Posts

Showing posts from October, 2016

"ජේසු සමිඳුන් ඔබේ නම කියමින් ඔබ වෙනුවෙන් පියාණන් ඉදිරියේ යාච්ඥා කරනවා..උන්වහන්සේ අප ජීවිතයේ මුල් ගලයි"

Image
"Jesus, who is praying for us, is the cornerstone of our lives and the Church" - Santa Martha Homily (2016 ඔක්තෝබර 31) සභාවේ මුල් ගල ජේසු සමිඳාණෝ ය; සෑම කිතුනුවකුගේ ම ජීවිතයේ මුල් ගල ජේසු සමිඳාණෝ ය: එනම් අප සෑම කෙනෙකු වෙනුවෙන් ම - මා, ඔබ වෙනුවෙන් - පියාණන් ඉදිරියේ නිරන්තරයෙන් යාච්ඥා කරන ජේසු සමිඳාණෝ යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා මේ බව  කියා සිටියේ 2016 ඔක්තෝබර 28 වැනිදා - එනම් ශු. සයිමන් සහ ජූඩ් මුනිවරුන් ගේ මංගල්‍යය දා - එතුමන් ගේ සාන්තා මාර්තා තානායම් ගෙදර පුංචි පල්ලියේ පැවති උදෑසන දිව්‍ය පූජා යාගයේ ධර්ම දේශනය පවත්වමිනි. මෙදින එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ දිනට නියමිත දිව්‍ය පූජාවේ සුබ අස්න වූ ලූක් සුවිශේෂයේ එන ජේසු සමිඳුන් විසින් සිය අපොස්තුළුවරුන් 12 දෙනා තෝරා ගනු ලැබීම හා ඊට පෙර හා පසුව සිදුවූ සිද්ධීන් ඇතුළත් සුවිශේෂ පාඨය යි. ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් තෝරා ගැනීමට පෙර සිය පියාණන්ට රාත්‍රියක් පුරා යාච්ඥා කළ ආකාරය සුදොතුම් පියතුමා විග්‍රහ කළේය. "ජේසු සමිඳුන් යාච්ඥා කිරීම සඳහා කඳු මුදුනට ගියා. උන්වහන්සේ කන්ද මත රාත්‍රිය

රෝමයේ වෙසෙන දුප්පත් ජනයා වතිකාන සංගීත සංධ්වනියේ ගෞරවනීය ආරාධිතයන් ලෙස ඇරැයුම් ලබති

Image
Rome's poor to be the "Guests of Honor" at the Vatican Concert  (2016 ඔක්තෝබර 29) වතිකානයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක ගෞරවනීය ආරාධිතයන් ලෙස රෝමයේ ජීවත්වන දුප්පතුන් හා 'ගෙදරක් නොමැති' ප්‍රජාවට ආරාධනා කිරීමට සුදොතුම් පියතුමාගේ දයා සේවා ආයතනය තීරණය කර තිබේ. සුදොතුම් පියතුමාගේ දයා සේවා අංශය (පුණ්‍ය කටයුතු ආයතනය) විසින් සංවිධාන කෙරෙන විශේෂ සම්භාව්‍ය සංගීත ප්‍රසංගයක් 2016 නොවැම්බර 12 වනදා පැවැත්වීමට නියමිතව තිබේ. වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පැවැත්වෙන මෙම ප්‍රසංගයේ අරමුණ සුදොතුම් පියතුමා ගේ දයා සේවා සඳහා අරමුදල් රැස් කිරීමයි. සම්ප්‍රදායක් ලෙස මෙම ප්‍රසංග සඳහා ප්‍රවේශපත් නිකුත් කරනු නොලැබේ. එහෙත් ඒවා නැරඹීමට එන ප්‍රේක්ෂකයන් විසින් පිරිනැමෙන පරිත්‍යාග, දයා සේවා ආයතනයේ පුණ්‍ය කටයුතු සඳහා භාර ගැනේ. මෙවර ප්‍රසංගයෙන් පිරිනැමෙන ආධාර බර්කින ෆාසෝවේ ගොවීන් ගේ පාසලක් සඳහා සහ උගන්ඩාවේ මොරෝටෝ නුවර ආසන දෙව්මැඳුරට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනීමට නියමිතයි. නොවැම්බර 12 වනදා පැවැත්වෙන ප්‍රසංගයේ විශේෂත්වයක් වන්නේ එය නැරඹිම සඳහා "ගෞරවනීය ආරාධිතයන්

"යාච්ඥාව අරගලයක්. ශුද්ධාත්මයාණන්ට අප තුළ සටන් කිරීමට ඉඩ හැරීමක්."

