Posts

Showing posts from September, 2020

සිකුරු මත ජීවයේ සලකුණු ? දෙවියන් වහන්සේ අප සිතනවාට වඩා විශාල බවට, අනන්ත බවට තවත් සාක්ෂියක් - වතිකාන තාරකා විද්‍යාඥයා කියයි. Vedio

Image
"God is bigger than we think" -  Vatican astronomer explains the importance on finding signals of life on Venus (2020 සැප්තැම්බර් 22) පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහ ලෝකයක ජීවීන් ගේ පැවැත්මක් තිබුණත් එම සාධකය නිසා හෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමග ඇති සම්බන්ධතාවයේ වෙනසක් සිදු නොවන බව වතිකානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥයා පවසයි. එසේ ම ලැබෙන විද්‍යාත්මක දත්ත මත අවශ්‍යතාවට වඩා අනුමාන කිරීම් වලින් වැළකී සිටීමේ වැදගත් කම ද තාරකා විද්‍යාඥයා පෙන්වා දෙයි.  වතිකානයේ අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජේසු නිකායික ගයි කොන්සොල්මන්ඥෝ සහෝදරතුමා මේ බව ප්‍රකාශ කළේ වීනස් හෙවත් සිකුරු ග්‍රහයා මත ජීවීන් සිටින බවට අනුමාන කළ හැකි සොයාගැනීමක් සම්බන්ධයෙන් ජගත් විද්‍යාඥ කණ්ඩායමක් වාර්තා කිරීමෙන් පසුව ඒ ගැන අදහස් දක්වමිනි. ප්‍රකට කතෝලික ප්‍රකාශනයක් වන Cruxnow වෙබ් අඩවියට විශේෂ සාකච්ඡාවක් දෙමින් එතුමා මේ බව කියා සිටියේ ය.  සිකුරු ග්‍රහයා ... සිකුරු හෙවත් වීනස් යනු සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්යයා ගේ සිට දෙවන ග්‍රහයා ය. එය රාත්‍රී අහසේ දීප්තියෙන් දෙවැනි වන්නේ චන්ද්‍රයාට පමණි. ඇතැම් විට දිවා කාලයේ ද පියෙවි ඇසින්

"අපි දුක් වේදනාවලට බිය නොවෙමු . මන්ද සමිඳාණෝ අප සමග කුරුසිය රැගෙන ගමන් කරති" - වියපත් සහ රෝගීව සිටින පියතුමන්ලා දිරිමත් කරමින් සුදොතුම් පියතුමා කියයි

Image
“We are not afraid of suffering; the Lord carries the cross with us,” Holy Father sends a message to elderly Priests   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වැඩිහිටි පියවරුන් පිරිසක් බලන්නට ගිය අවස්ථාවක්  (2020 සැප්තැම්බර 20)  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව  පුරා සිටින වැඩිහිටි, ගිලන් වූ පුදැදුරුතුමන්ට සිය සමීපත්වය ප්‍රකාශ කරයි.  ක්‍රිස්තු සමිඳුන් ඔවුන්ට සිය කුරුසිය රැගෙන යාමට සහය වන බැවින් තමන් විඳින වේදනා වලට ඔවුන් බිය නොවිය යුතු යැයි එම පියතුමන්ලා දිරි ගන්වමින් සුදොතුම් පියතුමා කියයි.  "පුදැදුරුවරුනට බිඳෙනසුළු බව යනු පිරිපහදු කරන ගින්දරකි; පවිත්‍ර කරන පරිශුද්ධකාරකයකි; එසේ ම එය අප පිරිසිදු කොට ශුද්ධවන්තභාවයට පත්කොට දෙවියන් වහන්සේ වෙත ඔසවන සාධකයකි." කෝවිඩ්-19 සහ එහි සීමා හේතුවෙන් වැඩිහිටි පුදැදුරුතුමන් ගේ ජීවිත  තව දුරටත් දුෂ්කර තත්වයට පත්විය. "එහෙත්  දෙවියන් වහන්සේ ගේ වරප්‍රසාදයෙන් එය පිවිතුරු කිරීමේ අත්දැකීමක් බවට පත් වනු ඇත. ..පුදැදුරුවරුනට බිඳෙනසුළු බව යනු පිරිපහදු කරන ගින්දරකි; පවිත්‍ර කරන පරිශුද්ධකාරකයකි; එසේ ම එය අප පිරිසිදු කොට ශුද්ධවන්තභාවයට පත්කොට දෙවියන් වහන්සේ වෙත

