Posts

Showing posts from April, 2019

අද පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාර ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ශෝක වෙයි: "මම මගේ හදවතින්ම ඔබ ලඟයි."- විපතට පත් සැමට එතුමා කියයි (URGENT - Being updated)

Image
Pope Francis laments Easter Sunday attacks in Sri Lanka (2019 අප්‍රේල් 21) පුද්ගලයන් 200 දෙනෙකු මරුමුවට පත්කරමින් සහ තවත් 400කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු සහ තවත් ස්ථාන කිහිපයක සිදු වූ "කුරිරු ප්‍රහාර" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙළාදකියි. එම වේදනාකාරී සිද්ධි  පිළිබඳව එතුමා  ශෝක වෙයි. "හරියටම අද , පාස්කු ඉරිදා , ශ්‍රී ලංකාවේ දෙව්මැදුරු කිහිපයකට වේදනාව  හා සන්තාපය ගෙන එමින් ඒවායේ යාච්ඥා කිරීමට රැස්වූ ජනතාවත්  වෙනත් ස්ථාන කිහිපයකට රැස්වූ ජනතාවත් ඉලක්ක කරගනිමින් එල්ලවූ දරුණු ප්‍රහාර ගැන දැනගැනීමෙන් මම මහත් ශේකයටත් වේදනාවටත් පත් සිටිමි" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේය. "යාච්ඥා කිරීමට රැස්වූ අවස්ථාවේ මෙම කුරිරු  ප්‍රහාරවලට ගොදුරු වූ ශ්‍රී ලංකාවේ කිතුනු පවුලේ සියලු දෙනා ඇතුළු  සෙසු සියලු දෙනා සමග  මම මගේ මුළු හදවතින්ම සමීප වන බව මගේ හද පත්ලෙන්ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි ," යි එතුමා සඳහන් කළේය. එතුමා මේ ප්‍රකාශය කලේ  සාම්ප්‍රදායික ලෙස පාස්කු ඉරිදා "නගරයට සහ ලෝකයට" ආශීර්වාදය දානය කිරීම සඳහා  අද දහවල්

"බලාපොරොත්තුව පොඩිකර දමන, හදවත් අවහිර කරන ගල් දොරටු තල්ලුකර දමන්නැයි (මරණයේ) ලෙන් දොර බිඳ දැමූ සමිඳුන්ගෙන් ඉල්ලන්න" - පාස්කු මංගල්‍ය රාත්‍රී පූජාවේ දී සුදොතුම් පියතුමා කියයි (Being Updated)

Image
Pope at Easter Vigil: Roll away the stones that crush hope (2019 අප්‍රේල් 20) "ජීවමාන තැනැන්වහන්සේ ඔබ මළවුන් අතර සොයන්නේ මන්ද?" වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී අප්‍රේල් 20 වැනිදා - ආලේලූයියා සෙනසුරාදා - රාත්‍රී පැවැත්වුණු පාස්කු මංගල්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පුරා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළි යළිත් සිහිපත් කළ පණිවිඩය එයයි. කතෝලික ජනවන්දනාව අතර  ආනන්දයෙන් සිත් පහන් කරන්නා වූද, අර්ථ පූර්ණ සලකුණු රැසකින් සමන්විත වූද අති සුන්දරම ජනවන්දනා මෙහෙය පාස්කු පූර්ව රාත්‍රී මෙහෙය බව බොහෝ දෙනෙකුගේ අදහසයි. ශුද්ධවූ සෙනසුරාදා හෙවත් ආලේලූයියා සෙනසුරාදා ඇඳිරි වැටීමෙන් පසුව පවත්වනු ලබන මෙම මෙහෙය ප්‍රීතිමත් පාස්කු සමයට ප්‍රබල ආරම්භයක් ලබා දෙයි.  ගින්දර, ආලෝකය, සංගීතය සහ ප්‍රසාද ස්නාපන ජලය යන බලාපොරොත්තුවේ සහ පුනර්ජීවනයේ ප්‍රබල සංකේත ඔස්සේ එම මෙහෙය ආනන්දමත් පාස්කුව උදා කරයි. සිරිත් පරිදි වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී එම දිව්‍ය පූජාව පවත්වන ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙනි. ගල් ලෙනේ ලෙන් දොර තල්ලු කිරීම  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පාස්ක

