Posts

Showing posts from August, 2020

"සමාජ විෂමතා යනු සමාජය රෝගී වීමේ රෝග ලක්ෂණයක්. රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසක් ඊට හේතුවයි" - 'ලොව සුවපත් කරන' සුදොතුම් පිය දැක්ම - " මිනිසා මිහිතලයේ හිමි කාරයා නොවේ; ඔහු එහි භාරකරුවායි."

Image
 “We are earth's stewards, not masters” Pope's vision for the post-pandemic world continued; 'Inequalities in the world reveal a social illness; it is a virus that comes from a sick economy.” සුදොතුම් පියතුමා අපෝස්තලික මාලිගාවේ පුස්තකාලයේ සිට අගෝස්තු 26 වැනි දා පොදු හමුව පැවැත්වූ අවස්ථාව  (2020 අගෝස්තු 30) " මිහිතලය තමන්ට රිසි ලෙස ආත්මාර්ථකාමීව පරිභෝජනය කරන්නට  මිනිසා මිහිතලයේ  හිමි කාරයා නොවේ; ඔහු එහි භාරකරුවාය." "වඩා යුක්තිසගත සහ සධාරණ වූ, වඩා  යහපත් සහ වෙනස් දෙයක් ඇතිකරගැනීම සඳහා කිතුනුවා එක්සත්ව දෙවියන් වහන්සේ තුළ මුල් බැසගෙන ක්‍රියා කල යුතු ය." ලෝකයේ දක්නට ලැබෙන සමාජ විෂමතා යනු සමාජයීය  රෝගීභාවයේ ලක්ෂණයකි. එය ඇතිවන්නේ රෝගී වූ ආර්ථිකයකින් පැමිණෙන වෛරසකිනි" "ආර්ථික සහ තාක්ෂනික විෂමතා අපගේ සමාජ ජාලය ඉරාදමන තරමට විශාල වන විට,  භෞතික සංවර්ධනය මත යැපීම අපගේ පොදු නිවස වන මිහිතලයට තර්ජනයක් වන තරමට නැගී සිටින විට අපට ඒ  දෙස ඔහේ බලාගෙන සිටිය නොහැකිය." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු පෙන්වා දුන්නේ අගෝස්තු මස 26 වැනි බදාදා පැවැත්වුණු එතුමන්

"මාෆියා ග්‍රහණයෙන් මරිය මෑණියන් නිදහස් කරගන්න!" නව කාර්ය සාධක බලකායට සුදොතුම් පියතුමා උපදෙස් දෙයි

Image
Pope calls for ‘freeing’ the Virgin Mary from the devotion of the Mafia තරණයන් මාෆියාවෙන් ගලවා ගැනීමට දැරූ උත්සාහය නිසා මාෆියා කරුවන් විසින් මරා දමන ලද ඉතාලියේ පැලමෝහි  පයිනෝ පුග්ලිසි පියතුමන් ගේ ස්මාරකය අබියස 2018 දී මල් කලඹක් තබා බුහුමන් දක්වන සුදොතුම් පියතුමා   (2020 අගෝස්තු 22) නිර්මල මරිය මෑණියන් ගේ ප්‍රතිරූපය "අපරාධකාරී සංවිධාන වල බලපෑමෙන් නිදහස් කරගන්නැ"යි ළඟදී පිහිටුවන්නට යන වතිකාන ප්‍රති -මාෆියා කාර්ය සාධක බලකායෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා තිබේ.  එතුමා මෙම ඉල්ලීම කර ඇත්තේ තම ආයතනයට අනුබද්ධව  නව ප්‍රති-මාෆියා කාර්ය සාධක දෙපාර්තමේන්තුවක් පිහිටු වූ සසුන් පිය ජාත්‍යන්තර මරිය ආයතනයේ සභාපති ප්‍රන්සිස්කාන නිකායික ස්ටෙෆානෝ සෙච්චින් පියතුමා වෙත ලියුමක් යවමිනි. කන්‍ය මරිය මෑණියන් ගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරන අගෝස්තු 15 දාතමින් යුතුව එම ලියුම යවා තිබේ.  පසුබිම: සසුන් පිය ජාත්‍යන්තර මරිය ආයතනය - Pontifical International Marian Academy 1946 දී ප්‍රන්සිකාන නිකායික (OFM) පී. කාලෝ බැලිච් පියතුමන් විසින් මෙම ආයතනය  ආරම්භ කරනු ලැබිණි. එහි ආරම්භක නම ජාත්‍යන්තර මරිය ආයතනය විය.

"කොරෝනා එන්නතේ ප්‍රමුඛත්වය ධනවතුන් නොවිය යුතුයි - දුප්පතුන් වෙනුවෙන් තෝරාගැනීම දේශපාලනය නොවේ; සුපුවතේ ඉගැන්වීමයි - සමාජ අසාධාරණත්වයේ වෛරස පරදවමු" : වසංගතයෙන් පසු 'ලෝකය සුවපත් කිරීම' ගැන සුදොතුම් පිය දැක්ම

