Posts

Showing posts from May, 2017

"ශුද්ධාත්මයාණන් ගේ භාෂාව ඉගෙණගන්න": සාන්තා මාර්තා දිව්‍ය පූජාවේ භාවනාව

Image
"Learn the language of the Holy Spirit"- Pope Francis (2017 මැයි 30) ශුද්ධාත්මයාණන් වහන්සේට නිරන්තරයෙන් විවෘත වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි. වැදගත් තීරණ ගැනීමට පෙර උන්වහන්සේට තම හදවත විවෘත කර උන්වහන්සේ ගේ ආලෝකය හා මගපෙන්වීම පතන්නැයි එතුමා පෙන්වා දෙයි. මැයි 29 සඳුදා සාන්තා මාර්තා තානායම් දෙව්මැදුරේ පැවැති උදාසන දිව්‍ය පූජාවේ භාවනාව කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය. එදින පළමු දේව ප්‍රකාශනයට පාදක වූ අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ කොටස එතුමන් ගේ භාවනාවට පාදක වී තිබිණි. ශු. පාවුළු අපෝස්තුළු තුමන් එපීසයේ සභාවට ශුද්ධාත්මයාණන් දානය කිරීම මෙම කියවීමට ඇතුලත් වී තිබුණේය. මෙම අවස්ථාව "එපීසයේ පෙන්තකොස්තය" ලෙස හැඳින්විය හැකි බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. එපීසයේ ජනතාව ඇදැහිල්ල ලබා සිටිය ද ශුද්ධාත්මයාණන් වැඩසිටි බවක් හෝ ඔවුන් නොදැන සිටි බව එතුමා පැහැදිලි කළේය. "ඔවුන් යහපත් ජනතාවක්ව සිටියා; විශ්වාසයේ ජනතාවක්ව සිටියා. එහෙත් පියාණන් වහන්සේ ගේ මෙම තිළිණය ගැන ඔවුන් දා සිටියේ නැහැ. පාවුළුතුමා ඔවුන් මත අත් තැබූ විට ඔව

"ස්ථිතික, වෙනස් නොවන පූජකවරුනට මම බයයි"- සුදොතුම් පියතුමා ජෙනෝවා නුවරදී කියයි

Image
“I am afraid of static priests”- Pope Francis tells Priests in Genoa  (2017 මැයි 29) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා ඉතාලියේ ජෙනෝවා පදවියේ අපෝස්තලික සංචාරයක නිරත විය. මධ්‍යධරණී මුහුදේ වැදගත් නැව් මාර්ගයක පිහිටා ඇති ජෙනෝවා නගරය ඉතාලියේ  ලිගුරියන් පළාතේ අගනුවරයි. එය එරට හයවැනි විශාලතම නගරය වන අතර ජෙනෝවා වරාය යුරෝපයේ 12 වන කාර්යබහුල ම වරායයි. මෙහි ඇති ඓතිහාසික  නටබුන් හා පුරාණ සංස්කෘතික උරුමය නිසා එම නගරය යුරෝපයේ සංස්කෘතික අගනුවර ලෙස ද සැලැකේ. මෙම පදවියට පැමිණි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එහිදී ප්‍රධාන කණ්ඩායම් තුනක් වෙන වෙනම මුණගැසී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර ඔවුන් සමග ඉතා සැහැල්ලුවෙන් කාලය ගත කළේය. එතුමන් එහිදී මුණගැසුණු එක ප්‍රධාන කණ්ඩායමක් වූයේ ජෙනෝවා පදවියේ රදගුරු හිමිවරුන්, පූජකවරුන් හා පැවිද්දන් සහ එම පදවියේ දෙව්සත්හල් සිසුන් ය. දැකුම්කළු ජෙනෝවා ආසන දෙව්මැදුරේදී මෙම හමුව පැවැත්විණි. මෙහිදී ලියාගත් දේශනාවක් හෝ කතාවක් කරනවාට වඩා එතුමන් කැමැති වූයේ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමටයි. මෙම හමුවට එක්වූ පූජකවරුන් ඇසූ එක් ප්‍රස්නයක් වූයේ නිරන්තරයෙන් යහපත

"ජීවිතයේ වේදනාකාරී, පීඩාකාරී, ගනඳුරු මොහොතවලත් ජේසු සමිඳාණෝ අප සමග ගමන් කරති"- සුදොතුම් පියතුමා කියයි.