ජේසුගේ කුරුසිය තුළ ලොව සියලු කුරුස දකින්නට කොලෝසියමේ පැවැති පාදනමස්කාරයේ දී සුදොතුම් පියතුමා ඇරැයුම් කරයි; අපයෝජනයට ලක්වන ළමයින් ගේ සහ යුක්තියට හා සාමයට පිපාස වන්නන්ගේ 'කුරුස' වෙනුවෙනුත් යාච්ඥා කරයි

Image
Holy Father prays for gace to see in Jesus' Cross all the crosses of the world: Prays for the abused children and for those who thirst for justice and peace (2019 අප්‍රේල් 20) අපයෝජනයට ලක්වන බාලයන් සහ යුක්තියට සහ සාමයට පිපාස වන්නන් වෙනුවෙන්  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විශේෂයෙන් යාච්ඥා කරයි. එසේම "අභ්‍යන්තරයෙන් සේ ම බාහිරිනුත් නිරන්තර ප්‍රහාරයට ලක්වන" කතෝලික සභාව වෙනුවෙනුත් එතුමා යාච්ඥා කරයි. එම මෙම යාච්ඥාව කලේ අප්‍රේල් 19 වනදා - මහා සිකුරාදා - සැන්දෑවේ රෝමයේ කොලෝසියමේ දී එතුමා ගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු කුරුසියේ පාදනමස්කාරයේ අවසාන යාච්ඥාව ඔප්පු කරමිනි. කුරුසියේ පාදනමස්කාරය යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය කුරුසිය රැගෙන කපාල කන්ද දක්වා ගිය ගමනේ දී සිදුවූ සිද්ධීන් භාවනා කිරීමයි. මහ සිකුරාදා සන්ධ්‍යාවේ කොලෝසියමේ දී පාප් වහන්සේ ගේ සහභාගීත්වයෙන් පාදනම්ස්කාරය පැවැත්වීමේ ඉතිහාසය 15 වන බෙනඩික් පාප් වහන්සේ ගේ සමය දක්වා දිවෙයි. 1758 එතුමන් ස්වර්ගස්ථ වීමෙන් පසුව එම සම්ප්‍රදාය නැවතිණි. එය යළිත් ආරම්භ කරන ලද්දේ 1964 දී සවැනි පාවුළු පාප් තුමන් විසිනි. ශු. දෙවන ජුවාම් පාවු

"සේවය කිරීම: ජේසු ගේ නීතියත් සුපුවතේ නීතියත් එයයි - අධිපති බව හෝ සැමටම ඉහළින් සිටීම නොවේ" - සිරකරුවන් ගේ පාද දෝවනය කරමින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

Image
"The rule of service:this is the rule of Jesus and the rule of the Gospel; not of dominating, of humiliating others. Service.” Holy Father says at the Mass of the Lord's Supper (2019 අප්‍රේල් 19) සේවකයකු ගේ හදවතින් එකිනෙකාට සලකන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අනුශාසනා කරයි. රෝමයේ සිරගෙදරකදී පවත්වන ලද සිය මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමින් එතුමා මෙම ඉල්ලීම කළේය. "ජීවිතයේ ප්‍රශ්න තිබෙන බව ඇත්තක්. අප එකිනෙකා අතර රණ්ඩු සරුවල් ඇතිවෙනවා," එම දිව්‍ය පුජාවට එක්වූ සිරකරුවන් අමතමින් සුදොතුම් පියතුමා කීවේය. "එහෙත් එය අප පසුකරගෙන යන දෙයක් විය යුතුයි. අපෙන් ඉවත්ව යන දෙයක් විය යුතුයි. මන්ද අප හදවත් තුළ නිරන්තරයෙන්ම  තිබිය යුත්තේ අන්‍යයන්ට සේවය කිරීමට ඇති ආදරය පමණයි; අන් අයගේ සේවාවට කැපවීමේ අභිලාශය පමණයි," යි එතුමා කීවේය. "සේවාවේ නීතිය. මෙයයි ජේසු සමිඳුන් ගේ නීතිය. මෙයයි සුපුවතේ නීතිය. අන්‍යයන් මත බලපැවැත්වීම හෝ අධිපතීත්වය හෝ නපුරුකම් කිරීම හෝ අන්‍යයන්ට නින්දා පැමිණවීම හෝ නොවෙයි.  සේවාවයි, " යි එතුමා අවධාරණය කළේය.  ප්‍රැන්සිස් සුදොත

