Posts

Showing posts from May, 2019

"එංගලන්ත සභාවේ ශුද්ධාත්ම යැදුම් ව්‍යාපාරයට එක් වන්න" සුදොතුම් පියතුමා වීඩියෝ පණිවිඩයක් මගින් කතෝලිකයන්ට ආරාධනා කරයි (වීඩියෝ )

Image
Pope calls on all Catholics to join Anglican prayer campaign "Thy Kingdom Come" (2019 මැයි 28) එංගලන්ත සභාව විසින් මේ මස අවසානයේ සිට පවත්වනු ලබන ලෝක ව්‍යාප්ත යාච්ඥා ව්‍යාපාරයට එකමුතු වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමස්ත කතෝලික ජනතාවට ආරාධනා කරයි.  එතුමා මෙම ආරාධනාව කර තිබෙන ආකාරය ද අපූර්වය. එංගලන්ත සභාවේ නායක කැන්ටබරියේ අගරදගුරු ජස්ටින් වෙල්බි හිමිපාණන් ගේ "ස්මාර්ට් ෆෝන්" දූරකතනයේ වීඩියෝ ගත කරන ලද පණිවිඩයක් මගින් එතුමා මෙම ඉල්ලීම කර තිබේ..  කැන්ටබරියේ අගරදගුරු තුමා ඉකුත් අප්‍රේල් 11 වනදා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසුණේය. එහිදී එතුමා මැයි මස 30 වනදා සිට දින 11ක් පුරා "ඔබගේ රාජ්‍යය පැමිණේවා" යන මැයින් පැවැත්වෙන ඇංග්ලිකාන සභාවේ යාච්ඥා ව්‍යාපාරය ගැන සුදොතුම් පියතුමා සමග සාකච්ඡා කළේය. මේ සඳහා පණිවිඩයක් ලබා දෙන්නේ නම් එය තම ජංගම දූරකතනයේ වීඩියෝ ගත කල හැකි බව එතුමා කියා සිටියේය. මඳක් හෝ පමා නොවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පණිවිඩය ජස්ටින් වෙල්බි අගරදගුරු තුමාට ලබා දුන්නේය. "ශුද්ධාත්මයාණනි, වැඩම කළ මැනව. මෙය සියලුම කි

"ක්‍රිස්තු සමිඳාණෝ සියලු නපුරෙන් අප මුදන සේක; නපුර තර්ජනාත්මකව නැගී සිටින විට පියාණන් අමතන්න" - සුදොතුම් පියතුමාගෙන් මේ ඉරිදාට ප්‍රබල භාවනාවක්

Image
Christ liberates us from overwhelming evil - Holy Father points out at the General Audience (2019 මැයි 25) ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත දී මිල කළ නොහැකි තිළිණයක් මනුෂ්‍යත්වයට ලබා දුන් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එම අමිල තිළිණය නම් "නපුරෙන් ගැලවීම" යි. "නොතකා සිටිය නොහැකි තරමට නපුර කෙතරම් බලවත් දැයි කිතුනු ජනතාව දනිති. එසේම නපුරේ ඉච්චා බසට යටත් නොවූ ජේසු සමිඳුන් තම පැත්තේ සිටින බවත්, උන්වහන්සේ තම සහයට නිරන්තරයෙන් ම පැමිණෙන බවත් ඔව්හු දනිති. ජීවිතය තුළ සහ  ලෝකය තුළ අති විශාල ලෙස නපුර සහ දුර්පරීක්ෂා පැවතීම තේරුම් ගැනීමට නොහැකි කාරණයකි. එහෙත් ඒ විරුද්ධාභාසය තුළ සිය ජනතාව ශක්තිමත් කොට ආරක්ෂා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔවුන් සමග වැඩ සිටින සේකැ " යි එතුමා පෙන්වා දෙයි. "සෑම පුද්ගලයකුටම ජීවිතයක් දානය කරනු ලැබ තිබේ. එම ජීවිතය ප්‍රේමයේ සහ යහපතේ සිහින වලින් සමන්විත සුන්දර එකකි. එහෙත් එම ජීවිතයම තමාටත් තමා අවට සිටින්නන්ටත් එරෙහිව නොකඩවා නැගී සිටින නපුරට, අයහපතට නිරන්තරයෙන් නිරාවරණය වී තිබේ. අප අවට පවතින නපුර කෙතරම් බලවත්දැයි කියන්නේ නම් ඇතැම් විට

"කිතුනු සහ මුසොල්මාන සොහොයුරනි, සහෝදරත්වයේ පාලම් ගොඩනගමින් සංවාදයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට එක්වන්න" - රාමදාන් සුබපැතුමෙන් වතිකානය ඉල්ලා සිටියි

