Posts

Showing posts from March, 2016

ප්‍රැන්සිස් පාප් වහන්සේගේ "පවුල තුළ ප්‍රේමය" අප්‍රේල් 8 දොරට වඩියි

Image
 Pope Francis' post-Synod doc "Love in the Family" to be released on April 8 (2016 මාර්තු 31) නූතන පවුලේ තිළිණ හා අභියෝග සම්බන්ධයෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පශ්චාත් සෛනෝඩීය අපෝස්තලික හසුන අප්‍රේල් මස 7 වැනිදා ප්‍රකාශයට පත් කැරේ. වතිකාන ජනමාධ්‍ය අංශය මේ බව අද  (2016 මාර්තු 31) නිවේදනය කළේය. මෙම අපෝස්තලික හසුන නම් කර ඇත්තේ “Amoris Laetitia,” ("on love in the family")  හෙවත් "පවුල තුළ ප්‍රේමය"  යනුවෙනි. මෙය කතෝලික සභාව හා නිරීක්ෂකයන් බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ලේඛනයකි. ඊට පාදක වන්නේ 2014 සහ 2015 වසර වල පැවැත්වුණු පවුල පිළිබඳ සිනොඩ් සමුළුවලදී ගන්නා ලද තීරණ හා ඒවායේ දී මතු වූ කරුණු සම්බන්ධයෙන් පාප් වහන්සේ ගේ අවසන් නිරීක්ෂනයි. අප්‍රේල් 8 දා පැවැත්වෙන මාධ්‍ය හමුවක දී "පවුල තුළ ප්‍රේමය" නිල වශයෙන් දොරට වඩියි. ඉතාලි, ප්‍රංශ, ඉංග්‍රීසි, ජර්මානු, ස්පාඥ්ඥ සහ පෘතුගීසි භාෂා වලින්  එය එකවර ප්‍රකාශයට පත් කෙරේ. එම මාධ්‍ය හමුවේ ප්‍රධාන ප්‍රකාශකයන් වන්නේ පවුල පිලිබඳ සිනොඩ් සමුළුවේ මහ ලේකම් ලොරෙන්සෝ බැල්ඩිසෙරී කාදිනල් හිමි සහ

"ආ! ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී කුරුසියෙනි" පාද නමස්කාරය අවසානයේ සුදොතුම් පියතුමා ගේ ගැඹුරු යැදුම

Image
"O, Cross of Christ," The prayer of Pope Francis at the Good Friday Way of the Cross (2016 මාර්තු 25) සුදොතුම් ප්‍රැන්සිස්  පාප් වහන්සේ 2016 මාර්තු 25 මහ සිකුරාදා සන්ධ්‍යාවේ රෝමයේ කොලොසියමේ දී කුරුසියේ පාද නමස්කාරය මෙහෙය වූහ. මෙය කලක් තිස්සේ එතුමන් ගේ පූර්වගාමී පාප් වහන්සේලා විසින් අනුගමනය කරන ලද සම්ප්‍රදායකි. ජේසු සමිඳුන් ගේ විනිශ්චයේ සිට කුරුසියේ මරණය හා කුරුසියෙන් බා තැන්පත් කිරීම දක්වා වූ ගමනේ වැදගත් සිද්ධීන් මෙම භක්ති අභාසයේ දී භාවනා කෙරේ. මෙවරත් මෙම මෙහෙයට දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙවර පාදනමස්කාරයේ  දී ජේසු සමිඳුන් ගේ දුක් විඳීම හා සම්බන්ධ කොට භාවනා කරන ලද ලෝක සිද්ධීන් අතර සරණාගතයන් හා සාංක්‍රමනිකයන් ගේ  ඉරණම, කිතුනුවන් ඇතුළු සුළුතර ආගමික හා වාර්ගික ජනතාවට වද හිංසා කිරීම හා විවිධාකාරයෙන් දුක්විඳින්නන් යන කරුණු ද විය. මෙම භාවනා සකස් කරන ලද්දේ ඉතාලියේ පෙරුගියාවේ අගරදගුරු අති උතුම් ගුවල්තියේරෝ බසෙට්ටි කාදිනල් හිමිපාණන් විසිනි. "දෙවියන් වහන්සේ දයා කරුණාව වන සේක" යන්න මෙවර පාද නමස්කාර මෙහෙයේ තේමාව විය. "ආ! ක්‍රිස්තුන්

"ඉඟිතයන් දෙකක්: ජේසු සමිඳුන් පාද දෝවනය කරයි. ජුදාස් මුදල් වෙනුවෙන් ජේසු සමිඳුන් විකුණයි" සුදොතුම් පියතුමාගේ පාද දෝවන මෙහෙයේ දේශනය සම්පූර්ණ යෙන්