නෙත් සිත් කම්පනය කළ "දෙවියන් වහන්සේ ගේ සේවකයන් ගේ සේවකයා" ගේ ඉඟිතය හෙවත් යුද වැදී සිටින දේශපාලන නායකයන් ඉදිරියේ දණින් වැටීමේ සංඥාවේ වැදගත්කම

Image
The significance of Pope Francis’ gesture of Kneeling down and kissing the feet of South Sudanese leaders  (2019 අප්‍රේල් 12) දකුණු සූඩානයේ සාමය ඇති කිරීමේ අරමුණින් එරට ඉහළම දේශපාලන නායකයන් වෙනුවෙන් වතිකානයේ දී  පවත්වන ලද ධර්ම විවේකය අවසානයේ , "සාමයෙන් ජීවත් වන්නැයි සහෝදරයකු වගේ මම ඔබෙන් ඉල්ලනවා" යයි කියමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම නායකයන් ඉදිරියේ දණින් වැටී ඔවුන් ගේ පාද සිප ගැනීම සමස්ත ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජන මාධ්‍ය හා ජනතාව අතර දැඩි කතා බහට ලක්වී  තිබේ.  සුදොතුම් පියතුමාගේ ම බැහැපත් නිවස වන සාන්තා මාර්තා තානායමේදී පවත්වන ලද මෙම ධර්ම විවේකය අවසානයේ සිය අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශ කරමින් සුදොතුම් පියතුමා කල මෙම ක්‍රියාව හෙවත් ඉඟිතය මවිතයක් මෙන්ම සිත් තුළ මහත් කම්පනයක් ද  ඇති කර තිබීම ඊට හේතුවයි. සුදොතුම් පියතුමා ගේ මෙම ක්‍රියාව එහි සැබෑ සන්දර්භය තුළ විශ්ලේෂණය කල විට එහි අන්තර්ගත බලවත්  පණිවිඩය තේරුම් ගත හැකිය. සුදොතුම් පියතුමා දකුණු සූඩානයේ ජනාධිපති සල්වා කියීර් සහ උප ජනාධිපති වරුන් ලෙස නම්කර සිටින ප්‍රතිවිරුද්ධ ගෝත්‍රවලට අයත් නායකයන් ඉදිරියේ වැඳවැටී

"සාමයට අවස්ථාවක් දී 'ජාතියේ පිතෘවරුන්' වීමේ භාග්‍ය ලබන්න" - දකුණු සූඩාන නායකයන් ඉදිරියේ දනින් වැටෙමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආයාචනා කරයි