Image
"Jesus walks with us even in the darkest and most painful moments": Wednesday general audience  (2017 මැයි 27) ජීවිතය තුළ අප කෙතරම් දුක් කරදර, පරීක්ෂා වලට මුහුණ දුන්නත්  එම්මාවුස් පාරේ ගමන් කල අනුගාමිකයන් සේ,අප සතුව බලාපොරොත්තුවක් තිබේ. මන්ද, ජේසු සමිඳාණන් සෑම මොහොතකම අප සමග ගමන් කරන නිසා යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "අප සෑම කෙනෙකුට ම අපගේ ජීවිතවල දුෂ්කර කාලයන් තිබෙනවා. අඳුරු සමයන් තිබෙනවා. අප දුකෙන්, කණගාටුවෙන්, අවිනිශ්චිත සිතිවිලිවලින් ඇවිද ගිය අවස්ථාවල්, සිතිජයක් නොපෙනෙන අවස්ථාවල් තිබෙනවා. අප ඉදිරියට යා නොහැකිව තාප්පයක් ඉදිරියේ හිරවුණා සේ දැනෙන අවස්ථා තිබෙනවා" එතුමා විස්තර කළේය. "එහෙත්, මෙවැනි අවස්ථාවල පවා අපට බලාපොරොත්තුව දෙන්නට, අප හදවත් උණුසුම් කරන්නට, ජේසු සමිඳුන් අප අසල, අප සමග සිටිනවා. එසේ අප සමග සිටිමින් උන්වහන්සේ අපට පවසනවා, 'ඉදිරියට යන්න. මා ඔබ සමගයි. ඉදිරියට යන්න' කියා. අපට අහිතකර සිදුවීම් වලදී පවා උන්වහන්සේගේ ආදරය අපට නොකඩවා ලැබෙනවා." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මැයි 24 බදාදා වතිකානයේ සාන

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රැන්සිස් පාප් වහන්සේට කියපු ඔහුගේ ප්‍රියතම බයිබල් කතන්දරේ

Image
Trump's favorite Bible story ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රැන්සිස් පාප් වහන්සේට කියපු ඔහුගේ ප්‍රියතම බයිබල් කතන්දරේ  "ඉතින්...කොරින්තියානුවන් දෙදෙනෙක් ජේසු ගේ අයිස්ක්‍රීම් කඩේට යනවා. ජේසු කියනවා, 'ජයග්‍රාහකයෝ භාග්‍යවන්තයෝය' කියලා. එහෙම කියලා ඒ අතරින් ධනවත් කොරින්තියානුවාට අයිස්ක්‍රීම් හැඳි තුනක් දාපු කෝන් එකක් දෙනවා. දුප්පත් කොරින්තියානුවාට ලැබෙන්නේ එක අයිස්ක්‍රීම් හැන්දයි. විශිෂ්ට කතන්දරයක්! විශිෂ්ට පණිවිඩයක්!"  (National Catholic Reporter පුවත්පතෙන්) (From the National Catholic Reporter)

"සාමය ඇතිකරන්නෙකු වන්න" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජනාධිපති ට්‍රම්ප්ට කියයි

Image
"Be a Peacemaker; That is my great desire for you"- Pope Francis tells President Trump (2017 මැයි 24) මාස ගණනක අනුමාන සහ අපේක්ෂා වලින් පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (මැයි 24) වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් හමුවිය. වෙනත් අමෙරිකානු ජනාධිපතිවරුන් මෙන් නොව ට්‍රම්ප් දරන ප්‍රතිවිරුද්ධ මත හේතුවෙන් ලෝකය මෙම හමුව දෙස දැඩි අවධානයෙන් බලා සිටියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ බදාදා පොදු හමුවට පෙර උදාසන 8.30ට මෙම හමුවට වෙලාව යොදා තිබිණ. පෙරවරු 8.15ට පමණ ජනාධිපති ට්‍රම්ප් රැගත් මෝටර රථය සාන්තා මාර්තා තානායම පෙදෙසේ ප්‍රවේශයෙන් අපෝස්තලික මාලිගාවට ඇතුළුවිය. සන් දමාසෝ මිදුලේ දී ස්විස් භටයන් විසින් පවත්වන ලද උත්තමාචාරයකින් පසුව ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිගන්නා ලද්දේ පාප් වහන්සේගේ ගෘහවාසී කටයුතු ප්‍රධානි ජෝර්ජ් ගැන්ස්වේන් අගරදගුරු හිමිපාණන් විසිනි. එතුමා විසින් එහි සිට සුදොතුම් පියතුමාගේ පෞද්ගලික පුස්තකාලය දක්වා ජනාධිපතිවරයා කැඳවාගෙන යන ලදී. පුස්තකාලයේ රාජ්‍ය අමුත්තන් පිළිගන්නා මේසය අසලදී ජනාධිපති ට්‍රම්ප් පිළිගනිමින් "ඔබ ආදරයෙන් පිලිගන්නවා" යැයි සු