Image
 "Two gestures. Jesus washes the feet, and Judas sells Jesus for money" The Full text of Pope's Foot-Washing Homily  (2016 මාර්තු 25) ප්‍රැන්සිස් පාප් වහන්සේ මහ බ්‍රහස්පතින්දා සිය පාදදෝවන  මෙහෙය පැවැත්වූයේ රෝමයේ සරණාගත මධ්‍යස්තානයකය. ඒ තොරතුරු මෙතනින් කියවන්න: "මිනිස් රුධිරය ඉල්ලන නූතන ජුදාස්ලාට රිදී කාසි නැති කරන්නට, සහෝදරකම ලොවපුරා බෝකරමු": මහ බ්‍රහස්පතින්දා දේශනය මෙම පාද දෝවන  මෙහෙයට පෙර එතුමා එම අවස්ථාව කේන්ද්‍ර කර ගනිමින් සිය ධර්ම දේශනය පැවැත්වීය. ඉතා කෙටි ධර්මදේශනයක් වූ එය පණ්ඩිත වචනවලින් පිරි දේවධර්ම ශාස්ත්‍රීය ප්‍රහේලිකාවක් හෝ දේව ධර්ම පාඩමක් වුයේ නැත. ඒ වෙනුවට ඉතා සරලව එම අවස්ථාවත් නූතන ලෝකයේ අභියෝගත් කැටි කොටගත් එය මිනිස් හදවත් ආමන්ත්‍රණය කර ඊට අභියෝග කරන්නක් විය. එහි වැදගත්කම නිසා එම කතාව සම්පුර්ණයෙන්  මෙහි පළකරමු. "චිත්ත රූප හෝ වචනවලට වඩා ප්‍රබලව අපේ ඉඟිතයන්  සහ ක්‍රියා කතා කරයි. ක්‍රියා. හැසිරීම්. ඉඟිතයන්. අද අප කියවන ලද සුබ අස්නේ මෙවැනි ක්‍රියා හෙවත් ඉඟිතයන් (Gestures ) දෙකක් ගැන සඳහන් වෙනවා.සේවකයා වන ජේසු සමිඳුන් පාද දෝවනය ක

"මිනිස් රුධිරය ඉල්ලන නූතන ජුදාස්ලාට රිදී කාසි නැති කරන්නට, සහෝදරකම ලොවපුරා බෝකරමු": මහ බ්‍රහස්පතින්දා දේශනය

Image
 "Let this brotherhood be contagious in the world, so that modern Judases will have no 30 coins to kill our brother": Pope says at the Washing of the Feet   (2016 මාර්තු 24) රෝමයේ පැවැත්වුණු මහ බ්‍රහස්පතින්දා දිව්‍ය  පුජාවේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලියේ රැකවරණ සොයා පැමිණ සිටින සාංක්‍රමනිකයන් කණ්ඩායමක ගේ පාද දෝවනය කළහ. එතුමන් ගේ මෙම ක්‍රියාව ඉදිරියේ ඊට සහභාගී වූ බොහෝ දෙනෙකු හැඟුම් බරවෙනු දක්නට ලැබිණ. මෙම මෙහෙයට සහභාගී වූවන්ට අනුශාසනා කළ පාප් වහන්සේ කියා සිටියේ, ලෝකය තුළ හිංසාව හා ප්‍රචණ්ඩ ක්‍රියා වැපිරීමට ඇතැම් කොටස් උත්සාහ කලත්, ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රිස්තුන් වහන්සේ "සාමයේ, සමගියේ සහ සහෝදරකමේ මාවතක් අපට පෙන්වා දෙන" බවයි. "ජේසු සමිඳුන් ඉඟි  කළා සේ අද, මේ දැන්, ඔබ 12 දෙනාගේ පාද දෝවනය  කරද්දී අප සියලු දෙනාම එම  සහෝදරකම ඉඟියෙන් ප්‍රකාශ කරනවා. අප එකිනෙකාට වෙනස්. අපි අසම සම පුද්ගලයන්.අපට වෙනස් වූ  ආගම් සහ සංස්කෘතීන් තිබෙනවා. එහෙත් අප සියලු දෙනාම සහෝදර සහෝදරියන්. අපට අවශ්‍ය සාමයෙන් ජීවත් වීමටයි. .........මේ නිසා අද මේ සහෝදරකමේ හැඟීම පාද දොවන ක්‍රියාවෙන