"වතිකාන සුළඟ" - සසුන් පිය ප්‍රැන්සිස් අභියෝගය

Image
ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ගේ දැක්ම ගැන...  එතුමන් ගෙන එන ප්‍රේමයේ, දයා කරුණාවේ . සෙනෙහසේ , අන්තර්ග්‍රහණයේ අභියෝගය ගැන..  දැනුම්වත් වන්න.  ඉකුත් සතියේ දිනමිණ "කිතුනු මිණ" පිටුවේ පල වූ විචාරයකි මේ:   "වතිකාන සුළඟ" "සභා පෙරළියකට කෙරෙන  සසුන්  පිය ප්‍රැන්සිස් අභියෝගය" කෘතිය කියවන්න.  කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ගොඩගේ පොත් මැදුරෙන්, හලාවත 'සුදසුන' , රාගම, මහබාගේ ක්ලැරේෂියානු පොත් හල,   සහ  මොරටුවේ ආවේ මරියා පොත් හලෙන්   මිලදී ගන්න .      

"පෙළපාළිකරුවන් ගේ විරෝධතාවලට සවන් දෙන්න" සුදොතුම් පියතුමා ලෝක දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි; "විරෝධතාකරුවන් සහ පාලකයන් අතර සංවාදයට සහය වෙන්න" කතෝලික සභා නායකයන්ගෙන් ඉල්ලයි

Image
Pope Francis urges that the voice of demonstrators be heard යුක්තිය සහ සාධාරණ මැතිවරණයක් ඉල්ලා වීදි බට බෙලරූස ජනතාව  (2020 සැප්තැම්බර් 14) ලොව පුරා ප්‍රදේශ රැසෙක මේ වන විට සිදුවෙමින් පවතින උද්ඝෝෂණ, පෙළපාලි සහ ජනතා පෙළගැසීම් වලට සවන් දීමේ අවශ්‍යතාව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. එතුමා පවසන්නේ මේ පෙළපාලි වලින් ප්‍රකාශ වන්නේ 'තීරණාත්මක දේශපාලනික  සහ සමාජයීය ගැටළු' සම්බන්ධයෙන් ජනතාව තුළ  පවතින  කලකිරීම බවයි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව නැගෙන "ජනතාවගේ මානව අයිතිවාසිකම් පිලිබඳ ඉල්ලීම් වල හඬට" දේශපාලන නායකයන් සවන් දිය යුතු බව එතුමා කියා සිටියි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සැප්තැම්බර් 13 වන ඉරිදා දහවල් සිය තුන්කාල ආරාධනා මරිය දැහැන අවසානයේ දී ය. සුපුරුදු පරිදි අපොස්තලික මාලිගාවේ සිට කරනු  ලබන මෙම යාච්ඥාවට සහභාගී වීම සඳහා වන්දනාකරුවෝ 500ක පමණ පිරිසක් සාන්ත පීතර චතුරශ්‍රයට එක්රැස් වී සිටියහ. තවමත් බලපවත්වන  කෝවිඩ් 19 සීමා නිසා වෙනදා මෙන් චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව පිරී යන්නට සෙනග පැමිණෙන්නේ නැත.  මේ දිනවල ලෝකයේ ප්‍රදේශ ගණනාවක විවිධාක

"ඇමේසන් රදගුරු කතිකාව පාර්ලිමේන්තුවක් බවට පත්වී තිබුණා ... ප්‍රවිචයෙන් හීනව තිබුණා... මෙය සභාවට අහිතකරයි" විවාහක පුදැදුරු වරුන් ගැන අවසන් තීරණයක් ගැනීමට නොහැකි වීමට පසුබිම සුදොතුම් පියතුමා සටහන් කරයි

