Posts

Showing posts from June, 2022

"තුවාල කරන ලද මනුෂ්‍යත්වයත් කඩා බිඳ දමන ලද මිහිතලයත් සුවපත් කරන්න අත්වැල් බැඳ ගමු " - සුදොතුම් පියතුමා තායි බෞද්ධ නියෝජිත පිරිසට ආරාධනා කරයි

Image
Interreligious dialogue and cooperation are needed to heal wounded humanity and broken earth- Pope tells Thai Buddhist delegation  නියෝජිත කණ්ඩායම සුදොතුම් පියතුමාට තිළිණයක් පිළිගන්වමින්  (2022 ජුනි 20) ලොව පුරා ජනතාවත් අපේ නිවහන වන මිහිතලයත් බහුවිධ තර්ජනවලට ලක් වී ඇති මේ යුගයේ ඒවාට මුහුණ දීම සඳහා  සමයාන්තර සංවාදය  වෙන  කවරදාටත් වඩා අත්‍යවශ්‍ය වී ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.  "ඉතා සංවේගදායක ලෙස සියලු පැති  වලින් අපට ඇසෙන්නේ තුවාල ලැබූ මනුෂ්‍යත්වයේ සහ කැඩී බිඳී ගිය මිහිතලයේ විලාපයයි. අද අප ගේ කාර්යභාරය වන්නේ අප සියල්ලන් සහෝදර සහෝදරියන් ය යන සත්‍යය වඩා විචිත්‍රවත් ලෙස තේරුම් ගැනීමට අප ගේ අනුගාමිකයන්ට මග පෙන්වීමයි" යි එතුමා කියා සිටියේ ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සම්මන්ත්‍රණයක් සඳහා රෝමයට පැමිණ සිටි තායිලන්ත බෞද්ධ භික්ෂුන් වහන්සේ කණ්ඩායමක් එතුමන් මුණගැසීමට වතිකානයට වැඩම කල අවස්ථාවේ දී ය.  මෙම තායිලන්ත නියෝජිත කණ්ඩායමට භික්ෂුන් වහන්සේ 30 නමක්, තායි බෞද්ධ ගිහියන් 60 දෙනෙක් සහ එරට කතෝලික නියෝජිතයන් කිහිප දෙනෙක් ද අයත් වූහ. ඔවුන් රෝමයට පැමිණ සිටියේ