"අපේ පොදු නිවස - මිහිතලය - පිළිසකර කොට සුරකින්න එක්වන්න" - පරිසර විශ්ව ලේඛනය 18 දා දොරට වඩියි

Holy Father requests prayers for the success of the Environmental Encyclical 



(2015 ජුනි 14)
ලෝකය මහත් නොඉවසිල්ලෙන් බලා සිටි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනය මේ සතියේ බ්‍රහස්පතින්දා, එනම් ජුනි 18 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ.

මැවිල්ල බලා ගැනීම පිණිස කෙරෙන ඇරයුමක් වන මෙයින් ආමන්ත්‍රණය කෙරෙන්නේ එක් කොටසකට පමණක් නොව, මිහිතලය සිය ගෙදර කරගත් සියලු ජනතාවට යයි පාප්වහන්සේ පැවසූහ. සිරිත් පරිදි ඉරිදා දහවල් තුන්කාල ආරාධනා යැදුම සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වූ වන්දනාකරුවන් අමතමින් උන්වහන්සේ ඊයේ (ජුනි 14 ඉරිදා) මේ බව කියා සිටියහ.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ දෙවන විශ්ව ලේඛනය ද පාප්වහන්සේ නමක් විසින් ලියන ලද ප්‍රථම පරිසර විශ්ව ලේඛනය ද වන මෙය "ප්‍රශංසා වේ: පොදු නිවස රැක බලා ගැනීම" ("Laudato Si: On the Care of the Common Home") යනුවෙන් නම් කර ඇත. මෙහි එන “Laudato Si" යන දෙපදය උපුටා ගෙන ඇත්තේ සොබා දහමේ සාන්තු වරයා වන ශු. අසීසියේ ප්‍රැන්සිස් තුමන් විසින් ලියන ලද ප්‍රශංසා ගීතයකිනි. (මෙය පාප්වහන්සේ ගේ විශ්වලේඛනයේ නම බවට පත්වන බව සිංහල පාඨකයනට මුල්වරට හෙළි කරන ලද්දේ 'වතිකාන සුළඟ' වෙබ් අඩවිය විසිනි.( ඒ පුවත මෙතැනින් කියවන්න:ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනයේ නම "වේ ප්‍රශංසා" ?)

"පරිසර විනාශය පමණක් නොව එකිනෙකා ජීවත් වන ප්‍රදේශයේ පරිසරය පිළිසකර කොට සංරක්ෂණය කිරීම සඳහා ලෝ වැසි සියල්ලනට ඇරැයුම් කෙරෙන මෙම ලේඛනය" නිකුත් කිරීමට එක්වන්නැයි පාප්වහන්සේ ලෝකයට ආරාධනා කළහ.

සියල්ලන් මෙම ලේඛනයේ පණිවිඩය පිළිගෙන, දෙවියන් වහන්සේ විසින් අපට භාර කරන ලද පොදු නිවස පිලිබඳ වගකීමෙන් වර්ධනය වේවායි දෙවිඳුන් යදින ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

කතෝලික දහම හා පරිසරය (සොබා දහම) අතර ඇති සම්බන්ධතාව විමසෙන මෙම වීඩියෝව ඇමෙරිකානු ජේසු නිකායික පියවරුන් ගේ "ඇමෙරිකා" වෙබ් අඩවියෙන් උපුටා  ගැනුණකි. එය කතෝලික ප්‍රවෘත්ති සේවාවේ නිපැයුමකි:





Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය