Posts

Showing posts from March, 2015

සුදොතුම් පියාණන් ගේ "කුරුසියේ පාද නමස්කාරය"

Image
සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 3 මහා සිකුරාදා සන්ධ්‍යාවේ රෝමයේ කොලොසියමේ දී පැවැත්වෙන කුරුසියේ පාද නමස්කාරයේ භාවනා හා යාච්ඥා වතිකානය විසින් දැන් නිකුත් කොට තිබෙනවා මේ link එකට ගොස් එය කියවා භාවනා කරන්න. ඔබට යහපත් පාස්කු සතියක්! http://www.vatican.va/news_services/liturgy/2015/documents/ns_lit_doc_20150403_via-crucis-meditazioni_en.html

ISIS ත්‍රස්තවාදයෙන් අවතැන් වූ කිතුනුවන්ට රෝම පදවියෙන් සෙනහසේ පාස්කු තිළිණයක්

Image
A sweet sign of love from the Holy Father to Iraqi Christians  (2015 මාර්තු 31) පාප්වහන්සේ  ගිය  නත්තලට දුරකතනයෙන් අමතා ඔවුන්  සවිමත් කළා සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  ගේ  විශේෂ ඉරාකය  නියෝජිතයා මේ ශුද්ධ වූ සතියේ යලිත් ඉරාකයට යයි. ඔහු ඉරාකයට යන්නේ අන්තවාදී ත්‍රස්තවාදය නිසා සියවස් ගණනක් තමන් ජීවත් වූ තැන අහිමිව සරණාගතව මහත් චිත්ත පීඩාවටත් අසරණ භාවයටත් පත්ව සිටින ඉරාකයේ කිතුනුවන් බලන්නට ය. කාදිනල් හිමි නමක් වන මෙම නියෝජිතයා "පාප්වහන්සේ ගේ උණුසුම් සෙනෙහසත් රැගෙන" කිතුනුවන් බලන්නට යන බව වතිකානය නිවේදනය කලේ ය. "මෙම ශුද්ධවූ සතියේ දී ඉරාකයේ පවුල් ජේසු සමිඳුන් සමග තමන් ගොදුරු වී සිටින අසාධාරණ, අයුක්තිසහගත ප්‍රචණ්ඩත්වයේ වේදනාව බෙදා ගනිති. එසේ ඔවුහු  ක්‍රිස්තුන් වහන්සේ ගේ ම දුක්ප්‍රාප්තියේ පංගුකාරයන් බවට පත් වෙති," යැයි වතිකානය නිකුත් කල එම නිවේදනයේ සඳහන් වෙයි. ජනතා ධර්මදානය පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී ෆර්නැන්ඩෝ ෆිලෝනි කාදිනල් හිමිපාණන් ඉකුත් අගෝස්තුවේ දී පළමු වරට ඉරාකයට ගියේ    පාප්වහන්සේ ගේ පෞද්ගලික ඉරාක නියෝජිතයා ලෙසයි. කිතුනුවන් අවතැන්ව සිටින එර්බිල්

"මේ ඔබේ නිවසයි" : රෝමයේ 'ගෙදරක් නැති' ප්‍රජාවට පාප්වහන්සේ කියයි

Image
  Pope Francis tells homeless : 'This is your house'   පාප්වහන්සේ 'ගෙදරක් නැති ජේසු ගේ ප්‍රතිමාව ආශිර්වාද කරයි  (2015 මාර්තු 30) රෝමයේ ගෙදරක් නැති ප්‍රජාව....! ප්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ඔවුනට බොහෝ සැලකිලි ලැබුනා. වරක් සීත කාලයට නිදන්න නිදන මලු  (Sleeping bags) ලැබුනා.ඔවුනට නිදහසේ වතුර ටිකක් නා ගන්න උණු වතුර සහිත  ස්නානාගාරයක් වතිකාන චතුරශ්‍රය තුල ඉදිකෙරුණා.අවශ්‍ය නම් නොමිලේ රැවුල බාගෙන කොණ්ඩය කපාගන්න අවශ්‍ය පහසුකමුත් මේ පරිශ්‍රය තුළ තිබෙනවා. ඉකුත් දෙසැම්බරයේ කාටත් හොරා මෙලොව හැරගිය, කාගේත් සිත් දිනාගෙන සිටි බැතිමත් "ගෙදරක් නැති" මිනිසාගේ දේහය පෙබරවාරි මාසයේ හඳුනා ගත් පසු,  ඔහු ගේ දේහය වතිකානයේ ප්‍රභූන්ට වෙන්වූ  සොහොන් බිමක භූමදාන කෙරුනා. ඒ අතර, සිය දේශනා වලට සවන් දීමට වතිකාන චතුරශ්‍රයට රැස්වන ජනතාව අතර නොමිලේ බෙදා හැරෙන පත පොත බෙදා දෙන්නට එක වන්නැයි පාප් වහන්සේ දෙවතාවක් මේ ප්‍රජාවේ ජනතාවට ආරාධනා කළා. මේ ලේඛනය තවමත් අවසන් නැහැ. දැන් තවත් තෑග්ගක්. ප්‍රැන්සිස් පාප්වහන්සේගෙන් ඔවුනට ලැබී තිබෙන අලුත්ම තෑග්ග අතිශය ඓතිහාසික, පුජනීය වස්තු ඇතුලත් වතිකාන කෞතුකාගා