"ගෙදරක් නැති ජේසු"ට වතිකානයෙන් තැනක්

Image
'The Homeless Jesus' finds a place in Vatican (2016 මාර්තු 23) මෙය මානසික 'කොටුවෙන් පිටට'  පැන සෑදූ නිර්මාණාත්මක මුර්තියකි. එම මුර්තිය මෙසේය. පදික වේදිකාවේ ඇති බංකුවක මිනිසෙක් නිදා සිටියි. 'ගෙවල් නැති මිනිසුන්' සිටින යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ රාත්‍රියට මෙසේ නිදන්නෝ  සුලබ දර්ශනයකි. මෙම මුර්තියේ එන පුද්ගලයා සිය හිසේ සිට තුනී පොරෝනයක් පොරවාගෙන සිටියි. එයින් ඔහුගේ මුහුණ වැසී ඇති නිසා පුද්ගලයා කවුදැයි හඳුනා ගත නොහැක. නිදා සිටින පුද්ගලයා කවුදැයි ඉඟියක් ලැබෙන්නේ ඔහුගේ දෙපා වලිනි. පොරෝනය කෙටි එකක් නිසා ඔහුගේ දෙපා ආනාවරණය වී තිබේ. එම පාද වල සුවිශේෂී සලකුණක් තිබේ. එනම් කුරුසියේ ඇනගසනු ලැබීම නිසා හටගත් තුවාල  ("ශ්‍රී වන කැලැල්") ය. "මේ ඉන්නෙ ජේසු. අප අතරේ ඉන්න කුඩාම අය, ඒ කිව්වේ අපේ සහෝදර සහෝදරියන් අතර ඉන්න ඉතාම පුංචි, දුර්වල අය අප හඳුනාගත යුත්තේ එහෙමයි." මෙසේ පවසන්නේ මෙම ලෝකඩ ප්‍රතිමාව තැනූ මුර්ති ශිල්පියාය. මෙම ප්‍රතිමාව නිර්මාණය කලේ කැනේඩියානු  මූර්ති ශිල්පී තිමති පී. ෂ්මාල්ස් ය. සීතල ශිශිර ඍතුවේ, නත්තලට ආසන්න දිනයක ටොරොන්ටෝවේ බංකුවක

බ්‍රසල්ස් ප්‍රහාර ගැන පාප්වහන්සේ ශෝක වෙති

Image
Pope Francis grieves Belgium Violence; condemns "Blind Violence"   බෙල්ජියම් ගුවන් තොටුපලේ දක්නට ලැබුණු  සුන්බුන් (2016 මාර්තු 22) බ්‍රසල්ස් නුවර සිදු වූ පිපිරීම්  හා ඒවායින් විපතට පත්වූවන් ගැන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ශෝක වෙති. බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ජාත්‍යන්තර ගුවන්  තොටුපලේ සහ මෙට්‍රෝ රේල් දුම්රිය ස්ථානයක අද (2016 මාර්තු 22) පස්වරු කාර්ය බහුල වෙලාවේ දී මෙම බෝම්බ පිපිරීම් සිදු විය. මෙයින් මිය ගිය හා තුවාල ලැබුවන් ගේ සංඛ්‍යාව වැඩි වෙමින් තිබේ. සිද්ධියෙන් පසු නගරය වසා දැමීමට බෙල්ජියම් ෆෙඩරල් ආණ්ඩුව තීරණය කළේය. තමන් සිටින ස්ථානවලින් (ගෙදර, පාසල් හෝ රැකියා ස්ථාන වලින්) පිටතට නොපැමිණ ඒවා තුළටම වී සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. මෙම ක්‍රියාව හෙලා දකින ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසන්නේ එය "අන්ධ ප්‍රචණ්ඩ ක්‍රියාවක්" බවයි. සිද්ධියෙන් විපතට පත්වූවන් හා ඔවුන් ගේ ඥාතීන් ද එයින් කම්පනයට පත්වූ බෙල්ජියම් ජනතාව වෙනුවෙන් ද තමන් යාච්ඥා කරන බව පවසන එතුමා සාමය වෙනුවෙන් ක්‍රියා කරන්නැයි ලෝක ප්‍රජාවට යළිත් ආයාචනා කරයි. "බොහෝ දෙනෙකු ගේ ජීවිත

පූජාත්වරයත් සරණාගත කඳවුරක ගැනීමට යන නවක තේවාචාරීන් සිව් දෙනා

Image
 Four seminarians ordained Deacons in a refugee camp  නවක  තේවාචාරීන් සිව් දෙනා (2016 මාර්තු 21) සිය තේවාචාරීවරය හා පූජාත්වරය සරණාගත කඳවුරක ගැනීමට සොයුරෝ සිව් දෙනෙක් තීරණය කරති. එයට ඔවුන්  අයත් රදගුරුතුමාගේ ද ආශීර්වාදය හා අනුමැතිය ලැබී තිබේ. මේ කතාව ඇහෙන්නේ ඉරාකයෙනි. ඉරාකයේ කරාකොෂ් නගරයට කැලිෆේට් ත්‍රස්තවාදීන් (ISIS) පහර දී එය අල්ලා ගැනීමෙන් පසු එම නගරයේ තිබූ දෙව්සත්හල  වසා දැමීමට සිදුවිය. බගාරය අතහැර පලා යන්නට සිදු වූවද තමන් පූජාත්වරය කරා පා නගන ගමන අත්හැර නොදැමීමට එහි ඉගෙනගත් සිසුවෝ සිව් දෙනෙක් අදිටන් කැරගෙන සිටියහ. සිය උපන් ගම්බිම් වලින් උදුරා දමනු ලැබූ මෙම සහෝදර සිව් නම, එම සිද්ධියෙන් වසරකට පසු, 2016 මාර්තු 19 වනදා ඉරාකයේ එර්බිල්හි සරණාගත කඳවුරක පිහිටි දේවස්ථානයක දී තේවාචාරීවරය ලබා ගත්හ. (තේවාචාරීවරය යනු කෙනෙකු පූජාත්වරයට එසැවීමට පෙර ලබන අවසන් ජනවන්දනා දූත සේවා වරයි. ඉන් මාස කිහිපයකින් පසු තේවාචාරීවරු පූජකවරුන් ලෙස අබිසෙස් ගන්වනු ලබති.) සාමාන්‍යයෙන් තේවාචාරීවර හා පුජාත්වර මෙහෙයයන් උත්සවාකාරයෙන් පවත්වනු ලබන්නේ ප්‍රධාන දෙව්සත්හල් දෙව්මදුරක හෝ පදවියේ ආසන දෙව්මැදුරේ දී ය.

