Posts

Showing posts from October, 2017

"නැතිවූවන් හා පීඩිත වූවන් වෙනුවෙන් කැපවූ සභාවක්; සමගි සන්ධානය ආත්මීය වූ සභාවක්": ශු. ජුසේ වාස් පියතුමන් හා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අතර විශ්ලේෂනාත්මක සංසන්දනයක්

Image
"A Church for the Lost and the Least; A Church for Reconciliation"- An analytical comparison of the Ministries of St. Joseph Vaz and Pope Francis (2014 ඔක්තෝබර් 29) ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මේ වසර ප්‍රකාශයට පත් කර ඇත්තේ ශු. ජුසේ වාස් පිය වසර ලෙසය. නොවැම්බර 4 වැනිදා ජාතික ජුසේ වාස් පිය දිනය ලෙස ද නම් කර තිබේ. කතෝලික පාරිභාෂිත වදන් භාවිතය අනුව "ශ්‍රී ලංකාවේ අපොස්තුළුවරයා" යන විරුදය අනිවාර්යයෙන් ම ලැබිය යුතු මෙම ගෝවාන පියතුමාට ලක්දිව කතෝලිකයෝ සම්පූර්ණයෙන් ම ණය  ගැතිය.  දැඩි ඕලන්ද පීඩනය හේතුවෙන් ලක්දිව කතෝලිකයන් නිදහසේ සිය විශ්වාසය ජීවත් කිරීමට නොහැකිව, සැඟවී බියෙන් සිටින බව දැනගත් මෙම පියතුමා  ඔවුනට සරණ වීම සිය ජීවිත අභිලාෂයත් දේව මෙහෙවරත් කරගත්තේය.  මහත් පරිශ්‍රමයකින් සහ කැපකිරීමකින් පසුව කුලී කරුවකු ගේ වෙස්ගෙන ලක්දිවට පැමිණි එතුමා මන්නාරම, මහනුවර සහ කොළඹ අතර ගමින් ගම සැඟවී සිටි කතෝලිකයන්  සොයා යමින්, ඔවුන් පුබුදුවා, දිරිමත් කොට, ආගමික වත් පිළිවෙත් පවත්වා ලක්දිව කතෝලික සභාවට සවිමත් පදනමක් දමමින් සභා පුනර්ජීවනයක් ඇති කළේය. මේ සියල්ල එතුමනට කල හැකි වූයේ එතුම

"අවසානයේදී, අපි හැම කෙනෙකුම දෙවිඳුන් මුණගැසෙන්නේ 'හිස් දෑතින්'" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි

Image
" We Present ourselves before God with empty hands; Hope in his Mercy redeems us", Says Pope  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඇමෙරිකාවේ පිලදෙල්පියා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ සිරකරුවකු එතුමන් වැළඳගත් අවස්ථාව  (2017 ඔක්තෝබර 28) දෙවියන් වහන්සේ සෑම කෙනෙකුම වෙනුවෙන් බලා සිටින බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. වෙනෙකක් තබා සිය අවසන් හුස්ම හෙලන මොහොතේ වුව ද පශ්චාත්තාපී වන දරුණුම පව්කාරයා වෙනුවෙන් පවා උන්වහන්සේ බලා සිටින බව එතුමා පෙන්වා දෙයි. "දෙවියන් වහන්සේ අභිමුඛයේ අප පෙනී සිටින්නේ හිස් දෑත් වලින්" යි එතුමා කීවේය. මෙයින් අදහස් කෙරෙන්නේ කෙනෙකු ස්වර්ගීය ජීවිතයට  ඇතුලත් කරගැනීම සඳහා එම තැනැත්තා මිහිමත ජීවිතයේදී  කරන හෝ නොකරන යහපත් ක්‍රියා මිනුම් දණ්ඩක් ලෙස භාවිත නොකරන්නේය යන්නයි "ජේසු සමිඳුන් ගේ හදවත ස්පර්ශ කිරීම සඳහා බැහැපත් පශ්චාත්තාපයේ වචනයක් පමණක් ප්‍රමාණවත්" යයි එතුමා කියා සිටියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාසනය කළේ 2017 ඔක්තෝබර 25 වැනිදා උදාසන වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේදී පැවැති බදාදා පොදු හමුවේ සිය ධර්මෝපදේශ දේශනය පවත්වමිනි. මේ වසර