"කිතුනු අපට ඇත්තේ එකම මාර්ගයයි: බැහැපත්කමේ -අවමානයේ මාර්ගයයි" - ගොබ් ඉරිදා පණිවිඩය

Image
“Humility and Humiliation: The way of Christians” – Palm Sunday reflection (2015 මාර්තු 29) "ශුද්ධ වූ සතිය 'ශුද්ධවන්ත ' වන්නේ ජේසු සමිඳුන් ගේ බැහැපත්කම අනුගමනය කිරීමෙනි. සතියේ ඉදිරි දින කිහිපය එකින් එක දිග හැරෙන විට බැහැපත්කමේ ප්‍රතිඵලය ලෙස එතුමනට ලැබුණු නින්දාව  හා අවමානය අත්දකින්නට හා අනුකාරී වන්නට සුදානම් වන්නැයි "සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කළහ. ශුද්ධවූ සතියට ඇතුළුවන ගොබ් ඉරිදා කියවීම් පාදක අනුශාසනය කරමින් පාප් වහන්සේ මෙසේ කියාසිටියහ. ශු. පාවුළු තුමා පිලිප්පි වරුනට ලියු ලිපියේ සඳහන් වන (2:6-11) "උන්වහන්සේ දෙවියන් වහන්සේ ගේ ස්වරුපය දැරූ  නමුත් දෙවියන්වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැයි නොසිතා තමන් වහන්සේ ම ත්‍යාජ කර ගනිමින් වහලකු ගේ ස්වරුපයක් ගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක " යන කොටස පදනම් කරගනිමින් ජේසු සමිඳුන් ගේ බැහැපත්කම  සුදොතුම් පියාණෝ පැහැදිලි කළහ.

පාප්වහන්සේට ධවල මන්දිරයට ඇරියුම් - සංචාරය පවුල් හමුව අතරතුර

Image
Pope Francis to visit White House Sept. 23 වතිකානයේ දී පාප්වහන්සේ-ඔබාමා හමුවූ මොහොත - Pics- From CNS (2015 මාර්තු 26) සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ලබන සැප්තැම්බර 23 වැනි දා වොෂිංටන් නුවර ධවල මන්දිරයේ දී ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා හමුවීමට නියමිතයි. ධවල මන්දිරය මේ බව අද (බ්‍රහස්පතින්දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. උන්වහන්සේ ධවල මන්දිරයට යන්නේ ජනාධිපති ඔබාමා මහතා ගේ ආරාධනයක් පිළිගනිමිනි. ලෝක පවුල් හමුවට සහභාගී වීම සඳහා තමන් සැප්තැම්බර මාසයේ ඇමෙරිකාවේ පිලඩෙල්පියා ප්‍රාන්තයට වැඩම කරන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය වසර අවසානයේ ප්‍රකාශ කළහ. ඇමෙරිකාව තුළ විවිධ ආයතන වලින් උන්වහන්සේට ආරාධනා ලැබුනේ එම අපෝස්තලික සංචාරයට දින යොදාගැනීමෙන් පසුවයි. "2014 මාර්තු මාසයේ ජනාධිපති ඔබාමා මහතා වතිකානයේ දී පාප්වහන්සේ හමුවූ අවස්ථාවේ දී දෙපොල අතර ආරම්භ වූ සංවාදය මෙම හමුවේ දී ඉදිරියට ගෙනයනු ඇතැ' යි  මේ සම්බන්ධයෙන් ධවලමන්දිරය නිකුත් කල නිවේදනයේ සඳහන් වෙයි. "දෙදෙනාට පොදු වූ වටිනාකම් සහ කරුණු රැසක් සම්බන්ධයෙන් දෙදෙනා තුළ වන කැපවීම මේ අතර වෙයි. දුප්පතුන් සහ සමාජයෙන් කො