"නපුරඅගාධයක් නම්, ජේසු සමිඳුන් වෙතින් ගලා හැලුණු ප්‍රේමය අනන්තය": ගොබ් ඉරිදා ධර්ම දේශනය

Image
"If the mystery of evil is unfathomable, then the reality of Love poured out through him is infinite" (2016 මාර්තු 20) ගැළවීම වෙත යන මාර්ගය වැටී ඇත්තේ රාජකීයත්වය හා අහංකාරය ඔස්සේ නොවේ. තමා හිස්කරගන්නා වූ බැහැපත් සේවයේ ජීවිතය තුළින්ය. ජේසු සමිඳාණෝ මානව අපගේ ජීවිත දුෂ්කරතාවල ඇතැම් විට මුහුණ දෙන තම පියාණන් විසින් අත්හැර දමනු ලැබීමේ අබිරහසට  ද කුරුසිය මත දී.මුහුණ දුන්හ. එලෙස පතුලක් නොපෙනෙන අවමානයේ අගාධයට ඇද  වැටෙමින් කුරුසිය මත උන්වහන්සේ ඔප්පු කර පෙන්වූයේ සිය ප්‍රේමයේ "සීමාවක් නොමැති කඩඉමය".  එබැවින් මේ ශුද්ධවූ සතියේ දී ජේසු සමිඳුන් ගේ කුරුසිය දෙස බලා භාවනා කරන්න. ප්‍රැන්සිස් පාප් වහන්සේ  2016 මාර්තු 20 ගොබ් ඉරිදා  වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වූ දිව්‍ය පූජාවේ දී කල ධර්ම දේශනයේ සාරාංශය එයයි. මෙම ධර්ම දේශනය කිතුනු නායකත්වය තුළ ගැබ්ව තිබිය යුතු සේවාවේ  හා බැහැපත්කමේ ආධ්‍යාත්මිකත්වය පිළිබඳවත් අප මෙලොව අත්දකින දුක් වේදනාවල අබිරහස ගැනත් සාමාන්‍ය අපට තේරුම් ගත හැකි වචනයෙන් පහදන්නකි. එබැවින් එය සවිස්තරව ඉදිරිපත් කරමු. මෙම ධර්ම දේශනයේ පළමු කොටසට පාදක වූයේ ජ

ප්‍රැන්සිස් පාප් වහන්සේ "නව මාවතක": දැන් "ඉන්ස්ටග්‍රෑම්' සමාජ මාධ්‍යයේ එතුමන් හමුවන්න

Image
Pope Francis on Instagram now: "Pray for me" - The first message   (2016 මාර්තු 19) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් තවත් "පලමුවැන්නක් " ඉතිහාසයට එකතු විය. එනම් Instagram සමාජ මාධ්‍ය ජාලයට එක් වූ පළමු සුදොතුම් පියතුමා ලෙස එතුමා ඉතිහාසයට එක්  වීමයි.  එතුමන් ගේ Instagram ගිණුම 2016 මාර්තු 19 වනදා අන්තර්ජාලයට එක්විය.  එහි පළමු සටහන  සුදොතුම් පියතුමා දනගසාගන යාච්ඥා කරන ඡායාරූපයකි. ඊට ඇතුලත් පණිවිඩයෙන් එතුමා තමා වෙනුවෙන් යාච්ඥා කිරීමට ලෝක  ජනතාවට ඇරැයුම් කරයි. " මා වෙනුවෙන් යාච්ඥා කරන්න" ("Pray for me") යයි භාෂා නවයකින් මෙම ආරාධනය කර තිබේ. එතුමා ගේ Instagram ගිණුමෙහි හැඬලය @ Fransiscus යන්නයි. ඉතාලි වේලාවෙන් සෙනසුරාදා දහවල් අන්තර්ජාලයට එක්වූ මෙම ගිණුමට පැය බාගයක් ඇතුලත අනුගාමිකයෝ දසදහසකට අධික ප්‍රමාණයක් එක්වුහ. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෘදු බවේ සහ කරුණාවේ ක්‍රියාකාරකම්  වඩා හොඳින් දැන ගනිමින් එතුමන් සමග ගමන් කිරීමට බලාපොරොත්තුවන අයට  සහාය වීම සඳහා  එතුමන් ගේ පාප් ධුරය සේයාරූ මගින් ගෙන ඒම Instagram ගිණුමේ අපේක්ෂාව බව වතිකානයේ

" ජීවිතයේ අඳුරුතම මොහොතවල ඇදහිල්ලේ පහන සුරකින දේව දීමනාව: බලාපොරොත්තුව"