Image
 “Preferential option for the poor is not a political option; it is at the centre of the Gospel; while finding a cure for this small but terrible virus let us also curing the larger virus of social injustice" - Pope's vision for the post-pandemic world  සුදොතුම් පියතුමා රෝමයේ දුප්පතුන් සමග නත්තල් දිවා කෑම වේලක් බෙදා ගත අවස්ථාවක්: 2018 දෙසැම්බර් 18 (2020 අගෝස්තු 8) නූතන ලෝකයේ පවතින වඩාත් විශාල වෛරස වන, සමාජ අසාධාරණත්වයේ, විෂමතාවයේ, කොන්කිරීමේ සහ දුර්වල වූවන් ආරක්ෂා නොකිරීමේ 'වයිරස' සුවපත් කිරීමට පෙරමුණ ගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි.  "දුප්පතුන් වෙනුවෙන් අනුග්‍රහාත්මක තෝරාගැනීම" (“preferential option for the poor.”)  යන සහා ධර්මය දේශපාලනික හෝ න්‍යායාත්මක හෝ  පක්ෂග්‍රාහී සටන් පාඨයක් නොව සුබ අස්නේ කේන්ද්‍රයෙන් ම ගලා එන ඉගැන්වීමක් බව එතුමා අවධාරණය කරයි.  කොරෝනා වෛරස මර්දනයට සොයා ගනු ලබන එන්නත "මුදල් බහුලව ඇති ධනවතුනට" නොව "වැඩියෙන් ම එහි අත්‍යවශ්‍යතාව ඇති" ජනතාව වෙත ලැබෙන අයුරින් බහුල ලෙස ලබා ගැනීමේ අවක

"මහ මුහුදේ වැඩ කරන්නන් නොසිටියේ නම් අප හාමත් වේවි ...මේ මාසය තුළ ධීවරයන් සහ නැවියන් වෙනුවෙන් යාච්ඥා කරන්න" - සුදොතුම් පියතුමා ගේ අගෝස්තු මාසයේ යැදුම් අදහස

Image
"Without seafarers, we would starve; Let us pray for seafarers, among them fishers and sailors" - Pope's August prayer intention (2020 අගෝස්තු 08) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  ගේ අගෝස්තු මාසයේ යාච්ඥා අදහස ඇතුළත් "සසුන් පිය වීඩියෝව ඉකුත් දා නිකුත් කෙරිණි.  "මහ මුහුදේ වැඩ කරන සහ මහ මුහුදින් ජීවත් වන ජනතාව වෙනුවෙන්, එනම්, ධීවරයන් සහ නැවියන් වෙනුවෙන් තම සමග මේ මාසයේ යාච්ඥා කරන්නැ"යි එතුමා මේ වීඩියෝ පණිවිඩය මගින්  ලොව පුරා සිටින කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියි.  ධීවර නාවික ජීවිත දුෂ්කරයි  "ධීවරයන් ගේ සහ නැවියන් ගේ ජීවිත සේ ම ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් ගේ ජීවිත බොහෝ සෙයින් දුෂ්කර ඒවා යි' යි සිය මව් බස වන ස්පාඥ්ඥ භාෂාවෙන් ජනතාව අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.  "ඇතැම් විට ඔවුහු බලහත්කාරයෙන් වැඩ ගනු ලැබීමට ගොදුරු වෙති. නැති නම් ඔවුහු සිය ගෙදරින් හෝ මව් මෙන් හෝ ඈත වරාය වල තනි කරනු ලබති....කාර්මික ධීවර ක්‍රම වේද විසින් ඇති කරනු ලැබ ඇති තරගය මෙන් ම පරිසර දුෂණයේ ආදීනව ඔවුන් ගේ ජීවිත වඩාත් ව්‍යාකුල කර තිබේ." යි එතුමා ධීවරයන් සහ නාවිකයන් මුහුණ

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් මැනගුවා ආසන දෙව් මැදුරේ ඓතිහාසික සිරි කුරුසිය විනාශ වෙයි ; සුදොතුම් පියතුමා කම්පා වෙයි; ඔර්තේගා රෙජීමයේ "ත්‍රස්තවාදී" ක්‍රියාවක් - නිකරගුවා සභාව කියයි

Image
Historical Crucifix in Managua cathedral torched in ‘hatred of"the Church - Holy Father expresses closeness to Nicaraguans  දැවී ගිය කුරුස ප්‍රතිමාව ඉදිරිපස යාච්ඥා කරන පියතුමෙක් සහ කන්‍යා සොයුරියක්  (2020 අගෝස්තු 2) හඳුනා නොගත් පුද්ගලයකු විසින් එල්ල කරන ලද පෙට්‍රල්  බෝම්බ ප්‍රහාරයකින් නිකරගුවාවේ මැනගුවාහි ආසන දෙව්මැදුරේ ඇති ඓතිහාසික ශ්‍රී කුරුස ප්‍රතිමාව දැවී විනාශ  වී තිබේ. ඒ සමගම කුරුස ප්‍රතිමාව ඉදිරිපස තිබූ දිව්‍ය සත්ප්‍රසාද මංජුසාව ද දැවී ගොස්  ඇත.  සිද්ධිය සිදු වී ඇත්තේ ඉකුත් සිකුරාදා (ජූලි 31) ය. ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසන අන්දමට හිස සහ මුහුණ වැසෙන ආකාරයේ ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු මැනගුවා නුවර ක්‍රිස්තුන්  වහන්සේ  ගේ ශ්‍රී රුධිරයේ ආසන දෙව්දුමැරට ඇතුළු වී තිබේ. එතුළ විනාඩි 20ක පමණ කාලයක් ගත කළ  ඔහු ඓතිහාසික ශ්‍රී කුරුස ප්‍රතිමාව ඇති කුඩා දෙව්මැදුර වෙත පිවිස ඇත. එහිදී "මම ආවේ ක්‍රිස්තුන් වහන්සේ ගේ රුධිරයටයි" යි හඬ නැගූ ඔහු එම ප්‍රතිමාව වෙත පෙට්‍රල්  බෝම්බයකින් පහර දුන්නේ ය.  සැනෙකින් බෝම්බය පිපිරී හටගත් ගින්නෙන්  කුරුසිය සහ  අවට ප්‍රදේශය ගිණි ජ්වාලයකින් වැසී ගියේ ය.