Image
"prayer is a struggle": Homily of the Canonization Mass  "යාච්ඥාව සෑම විටම  සුමුදු මල් මාවතක් නොවේ. එහෙත් සාන්තුවරුන් සේ, යාච්ඥාව දුෂ්කර වූ සෑම විටම, ක්‍රිස්තුන් වහන්සේ අපට සහාය වෙති." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අභිනව සාන්තුවරුන් සත්දෙනෙකු ප්‍රකාශයට පත් කිරීම සඳහා 2015 ඔක්තෝබර 16 වන ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පූජා යාගයේ දිය. "සාන්තුවරුන් යනු යාච්ඥාවේ අබිරහස තුළට සම්පූර්ණයෙන් ම ඇතුළුවන ගැහැණුන් හා මිනිසුන් ය. යැදුම සමග අරගල කරන ගැහැනුන් හා මිනිසුන් ය. තමන් තුළට ඇතුළු වී යාච්ඥා කිරීමටත් යාච්ඥාව සමග පොර බැදීමටත් ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩහරින ගැහැණුන් හා පිරිමින් ය. ඔව්හු අවසානය තෙක් සිය සම්පූර්ණ ශක්තියෙන් සටන් කරති. අවසානයේ දී ඔව්හු ජයගනිති. එහෙත් ඔවුන් ජය ගන්නේ තමන් ගේ ශක්තියෙන් නොවේ. සමිඳාණෝ ඔවුන් තුළ සහ ඔවුන් සමග ජය ගනිති. අද ශාන්තුවරයට ඔසවන ලද මේ සාක්ෂිකරුවෝ සත් දෙනා සිය යාච්ඥා මගින් සිය විශ්වාසයේ සහ ප්‍රේමයේ සටන යහපත්ව  සටන් කළහ." මෙම ශාන්තුවරයට එසැවීමේ දිව්‍ය  පූජාවට ලොව නන්  දෙසින් පැමිණි වන්දනාකරු

"වඩා හොඳ කතෝලිකයො ද? 'බයිබල්' කාරයො ද?": සුදොතුම් පියතුමා අසයි

Image
"You can't be a Christian without living as a Christian": Pope tells a Lutheran group (2016 ඔක්තෝබර 16) 2016 ඔක්තෝබර 16 වැනිදා වතිකානයට පැමිණි විශාල පිරිසකගෙන් සමන්විත ලුතෙරාන වන්දනාකරුවෝ කණ්ඩායමක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවූහ. එතුමා ඔවුන් මුණගැසුනේ වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී ය. එහිදී ඔවුන් ඇමැතූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ක්‍රිස්තුන් වහන්සේ ගේ ක්‍රියාකාරී අනුගාමිකයන් වන ලුතෙරානුවනට තමන් කැමැති බවයි. එහෙත් කුහක සහ උදාසීන විශ්වාසයක් සහිත සියලුම කිතුවනට තමා අකැමැති බව එතුමා අවධාරනය කළේය. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ එම වන්දනාකරුවන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එම ප්‍රශ්නය නම්, "ලුතෙරාන කිතුනුවන් තුළ සුදොතුම් පියතුමා ප්‍රිය කරන හා ප්‍රිය නොකරන දේ මොනවාද?" යන්නයි. "මම යහපත් ලුතෙරානුවන් සියලුම දෙනාට කැමතියි; ප්‍රිය කරනවා" ඊට පිළිතුරු දෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "යහපත් ලුතෙරාන කිතුනුවන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඔවුන් ක්‍රිස්තුන් වහන්සේව සැබවින් ම අනුගමනය කරනවා. එහෙත් අනිත් අතින්, උදාසීන කතෝලි