Image
Holy Father explains the qualities of "silent, humble virtue, Hope" (2016 මාර්තු 18) මාර්තු 17 වැනිදා සිය  "සාන්තා මාර්තා තානායම්" ගෙදර පුංචි පල්ලියේ පැවැති දිව්‍ය පුජාවේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ භාවනා කලේ කතෝලිකයන් අඩුවෙන් ම කතා කරන, එහෙත් වැදගත් ම ධර්මගුණයක් ගැනය.  විශ්වාසය, බලාපොරොත්තුව, ප්‍රේමය යන ධර්මගුණ අතරින් විශ්වාසය හා ප්‍රේමය ගැන නිතර භාවනා කෙරේ. බලාපොරොත්තුව එතරම් අවධානයට ලක් නොවන මාතෘකාවකි. එහෙත් "බලාපොරොත්තුව නිහඬ, බැහැපත් ධර්මගුණයක් නමුදු දුෂ්කර අවස්තාවලදී අපට සහාය වී අප සිත් සාමයෙන් පුරවාලන්නේ එය" යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "බලාපොරොත්තුව යනු ජීවිත දිය දහරට යටින් ගලා යන නිරහංකාර ධර්ම ගුණයයි. එහෙත් අනේකාකාර දුෂ්කරතාවලදී අප ගිලීනොයනු සඳහා අප ඔසවා ගෙන යන්නේ එයයි. දෙවියන් වහන්සේ සෙවීමට අප තුළ ඇති අභිරුචිය සිඳී නොයාම සඳහා අප ඔසවා ගෙන යන්නේ එයයි. දිනෙක අප දකින මහිමාන්විත වට මඬල දකින තෙක් අප ගෙන යන්නේ මේ ධර්මගුණයයි: බලාපොරොත්තුවයි" යැයි දිව්‍ය පුජාවේ ධර්ම දේශනාව කරමින් එතුමා කියා සිටියේ ය. මෙදින පාප්

සුදොතුම් පියතුමා ගේ මෙවර පාද දෝවන පිළිවෙත සරණාගත මධ්‍යස්ථානයක

Image
 Pope Francis to wash refugees' feet come Holy Thursday   (2016 මාර්තු 14) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙවර මහා බ්‍රහස්පතින්දා පාද දෝවන පිළිවෙත සඳහා සාංක්‍රමනිකයන් සහභාගී කරගැනීමට නියමිතයි. සරණාගතයන් පිළිගැනීම සඳහා යුරෝපය මීට වඩා වැඩි ප්‍රයත්නයක් දැරිය යුතු බව ඒත්තු ගැන්වීම එතුමන් ගේ මෙම සංකේතාත්මක ක්‍රියාවේ අරමුණ බව වතිකාන ආරංචි මාර්ග කියයි. මේ හේතුවෙන් ජේසු සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජනය උත්සවාකාරයෙන් සැමරීමේ දිව්‍ය පුජාව සුදොතුම් පියතුමන් රෝමයේ සාංක්‍රමනික මධ්‍යස්ථානයක පවත්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. ජේසු සමිඳුන් සිය අපොස්තුළුවරුන් ගේ පාද දෝවනය කිරීම අනුගමනය කරමින් සිදුකෙරෙන පාද දෝවන පිළිවෙත මහ බ්‍රහස්පතිදා පැවැත්වෙන දිව්‍ය පුජාවේ වැදගත්  කොටසකි. මෙහිදී පාප් වහන්සේ සරණාගතයන් 12 දෙනෙකු ගේ පාද දෝවනය කිරීමට නියමිතය. කිතුනු සේවාවේ හා කිතුනු ප්‍රේමයේ රැඩිකල් ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා ඉකුත් වසර තුනේ දීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පාද දෝවන පිළිවෙත උපයෝගී කර ගත්තේය. විශේෂයෙන්ම සමාජයෙන් බැහැර කරන ලද්දන් හා පිටුදකිනු ලැබුවන් කෙරෙහි සේවාව එතුමන් අවධාරණය කරන ක

ලෝක ගුරු සම්මානය පලස්තීනයේ ගුරු මවකට: සුදොතුම් පියතුමා නිවේදනය කරයි (Vedio)

Image
2016 International Teacher Prize goes to a Palestinian: Pope announces සුදොතුම් පියතුමා විසින් තමන් ගුරු ත්‍යාගය සඳහා නම් කිරීමෙන් පසු හනන් ප්‍රතිචාර දැක්වූ අයරු (2016 මාර්තු 15) 2016 ජගත් ගුරු ත්‍යාගය දිනා සිටින්නී පලස්තීනයේ ගුරු මාතාවකි. එම ත්‍යාගය ඇයට පිරිනැමෙන බව ප්‍රකාශයට පත් කලේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ය. "ජගත් ගුරු ත්‍යාගය" පිරිනමනු ලබන්නේ ලොව අඩු වරප්‍රසාද සහිත දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් කැපවී සිටින පුණ්‍යායතනයක් වන වාර්කි පදනම විසිනි. ස්වකීය වෘත්තීය වෙනුවෙන් කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකළ සුවිශේෂී ගුරුවරයා හෝ ගුරුවරිය වෙනුවෙන් වසරක් පාසා මෙම ත්‍යාගය පිරිනැමේ. ත්‍යාග මුදලේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් දශ ලක්ෂයකි. මෙවර ජගත් ගුරු ත්‍යාගය පිරිනමන ලද්දේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ පැවැත්වුණු "ලෝක අධ්‍යාපන හා කුසලතා සමුළුවේ" දී ය. 2016 එම ත්‍යාගය පලස්තීනයේ ප්‍රාථමික පාසල් ගුරුවරියක වන හනන් අල් හ්රූබ් වෙත පරිනමන බව ප්‍රකාශ කරන ලද්දේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසිනි. කලින් පටිගත කරන ලද වීඩියෝ පණිවිඩයක් මගින් සුදොතුම් පියතුමා