Image
Holy Father kneels at the feet of the leaders of South Sudan; begs them to give peace a chance and be worthy 'Fathers of the Nation" (2019 අප්‍රේල් 11) දකුණු සූඩානයේ යුද වැදී සිටින ප්‍රතිවිරුද්ධ පාර්ශව වල නායකයන් වෙනුවෙන් පැවැත්වුණු ඉතාමත් අසාමාන්‍ය ආධ්‍යාත්මික ධර්ම විවේකය අවසානයේ සිය දේශනය කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම නායකයන් ඉදිරියේ දනින් වැටෙමින් රටේ සාමය, සංහිඳියාව, සමගි සන්ධානය  සහ යුක්තිය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන්නයි ඔවුන්ට ආයාචනා කරයි.  එසේ කරමින් ජාතියේ පියවරුන් වීමේ භාග්‍ය ලබන්නයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. ඉකුත් දින දෙක පුරා මෙම ධර්ම විවේකය පැවැත්වුනේ සුදොතුම් පියතුමා ගේ ගෙදර වන වතිකානයේ ශාන්ත මාර්තා තානායමේ දී ය. 2018 සැප්තැම්බර මාසයේ ඇතිකරගන්නා  ලද සාම සම්මුතියෙන් පසුව පත්වූ එරට ජනාධිපති සල්වා සියීර් සහ උප ජනාධිපති මණ්ඩලයත් කතෝලික සහ ක්‍රිස්තියානි රදගුරු හිමිවරු කිහිප දෙනෙකුත් ඊට සහභාගී වුහ. ධර්ම විවේකය අවසන් කරන ලද්දේ සුදොතුම් පියතුමා  ගේ දේශනයෙනි. ශාලාවට පිවිසි එතුමා මුලින්ම පිටපත් කර තිබූ අවසන් කිරීමේ දේශනය කළේය. ඉන් පසුව සිය අසුනෙන් නැගී සිටි එත

දකුණු සූඩාන නායකයන්ට වතිකානයේ දී ධර්ම විවේකයක් - එය මෙහෙයවන්නේ එංගලන්ත සභාවේ නායක කැන්ටබරියේ අගරදගුරු හිමි

Image
Archbishop of Canterbury to lead spiritual retreat for South Sudan leaders in Vatican (2019 අප්‍රේල්  09) දකුණු සූඩානයේ දේශපාලන සහ ආගමික නායකයන් සඳහා ධර්ම විවේකයක් අප්‍රේල් 10 සහ 11 දෙදින වතිකානයේ දී පැවැත්වේ. මෙහි ඇති විශේෂත්වය වතිකානයේ දී  - එනම් කතෝලික සභාවේ ආධ්‍යාත්මික නායකයා වන පාප් වහන්සේ වෙසෙන පුංචි රාජයේ දී -  පවත්වනු ලබන මේ අධර්ම විවේකය (ඥාන කාන්තිය) මෙහෙයවනු ලබන්නේ එංගලන්ත සභාවේ ආධ්‍යාත්මික නායක කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බි හිමියන් විසින් වීමයි. කතෝලික වහරේ ධර්ම විවේක හෙවත් ඥාන කාන්ති යනුවෙන් හැඳින්වෙන්නේ බයිබලීය ඉගැන්වීම් අනුව කෙනෙකු හෝ කණ්ඩායමක් සිය ආධ්‍යාත්මික ජීවිතයට එබී බලා සිය දුර්වලතා හඳුනාගෙන, වැරදි හෝ පාප වලට සමාව ලබාගෙන, ඒවා හරිගස්සාගෙන  නව ජීවිතයක් ඇතිකරගැනීමට කරනු ලබන  ආධ්‍යාත්මික අභ්‍යාසයකි. වසර 2011 දී ස්වාධීන රාජ්‍යයක් ලෙස නිදහස ලැබීමෙන් පසුව දිගින් දිගටම සිවිල් යුද්ධයක පැටලී  සිටි දකුණු සූඩාන නායකයන් අතර  2018 සැප්තැම්බර මාසයේ අඩිස් අබාබා නුවර දී සාම ගිවිසුමක් අත්සන් තැබිණි. එහෙත් එම සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද විවිධ දුෂ්කරතා පැ

"සිත් හැරීම සම්පූර්ණ වන්නේ යළි පව් නොකිරීමට ඇති කරගන්නා අධිෂ්ඨානයෙන්" - සැබෑ සිත් මාරුවේ පරීක්ෂාව සුදොතුම් පියතුමා විස්තර කරයි