පවුල පිලිබඳ රදගුරු කතිකාව වෙනුවෙන් කැපවීමෙන් යදින්න - පාප් වහන්සේගෙන් ලොවපුරා කතෝලිකයන්ට ආයාචනයක්

Image
“ The Church needs a prayer full of love for the family and for life,” Holy Father app eals 2014 පවුල් කතිකාවේ සැසියක්  (2015 මාර්තු 25) ලබන ඔක්තෝබර මාසයේ වතිකානයේ දී පැවැත්වෙන පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාව වෙනුවෙන් දිනපතා යාච්ඥා කරන්නැයි සසුන් පියාණෝ සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටිති. බදාදා සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවට එක්  වූ දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම ආයාචනය කළහ. මහත් ආදරයකින් යුතුව  පවුල් සහ ජීවිතය වෙනුවෙන්  අප යාච්ඥා කල යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ මොහොතේ සභාවට මෙම යැදුම් අත්‍යවශ්‍යව ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ. පසුබිම  පවුල පිලිබඳ අතිවිශේෂ ජගත් රදගුරු කතිකාව (Extraordinary Synod of Bishops on the Family) ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් කැඳවන ලද්දේ උන්වහන්සේ පාප් ධුරයට පත් වූ අලුතමය. මූලික සමාජ ඒකකය වන පවුල නූතන ලෝකය තුළ මුහුණ පා ඇති ගැටළු වලට එඬේරික කිතුනු පිළිතුරු හා විසඳුම් සෙවීම මෙහි අරමුණ විය. අතිශයින් ලෝකායත්ත  වූ වර්තමාන ලෝකය තුළ වැඩියෙන්ම බැටකන්නේ ද , අභියෝග හා ගැටළු වලට මුහුණ දී ඇත්තේ ද පවුලයි. දික්කසාද වැ

"දුෂණය මලකුනක් සේ දුගඳයි; අවලස්සනයි. දුෂිත කිතුනුවා කිතුණුවෙක් නොවේ!" සුදොතුම් පියාණන් ගෙන් දැඩි අවවාදයක්

Image
“Corruption stinks! Depriving people of a job leads to crime” Warns the Holy Father   (2015 මාර්තු 24) "දුෂණය ගඳයි."-ස්කැම්පියා වැසියන්ට පාප්වහන්සේ පැහැදිලි කල අයුරු  විරැකියාව, සාංක්‍රමණික ප්‍රශ්න, දුප්පත්කම  සහ මේ සියල්ලට පාර කපන දුෂණය වැනි ගැටළු රැසකින් පීඩා විඳින නාපොලියේ ස්කැම්පියා ප්‍රදේශයේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ දුෂණය දැඩි ලෙස හෙළා දකිති. එහිදී තමන් වටකරගත් ප්‍රදේශවාසීන් අමතමින් පාප් වහන්සේ කියා සිටියේ දුෂණය බොහෝ පිළිකුල් සහගත ක්‍රියාවක් බවයි. ඉකුත් සති අන්තයේ නාපොලි පදවියේ සිදුකල සංචාරයේදී උන්වහන්සේ ස්කැම්පියා ප්‍රදේශයට ද පැමිණියහ.  "ලෝකයේ කෙතරම් නම් දුෂණයක් තිබෙනවා ද? එය ඉතා අවලස්සන වචනයක්. මන්ද දුෂිත වූ  ඕනෑම දෙයක් අපවිත්‍ර සහ අවලස්සන (කැත; හපුටු  ) නිසයි.අපට දුෂ්‍ය වූ සතකු හමු වුනොත් එය පිළිකුල් සහගතයි. අවලස්සනයි. එය දුගඳයි. එසේම දුෂණයත්  ගඳ ගසන සුළුයි. දුෂිත සමාජය ද ගඳ ගසන සුළුයි. තම ආත්මය දුෂණයෙන් කිලිටි කරගන්නා කිතුනුවා කිතුණුවෙක් නොවේ. ඒ තැනැත්තා අවලස්සනයි. ගඳ ගසන සුළුයි, " යැයි සෙනග මැද පුංචි වේදිකාවක සිට ගත් උන්වහන්සේ