තෙරේසා මව්තුමිය සාන්තුවරයට එසැවීම සැප්තැම්බර 4

Image
 It's official: Mother Theresa to be canonized on September 4 (UPDATED) (2016 මාර්තු 13) කල්කටාවේ තෙරේසා මව්තුමිය සාන්තුවරයට එසැවීම සැප්තැම්බර 4 වනදා සිදු කරන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අද  (මාර්තු 15) ප්‍රකාශ කළහ. එතුමා මෙම තීරණය  ගත්තේ  අද පැවැති කාදිනල් හිමිවරුන් ගේ රැස්වීමකදී ය. දයාවේ ජයන්ති වසර වන මේ වසරේ සැප්තැම්බර 4 විශේෂ දිනයකි. "දයාවේ සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් ගේ ජුබිලිය" යෙදී ඇත්තේ එදිනටයි. ජේසු සමිඳුන් ගේ දයා කරුණාවේ ජීවමාන ආදර්ශයක් වූ කල්කටාවේ තෙරේසා මව්තුමිය සාන්තුවරභාවයට එසැවීම එදිනට යොදා ගැනීමට ප්‍රැන්සිස් පාප් වහන්සේට මහත් ඕනෑකමක් තිබිණි. ඊට හේතුව දයාවේ සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් කරන සේවාව අගය කිරීමටත් ඔවුන් දිරි ගැන්වීමටත් තෙරේසා මව් තුමිය බඳු වෙනත් නූතන ආදර්ශයක්  සොයා ගැනීම අපහසු බැවිනි.  එතුමිය ගේ සාන්තුවරය සැප්තැම්බර් 4 වන දිනට යෙදීමට බොහෝ දුරට ඉඩ ඇති බව වතිකාන සුළඟ වාර්තා කලේ මීට බොහෝ කලකට පෙර ය. ජීවත්ව සිටියදීම "මුඩුක්කුවල සාන්තුවරිය" යන විරුදය ලබා සිටි තෙරේසා මව් තුමිය 1910 අගෝස්තු 26 දා මැසිඩෝනියාවේ ස්කොප්යේහි දී

"සභාව තුළ වූ වර්ගවාදයේ පාපයට අපට සමා වන්න!" - දකුණු අප්‍රිකා රදගුරු හිමිවරු ජනතාවගෙන් ඉල්ලති

Image
South African Bishops ask for forgiveness for "historic complicity with racism in the Church" (2016 මාර්තු 13) දයාවේ ජයන්ති වසර සිය රටවල වර්ගවාදයේ තුවාල සුවපත් කොට සමගි සන්ධානයට කැපවන වසරක් කර ගැනීමට දකුණු දිග අප්‍රිකානු රදගුරු  හිමිවරු තීරණය  කරති. එයින් තවත් ඔබ්බට යමින් "සිය රටවල කතෝලික සභාව තුල වූ වර්ගවාදය පිළිගනිමින් එම වරද වෙනුවෙන් " එම රදගුරු හිමිවරු දෙවියන් වහන්සේ ගෙන් හා ජනතාව ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිති. දකුණු අප්‍රිකාව, බොස්ට්වානාව සහ ස්වාසිලන්තය යන රටවල කතෝලික රදගුරු හිමිවරුන්ගෙන් සමන්විත දකුණුදිග අප්‍රිකානු කතෝලික රදගුරු සම්මේලනය දයාවේ ජයන්තිය අරභයා විශේෂ ධර්ම සේවා ලිපියක් නිකුත් කරමින්  2016 මාර්තු 7 වනදා මේ බව කියා සිටියේය. "රටක් ලෙස සුවපත් වීමටත්,සමානාත්මතාවයේ, ගරුත්වයේ සහ අන්‍යෝන්‍ය ගෞරවයේ සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්  ශුද්ධාත්මයානන් වහන්සේ අප කැඳවන සේක. දෙවියන් වහන්සේ ගේ සුවය ලබා ගැනීම සඳහා තර්කාන්විත වූත් ගෞරව සම්ප්‍රයුක්ත වූත් සංවාදයක් අත්‍යවශ්‍ය වෙයි" යැයි රදගුරු හිමිවරු එම නිවේදනයේ පෙන්වා දෙති. මෙම එඬේරික ලිපිය (ධර්ම ස