Image
Pope Francis: Conversion requires a resolve to sin no more (2019 අප්‍රේල් 7) යළි පව් නොකිරීමට ඇති කරගන්නා දැඩි අධිෂ්ඨානය සිත් හැරීම සම්පුර්ණ වීමට අත්‍යවශ්‍ය සාධකය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. " සෑම සැබෑ සිත් මාරුවකම අරමුණ නව අනාගතයකි. නව ජීවිතයකි, සොඳුරු ජීවිතයකි. පාපයෙන් තොර ජීවිතයකි. ත්‍යාගශීලි ජීවිතයකි. මන්ද උන්වහන්සේ නැවුම් ජීවිතයක දොරටු විවෘත කරන නිසා" යැයි ප්‍රැන්සිස් සුදොත්ම පියතුමා කීවේය. "චතාරික කාලය යනු සිය පාපී බව පිළිගෙන දෙවියන් වහන්සේ ගෙන් ඊට සමාව ඉල්ලා සිටීමට කතෝලික ජනතාව කැඳවනු ලබන සමයයි. පව් සමාව පෙරළා  දෙවියන් වහන්සේ සමග සමගි සන්ධානය ඇතිකර අප තුළ සාමය ඇති කරන අතර නව කතාවක් ආරම්භ කිරීමට අපට සහය වෙයි." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ අප්‍රේල් 7 වැනිදා ඉරිදා මධ්‍යාහ්නයේ එතුමන් ගේ තුන්කාල ආරාධනා මරිය දැහැනට සම්බන්ධ වීම සඳහා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනාකරුවන් අමතමිනි. මෙදින එතුමා තුන්කාල ආරාධනා දැහැනේ භාවනාවට පාදක කර ගත්තේ එම ඉරුදින දිව්‍ය පූජාවේ කියවන ලද ජුවාම් තුමාගේ  සුබ අස්නේ කොටසයි. එනම්  ගල්

"ජේසු ගේ හදවත තුළ පාපයට වඩා වැදගත් වන්නේ පව්කාරයායි" - සුදොතුම් පියතුමා පාපොච්චාරණයේ වැදගත්කම පහදයි

Image
"In Jesus' heart, the sinner is more important than the sin"  (2019 අප්‍රේල් 07) ජේසු සමිඳුන් පව්කාරයන් දකින්නේ නීතියට අනුව දඬුවම් දිය යුතු අපරාධකරුවන් හෝ නීතිය කඩන්නන් ලෙස නොව පාපයෙන් නිදහස ලැබිය යුතු හා බලාපොරොත්තුව ඇති කරගත යුතු ජනතාවක් ලෙස බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "අප තුළ ඇති නපුරෙන්, නීතිය විසින් වැළක්විය හැකි නමුත් ඉවත්කළ නොහැකි නපුරෙන්,  ශුද්ධාත්මයාණන් ගේ බලයෙන් අපට  නිදහස ලබා දෙන්නේ ජේසු සමිඳාණන් ය"යි එතුමා පෙන්වා දෙයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් මාර්තු 29 වැනිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පවත්වන ලද පශ්චාත්තාපික මෙහෙය ආරම්භ කරමිනි. එදින පැවැත්වුණු 24 පැය සමගි සන්ධාන දේවප්‍රසාද  නිධාන (පාපොච්චාරණ) දිනය ආරම්භ කරමින් මෙම මෙහෙය පැවැත්විණි. ධර්ම දේශනයෙන් පසුව හෘදය සාක්ෂිය පරීක්ෂාව  සඳහා නිහඬ යැදුම් කාලයක් ලබා දී තිබිණි. එය අවසානයේ සිය ජනවන්දනා ඇඳුම් උනාලූ  සුදොතුම් පියතුමා දෙව්මැදුරේ පාපොච්චාරණ ආසනයක් වෙත ගොස් එහි දණගසා එහි සිටි පියතුමා හමුවේ පාපොච්චාරනයකර ගත්තේය. ඉන් අනතුරුව එතුමා ද පාපොච්චාරණ අස

"පෙර සංකල්ප ඉවතලා යොවුන් ජනතාවට සවන් දෙන්න! ඔවුන් තුළ දැල්වෙන ගිනි සිළුවට දැල්වෙන්නට ඉඩ දෙන්න! යොවුන් ජනතාවෙනි, ක්‍රිස්තුන් වහන්සේ සජීවීය; ඔබ ද සජීවී වන්න!" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය අලුත්ම අපෝස්තලික සන්දේශයෙන් යොවුන් පරපුර අමතයි