සාන්ත පීතර චතුරශ්‍රයේ සුබ අස්න බෙදීම "ගෙවල් නැති " ප්‍රජාව අතින්

Image
Pope invites Rome's homeless to distribute Gospels at Sunday Angelus පාප් වහන්සේගේ ජනවන්දනා කටයුතු  භාර ගුයීදෝ මැරීනි මාහිමිපාණන් සුබ අස්න පොත් බෙදීමට උදවු වෙයි. (Pics - CNA ) (2015 මාර්තු 23)  ඉරිදා දහවල් සාන්ත පීතර චතුරශ්‍රයට තුන්කාල ආරාධනාව සඳහා එක වූ වන්දනාකරුවන්ට සුවිශේෂය  පොත් බෙදාහරින්න එක්වන්නැයි සුදොතුම් පියාණන් රෝමයේ සැරිසරන "නිවාස රහිත " (Homeless) ප්‍රජාවගෙන් ඉරිදා ඉල්ලා සිටියා. ආරාධනයෙන් උද්යෝගිමත් වූ නිවාස රහිතවුවන් සෙසු ස්වෙච්චා සේවකයන් ද සමග හරි හරියට එක්ව සුබ අස්න බෙදා දෙනු දක්නට ලැබුණා. මීට කලින් චතාරිකයේ මුල් සතියේ පුංචි යැදුම් පොතක් බෙදා දෙන්නත් ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් මේ ජනයාගේ සේවාව ලබා ගත්තා. Homeless හෙවත් 'ගෙදරක් නැති' ප්‍රජාව යුරෝපයේත් උතුරු ඇමෙරිකාවෙත් ප්‍රධාන නගර වල බහුල වශයෙන් දක්නට ලැබෙනවා. සමහරුන්ට මවක්, පියෙක්, නෑ සියෙක් නොමැති නිසා හෝ රැකියාවක් නොමැති නිසා මේ තත්වයට පත් වී ඇති අතර තවත් අය මේ තත්වයට පත්වන්නේ විවිධ මානසික ආබාධ නිසයි. නැතහොත් සමාජයට එරෙහි විවිධ වෛර සහගත සිතිවිලි සිත් තබා ගෙන සිටින නිසයි. මේ ප්‍රජාව

රෝමයේ දුප්පතුනට පාප්වහන්සේ ගෙන් ආහාර

Image
Rome's poor receive food from the Holy Father ඉකුත් 8 වැනිදා ටොර්  බෙල්ලා මොනාකා ප්‍රදේශයට හදිසියේ පැමිණි 'අමුත්තා" වටකරගත් ප්‍රදේශවාසීන් (2015 මාර්තු 23) රෝමයේ ටොර්  බෙල්ලා මොනාකා කලාපයේ විවිධ දුක් ගැහැට වලින් පීඩා විඳින ජනතාව වෙත තමන් තුළ ඇති සෙනෙහසත් සමීපබවත් දැක්වීම සඳහා  සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ඔවුනට අහාර තොගයක් යවා තිබේ. රාත්තල් දහසක් වන මෙම ආහාර තොගය ප්‍රදේශවාසීන් වෙත බෙදා හැරීමට නියමිතව තිබුනේ සමාජයේ කොන් වූ ජනකොටස් නඟා සිටුවීමට ක්‍රියාකරමින් සිටින  වෛද්‍ය සහයෝගිතා ආයතනය  (Institute of Medicine Solidarity)  විසිනි. ආයතනයේ අධ්‍යක්ෂ ලුසියා එර්කොලි කියා සිටියේ ප්‍රදේශයේ දුප්පත්ම ජනතාවට සහන සඳහා ආහාර බෙදා දීම ගැන ලැබුණු දුරකථන පණිවිඩයෙන් තමා පුදුමයටත් සතුටටත් පත් වූ බවයි.

සුදොතුම් පියාණන් සිරකරුවන් සමග දිවා කෑම මේසයක:" සිර මැදිරි වල යකඩ දඬු වලට වඩා දෙවිඳුන්ගේ ප්‍රේමය ප්‍රබල යි. " - ඔවුන්ට පණිවිඩයක්