"බෝනා සේරා!" - "මේ මනුස්සයට වැරදිලාවත්ද?": 2013 මාර්තු 13 සන්ධ්‍යාව

Image
 "Bona Sera!" - "Has he made a mitake?" The evening of March 13, 2013 "මා වෙනුවෙන් යාච්ඥා කරන්න" (2016 මාර්තු 11) දිනය 2013 මාර්තු 13 වන දා ය. වෙලාව රාත්‍රී අට හමාරට පමණ ඇත. වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී තිබේ. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය. හිටි හැටියේ කොහේදෝ සිට ඉගිල ආ සුදු පරෙවියෙක් එම දුම් කුලුන මත වසයි. සියල්ලෝ ප්‍රීතිමත්ව, එහෙත් පුදුමයෙන් පරෙවියා දෙස බලා සිටිති. "ඌ කොහේ සිට ආවේ ද? මේ වෙලාවේ...?" ලොව විවධ දෙසින් පැමිණි මාධ්‍යවේදීන් ගේ රූපවාහිනි කැමරා ඒ දෙසට යොමුවෙයි. කැනඩාවේ CBC TV නාලිකාව රෝමයේ සිට මෙම සිද්ධිය සජීවීව ආවරණය කරන එක් ජාත්‍යන්තර මාධ්‍යයකි. එහි තොරතුරු විචාරක ජ්‍යෙෂ්ඨ වාර්තාකරු  පීටර් මෑන්ස්බ්‍රිජ් සමග එරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ගෞරවයට පත් සන්නිවේදකයකු වන බැසිලි

"සභාව පාරදෘශ්‍ය විය යුතුයි; බෙදාගැනීම තමන් වෙතින් ආරම්භ කල යුතුයි" ක්‍යුරියාවේ ධර්මවිවේකයේදී අවධාරණය කෙරේ

Image
  Curia retreat participants are shown: "To share is to multiply"   සුදොතුම් පියතුමා ඇතුළු කණ්ඩායම ධර්මවිවේක භාවනා ශාලාවේ (2016 මාර්තු 10) "දුප්පත් සභාවක්-දුප්පතුන් සඳහා වන සභාවක්" මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ප්‍රධාන තේමා පාඨයකි. "අයිති කරගන්නා  සභාවක් නොව බෙදා ගන්නා සභාවක්"යන්න ද ඊටම සම්බන්ධව පවතියි. සභාවේ ඇතැම් නායකයන් ඊට සවන් දීම ප්‍රතික්ෂේප කලද, ඉකුත් කාලය තුළ මෙම පණිවිඩය යළි යලිත් රැව් දුන්නේ ය. මේ සතියේ එය වඩා ගැඹුරින් ඇසුනේය. මෙවර එය ඇසුනේ සුදොතුම් පියතුමා වෙතින් නොවේ. සුදොතුම් පියතුමා සහ රෝම ක්‍යුරියාවේ රදගුරු හිමිවරුනට ධර්මවිවේකය දේශනා කරන පියතුමාගෙනි. සුදොතුම් පියතුමා සහ ක්‍යුරියාවේ සාමාජිකයන් ගේ වාර්ෂික ධර්ම විවේකය ඉකුත් දිනවල රෝමයෙන් පිටත ඇරීසියා පුංචි නගරයේ ධර්ම විවේක මධ්‍යස්ථානයක දී පැවැත්විණ. එහි දේශනාවාදී පියතුමා ලෙස කටයුතු කරන්නේ මරිය සේවක නිකායේ අර්මෙස් රොන්චි පියතුමායි. බදාදා දින පැවැති ධර්ම විවේකයේ සයවැනි භාවනාවට වැදගත් කරුණු කිහිපයක් කේන්ද්‍ර වූ බව වතිකාන රේඩියෝව වාර්තා කරයි. සිය වත්කම් පිලිබඳව කතෝලික සභාවේ  පාරදෘශ්‍ය

පාපොච්චාරණය: දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ ඓශ්චර්යවත් ස්පර්ශය

Image
 "In the Sacrament of confession we touch the grandeur of Mercy with our own hands " (2016 මාර්තු 9) "දයාවේ නාලිකාවක් වන්න." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරා සිටින පාපොච්චාරණය අසන (සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය දානය කරන) සියලුම පූජකතුමන්ලාට දෙන ඔවදන එයයි.  මෙම තේමාව ඔස්සේ පාප් වහන්සේ යලිත් අනුශාසනා කලේ මාර්තු 4 වැනිදා රෝමයේ දී පැවැති පූජකතුමන්ලා ගේ හමුවක දී ය. සමගි සන්ධානයේ සක්‍රමේන්තුව (පාපොච්චාරණය) නිවැරැදි ලෙස දානය කිරීමට නවක පියවරුන් හා ජ්‍යෙෂ්ඨ දෙව්සත්හල් සිසුන් පුහුණු කෙරෙන වැඩමුළුවක් ඉකුත් සතිය පුරා වතිකානයේ දී පැවැත්වින. ශුද්ධාසන චරිතශෝධනාගාරය වාර්ෂිකව මෙම වැඩමුළුව සංවිධාන කරයි. සාම්ප්‍රදායිකව මෙම පුහුණුව අවසන් වන්නේ සුදොතුම් පියතුමා සමග හමුවකිනි. මෙම දේව ප්‍රසාද නිධානය දානය කරන පියවරුන් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු ආකල්පයත්, පාපොච්චාරණ ආසනයේ දී එතුමන්ලා ගේ භූමිකාවත් ගැන සුදොතුම් පියතුමා මෙහිදී අනුශාසනා කළේය. එතුමා අවධාරණය  කලේ පියතුමන්ලා පාපොච්චාරණ සක්‍රමේන්තුව ගැන යාවත්කාලීන වී ඊට හොඳින් සුදානම්ව සිටීම ඉතා වැදගත් බවයි. "පාපොච්චාර