ජේසු නිකායේ නව ශ්‍රේෂ්ඨාධිපති ලතින් අමෙරිකාවෙන්

Image
Jesuits elect a Venezuelan as their new Superior General  තේරී පත්වීමෙන් පසු ආර්තුරෝ සෝසා පියතුමා මහා සභාව අමතයි (2016 ඔක්තෝබර 15) ජේසු නිකායට නව ශ්‍රේෂ්ඨාධිපති වරයෙක් තේරී පත්වෙයි. එතුමා වැනිසියුලා ජාතිකයෙකි. සති කිහිපයක් පුරා රෝමයේ පැවැත්වුණු ජේසු නිකායේ 36 වැනි මහා සභාවේදී වැනිසියුලාවේ ජේසු නිකායික කලාපයේ ගරු ආර්තුරෝ සෝසා පියතුමා එම නිකායේ නව ශ්‍රේෂ්ඨාධිපති (ලෝක නායක) ලෙස තෝරා පත්කර ගැණින. නිකායේ නිර්මාතෘ ශාන්ත ඉග්නේෂස් ලොයලා තුමන් ගේ ව්‍යවස්ථාව අනුව යමින් ලෝක නායකයා  තෝරා ගන්නා ලද්දේ  ගැඹුරු යාච්ඥාව, සම්මන්ත්‍රණය හා තොරතුරු විමසීම  යන ක්‍රමවේද භාවිත කරමින්, අවසානයේ මහා සභාවේ නියෝජිතයන්ගේ චන්දයෙනි. ලොයලා තුමා ගේ ව්‍යවස්ථාව අනුව මෙවැනි අවස්ථාවලදී තමා හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ඉල්ලා සිටීම සපුරා තහනම් වේ. සෑම විටම යාච්ඥාව තුළ දේව ආලෝකය ඉල්ලා සිටීම අනිවාර්ය ය. ජේසු නිකායිකට නව  ලෝක නායකයකු තෝරා  පත් කරගැනීම අවශ්‍ය වූයේ දැන් 80 වන වියේ පසුවන ශ්‍රේෂ්ඨාධිපති ස්පාඥ්ඥ ජාතික ගරු ඇඩෝල්ෆෝ නිකොලස් පියතුමා එම තනතුරින් ඉල්ලා අස්වීම නිසාය. වැනිසියුලා ජාතික ගරු ආර්තුරෝ සූසා පියතු

"සිරියාවේ අමානුෂික ගැටුම නිමා කිරීමට නොපමාව ක්‍රියා කරන්න": සුදොතුම් පියතුමා ලෝකයට ආයාචනා කරයි

Image
Pope pleads:"Declare a ceasefire to end 'inhuman conflict' in Syria"  ලොව හදවත් සසල කළ ගුවන් ප්‍රහාරයකින් තුවාල ලැබූ සිරියාවේ ආයියා නම් දැරියගේ සේයාරුව  (2016 ඔක්තෝබර 12) සිරියාවේ පවතින අතිශය දරුණු අර්බුදය අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී පියවර නොපමාව ගන්නයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කරයි. එතුමන් මෙම අර්බුදය හඳුන්වා ඇත්තේ "අමානුෂික ගැටුම" ලෙසයි. බිහිසුණු යුද ගැටුම් පවතින අලෙපෝ ප්‍රදේශයෙන් සිවිල් වැසියන් - විශේෂයෙන් ළමයින්- ඉවත් කරගැනීම සඳහා වහාම සටන් විරාමයක් ඇති කරන්නැයි අදාළ සියලු පාර්ශව වලින් එතුමා ඉල්ලා සිටියි. 2016 ඔක්තෝබර 16 වන බදාදා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවේ ධර්මෝපදේශ කතාවෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් සුදොතුම් පියතුමා මෙම ආයාචනය කළේය. "සිරියාවේ පවතින අමානුෂික ගැටුමෙන් විපතට පත්ව සිටින සෑම සියලු දෙනාටම  මා  හදවතින් සමීප වන බව මම යලිත් වරක් අවධාරණය කරන්නට කැමැත්තෙමි. මගේ මුළු ශක්තියෙන් ම මා මීට කළින් කර ඇති ආයාචනය යළිත් ආයාචනාත්මකව ඉදිරිපත් කරන්නේ ඉතා කඩිනමින්, වහාම කල යුතු දෙයක් ඉල්ලා සිටීම සඳහා ය. එන

කතෝලික සභාවට නව කාදිනල් හිමිවරු 17 නමක්; සත් නමක් මෙතෙක් කාදිනල්වරුන් පත් නොවූ රටවලින්

Image
Holy Father announces 17 new Cardinals in a Consistory  (2016 ඔක්තෝබර 10 10) කාදිනල් හිමිවරුන් ගේ සම්මේලනයක් මේ වසරේ නොවැම්බර 19 වනදා පවත්වන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට  පත් කරයි. එම සම්මේලනයේ දී අලුතින් 17 නමක් කාදිනල් ධුරයට ඔසවන බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. උන්වහන්සේ මේ බව කියා සිටියේ ඔක්තෝබර 9 වන දා ඉරිදා දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා මරිය යැදුම අවසානයේ දී ය. 2015 දෙසැම්බර 8 වනදා ආරම්භ වූ දයාවේ ජුබිලි වසර අවසන් වීමට නියමිතව ඇත්තේ 2016 නොවැම්බර 19 වනදා යි. ඊට සමගාමීව පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙයේ දී  නව කාදිනල් හිමිවරුන් එම පදවි වල පිහිටුවීම සිදුකෙරෙන බව සුදොතුම් පියතුමා කීවේය. නව කාදිනල් හිමිවරුන් 17 දෙනා ලොව මහාද්වීප 5 නියෝජනය කරන ජාතීන් 11 කට අයත් වන බව එතුමා කියා සිටියේ ය. "මෙයින් ප්‍රකාශ වන්නේ මිහිමත සිව් දිග ම සුබ අස්න ප්‍රකාශ කරන්නා වූ ද ඊට සාක්ෂි දරන්නා වූ ද කතෝලික සභාවේ විශ්වීය (සියැලි) බවයි" යැයි එතුමා පැහැදිලි කළේය. නව කාදිනල් හිමිවරුන් අතර මුලින් ම සඳහන් වූයේ සිරියාවේ අපෝස්තලික තානාපති, ඉතාලි ජාතික මාරියෝ සෙන