Image
Pope lunches with prisoners in Naples  (2015 මාර්තු 22) සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් සෙනසුරාදා ඉතාලියේ නාපොලි නුවර සිර ගෙදරක සිරකරුවන් පිරිසක් සමග දීවා අහාරය ගත්තා. එය බොහෝ හැඟුම් බර අවස්ථාවක් වූ බව වතිකාන වාර්තා පවසනවා. උන්වහන්සේ නාපොලියේ පොග්ගියෝරියාලේ සිරගෙදරට ගියේ නාපොලියේ  අපෝස්තලික සංචාරයක යෙදෙන  අතරතුරයි.  මේ කතාව කියන්නට කලින් එහි ආධ්‍යාත්මික පසුබිම ගැන කෙටියෙන් කිව යුතුයි කියා හිතෙනව. කතාවට ආලෝකයක් ලැබෙන්නෙ එවිටයි. 2013 මාර්තු 19 දා ශු. ජුසේ මුනිඳුන්ගේ දිනයේ සිය "පේදුරු මෙහෙවර" (Peterine Ministry) ආරම්භ කළ ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් සභාවත් ලෝකයත් කතෝලික ජනතාවත් මුහුණ දෙන ගැටළු, අර්බුද  සහ අභියෝග දෙස බැලු  විට පාප්වහන්සේ ගේ මෙහෙවර යුගෝචිතව කවරාකාරයෙන් ක්‍රියාත්මක විය යුතු දැයි විස්තර කළා. උන්වහන්සේ මෙහි දී ඉදිරිපත් කලේ  කළේ ශු. ජුසේ මුනිඳුන් සේ දේව කැමැත්තට අනුව සිය පවුල සුරක්ෂිත කරන පියකුගේ චිත්‍රය සහ නැති වූ, තුවාල වූ, රැලෙන් 'පලා ගිය', රැලෙන් 'එලවා දැමුණු', අතරමං වූ, මං මුලා වූ, බැටළුවන් සොයා යන බැටළු එඬේරකු  ගේ චිත්‍රයයි. නුත

"මරණ දඬුවමෙන් යුක්තිය ඉටු නොවේ. වෛරය උතුරවයි. එය තහනම් කළ යුතුයි"

Image
Pope Francis calls death penalty ‘unacceptable,’ urges abolition (2015 මාර්තු 21) " මරණ දඬුවම ලොව පුරා තහනම් කල යුතු ය.නොපිළිගත හැකි දඬුවමක් වන එය කුරිරු ය, අකාරුණිකය, ආත්ම ගෞරවය කෙලෙසන්නේ ය. අපරාධයකට ගොදුරු වුවනට එයින් යුක්තිය ඉෂ්ට කෙරෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ පලිගැනීමට පෙළඹවීම පමණි."  ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ තමන් හමුවීමට පැමිණි මරණ දඬුවමට එරෙහි ජාත්‍යන්තර කොමිසමේ නියෝජිත කණ්ඩායමකට පිළිතුරු දෙමිනි. මෙම ත්‍රි පුද්ගල නියෝජිත පිරිස සිකුරාදා පාප්වහන්සේ හමු වූ හ.  පාප්වහන්සේ ගේ ප්‍රතිචාරය ලිපියක් මගින් ඔවුනට ලබා දෙන ලදී.

ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සන් ජුසේ සම්බන්ධය

Image
Joseph Connection in Francis Papacy  (2015 මාර්තු 20) ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දෙවසරක දුත මෙහෙවර පිලිබඳ විශ්ලේෂණය කරන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ උන්වහන්සේ වෙතින් ඍජුවම විද්‍යමාන වූ ප්‍රධාන කරුණු  දෙකක් කෙරෙහි පමණි. එනම් උන්වහන්සේ ප්‍රථම ජේසු නිකායික පාප් වහන්සේය යන්න සහ උන්වහන්සේ දුප්පතුන් හා දුප්පත්කම  කේන්ද්‍ර කොටගත් සාන්ත ප්‍රන්සිස් අසීසි තුමන් ගේ නම හා දුත මෙහෙවර සිය ආදර්ශය  කරගෙන ඇත යන්නයි.  එහෙත් මෙම විශ්ලේෂකයන් ගේ අවධානය යොමු නොවූ ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සේවය හා බැඳුනු තවත් සාධකයක් තිබේ. එනම්  ජේසු ගේ සුරැකි පියා වන ශුද්ධ වූ ජුසේ මුනීන්ද්‍රයා යි.  ලෝකය මවිත කරමින් 2013 මාර්තු 13 වන දා රෝමයේ රදගුරුතුමන් (පාප් වහන්සේ ගේ නිල තනතුරු නාමය) ලෙස තේරී පත් වූ හොර්හේ මාරියෝ බොර්ගොග්ලියෝ කාදිනල් තුමන් ගේ පාප් ධුරයේ පදවි ප්‍රාප්තිය සිදුවුයේ මාර්තු 19 වන දා  යි. එනම් ශුද්ධ වූ ජුසේ මුනිඳුන් ගේ මංගල්‍ය දිනයේ යි. ප්‍රැන්සිස් පාප් වහන්සේ ශු. ජුසේ මුනිඳුන්ට විශේෂ ආදර භක්තියක් ඇති බව එතුමන් ගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් තහවූරු වී තිබේ. පාප්ධුරයට පත් අලුතම  ජුසේ මුනිඳුන් ගේ නම දිව