"කුසගින්නට හේතුව යුද්ධය සහ දේශගුණ වෙනස්වීමයි; යුද ගැටුම් අවසන් නොකොට කුසගින්න අවසන් කළ නොහැකියි" - සුදොතුම් පියතුමා ලෝක ආහාර සංවිධානයට කියයි

Image
"It is clear: war and climate change cause hunger" - Pope tells FAO ලෝක ආහාර සංවිධාන ගොඩනැගිල්ලතුළ නිමවා ඇති සිරියාවේ සිට පලා එද්දී ලොවම හඬවමින් මධ්‍යධරණී මුහුදේ ගිලී මිය ගිය 3 හැවිරිදි ඇලන් කුර්දි නම් දරුවාගේ මුර්තියයි මේ. (2017 ඔක්තෝබර 18) ලෝකයෙන් කුසගින්න තුරන් කිරීමට නම් ඊට හේතු වී ඇති සාධක තුරන් කල යුතු යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "කුසගින්නට හේතු වී තිබෙන්නේ යුද ගැටුම් සහ දේශගුණ විපර්යාස බව පැහැදිලිය. මේවා විසඳා ලූ විට කුසගින්නට ද විසඳුම් ලැබෙනු ඇත. මේ නිසා කුසගින්න සුව කල නොහැකි රෝගයක් ලෙස හඳුන්වා දීම අපි නවත්වමු" යි එතුමා ඇරැයුම් කළේය. "මෙම තත්වය තුළ අපි  අප ගමන් කරන දිශාව වෙනස් කල යුත්තෙමු. එය අපට කල හැකිය...මේ සම්බන්ධයෙන් අප පියවර නොගන්නා නිසා සමස්ත ජාත්‍යන්තර ක්‍රමයේම විශ්වසනීයත්වය අනතුරට ලක්ව තිබේ" යයි ද එතුමා පෙන්වා දුන්නේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ  ලෝක ආහාර සංවිධාන දිනය නිමිත්තෙන් රෝමයේ පිහිටි එහි මූලස්ථානයේදී පැවැති සමුළුවේ  සමාරම්භක දේශනය පවත්වමිනි. ඔක්තෝබර 16 වනදා පැවැති  මෙම සමුළුවට ක

වතිකාන ළමා රෝහලේ අරමුදල් අවභාවිත කළ එහි හිටපු සභාපතිට අත්හිටවූ සිරදඬුවමක්

Image
Former President of Vatican's Children's Hospital found guilty of misappropriation of funds සුදොතුම් පියතුමා ළමා රෝහලට ගිය අවස්තාවක්  (2017 ඔක්තෝබර 17) වතිකානයේ "ජේසු බිලිඳු රෝහලේ" (Bambino Gesu hospital) හිටපු සභාපති ජිසෙප්පේ ප්‍රොෆිති එහි අරමුදල් අවභාවිත කිරීම පිලිබඳ වරදකරු බව වතිකාන අධිකරණයක් තීරණය කළේය. විනිසුරු වරුන් තුන් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින්  විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව ඔක්තෝබර 14 වනදා ප්‍රකාශයට පත් කෙරිණි. "ජේසු බිලිඳු රෝහල" විරුදය ලබා සිටින්නේ  සුදොතුම් පියතුමාගේ ළමා රෝහල ලෙසය. 2013 - 2014 කාලය තුළ රෝහලේ අරමුදල් වලින් යුරෝ 420,000 ක මුදලක් එම රෝහලට අයත් නොවන කාර්යයක් සඳහා යොදවා ගනිමින් අවභාවිත කර ඇති බවට ප්‍රොෆිතිට චෝදනා එල්ල වී තිබිණි. ඔහු විසින් මෙම මුදල් ලබා දී තිබුණේ වතිකානයේ හිටපු රාජ්‍ය ලේකම්  තාර්ෂිසියෝ බර්තෝනේ කාදිනල් හිමිපාණන් ගේ එපාර්ට්මන්ට් නිවස අලුත්වැඩියා කිරීම සඳහාය. මෙම චෝදනාවට ඔහු වරදකරු බව තීන්දු කල අධිකරණය ඔහුට වසරක සිර දඬුවමක් සහ යුරෝ 5000 ක දඩයක් නියම කළේය. පසුව එම සිර දඬුවම අත්හිටුවූ සිරදඩුවම

