Posts

Showing posts from January, 2015

පාප් වහන්සේ ලෙස සේවය කීරීමට ප්‍රැන්සිස් පාප් වහන්සේ කොයි තරම් දුරට කැමති ද?

Image
සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ අධ්‍යාපනය, සමාජ සාධාරණත්වය, ධර්ම දේශනය ඇතුළු විවිධ දූත සේවාවල ප්‍රමුඛ දූත මෙහෙවරක නියැලී  සිටි ජේසු නිකායේ පියතුමෙකි. ජේසු නිකායිකයෝ සිය නිකාය පවුල තුළ පවුලක් සේ සමගිව ප්‍රීතියෙන් ජීවත්වෙති. මේ නිසා තමන් දූත ගමන්වල යෙදෙන රටවල ජේසු නිකායික පියතුමන්ලා සමග නිදහසේ ගතකරන්නට ලැබෙන අවස්ථාවලට  සුදොතුම් පියතුමා බොහෝ ප්‍රිය කරයි.  පිලිපීන සංචාරයේ යෙදුනු සුදොතුම් පියතුමාට එරට ජේසු නිකායික පියවරුන් වෙනම නිදහසේ මුණගැසීමේ අවස්තාවක් ලබා දී තිබුනේය. 2015 ජනවාරි 16 වනදා සන්ධ්‍යාවේ මැනිලා නුවර අපෝස්තලික තානාපති කාර්යාලයේ දී පිලිපීනය පුරා සේවාව කරන ජේසු නිකායික පියවරු 40 නමක් එතුමන් සමග අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් ගත කළහ. ඊට එක්වූ පියවරුන් පැයක් පමණ වූ මෙම සුන්දර හමුව හඳුන්වා දෙන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් එක් වරම සුදොතුම් පියතුමන් ද ජේසු නිකායික පැවිදි සහෝදරයකු ද වූ මොහොතක් ලෙසයි. විවධ කාරනා ගැන අදහස් හුවමාරු වූ මේ හමුව ආරම්භ වූයේ පිලිපීන ජේසු නිකායික පියතුමකු ශ්‍රී ලංකාව අරභයා කල සඳහනකිනුයි. ශ්‍රී ලංකාවේදී සුදොතුම් පියතුමන් පිළිගැනීමට ගුවන් ත

පිලිපීනයේ දැරිය ඇසූ ප්‍රශ්නය: "අහිංසක දරුවන් දුක් විඳින්නේ ඇයි ?"

Image
ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ පිලිපීන සංචාරයේ එක් සංවේදී අවස්ථාවක්  වූයේ 12 හැවිරිදි ජූන් නමැති දැරිය කඳුළු සලමින් එතුමාගෙන් ප්‍රශ්නනයක් ඇසු මොහොතයි.  "අහිංසක ළමයිනට අයහපත් දේ සිදුවන්නට දෙවියන් වහන්සේ ඉඩහරින්නේ ඇයි?" මේ දැරිය විමසුවාය.  2014 පිලිපීනය හරහා හමා ගිය දැඩි චණ්ඩ මාරුතයෙන් ජූන් බඳු සියක් සංඛ්‍යාත දරුවෝ විපතට පත්වුහ. ඒ සිද්ධිය සහිපත් කල ඇය ඊට තවත් දේ එකතු කළාය: "තමන් ගේ දෙමාපියන් විසින් නොසලකා හරිනු ලබන දරු දැරියෝ හුඟාක් ඉන්නවා. ඒ වගේ ම මත්ද්‍රව්‍ය, ළමා ගණිකා වෘත්තීය වගේ මහ භයානක දේවල ගොදුරු බවට පත්වෙන අක්කලා අයියලා නංගිලා මල්ලිලා හුඟ දෙනෙකුත් ඉන්නවා. මේවා ළමයින් ගේ වැරදි නොවී තිබෙද්දීත් ඇයි දෙවියන් වහන්සේ මේ වගේ දේවල් අපට සිදුවෙන්නට ඉඩ හරින්නේ? ඇයි මේ වගේ ඉන්න අපට උදව් කරන්න හුඟ දෙනෙක් ඉදිරිපත් නොවෙන්නේ? " දෝතින් තම මුහුණ වසාගෙන ඉකි බිඳිමින් ජූන් සුදොතුම් පියතුමාගෙන් විමසුවාය.  මේ දැරිය සැනසීමට සුදොතුම් පියතුමා ඇයට තමා වැළඳගෙන හඬන්නට ඉඩ හැරියේය.  මේ ප්‍රශ්නය සුදොතුම් පියතුමා සූදානම් වී සිටි එකක් වූයේ නැත. මේ නිසා එතුමා ඉතා සංවේදීව තමාට පුරුදු ස්