

Showing posts from December, 2019

"ඔබගේ රදගුරු හිමිවරුන් සහ පුදැදුරු වරුන් තුළින් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමය විද්‍යමාන වන්නැයි කියා ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්න" බදාදා ධර්මෝපදේශය - "රදගුරු - පුදැදුරු තුමන්ගේ වගකීම අවදිව සිට මුරකිරීමයි

Image
"Pray that bishops, priests will manifest Christ's love", Pope Francis urges at the General Audience (2019 දෙසැම්බර් 7) තමන් ගේ සේවාවට සහ රැකබලා ගැනීමට භාර වී සිටින කතෝලික ජනතාව ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ වගකීමක් පූජක වරුන් සහ රදගුරු හිමිවරුන් සතුව පවතින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ නිසා  ඔවුන් අතින් එම කාර්යභාරය නිසි ලෙස ඉටු වන පිණිස විශ්වාසිකයන් ඔවුන් වෙනුවෙන්  නිරන්තරෙන් යාච්ඥා කළ යුතු බව එතුමා පවසයි. " සභාව වෙතත්, ඇය තමන් තුළ සංරක්ෂණය කරන විශ්වාසයේ නිධිය වෙතත් අප තුළ පවතින ප්‍රේමය ප්‍රබෝධවත් කරන ලෙස ඉල්ලා සමිඳුන් යදිමු. එසේම අපගේ පුදැදුරු-රදගුරු වරුන් සිය ජීවිතයෙන් දිව්‍ය එඬේරාණන් ගේ ස්ථිර බවත් මෘදු බවත් ප්‍රකාශ කරනු පිණිස ඔවුනට යාච්ඥාවෙන් ආධාර කරමින් අප ද බැටළු රැල රැකබලා ගැනීමට සම වගකිවයුත්තන් කරන ලෙස ද අප සමිඳුන්ට යාච්ඥා කළ යුතු ය. ... රදගුරු හිමි වරුන්  සිය ජනතාව රැකගැනීම පිණිසත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පිණිසත් නිරන්තරයෙන් ම ඔවුනට සමීප විය යුතු " යයි ද එතුමා කියා සිටියේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කල

"කළමනාකරුවන් හෝ ස්වාමිවරුන් නොව සේවකයන් වන්න! වීදි වලට බැස ඔබට භාර කර තිබෙන ජනතාව ගේ ජීවිත මුහුණට මුහුණ මුණ ගැසෙන්න!" සුදොතුම් පියතුමා ආසියානු රදගුරු හිමිවරුනට දුන් අභියෝග; "ධර්මදානයට බාධා කරන යල් පැනගිය මානසිකත්වයන් සහ ව්‍යුහයන්ගෙන් ඉවත්ව ආසියානු සභාවේ අනාගතය නිර්මාණය කර ගන්න!"

Image
"Be servants, not managers ..carve out Asian Church's future.." Pope's challenge to Asian bishops   (2019 සැප්තැම්බර් 22) කතෝලික නායකයන්, විශේෂයෙන් රදගුරු හිමිවරුන් "කළමනාකරුවන් හෝ ස්වාමිවරුන් නොව සේවකයන් විය යුතු" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා උපදසේ දෙයි. " අපත් මේ ජනතාව ගේ ම කොටසකි. අප තෝරා ගනු ලැබ සිටින්නේ සේවකයන් වීමට ය. ස්වාමිවරුන් හෝ කළමනාකරුවන් වීමට නොවේ. අපි  අප සේවය කරන ජනතාවට සවන් දෙමින්, ඔවුන් ගේ ගරුත්වයට ගෞරව කරමින්, ඔවුන් ගේ අපෝස්තලික මුල පිරීම් නිතර අගය කර ඒවා ප්‍රවර්ධනය කරමින්, ඉතා ඉවසිල්ලෙන් සහ කරුණාවෙන් ඔවුන් කැටුව යා යුත්තෙමු" යි එතුමා රදගුරු හිමිවරුන්ට  සහ කතෝලික නායකයනට අනුශාසනා කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම උපදෙස් දුන්නේ ඉකුත් දා තායිලන්තයේ  අපෝස්තලික සංචාරය කරන අවස්ථාවේ ආසියාවේ රදගුරු හිමිවරුන් අමතමිනි. තායිලන්ත සංචාරයේ දෙවන දිනයේ, එනම් නොවැම්බර 22වනදා එතුමා එරට ප්‍රධානතම සිද්ධස්ථානායක දී ආසියානු රදගුරු හිමිවරුන් අමතා කතා කලේ ය. එය බැංකොක් අගනුවරට බටහිර දිගින් නඛෝන් පතෝම් නගරයේ පිහිටි භාග්‍යවන්ත නිකුල