සභා ඉතිහාසයේ ප්‍රථම වරට අඹු සැමි යුවලක් එක වර සාන්තුවරයට

Image
Parents of the Little Flower of Jesus to be canonized in the autumn භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් යුවල (2015 මාර්තු 15)   ඔබේ දෙව්මැදුර කැපකර තිබෙන්නේ ජේසුගේ කුඩා මල වන සාන්ත තෙරේසා කන්‍යාවට ද? නැති නම් ඔබ එතුමියට විශේෂ භක්තියක් තිබෙන කෙනෙක් ද? ඔබට තවත් සුබාරංචියක් මේ. සාන්ත තෙරේසා කන්‍යාවගේ මව සහ පියා - ප්‍රංශයේ ජීවත් වූ (භාග්‍යවන්ත)  ලුවී සහ සෙලී මාටෑන් යුවල - ශුද්ධවරයට එසවීමට ප්‍රැන්සිස් සසුන් පියාණන් බදාදා අනුමැතිය දුන්නා. මෙම භාග්‍යවර යුවල ගේ මධ්‍යස්ථකමින් සිදු වූ ප්‍රාතිහාර්යයක්  නිල වශයෙන් පිලි ගැනීමත් සමග පාප් වහන්සේ මෙම  අනුමැතිය ලබාදුන්නේ ශුද්ධවර භාවය පිලිබඳ සසුන් නියෝජනයේ අධිපති ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් සමග පැවැති සාකච්චාවක දී. ඔවුන් ශුද්ධවර භාවයට එසැවීම ලබන ඔක්තෝබර මාසයේ සිදුවන බවයි වතිකාන ආරංචි මාර්ග පවසන්නේ.

ටියුනීසියා ප්‍රහාරය ජීවිතයේ පරිශුද්ධත්වය කෙලෙසන්නක් - පාප්වහන්සේ

Image
Tunisia attack: An act  against 'the sacredness of life' – Holy Father prays for the victims (2015 මාර්තු 19) ටියුනීසියාවේ ජාතික කෞතුකාගාරයට බදාදා  එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සිය බලවත් ශෝකය පල කරමින් එරට එරට අගරදගුරුතුමන්ට සුදොතුම් පියාණන් පණිවිඩයක් යවා තිබේ. මෙම ප්‍රහාරය "මානව  ජීවිතයේ පරිශුද්ධත්වයට සහ සාමයට එරෙහිව සිදුකෙරුණු ක්‍රියාවක්" යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ එම පණිවිඩය මගින් කියා සිටිති. සිද්ධියෙන් සංවේගයට පත් පවුල්වල සාමාජිකයන් සමගත් සමස්ථ ටියුනීසියාන ජනතාව සමගත් තමන් යැදුමෙන් සම්බන්ධ වන බව පාප් වහන්සේ ගේ පණිවිඩයේ සඳහන් වෙයි. "මිය ගිය අය සදා සාමයට කැඳවන මෙන් ද තුවාල ලබුවනට ඉක්මන් සුවය ලබා දෙන මෙන් ද මම සමිඳුන් යදිමි' යි උන්වහන්සේ වැඩි දුරටත් පවසති.

"ළමයින් ආදරයෙන් පිළිගන්න; ඔවුන්ගෙන් ඉගෙන ගන්න" - ප්‍රැන්සිස් පාප් වහන්සේ

Image
“Welcome Children; Learn from them” – Pope Francis  "ළමයින් ජීවිතය, සතුට සහ බලාපොරොත්තුව ලබා දෙනවා. ඔවුන් නිසා සමහර විට දුක් කනගාටු සහ ප්‍රශ්න ඇතිවෙනවා තමයි. එහෙත් ක්‍රමයෙන් ළමයින් අඩු වීම හෝ ළමයින් ඕනෑ නැතිකම නිසා දුකටත් අඳුරටත් පත් වන සමාජයකට වඩා එවැනි දුක් කනගාටු රසවත්. " ප්‍රැන්සිස් සසුන් පියාණන් මේ බව කියා සිටියේ බදාදා පෙරවරුවේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවේ දී ය.  මෙය  පොදු හමුවේ දී පාප් වහන්සේ ළමයින් ගැන කතා කල දෙවැනි අවස්ථාවයි.මීට කලින් පෙබරවාරි 11 වැනි දින ද උන්වහන්සේ ළමයින් ගේ වැදගත් කම ගැන කතා කළහ.