Image
Pope says synod used ‘parliamentary logic’ when debating married priests   (2020 සැප්තැම්බර් 12) විවාහක පුදැදුරුවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි වූයේ, ඒ සම්බන්ධයෙන් ඇමේසන් රදගුරු සිනොඩ් කතිකාවේ සිදු  වූ සංවාදය "පාර්ලිමේන්තු විවාදයක් බවට පරිවර්තනය වූ නිසා" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.  සිනොඩ් කථිකාවක් තුළ තිබිය යුතු වූ "එක්ව ගමන් කිරීමේ" ජීව ගුණයත් "ප්‍රවිචකරණයත්" එතුළ නොතිබූ අකාරය එතුමා පැහැදිලි කරයි. ඒ වෙනුවට සිනොඩ් කථිකාව තුළ දක්නට ලැබුණේ "පාර්ලිමේන්තු න්‍යාය ශාස්ත්‍රය යි."  පශ්චාත්-සිනොඩ්  අනුශාසනා පත්‍රය ලිවීමේ දී සිය අවසන් ප්‍රවිචය සඳහා අතිශයින් තීරණාත්මක සාධකයක් වූ එය නොතිබීම නිසා ඒ සම්බන්ධයෙන් අදහස් නොදක්වා සිටීමට සිදු වූ බව එතුමා පැහැදිලි කරයි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු සඳහන්  කරන්නේ සිය පෞද්ගලික සටහනක ය. සාමාන්‍යයෙන් ශුද්ධෝත්තම පියතුමන්ලා ගේ පෞද්ගලික සටහන් ජනතාවට කියවීමට ලැබෙන්නේ එතුමන්ලා ගේ අවෑමෙන් පසුව ය. එහෙත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ගේ මෙම පෞද්ගලික සටහන ඉතාලියේ ජේසු නිකායික ප්‍රකාශනය වන  වන La Civil

"අපි අහස සූරන කුලුණු සහ මන්දිර ඉදි කරමු; එහෙත් ඒ අතර අපි මානව ප්‍රජාවන් විනාශ කරමු" - බදාදා පොදු හමුව -"ලෝකය අද වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගය, සහෝදරත්වය යි"

Image
 "Solidarity is the antidote to selfishness, exploitation": Weekly Audience  (2020 සැප්තැම්බර 6) "පෙර සිටියාටත් වඩා හොඳින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට නම් අප එක්ව ක්‍රියා කල යුතු ය; එනම්, ලෝකය අද වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමේ මාර්ගය, සහෝදරත්වය ය." "සහෝදරත්වය මුල් බැස ඇත්තේ දෙවියන් වහන්සේ මේ මිහිතලයත් සියලු මනුෂ්‍යයිනුත් මවා වදාළ සේක යන සත්‍යය තුළ ය.  "අපි උස් කුලුණු සහ අහස සූරන මන්දිර ඉදි කරමු; එහෙත් ඒ අතර අපි මානව ප්‍රජාවන් විනාශ කරමු. අපි මිහිතලයේ ස්වාමිවරුන් වන්නට උත්සහ කරමු; එහෙත් ඒ සඳහා අපි ජෛව විවිධත්වයත් පරිසරයේ තුල්‍යතාවත් විනාශ කරමු." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු  පෙන්වා දුන්නේ සැප්තැම්බර 2 වැනි දින බදාදා වතිකානයේ පැවැත්වුණු සතිපතා පොදු හමුවේ දී ය.  කෝවිඩ් "කොටු වීමෙන්" පසු ප්‍රථම වරට ජනතා සහභාගිත්වය  මාර්තු මාසයේ ඉතාලිය අඳුරු කරමින් පැතිරුණු කෝවිඩ් වසංගතය නිසා එරට ජනතාව මුළුමණින්ම  නිවාස වලට 'කොටු" කිරීමටත් සෞඛ්‍ය ආරක්ෂණ නීති ක්‍රියාත්මක කිරීමටත් ඉතාලි ආණ්ඩුවට සිදුවිය. ඊට අවනත වූ වතිකානය ද සුදොතුම් පියතුමා ගේ ප්‍රස