භූගෝලය, ජ්‍යාමිතිය සහ අංක ගණිතය: නව කාදිනල් පත්වීම් වලින් කියැවෙන ප්‍රැන්සිස් සුදොතුම් පිය සභා දැක්ම

Image
 Pope Francis' vision depicted in the choice of new Cardinals "කතෝලික" යන වචනයේ හෙළ අරුත "සියැළි" යන්නයි. එනම් "විශ්වීය" යන්නයි. එහි අදහස සමස්ත ලෝකයම එකම විශ්වාසය තුළ එකම පවුලක් කොට ගත් ආගමික සමාජය යන්නයි. "බලන්න, රෝමයේ රදගුරුතුමන් හොයාගන්න මගේ සහෝදර කාදිනල් හිමිවරුන් ගිය දුර. රෝමයට රදගුරු තුමකු සොයන්න උන්වහන්සේලා ලෝකයේ අන්තයටම ගියා." පාප්තුමන් ලෙස තේරී පත්වීමෙන් පසු ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ ප්‍රථම වචන එසේ විය.(ආජන්ටිනාව පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවේ දකුණු කෙළවරේය. එහි සිට ඇන්ටාටිකාව දක්වා ඇත්තේ  මහා සාගරය පමණකි. ඉන් දකුණට මිනිස් වාසයක් හමුවන්නේ නැත.) එදා සිට එතුමා "අන්තර්ග්‍රහණය කරගන්නා" සභාවක් ගැන නිතර කතා කළේය. එසේම සභාවේ "පර්යන්ත" නව ධර්මදානයේ ප්‍රමුඛ ස්ථානයක් ගත යුතු බව එතුමා ප්‍රකාශ කළේය.එහි අදහස දහම් සේවාව සභාවේ අන්ත නොහොත් පරිධිය වෙත ද යා යුතු අතර එම පරිධිය සභාවේ කේන්ද්‍රීය යාන්ත්‍රණයට සම්බන්ධ කරගත යුතුය යන්නයි.   එතුමන් ගේ පීතරීය දහම් සේවා (Peterine Ministry) ඇස නිතර යොමු වූයේ සභාවේ කේන්ද්‍රයෙන් ඈත

කතෝලික සභාවට නව කාදිනල් හිමිවරු 5 නමක්; ඒ අතර සහයක රදගුරු තුමෙකුත්

Image
Holy Father to create 5 new Cardinals; one an auxiliary Bishop (2017 මැයි 21) කතෝලික සභාවට නව කාදිනල් හිමිවරුන් 5 නමක් පත්කිරීම සඳහා විශේෂ කාදිනල් සභාවක් (consistory) ජුනි මස 28 වැනිදා කැඳවන බව ප්‍රැන්සිස් පාප් වහන්සේ නිවේදනය කරති. මෙම කාදිනල් හිමිවරුන් පත් කෙරෙන්නේ සභාවේ "සියැළි බව" හෙවත් විශ්වීය බව නියෝජනය වන ආකාරයෙන් බවද එතුමා පෙන්වා දෙයි. අද (21 ඉරිදා) පාස්කු සමයේ තුන්කාල ආරාධනා යැදුම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වන්දනාකරුවන් අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය. "සහෝදර  සහෝදරියනි, නව කාදිනල් හිමිවරුන් 5 දෙනෙකු නම් කිරීම සඳහා වන කාදිනල් සභාවක් ජුනි 28 වන බදාදා පවත්වන බව මම සතුටින් ප්‍රකාශ කරමි. උන්වහන්සේලා පත්කරනු ලබන්නේ ලොව වෙනස් ප්‍රදේශ කිහිපයකිනි. මෙයින් විද්‍යමාන වන්නේ ලෝකය පුරා පැතිර පවතින සභාවේ සියැළි බවයි (catholicity)" යි එතුමා කියා සිටියේය. මෙම කාදිනල් සභාවට පසු දින, එනම් ශු. පේදුරු සහ පාවුළු මහා අපොස්තුළුවරුන් ගේ මංගල්‍යය පැවැත්වෙන ජුනි 28 වන දින නව කාදිනල් හිමිවරුන් 5 නම, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග හවුල් මං

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගෙදරින් ගෙදරට යමින් රෝමයේ දුප්පතුන් ගේ නිවෙස් ආශීර්වාද කරයි