යොවුන් හඬට සවන් දීම සඳහා පූර්ව සිනෝඩ මහා යොවුන් හමුවක් කැඳවේ

Image
Pope Announces a Pre-Synod meeting to "listen to youth expectations and concerns" 2013 දී රියෝ හි කොතකබානා වෙරළට රොද බැඳුනු කතෝලික තාරුණ්‍යය  (2017 ඔක්තෝබර 16) 2018 තරුණයන්  පිලිබඳ සිනොඩ් රදගුරු කතිකාවට සූදානම් වීමක් ලෙස ජගත් තරුණ හමුවක් වතිකානයේදී පැවැත්වීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කර තිබේ. මෙම  ජගත් යොවුන් හමුව 2018 මාර්තු 19 සිට 24 දක්වා පැවැත්වෙන බව ඉකුත් බදාදා (ඔක්තෝබර 4 වනදා) සිය බදාදා පොදු හමුව අවසානයේ සුදොතුම් පියතුමා ප්‍රකාශ කළේය. කිතුනු මෙන්ම කිතුනු නොවන යෞවනයනට ද මේ සඳහා  ඇරැයුම් කරන බව එතුමා පැවසුවේය. එතුමා කියා සිටියේ මෙම පූර්ව සිනෝඩ හමුවේ අරමුණ තරුණ තරුණියන් ගේ අපේක්ෂා සහ සිතිවිලි වලට සවන්දීම බවයි. "මේ (සිනෝඩ) ගමන තුළ යොවුන් ජනතාවගේ හඬට, ඔවුන් ගේ සංවේදිතා, සහ ඇදහිල්ලට පමණක් නොව ඔවුන් ගේ සැකසංකා සහ විවේචන වලටත් සවන් දීමට සභාවට අවශ්‍ය වී තිබේ. අප යොවුන් පරපුරට සවන් දිය යුතුයි" යැයි එතුමා කීවේය.  "මෙම හමුවේ දී ස්වකීය බලාපොරොත්තු, සහ අභිලාෂයන් ගැන මෙන්ම සිය අවිනිශ්චිතතා සහ සැලකිල්ල දක්වන දේ ගැන ද අදහස් ප්‍රකාශ කිරීමට තරුණ ජනත

"ප්‍රේමයේ ආනන්දය"ට පාදක වී ඇත්තේ තෝමියාන දේව ධර්මයයි - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජේසුනුවන්ට පැහැදිලි කරයි