Image
"Set aside preconceptions and listen  to the young; Appreciate the little flame continues to burn in them. Young People, Christ is alive and he wants you to be alive" - Holy Father speaks to the youth in the new Apostolic Exhortation  (2019 අප්‍රේල් 6) යොවුන් ජනතාව කතෝලික සභාවේ අනාගතය නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. ඔවුන් කතෝලික සභාවේ වර්තමානයයි. යොවුන් ජනතාවට සාවධානව සවන් දෙනු වෙනුවට ඔවුන්ගේ ගැටළුවලට කළින් ඇසුරුම් කරන ලද පිළිතුරු ලබා දීමේත්  කළින් සකස් කරගන්නා ලද විසඳුම් ලබදීමේත් ප්‍රවනතාවක් පවතියි. එහෙත් මෙවැනි පටු පූර්ව සංකල්ප ඉවත ලා සභාව යොවුන් ජනතාවට සවන් දෙන්නේ නම් එම  සහකම්පනය විසින් සභාව පෝෂණය කෙරෙනු ඇති බව එතුමා පෙන්වා දෙයි. යොවුන් ජනතාවට දෙමාපියකු, එඬේරෙකු හෝ මග පෙන්වන්නෙකු වීමට කැඳවන ලද කෙනෙකු ඔවුන් තුළ දැල්වෙන පුංචි ගිනි දළුව අගය කිරීමට තරම් දූරදර්ශි විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. තරුණ ජීවිත වල "අන්‍යයන් තාප්ප දකින තැන්වල නව  මාවත් දැකීමටත් අන්‍යයන්  මහත් අනතුරක් දකින තැන්වල විභවයක් දැකීමටත්" වැඩිහිටියන්  හා ම

"දයානුකම්පාබර තාත්තා කෙනෙකු පිලිගැනීම නොරුස්සන වැඩිමහල් සහෝදරයා ගැන කියන 'අකීකරු පුත්‍රයා' උපමාව සුදොතුම් පියතුමා පහදා දෙයි

Image
"Let the culture of mercy grow" - Pope says at the Mass in Morocco  (2019 අප්‍රේල් 2) දයා කරුණාවේ සංස්කෘතියට වැඩීමට ඉඩ දෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉල්ලා සිටියි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මොරොක්කෝවේ රබාත් අගනුවර මවුලේ අබ්දෙල්ලා ක්‍රීඩාංගනයේ දී පවත්වන ලද ඉරිදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. බහුතර මුස්ලිම් රාජ්‍යයක් වන මොරොක්කෝවේ දෙව්මදුරකින් පිටත, එනම් ක්‍රීඩාංගනයක- පවත්වන ලද මේ දිව්‍ය පූජාව ද ඓතිහාසික 'එකක්' විය. දස දහසක පිරිසක්  (බහුතරය එරටට පැමිණ සිටින උප-සහරා අප්‍රිකානු රටවල සාංක්‍රමනික ජනතාව ) ඊට සහභාගී වූහ. එය එරට සිදුකරන ලද සුවිශාලම පූජාව ලෙස ඉතිහාසයට එක්විය. ග්‍රෙගෝරියාන සජ්ඣායානය, අප්‍රිකාන බෙර හා රිද්මීය සංගීතයත් නර්තනයත් මුසු වූ සංගීතයෙන් දිව්‍ය පූජාව පෝෂණය වී තිබිණි. ක්‍රිස්තු ධර්මය මොරෝක්කෝවට ගෙන එන ලද්දේ ප්‍රථම ශ්‍රාවක පරපුර විසින් දෙවන  සහ  තුන්වන සියවස් ඇතුළතය. දැන් එරට කිතුනු ජනගහනය ඉතා කුඩා  වී තිබේ. "අපගේ මුස්ලිම් සහෝදර සහෝදරියන් නිතර දෙවිඳුන් ආමන්ත්‍රණය කරන ආකාරයට අනුකම්පා සහගත වූ ද කරුණාබර වූ ද තැ