Image
In a surprise visit, Holy Father blesses homes of Rome's poor (2017 මැයි 20) ඇතැම් මාධ්‍ය කරුවන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හඳුන්වන්නේ "ලෝකයේ මීසම් සේවක පියතුමා" යනුවෙනි. මීසම් වල සාමාන්‍ය ජනතාව සමග ගැවසීමටත් ඔවුන්ට අවශ්‍ය දහම් සේවා සැපයීමටත් එතුමන් දක්වන උනන්දුව හා කැපවීම ඊට හේතුවයි. එතුමා ඊයේ (19 සිකුරාදා ) එවැනි 'මීසමේ නිවෙස් බැහැදැකීමේ'  විශේෂ ගමනක නිරත විය. එම ගමන නම් එතුමා රෝමය කෙලවරේ පිහිටි දුප්පතුන් බොහෝ වෙසෙන මීසමක නිවෙස් බැහැදැක, ඒවා ආශීර්වාද කර පැමිණීමයි. එතුමා මේ ගමන ගියේ කිසිවෙකුත් නොදැනයි. ඒ බව මේ නිවෙස් හිමියන් ද  දැන සිටියේ නැත. ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානයෙන් පසු එළැඹෙන පාස්කු සමයේ ඉතාලි මීසම්වල සිදුවන විශේෂ චාරිත්‍රයක් තිබේ. එනම්  මීසම් සේවක පියතුමා සිය මීසම් වාසීන් ගේ නිවෙස් වලට පැමිණ, එම නිවෙස්වල ජීවත්වන පවුල් හා ඒවායේ කාමර ආශීර්වාද කර, ඔවුනට යාච්ඥා කාඩ් පතක් වැනි කුඩා සිහිවටනයක් දී ඔවුන් හා සුළු මොහොතක් කතා කර පිටත්ව යාමයි. රෝමයේ සිට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි ඔස්තියා ප්‍රදේශයේ මීසම් හතරෙන් එකක් වන මාරිස් ස්ටෙල්ලා මීසමේ මීස

ඝාතනයෙන් වසර 35 කට පසු අගරදගුරු ඔස්කා රොමෙරෝ ඝාතන නඩු විභාගය ඇරැඹේ

Image
The murder case of Archbishop Bl. Romero re-opened; after 35 years of his death භා. රොමෙරෝ අගරදගුරු හිමි ජනතාවගේ දුක බෙදා ගත්තේය  (2016 මැයි 19) සැල්වදෝරයේ භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ ඝාතනය පිලිබඳ නඩු විභාගය මේ සතියේ නිල වශයෙන් ආරම්භ විය. එල් සැල්වදෝරයේ සැන් සැල්වදෝර් පදවියේ අගරදගුරු තුමන්ව සිටි ඔස්කා රොමෙරෝ හිමි1970 දශකය අග භාගයේ එරට පාලනය කල දුෂිත ඒකාධිපති රෙජීමය විසින් දුප්පත් ජනයා මත එල්ල කරන පීඩනය හා සමාජ අසාධාරණය දැඩි ලෙස හෙලාදුටුවේය. එම රෙජීමය විසින් දුප්පත් ජනයා පීඩනයට පත් කරනවාට අමතරව ඊට එරෙහිව නැගී සිටි ජනතා බලවේගය යටපත් කිරීමට උත්සාහ කලේ පැහැර ගැනීම්, වදහිංසා කිරීම්, අතුරුදන් කිරීම්, තරුණියන් දූෂණය කිරීම් වැනි ආඥාදායක රෙජීමයකට සුපුරුදු මර්දන ක්‍රම උපයෝගී කරගනිමිනි. මුලින් ඒ පිළිබඳව හඬක් නොනැගු සම්ප්‍රදාය මත වාදියකු වූ ඔස්කා රොමෙරෝ  අගරදගුරු තුමාගේ හදවත දැඩි ලෙස කම්පා වූයේ සිය ලබැඳි මිතුරකු වූ ජේසු නිකායික රුටිලියෝ ග්‍රන්ඩි පියතුමා  රෙජීමයේ නාඳුනන තුවක්කු කරුවන්  විසින් ඝාතනය කරනු ලැබීමත් සමගය. එදා සිට එතුමා දුප්පත් ජනයා සමග ගැවසෙමින්, ඔවුන් ගේ ද

වතිකානයේ මුල්‍ය කටයුතුවල පාරදෘශ්‍යභාවයේ කැපී පෙනෙන ප්‍රගතියක්

Image
A progress in Vatican financial transparency- Report  වතිකාන බැංකුව (IOR) ඇතුළත දර්ශනයක්  (2017 මැයි 16) වතිකානය  මුල්‍ය පාරදෘශ්‍යභාවයේ මාර්ගයේ  නොකඩවා ගමන් කරමින් සිටින බව අලුත්ම මුල්‍ය වාර්තාව තහවුරු කරයි. වතිකාන බැංකුව තුළ සැකකටයුතු ක්‍රියාකාරකම් සිදු වීමෙහි කැපී පෙනෙන අඩුවීමක් දක්නට තිබෙන බව ද එම වාර්තාව කියයි. AIF යන කෙටි නමින් හැඳින්වෙන වතිකාන මුල්‍ය බුද්ධි තොරතුරු අධිකාරිය  (Financial Intelligence Authority) විසින් වතිකානයේ අලුත්ම මුල්‍ය වාර්තාව මැයි 16 වනදා නිකුත් කෙරිණි. එම වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ. මෙම අධිකාරිය පිහිටුවන ලද්දේ 2010 දී සොළොස්වන වන බෙනඩික්  පාප් වහන්සේ විසිනි. කාලයක් පුරා වතිකාන මුල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් පැණනැගී තිබුණු සැකසංකා නිසා එහි පුළුල් පාරදෘශ්‍යභාවයක් ඇති විය යුතු බවට ලෝක මුල්‍ය අංශ වලින් හඬ නැගෙමින් තිබිණි. ලෝකයේ නීති විරෝධී මුදල් උපයන්නන් මෙම බැංකුව මුදල් විශුද්ධිකරණය සඳහා යොදවා ගෙන ඇති බවට චෝදනා නැගීම මීට හේතුවයි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පත්වීමත් සමග IOR යන කෙටි නමින් හැඳින්වෙන වතිකාන බැංකුව ඇතුළු සමස්ත ආර්ථික කටයුතු වල ප්‍

පාතිමාවේ ප්‍රැන්සිස්කෝ සහ ජසින්තා 'පුංචි ගොපල්ලන්' ශාන්තුවරයට එසැවූ සුව වීමේ ප්‍රාතිහාර්යය

Image
The miracle that made Fatima's "little shepherds" saints  ප්‍රැන්සිස්කෝ-ජසින්තා ශුද්ධවර දිව්‍ය පූජාවේ දී පඬුරු ගෙන ආ සුවය ලැබූ ලූකස් බැටිස්ටා පුංචි පුතා,ප්‍රන්සිස් පාප්වහන්සේ වැළඳගත් මොහොත (2017 මැයි 14) ශා. ප්‍රැන්සිස්කෝ  සහ ශා. ජසින්තා මාර්තෝ අයිය-නගෝ දෙදෙනා මැයි 13 වන දා කතෝලික සභාවේ අලුත්ම - එමෙන්ම සභා ඉතිහාසයේ ලාබාලම - සාන්තුවරයන් බවට පත් වූහ. පාතිමාවේ මරිය මෑණියන් දර්ශනය වීමේ සියක් වසර පිරුණු ඊයේ ඒ වෙනුවෙන් පෘතුගාලයේ පාතිමා පුදබිමේ පැවැති දිව්‍ය පූජාවේදී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම භාග්‍යවන්තයන් දෙදෙනා ශුද්ධවරයට ඔසවන ලදහ. ඔවුන් දෙදෙනා භාග්‍යවන්තයන් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ වසර 2000 දී ශු. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ විසිනි. ශා. ප්‍රන්සිස්කෝ සහ ශා. ජසින්තා පුංචි සාන්තුවරුන් ශාන්තුවරයට එසවීමට මග පෑදූ ප්‍රාතිහාර්යය(දේව සලකුණ)  වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එම ප්‍රාතිහාර්යය නම් මාරාන්තික තුවාල ලබා සිටි ලුකස් නමැති බ්‍රසීල ජාතික දරුවා වෛද්‍යවරුන් ද මවිතයට පත් කරමින් සම්පූර්ණ සුවය ලැබීමයි. එම සුවපත් වීම වෛද්‍ය විද්‍යාත්මක පදනමින් විස්තර කල නොහැ

ජනාධිපති ට්‍රම්ප් සමග හමුවේ දී "ඇරුණු දොරවල්" සොයනවා - තමා හා ට්‍රම්ප් අතර හමුව ගැන සුදොතුම් පියතුමා කියයි

Image
"There will be 'open doors'", Pope expresses hope for the meeting with President Trump  (2017 මැයි 13) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන හමුවේදී තමන්ට "විවෘත දොරටු" සොයාගත හැකිවනු  ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. කිසියම් පුද්ගලයකු තමන් හමුවී ඔහුගේ/ඇයගේ  අදහස් ප්‍රකාශ කරන තුරු ඔහුගේ හෝ ඇයගේ අදහස් ගැන තමන් විනිශ්චය නොකරන බවද එතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පාතිමාවේ සිට වතිකානය බලා ආපසු එන ගමනේ දී ගුවන් යානයේ පැවැති මාධ්‍ය හමුවේ දී ය. මෙම හමුවේ දී එම ගුවන් යානයේ ම එතුමන් සමග ගමන් කරමින් සිටි මාධ්‍යවේදීහු එතුමාගෙන් විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කළහ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මස 24 වැනිදා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමුවෙයි. මෙම ගමන ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු කෙරෙන ප්‍රථම රාජ්‍ය චාරිකාව වීම ද විශේෂ සිදුවීමකි. ඒ පුවත මෙතන ක්ලික් කර කියවන්න: ට්‍රම්ප් වතිකානයට - ජනාධිපති ලෙස පළමු නිල විදේශ රාජ්‍ය චාරිකාව මේ පිලිබඳ කතා කළ එක් මාධ්‍යකරුවකු ප්‍රශ්න කලේ සාංක්‍රමනිකයන් සහ කාලගුණික ව

"වත්කමින් දුප්පත් - ප්‍රේමයෙන් පොහොසත් සභාවක අරුණෝදය උදාකරන්නන් වෙමු" - පාතිමා සියවස් පූජාවේ ධර්ම දේශනය

Image
Holy Father calls on Catholics to re-discover the Church "Poor in means and Rich in Love" in Fatima (2017 මැයි  13) "වත්කමින් දිළිඳු වූ - ප්‍රේමයෙන් පොහොසත් වූ " සභාවක් වීමේ  සභා නවෝදයක් ඇති කිරීම පිණිස කටයුතු කිරීමට එක් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි. "කතෝලිකයන් ධර්මදූතික වූ ද, නිදහස් සහ උණුසුමින් පිළිගන්නා  වූ ද සභාවක් සඳහා වැඩකරන අරුණෝදයේ මුරකරුවන්  විය යුතු" බව ද එතුමා පෙන්වා දෙයි. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පාතිමාවේ දී මරිය මෑණියන් දර්ශනය් වීමේ සියක් වසරේ සංවත්සරය හා එතුමිය දුටු ගොපලු දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පෘතුගාලයේ පාතිමා පුද බිමේ අද (මැයි 13) පැවැති මංගල්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමිනි. පැට්මොස් හි සිටි ජුවාම් අපෝස්තුලු තුමා දේවමාතාවන් දුටු ආකාරයත්, ජුවාම් අපෝස්තුලු තුමන්ට ජේසු සමිඳුන් කුරුසියේ දී දේවමාතාවන් භාර දුන් ආකාරයත් එසේ ම පාතිමාවේ දී ගොපලු දරුවන් මරිය මෑණියන් දුටු ආකාරයත් සම්බන්ධ කරමින් මරිය මෑණියන් ගේ මාතෘක සෙනෙහස ප්‍රැන්සිස්

ජන සයුරක් මැද සුදොතුම් පියතුමා පාතිමා මෑණියන්ට ලෝකය වෙනුවෙන් යාච්ඥා කරයි

Image
Pope prays for the world at the foot of Our Lady of Fatima  (2017 මැයි 12) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අද (මැයි 12) සිය පාතිමා සංචාරය ආරම්භ කළහ. මරිය මෑණියන් මේ පාතිමා ගම්මානයේ ගොපලු දරුවන් තිදෙනෙකුට දර්ශනය වී ජේසුස් සමිඳුන් ගේ පණිවිඩය (පාතිමා රහස්) ප්‍රකාශ කිරීමේ සියවැනි සංවත්සරය සැමරීම සහ එම ගොපලු දරුවන්ගෙන් දෙදෙනෙකු (භාග්‍යවන්ත ප්‍රන්සිස්කෝ සහ භාග්‍යවන්ත ජසින්තා මාර්තෝ අයිය-නගෝ දෙදෙනා) සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම මෙම වන්දනා ගමනේ අරමුණයි. පාතිමා දර්ශනයේ සිය වැනි සංවත්සරය යෙදී ඇත්තේ මැයි 13 වනදා සෙනසුරාදාටයි. අද (මැයි 12) පස්වරු 4.30 ට පමණ සුදොතුම් පියතුමන් රැගත් අලිටාලියා "එඬේර 1" (Shepherd 1) යානය පෘතුගාලයේ මොන්ටේ රියල් ගුවන් හමුදා කඳවුරු ගුවන් තොටුපලට ලඟා විය. සුදොතුම් පියතුමා එහිදී පිළිගන්නා ලද්දේ පෘතුගාල ජනරජයේ ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ද සූසා විසිනි. එහිදී එතුමන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වුනේ නැත. ජනාධිපතිවරයා සමග පෞද්ගලිකව සාකච්ඡා කළ සුදොතුම් පියතුමා ඉන් අනතුරුව එම ගුවන් තොටුපලේ දෙව්මැදුරට ගොස්  එහි පැමිණ සිටි ත්‍රිවිධ හමුදා භටයන් ගේ

"විද්‍යාව විසින් ඔප්පු කල හැකි දෙවි කෙනෙකුට මම බයයි..." වතිකාන තාරකා විද්‍යාඥයා කියයි