Image
"Philosophy of "Amoris Leatitita" is Thomist": Pope tells Columbian Jesuits   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කොලම්බියාවේ දී ජේසුනුවන් මුණගැසුණු අවස්ථාව (2017 ඔක්තෝබර 15) "ප්‍රේමයේ ආනන්දය" (Amoris Leatitita) නමැති සිය අපෝස්තලික හසුන සම්බන්ධයෙන් සභාවේ ඇතැම් කණ්ඩායම් මතු කරන ප්‍රශ්න වලට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පිළිතුරු දී තිබේ. මෙම ලේඛනයේ සභා ඉගැන්වීම්වලට පටහැනි අපැහැදිලි ප්‍රකාශ ඇති බව කියමින් "Dubia" නමැති ප්‍රශ්න පහක ලිපියක් සුදොතුම් පියතුමාට භාර දෙමින් ඊට ප්‍රථමයෙන් ම අභියෝග කරන ලද්දේ රේමන්ඩ් බර්ක් කාදිනල් තුමන් ප්‍රමුඛ කාදිනල් වරුන් 4 නමක් විසිනි. ඉන් පසුව මෑතකදී එතරම් ප්‍රමුඛ නොවන කණ්ඩායමක් විසින් "ප්‍රේමයේ ආනන්දය" ලේඛනයට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කරන ලදී. ඔවුන් චෝදනා කරන්නේ සුදොතුම් පියතුමා ගේ දැක්මට මාටින් ලුතර් ගේ ඉගැන්වීම් සහ නූතන වාදය බලපා ඇති බවයි. මෙම චෝදනා ගැන  සඳහන් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙන්නේ සිය අපෝස්තලික හසුනට පාදක වී ඇත්තේ කතෝලික සභා දර්ශනයේ සහ දේවධර්මයේ කුළුණ ලෙස සැලැකෙන  ශු

"පවුල දේවධර්ම 'ලැබ් එකක්' නොවේ; දේවවරප්‍රසාදීය ස්ථානයක් ": සුදොතුම් පිය දැක්ම කාදිනල් කියුපිච් හිමි විස්තර කරයි.

Image
"Family is not a Laboratory; but a 'privileged place' where God is alive": Cardinal Cupich  explains the vision of Amoris Laetitia පවුල: වරප්‍රසාදීය ස්ථානය   (2017 ඔක්තෝබර 7) "ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කතෝලික සභාවෙන් ඉල්ලා සිටින්නේ, පවුල විවිධ දහම් සේවා උපක්‍රම අත්හදා බලන පර්යේෂණාගාරයක් ලෙස  නොදකින ලෙසයි. ඊට පරස්පරව  දෙවියන් වහන්සේ ලෝකය තුළ ජීවමානව වැඩවෙසෙමින් ක්‍රියා කරන 'වරප්‍රසාද ලත් ස්ථානයක්' ලෙස පවුල දකින ලෙස එතුමා සභාවෙන් ඉල්ලා සිටිනවා" යැයි ඇමෙරිකාවේ චිකාගෝ හි අගරදගුරු බ්ලේස් කුපිච්  කාදිනල් හිමි පෙන්වා දෙයි. "ස්වකීය දිව්‍ය යථාර්ථය අනාවරණය කිරීම සඳහා දෙවියන් වහන්සේ  පවුල් ජීවිතය නමැති වරප්‍රසාදීය ස්ථානය තෝරාගෙන තිබෙන ආකාරය කෙරෙහි සුදොතුම් පියතුමා සභාවේ අවධානය යොමු කරනවා" යි කාදිනල් තුමා ප්‍රකාශ කරයි. අති උතුම් බ්ලේස් කුපිච් කාදිනල් හිමි මේ බව කියා සිටියේ ඔක්තෝබර 5 වැනි බ්‍රහස්පතින්දා ඇමෙරිකාවේ බොස්ටන් විශ්ව විද්‍යාල විද්‍යා පීඨයේ ආරම්භ වූ සම්මන්ත්‍රණයක ආරම්භක  දේශනය පවත්වමිනි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2016 දී නික

1989 එල් සැල්වදෝර ජේසු නිකායිකයන් ඝාතනතයට සම්බන්ධ හමුදා ප්‍රධානියා පිලිබඳ නඩු විභාගයට ඇමෙරිකා අධිකරණයෙන් අවසර