"ඔබ සහ මම:සර්ව පරාක්‍රම දෙවිඳුන්ගේ ප්‍රේමයේ සිහිනය"

Image
Francis: God’s dream of love is about us (2015 මාර්තු 17) "දේවධර්ම ශාස්ත්‍ර වේදීන්ටත් එය විස්තර කල නොහැකියි: මානවයා දෙවිඳුන්  ගේ ප්‍රේමයේ සිහිනයයි" ප්‍රැන්සිස් සසුන් පියාණන් මේ බව කියා සිටියේ සාන්ත මාර්තා නිවහනේ පවතී උදාසන දිව්‍ය පුජා යාගයේ දී ය. පාප් වහන්සේ ගේ මෙම දේශනාවට  පාදක වී තිබුනේ "මම අලුත් අහසක් සහ අලුත් පොළොවක් මවමි" යයි ඉසයියාස් දිවස්ප්‍රසාදීතුමාගේ පොතේ එන වාක්‍යයයි. "මෙම  පාඨය මගින්  කියවෙන්නේ දෙවියන් වහන්සේ ගේ දෙවැනි මැවිල්ල පලමුවැන්නටත් වඩා විශ්මය ජනකය යන්නයි.එසේ  වන්නේ  පාපය නිසා විනාශ කරන ලද මැවිල්ල උන්වහන්සේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ "යළි සාදන" නිසාය." "දෙවියන් වහන්සේ සිය  ආනන්දය ප්‍රකාශ කරන්නේ මෙම පරිපුර්ණ නවෝදාවේදීය  . දෙවිඳුන් කෙතරම් උද්යෝගයකින් සිටින්නේද යන්න අපට පෙනෙනවා. "මම මගේ ජනතාව පිලිබඳව සතුටු වෙමි" යයි උන්වහන්සේ කියනවා. තමන් කුමක්  කරන්නෙම් දැයි දෙවියන් වහන්සේ සිතනවා. උන්වහන්සේ සිතනවා, තමන් ස්වකීය ජනතාව සමග කෙතරම් සතුටින් සිටිනවා ද කියා. මෙය හරියට සමිඳුන් ගේ සිහිනයක් වගෙයි. දෙවි සමිඳාණන් සිහි

දෙව්මැඳුර (සභාව) 'ජේසු ගේ නිවසයි' - එය සියල්ලන්ට විවෘත විය යුතුයි.

Image
Pope: Be merciful, do not close the doors of the heart "දෙව්මැඳුර (සභාව)  'ජේසු සමිඳුන් ගේ නිවසයි.එය සියල්ලන්  පිළිගන්නා දයාවේ සහ කරුණාවේ නිවසයි. එබැවින් එය ඊට ඇතුළු වීමට උත්සාහ දරන්නන්ට  කිතුනුවන් විසින් දොරගුළු දමා වසා තැබිය යුතු ස්ථානයක් නොවේ." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ සිය සාන්තා මාර්තා නිවහනේ දෙව්මැදුරේ උදෑසන දිව්‍ය පුජාවේ අනුශාසනය කරමිනි. සඳුදා දිව්‍ය  පුජාවේ සුවිශේෂය (ජොහාන් 5:1-16) පාදක කරගනිමින් පාප්වහන්සේ මෙම අනුශාසනය කලහ. එදින සුබ අස්නට ඇතුලත් වුයේ ජේසු සමිඳුන් අංශභාග රෝගියා සුවපත්  කිරීමේ සිද්ධියයි. පාප් වහන්සේ ගේ දේශනයේ සාරාංශය වුයේ ජේසු සමිඳුන් තමන්වහන්සේ සොයන ඕනෑම කෙනෙකු සාදරයෙන් පිළිගන්නා කෙනකු බවයි. විශේෂයෙන් තමන්ට බොහෝ දුරින් සිටින්නන් හෝ තමා ළඟ සිට ඈත්ව ගියවුන් පිළිගැනීමට උන්වහන්සේ බලා සිටිති. එහෙත් කිතුනුවන් සභාවේ දොරට තට්ටු කරන ජනතාවට ඇතුළු වීමට නොදී දොරගුළු වසාගන්නේය යන්න උන්වහන්සේ ගේ පණිවිඩයයි. "ඇතැම් කිතුනුවන් සෙසු අයට මෙසේ පවසනවා: 'ඔබ මෙන්න මතන වැරද්දක් කළා . ඒ නිසා ඔබට ඇතුළු වෙන්නට බැහැ' කියලා. මේ අන