Image
"I am afraid of a God who can be proven by science" - Vatican's chief astronomer  (2017 මැයි 11) බුද්ධිය සහ (කිතුනු) විශ්වාසය අතර තරගයක් හෝ ගැටුමක් නැතැයි වතිකාන අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පවසයි. විද්‍යාවට බිය වන්නේ(ක්‍රිස්තු ධාර්මික)  විශ්වාසය හීන පුද්ගලයන් බව ඔහු අවධාරණය කරයි. නූතන විද්‍යාව පිළිගන්නා ප්‍රබල විද්‍යාත්මක න්‍යායන් ඉදිරිපත් කරන ලද්දේ කිතුනු විද්‍යාඥයන් - විශේෂයෙන් ම කතෝලික පූජක වරුන් - විසින් බව හෙතෙම පෙන්වා දෙයි. මේ නිසා කතෝලික මීසම් මට්ටමින් පවා යෞවන සිසුන් සම්බන්ධ කර ගනිමින් විද්‍යා කව පිහිටුවීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දෙයි. "ඔබ විද්‍යාවට බිය වන්නේ ඔබගේ (ආගමික ) ඇදහිල්ල  තුළ විශ්වාසයක් නොමැති නම් පමණයි. ඉතින්, ඔබ  විද්‍යාවට බිය නම් ඔබ තුළ, ඇත්ත වශයෙන් ම විශ්වාසයක් නැහැ..." ඔහු කියා සිටියේ ය. වතිකාන අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තාරකා විද්‍යාඥ ගයි කොන්සොල්මඥ්ඥෝ ජේසු නිකායික සහෝදර තුමා මේ බව කියා සිටියේ මැයි මස 9 වැනිදා වතිකානයේ පැවැති පුවත්පත් සාකච්ඡාවක දී ය. එදින වතිකානයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ විශ්වය

"කිතුනු-බොදුනු අපි අවිහිංසාවේ සහ සාමයේ නව ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමට එක්ව ක්‍රියා කරමු"- ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ වෙසක් සුබපැතුම

Image
"Let's join hands to promote a life style of non-violence and peace" - Holy Father's message for Vesak Festival  (2016 මැයි 09) සාමයේ සහ අවිහිංසාවේ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් පැනනැගී ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. බොදු දහමත් කිතු දහමත් මෙම ගුණධර්ම අවධාරණය කරන බැවින් සාමය හා  අවිහිංසාව ප්‍රගුණ කිරීම සඳහා එක්ව ක්‍රියා කරමු යි එතුමා අරාධනා කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ඉල්ලීම කරන්නේ සිය වාර්ෂික වෙසක් සුබ පැතුම හා වෙසක් පණිවිඩය නිකුත් කරමිනි. "කිතුනුවන් හා බොදුනුවන්: අවිහිංසාවේ මාර්ගයේ එක්ව පා නැගීම" යන මැයින් යුත් මෙම වෙසක් පණිවිඩයට සුදොතුම් පියතුමන් වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ සමයාන්තර සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් ජීන්-ලුයී ටෝරා කාදිනල් හිමිපාණන් සහ එහි ලේකම් අති උතුම් මිගෙල් ඇන්ජල් අයුසෝ ගුයික්සෝ රදගුරු හිමිපාණෝ ය. අවිහිංසාව පිළිබඳව බුදු රජාණන් වහන්සේත් ක්‍රිස්තුන් වහන්සේත් වදාළ වැදගත් ඉගැන්වීම් සිහිපත් කරමින්එ,ම ඉගැන්වීම් එක්ව ක්‍රියාත්මක කල යුතු කාලය මෙය බව පවසන එම පණිවිඩය මෙසේ

"ස්වාමිවරුන් නොවන්න. ජනතාව මත බර නොපටවන්න. යහපත් එඬේරුන් වන්න"- සුදොතුම් පියතුමා නවක පූජකවරුනට දුන් උපදෙස්

Image
"Don't be 'lords'; Don't be clerics of state, but shepherds of the people of God..." Pope instructs new Priests (2017 මැයි 7) "සේවය ලබන්නට නොව සේවය කරන්නට පැමිණි යහපත් එඬේරාණන් ගේ  ආදර්ශය ඔබේ ඇස් ඉදිරියේ තබා ගන්න...ජනතාවට දරා ගත නොහැකි බර ඔවුන් මත නොපටවන්න. එවැනි ආචාර්යවරුනට අවමන් කල ජේසු සමිඳුන් ඔවුන් හැඳින්වූයේ 'කෛරාටිකයන්' ලෙසය...නිරන්තරයෙන්  දයා කරුණාවෙන් පූර්ණව කටයුතු කරන්න ...." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ නවක පූජකවරුන් කණ්ඩායමකට දුන් අවවාද සමහරකි මේ. යහපත් එඬේරාගේ මංගල්‍ය දිනය සහ දේව කැඳවීම් වෙනුවෙන් (පූජක, පැවිදි) යාච්ඥා කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස ද සභාව විසින් නම් කර ඇති අද  (ඉරිදා) දිනයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී තේවාචාරීන් දස නමකට පූජාත්වර ප්‍රසාද නිධානය දානය කළේය.  රෝම පදවියේ දෙව්සත්හල් කිහිපයක පූජක හැඩගැස්ම ලැබූ මෙම නවක පූජකවරු 10 නම, ඉතාලිය, පීරු , මැක්සිකෝව, සහ අසර්බයිජානය යන රටවලට අයත් තේවාචාරීහු වෙති. මෙහිදී සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය සඳහා රෝමානු පොන්ටිෆිකල