Image
US Court rules that El Salvador's  Civil War time Commander be extradited and tried for the 1989 massacre of Jesuits ඝාතනය කරන ලද ජේසු නිකායික විශ්ව විද්‍යාලයීය නිවසේ පිරිස  (2017 ඔක්තෝබර 6) 1989 දී එල්සැල්වදෝරයේ ජේසු නිකායික පියවරුන් පිරිසක් සාහසික ලෙස ඝාතනය කිරීමට නායකත්වය දුන් යුද හමුදා ප්‍රධානියා ඊට අදාළ නඩුව සඳහා ස්පාඥ්ඥයට යැවීමට ඇමෙරිකානු අභියාචනාධිකරණයක් අනුමැතිය ලබා දෙයි. මේ  අනුව දැනට ඇමෙරිකාවේ ජීවත්වන එල්සැල්වදෝර් ජාතික යුද හමුදා කර්නල් ඉනසන්තේ ඔර්ලන්දෝ මොන්තානෝට  සිය නඩුවට පෙනී සිටීම සඳහා  ස්පාඥ්ඥයට යාමට සිදු වනු ඇත. කෙසේ නමුත්, මේ සඳහා ඔහු උදර්පණය කරන්නේ ද යන්න ගැන අවසන් තීරණය ගැනීමේ වගකීම  දැන් භාරව තිබෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ටය. ජේසු නිකායික පියවරුන් ඝාතනය එල් සැල්වදෝර් සිවිල් යුද්ධය තුළ සිදු වූ කුප්‍රකටම හා සාහසිකම ඝාතනයක් ලෙස සඳහන්ව තිබේ. මෙම සිවිල් යුද්ධයේ දී එරට කතෝලික සභාවේ ' කිතුනු හදවත්' තිබූ කොටස් සිටියේ  පීඩනයට පත්ව සිටි දුප්පත් ගොවි කම්කරු ජනතාව සමගය.  එරට ජේසු නිකායික පියවරු ද එසේම එම ජනතාවගේ අයිතිවාසිකම් වෙන

"දෑත් විදහා සරණාගතයන් උණුසුම්ව පිළිගන්න" - සරණාගතයන් පිළිගැනීමේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයට මුල පුරමින් සුදොතුම් පියතුමා ඉල්ලයි

Image
"Welcome migrants with arms wide open and ready to give an affectionate and embracing hug" Pope appeals while launching the Global Drive to Encounter and Welcome Migrants  පොදු හමුවේ දී සුදොතුම් පියතුමා සරණාගතයන් හා කරිටාස් නියෝජිතයන් සමග  (2017 ඔක්තෝබර් 1) "ඔබේ දෑත් පුළුල්ව දිගහරිමින් ඔබේ රටවලට පැමිණෙන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් ආදාරයෙන් පිළිගන්නැ"යි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. එතුමා මෙම ඉල්ලීම කලේ කතෝලික සභාවේ ලෝක ව්‍යාප්ත දයා සේවා හස්තය වන ජාත්‍යන්තර කරිටාස් ආයතනය  විසින් ක්‍රියාත්මක කෙරෙන සරණාගතයන් මුණගැසීමේ සහ ඔවුන් පිළිගැනීමේ ලෝක ව්‍යාප්ත ව්‍යාපාරයට මුල පුරමිනි. සැප්තැම්බර් 27 වැනිදා එතුමා ගේ බදාදා පොදු හමුව මුළුමනින්ම මෙම තේමාව සඳහා කැප කරමින් සුදොතුම් පියතුමා එම ව්‍යාපාරය ආරම්භ කළේය. "ගමනේ හවුල්කරුවන්  වෙමු"  ("Share the Journey") යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපාරය දෑවුරුදු වැඩපිළිවෙලකි. සරණාගතයන්/සංක්‍රමණිකයන්   පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම, ඔවුන් මුණගැසීම හා පිළිගැනීම මෙ