Image
"Tear down walls of fear and ignorance and build bridges of brotherhood; promote the culture of dialogue" - Vatican urging Christians and Muslims worldwide in Ramadan message  (2019 මැයි 14) ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කොට, මානව පුද්ගලයාට ගෞරව කරන පරිසරයක් තුළ, මිත්‍රත්වයේ පාලම් ගොඩ නගමින් සහ සංවාදයේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කරමින් ලොව පුරා මානව සහෝදරත්වය සහ සාමකාමී සහජීවනය පතුරුවන්නැයි වතිකානය කිතුනු සහ මුස්ලිම්  ජනතාවගෙන් ඉල්ලා සිටියි. වතිකානය මෙම ඉල්ලීම කරන්නේ ඉස්ලාම් බැතිමතුන් සිය ශුද්ධ කාලය ලෙස සලකන රාමදාන් උපවාස සමය වෙනුවෙන් සිය සුබපැතුම සහ පණිවිඩය නිකුත් කරමිනි. සුදොතුම් පියතුමා ගේ අන්තර් ආගමික සංවාද නාලිකාව වන අන්තර් සාමයික සංවාදය සඳහා වන ශුද්ධාසන මන්ත්‍රණ සභාව විසින් මෙම නිවේදනය නිකුත් කරන ලද්දේ මැයි මස 10 වනදාය. "උපවාසය, යාච්ඥාව සහ දානය වෙනුවෙන් කැපකරන ලද රාමදාන් මාසය මුස්ලිම්-ක්‍රිස්තියානි මිත්‍රත්වය තුළ අප බෙදා ගන්නා ආධ්‍යාත්මික බන්ධුතා සවිමත් කරගන්නා සමයක් ද වන්නේ ය. මේ නිසා ඔබට සාමය පිරි ඵලදායි රාමදාන් උත්සවයක් වේවා යි ප්‍රාර්ථනා කරමි" යි එම පණි

"ඓතිහාසික සහ දේවධාර්මික පදනමකින් තොරව කාන්තා තේවාචාරිවරය ස්ථාපනය කිරීම ගැන තීරණය කළ නොහැකියි" - කාන්තා තේවාචාරිවරය පිලිබඳ කොමිසමේ නිගමන දැනුම් දෙමින් සුදොතුම් පියතුමා කියයි

Image
"Decision on women deacons cannot be made 'without historical foundation'' - Holy Father says at UISG Audience (2019 මැයි 11) කාන්තා තේවාචාරීවරය කතෝලික සභාව තුළ ස්ථාපනය කළ හැකිද යන්න ගැන අධ්‍යයනය කිරීමට පත් කරන ලද කොමිසම ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවට පැමිණ නොමැති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි.මේ අනුව දෙවධාර්මික හෝ ඓතිහාසික පදනමකින් තොරව කාන්තා තේවාචාරිවරය ස්ථාපනය කල නොහැකි බව එතුමා අවධාරණය කළේය.  කිතුනු සභාවේ මුල් ශත වර්ෂවල කාන්තා තේවාචාරීන් ගේ දූත සේවාව ගැන අධ්‍යයනය කර එම සේවාව ස්ථාපනය කළ හැකිද යන්න  ගැන සොයා බැලීමට පත් කරන ලද මෙම කොමිසමේ සාමාජික සාමාජිකාවන් සිය වාර්තාව තමන්ට භාර දුන් බව එතුමා කියා සිටියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම කොමිසම පත් කලේ 2016 මැයි 13 වනදා අන්තර් ජාතිකා ජගත් පැවිදි  නිකාය ශ්‍රෙෂ්ඨාධිපති  සංගමයේ  හමුවේදී එහි සාමාජික සාමාජිකාවන් එතුමාගෙන් කල ඉල්ලීමකට පිළිතුරු වශයෙනි. (ඒ ගැන විස්තර මෙතනින් කියවන්න: කාන්තා තේවාචාරීවරය ගැන අධ්‍යයනයට කොමිසමක් පත් කෙරේ; පිරිමි-කාන්තා සාමාජිකයන් 6 දෙනා බැගින් සම සමව ) " ඔවුන් ක

"පුදැදුරු ළමා ලිංගික අපයෝජන ගැන දැනුම් දීමත් ඒ ගැන පරීක්ෂණ පැවැත්වීමත් අනිවාර්යයි" - සුදොතුම් පියතුමා නව නීතියක් ප්‍රකාශයට පත් කරයි; ක්‍රියාත්මක වන්නේ ජුනි 1; එහෙත් මීට කලින් සිදු වූ අපයෝජන දැනුම් දීමත් මේ මගින් අනිවාර්ය කෙරේ

Image
In a new law Holy Father makes it mandatory for all priests and religious worldwide  to report any suspicions of abuse or cover-up;  Church leaders are also obliged to carry out investigations  (2019 මැයි 9) පුදැදුරු ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඉතා දැඩි නව නීතියක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශයට පත් කරයි. එතුමා අද (මැයි 9) ප්‍රකාශයට පත් කල නව නීතියට අනුව ළමා ලිංගික අපයෝජනයක් හෝ තවත් කෙනෙකු විසින් කරන ලද අපයෝජනයක් සැඟවීමට සභා ශ්‍රේෂ්ඨයකු ක්‍රියා කළ අවස්ථා පිළබඳ සැකයක් ඇති වූ විට ඒවා ගැන වාර්තා කිරීම සෑම පුදැදුරු වරයෙකුටම සහ සෑම පැවිදි වරයකුට හා පැවිදි වරියකටම අනිවාර්ය කර තිබේ. අපයෝජන සම්බන්ධයෙන් ලැබෙන දැනුම් දීම් හෝ වාර්තා කිරීම් සමබන්ධයෙන් ක්‍රියා කිරීමේ ලෝක ව්‍යාප්ත පිළිවෙතක් ද මෙම නීතිය මගින් හඳුන්වා දී ඇත. මෙම චෝදනා පිළිබඳව විමර්ශනය කොට අදාළ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ නම් ශාසන නීතිවලට අනුකුලව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල ශාසනික කලාපයේ අගරදගුරු තුමන් වෙත පවරා තිබේ. අවශ්‍ය අවස්ථාවල විමර්ශන සඳහා ගිහි විමර්ශකයන් යොදා ගත හැකි බව නව නීති