ට්‍රම්ප් වතිකානයට - ජනාධිපති ලෙස පළමු නිල විදේශ රාජ්‍ය චාරිකාව

Image
President Trump to meet Pope Francis at the Vatican on May 24 (2017 මැයි 5) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මස 24 වැනිදා වතිකානයේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසෙයි. මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් සිදුකරන ප්‍රථම නිල රාජ්‍ය සංචාරයයි. මෙම සංචාරයේදී ඊශ්‍රායෙලයට සහ සෞදි අරාබියට යන ඔහු ඊළඟට වතිකානයට පැමිණ පාප් වහන්සේ හමුවීමට නියමිතයි. පාප් වහන්සේ හමුවීමෙන් පසු බ්‍රසල්ස් නුවරට යන ඔහු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (NATO) නායකයන් හමුවෙයි. ඔහු සිය ප්‍රථම විදේශ සංචාරය නිම කරන්නේ මැයි 26 වැනිදා ආපසු ඉතාලියට පැමිණ G7 කණ්ඩායමේ රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවයි. සුදොතුම් පියතුමන් හා ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුව යොදා ඇත්තේ මැයි 24 වැනිදා උදාසන 8.30 ටයි. මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් රාජ්‍ය නායකයන් හමුවන සාමාන්‍ය වෙලාව නොවේ. එතුමා රාජ්‍ය නායකයන් හමුවීම සාමාන්‍යයෙන් සිදුකරන්නේ පෙරවරු 10න් පසුවයි. පාප් තුමන් හමුවීමෙන් පසුව ජනාධිපති ට්‍රම්ප් වතිකාන රාජ්‍ය ලේකම් (අගමැති) පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමිපාණන් ද මුණගැසීමට නියමිතයි. ඇමෙරිකානු ජනාධිපතිවරුන් ප

සුදොතුම් පියතුමා පාතිමා වන්දනා ගමනට සූදානම් වෙයි

Image
Pope Francis getting ready for Fatima Pilgrimage after the whirlwind tour to Egypt  අප්‍රේල් 3 වන බදාදා පොදු හමුවට සුදොතුම් පියතුමා පැමිණියේ පාතිමා මෑණියන් ගේ ප්‍රතිමාවක් ද සමගය  (2017 අප්‍රේල් 5) ඊජිප්තුවේ තෙදින අපෝස්තලික සංචාරයක් නිමවා පැමිණි සුදොතුම් පියතුමා එහි විඩාව නිවෙන්නටත් පෙර තවත් අතිශය වැදගත් වන්දනා ගමනක් යන්නට සූදානම් වෙමින් සිටියි. සුදොතුම් පියතුමා මේ මස 12-13 දෙදින පෘතුගාලයේ පාතිමා නුවර වන්දනා ගමනක නිරත වෙයි. එතුමා එහි යන්නේ මරිය මෑණියන් පාතිමා නුවර එඬේර දරුවන් තිදෙනෙකුට දර්ශනය වීමේ සියක් වසරේ ජයන්තිය වෙනුවෙනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාතිමාවේ මෑණියනට විශේෂ භක්ති ප්‍රේමයක් දක්වයි. එතුමා සිය පාප්ධුරය කැපකලේ පාතිමා මෑණියන්ටයි. මේ නිසා 2017 පැවැත්වෙන පාතිමා දර්ශනයේ සියක් වසර ජයන්තිය සඳහා තමන් එහි වන්දනා ගමනක යෙදෙන බව එතුමා 2014 දී ප්‍රකාශ කළේය. පාතිමාවේ දී එතුමා තවත් වැදගත් කාර්යයක නිරත වෙයි. එනම් පාතිමා මෑණියන් දර්ශනය වූ දරුවන් තිදෙනා අතරින් ළමා වයසේ දීම සග සුව දිනූ ප්‍රැන්සිස් සහ ජසින්තා යන සොයුරු-සොයුරි දෙදෙනා ශාන්තුවරයට එසවීමයි. ප්‍රැන්සිස් සහ ජසින්තා ද