"පුද්ගලයෙකු සමලිංගිකයකු වීම නිසා ජේසු සමිඳුන් ඔහු එලවා දමන්නේ නැහැ" සුදොතුම් පියතුමා ගෙන් යළිත් ඔවදනක්

Image
"Jesus would never tell a person “go away because you are homosexual.”" - Pope Francis  (2016 ඔක්තෝබර 6) පාසල් තුළ ලිංගිකත්ව න්‍යායයන් බලහත්කාරයෙන් දරුවනට කවන්නට යාම "නපුරු ක්‍රියාවක්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එහෙත් එතුමා පෙන්වා දෙන්නේ ලිංගිකත්ව අනන්‍යතාව සම්බන්ධයෙන් ජීවන හා මානසික අරගලයකට ලක්ව සිටින්නන් වෙත දයා කරුණාවෙන් සැලැකිය යුතු බවයි. මෙම ගැටළු වලට මැදිවුවනට ජේසු සමිඳුන් වුවද එසේ සලකනු ඇතැයි එතුමා සඳහන් කරයි. අසර්බයිජානයේ කල අපෝස්තලික සංචාරයෙන් පසුව ආපසු වතිකානය බලා එන අතර ගුවන් යානයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එතුමා මේ බව කියා සිටියේ ය. "ලිංගිකත්ව න්‍යාය යනු මේ යුගයේ විවාහයේ ප්‍රමුඛතම සතුරා" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් ඔක්තෝබර 1 වැනිදා පැවැති සම්මේලනයක  දී කියා සිටියේය. ගුවන් යානයේ දී වෙනත් ප්‍රශ්න අතර එක මාධ්‍යවේදියෙක් මීට අදාලවද ප්‍රශ්න කළේය. එසේම "සිය ලිංගික අනන්‍යතාව පිලිබඳ අර්බුදයට ලක්ව සිටින තැනැත්තන් සභාව තුළ කැටුව යන්නේ කෙසේද" යි ද හේ ප්‍රශ්න කලේ ය. "පියතුමකු ල

"ජනමාධ්‍ය කලාව විනාශයේ ආයුධයක් නොවිය යුතුයි": සුදොතුම් පියතුමා අවධාරණය කරයි (video)

Image
"Journalism cannot become a weapon of destruction": Holy Father insists  (2016 ඔක්තෝබර 10) මේ ඔක්තෝබර මාසය ලොව පුරා ජනමාධ්‍ය වේදීන් වෙනුවෙන් යාච්ඥා කරන මාසයක් කරගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන් ම, ජනමාධ්‍යවේදීන් සිය සේවාවේදී නිරන්තරයෙන් ම "ප්‍රබල ආචාර ධර්ම මත පිහිටා  සත්‍යයට ගරු කරමින්" කටයුතු කරන ලෙස ඉල්ලා දෙවිඳුන් යදින්නයි එතුමා ඉල්ලයි. සුදොතුම් පියතුමා මෙම ඉල්ලීම කරන්නේ ඔක්තෝබර මාසයේ එතුමන් ගේ "විශ්වීය යැදුම් අදහස" ඉදිරිපත් කරමිනි. පාප් වහන්සේ ගේ මාසික විශ්වීය යැදුම් අදහස සහ ධර්මදුතික යැදුම් අදහස ඉදිරිපත්  කිරීම ආරම්භ කරන ලද්දේ  ප්‍රංශයේ ජේසු නිකායික දෙව්සත්හල් සිසුන් කණ්ඩායමක්   විසින්  1884 දීය. එකල සිට පත් වූ සියලු  පාප් වහන්සේලා සිය මාසික යැදුම් අදහස කතෝලික ජනතාව වෙත ඉදිරිපත් කළහ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ඔකතොබර මාසයේ විශ්ව යැදුම් අදහස අන්තර්ගත වීඩියෝව ඔක්තෝබර 4 වනදා නිකුත් කළේය. ලොව පුරා මාධ්‍යවේදීන් විවධ ස්ථාන වල සිට සිය සේවා කටයුතු කරන රූපරාමු මාලාවක පසුබිමේ සිට එතුමා සිය පණිවිඩ