මුලධර්මවාදී 'කිතුනු' කණ්ඩායම්වලට ප්‍රතිචාරය මර්දනය ද? - ප්‍රැන්සිස් පාප් වහන්සේ ගෙන් අහන්න

Image
What is the response to the Sects? – Listen to the Holy Father (2015 මාර්තු 16) ඉවැන්ජලිකල් නොහොත් මුලධර්මවාදී කිතුනු කණ්ඩායම් ලෝකය පුරා කතෝලික සභාවට (පමණක් නොව වෙනත් ආගමිකයනට පවා) මේ වන විට මහත් අභියෝගයක් මෙන්ම තර්ජනයක් ද වී තිබේ. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඇතැම් විට මෙවැනි කණ්ඩායම් 'හතු පිපෙන්නාක්' මෙන් මතු වන බව කතෝලික  පුජාප්‍රසාදීන් වහන්සේ මෙන්ම සෙසු ආගමික පුජ්‍ය පුජක උතුමන්ලා ද පෙන්වා දෙති. අපි විවිධාකාරයෙන් ඔවුනට ප්‍රතිචාර දක්වමු. ඔවුන් දැඩි ලෙස විවේචනය කරමු. ඔවුන් ගේ 'හමුවීම් ශාලා' කඩා බිඳ දමමු. ඔවුන් අපේ ප්‍රදේශ වලින් එලවා දමමු. කිතුවන් හැටියට කතෝලික අප ආරක්ෂා වන අතර මෙවැනි ඉවන්ජලිකල් කණ්ඩායම් මර්දනය කිරීම සඳහා ඔවුනට එරෙහි ව පාර්ලිමේන්තු අණ  පනත් සම්මත කරගැනීම පිළිබඳව ද පසුගිය කාලයේ පැවැති රෙජීමය  සමග  අපි සාකච්ඡා කරමින් සිටියෙමු.

"කිතුනු විරෝධී ප්‍රහාර සඟවන්නේ ඇයි ?" - පාකිතානයේ දෙව්මැදුරුවලට එල්ලවූ ප්‍රහාර ගැන සසුන් පිය සොව පළවේ

Image
Pope grieves Pakistan bombings, says world hides Christian persecution ප්‍රහාර එල්ලවූ කතෝලික දේවස්ථානය-BBC Pics (2015 මාර්තු 15) පාකිස්ථානයේ කිතුනුවන් වෙත එල්ලවන ප්‍රහාර, තාඩන පීඩන හා හිංසා ගැන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය බලවත් වේදනාව පල කරති. ඉරිදා දහවල් තුන්කාල ආරාධනාවෙන් පසු සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනා කරුවන් අමතමින්  උන්වහන්සේ කියා සිටියේ ලෝකය කිතුනු විරෝධී හිංසන සඟවන්නට උත්සාහ දරන බවයි. පාප්වහන්සේ මේ බව පැවසුවේ බැතිමතුන් 14 දෙනකු මරණයට පත්කරමින් පාකිස්තානයේ කිතුනු දේවස්ථාන දෙකකට ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාර ගැන සිය අදහස් පළකරමිනි.  මුලින්ම ලාහෝර් නුවර යුහන්බාද්හි සාන්ත ජුවාම් කතෝලික දෙව්මැදුරේ ගේට්ටුව අසල බෝම්බයක් පුපුරුවා හරින ලද අතර ඊට නුදුරින් ඇති එංගලන්ත සභාවේ ක්‍රිස්තු දෙව්මැදුර අසල ඊළඟ බෝම්බ පිපිරීම සිදුවිය. මෙයින් තුවාල ලැබූ සංඛ්‍යාව 70 කට අධික බව ජාත්‍යන්තර පුවත් සේවා කියයි. තලේබාන් සංවිධානයේ අතු කණ්ඩායමක් ලෙස සැලකෙන ජමාතුල් අහ්රාර් සංවිධානය ප්‍රහාරවල වගකීම භාරගෙන තිබේ.  "පාකිස්තානයේ ලාහෝර් නුවර දේවස්ථාන දෙකකට එල්ලවූ ත්‍ර