සුදොතුම් පියතුමා වාර්ෂික චතාරික ධර්මවිවේකයේ

Image
 Pope Francis and Curia members begin the annual retreat   සුදොතුම් පියතුමා ඇතුළු කණ්ඩායම රොන්චි පියතුමා ගේ දේශනයකට සවන් දෙති (2016 මාර්තු 8) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ රෝම ක්‍යුරියාවේ සාමාජිකයෝ මාර්තු 6 වන ඉරිදා සිය වාර්ෂික චතාරික ධර්ම විවේකය ආරම්භ කළහ. එය පැවැත්වෙන්නේ රෝමයෙන් පිටත ඇරිසියා නගරයේ පිහිටි "Casa Divin Maestro" කේන්ද්‍රයේ දී ය. පාප් වහන්සේ ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමෙන් පසුව ධර්ම විවේකයට සහභාගී වීම සඳහා ක්‍යුරියා සාමාජිකයන් ද සමග බස් රථයකින් එම මධ්‍යස්ථානය බලා පිටත් වුහ. පාප් වහන්සේ ගේ ධර්ම විවේකය වතිකානයෙන් පිටත පැවැත්වෙන තුන්වැනි වතාව මෙයයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එය වතිකානයෙන් පිටත පැවැත්වීමට තීරණය කිරීමේ අරමුණ වූයේ "ධර්මවිවෙකය අතරතුර වැඩ කිරීමේ දුර්පරීක්ෂාවට" හසු නොවීම බව වතිකාන වාර්තා කියයි. මෙවර මෙම ඥානකාන්තිය මෙහෙයවන්නේ මරිය සේවක නිකායේ ගරු එර්මෙස් රොන්චි පියතුමායි. සිව් සුවිශේෂවල හමුවන රසවත් හා අරුත්බර  ප්‍රශ්න 10ක් පිළිබඳව  භාවනා කරමින් හා ආධ්‍යාත්මික අභ්‍යාස පවත්වමින් දේශක පියතුමා එය මෙහෙයවනු ඇති බව වතිකා

"අකීකරු පුත්‍රයා උපමාවේ එන තාත්තාට 'තුන්වැනි' පුතෙක් ඉන්නවා?": ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගෙන් එම උපමාවට නව මානයක්

Image
"We can imagine there was a third son to this Father...": Pope Francis' new dimension to the parable of the 'Prodigal Son'  (2016 මාර්තු 8) සුවිශේෂක ලූක් තුමා ගේ සුබ අස්නේ එන "සෙනෙහෙවන්ත පියාණෝ" උපමාවට ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ඉකුත් දා නව මානයක් දුන්නේ ය. "සෙනෙහෙවන්ත පියාණෝ" උපමාව ප්‍රසිද්ධ කිතුනු ජන වහරේ හැඳින්වෙන්නේ "අකීකරු පුත්‍රයා" හෙවත් "නාස්තිකාර පුත්‍රයා" ගේ උපමාව ලෙසය. සිංහල ඇතුළු භාෂා රැසකින් නාට්‍ය හා නාඩගම්වලට ද නැගී ඇති ක්‍රිස්තුන් වහන්සේ වදාළ මෙම උපමාව කෙටියෙන් පවසන්නේ නම් මෙසේ ය: එක් පියෙකුට පුත්තු දෙදෙනෙක් සිටිති. දිනක් බාල පුතා පියාට කතා කොට, පියා සතු දේපලවල  තමන් සතු කොටස ඉල්ලාගෙන 'දුර රටකට' යයි. එහිදී ඔහු කා බී විවිධාකාරයෙන් ප්‍රීති වී පියා දුන් ධනයේ අන්තිම සතය  දක්වා වියදම් කරයි. මේ කාලයේ එම රටට සාගතයක් එයි. අතේ මුදලක් හෝ නැතිව සිටින ඔහු කුසගිනි නිවාගැනීම සඳහා රැකියාවක් සොයන අතර, එක් මිනිසකුගේ ගොවිපොළේ ඌරන් බලා ගැනීමට ඔහුට ලැබේ. එහිදී ආහාර නොලැබෙන ඔහුට කුසගිනි නිවාගැනීමට ලැබෙන්නේ