"සියල්ලෝ සොහොයුරෝ" - නව විශ්ව ලේඛනයට අත්සන් තැබීමට සුදොතුම් පියතුමා අසීසියට

Image
 "All Brothers": Pope to visit Assisi  to sign new encyclical (2020 සැප්තැම්බර 5) ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා  විසින් තවත්  සමාජ විශ්ව ලේඛනයක් නිකුත් කිරීමට දැන් සියල්ල සූදානම්ව  තිබේ.  එම විශ්ව ලේඛනයට පදනම වී ඇත්තේ 'සියලු මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ ගේ දරුවන් බැවින් අප සියල්ලෝම සහෝදර සහෝදර සහෝදරියන් ය' යන කිතුනු ඉගැන්වීම තුළින් ගලාවිත් සෑම මානව පුද්ගලයකු වෙතම පැවැරෙන සමාජයීය, දේශපාලන, ආර්ථික සහ පාරිසරික වගකීම යි.  නව විශ්ව ලේඛනය  "Fratelli Tutti" හෙවත් "සියල්ලෝ සොහොයුරෝ" (“All Brothers”)  යනුවෙන් නම් කර තිබේ. එම මාතෘකාව උපුටාගෙන ඇත්තේ  'ශා. ප්‍රැන්සිස් තුමන් ගේ අනුශාසනා' (Admonitions of St. Francis) නම් ග්‍රන්ථයෙනි.  එහි එක් ඡේදයක මෙසේ සඳහන් වෙයි: "අපි සියල්ලෝ, සහෝදරයෝ, ස්වකීය බැටළුවන් ගලවා ගැනීම සඳහා  කුරුසියේ දුක් ගාවිනා විඳි යහපත් එඬේරා දෙස බලමු."  අත්සන් තැබීම අසීසියේ දී  සුදොතුම් පියතුමන් විශ්ව  ලේඛනයට අත්සන් තබන්නේ ඔක්තෝබර 3 වනදා ය. එනම් අසීසියේ ප්‍රැන්සිස් මුනිඳුන් ගේ මංගල්‍යයට පෙර දින ය. අත්සන් තැබීම සිදු වන්නේ අසීසි න

"මැවිල්ල කොල්ලනොකමු. රැකබලා ගනිමු. හෙට නොවේ අද, ඒ වෙනුවෙන් ක්‍රියා කරමු" මාසික යැදුම් අදහස් වීඩියෝව නිකුත් කරමින් සුදොතුම් පියතුමා ඇරැයුම් කරයි

Image
"No to plundering; not tomorrow; today, we have to take care of Creation responsibly" Holy Father's September prayer intention  (2020 සැප්තැම්බර 1) මිහිතලයේ සම්පත්වලට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් අවධාරණය කරයි. ඇතැම් බලවේග මේ සම්පත් "මිරිකා' සූරාකමින් ද, කොල්ලකමින් සහ බලහත්කාරයෙන් පැහැරගනිමින් ද සිටින බව එතුමා පෙන්වා දෙයි. මේ නිසා මිහි මවට ගෙවිය යුතු "පාරිසරික ණයක්" පවතින බව ද එතුමා පවසයි. මේ නිසා "හෙට නොවේ අද" පරිසරය රැකබලා ගැනීමට ක්‍රියා කිරීමේ අවශ්‍යතාව එතුමා අවධාරණය කරයි.  මේ තත්වය සැලකිල්ලට ගෙන සැප්තැම්බර මාසය තුළ පරිසරය රැකබලා ගැනීම පිණිස යාච්ඥා කිරීමට් තමා සමග එක්වන ලෙස ද  ඒ වෙනුවෙන් ක්‍රියා කරන ලෙස  ද එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවට  ආරාධනා කරයි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම ආරාධනය කරන්නේ සැප්තැම්බර මාසයේ සිය යාච්ඥා අදහස අඩංගු "සසුන් පිය වීඩියෝව" නිකුත් කරමිනි.  "යාච්ඥාවේ අපෝස්තලිකත්වයේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" විසින් සුදොතුම් පියතුමා ගේ මාසික යාච්ඥා අදහස ලොව පුරා ගෙන යන මෙම වීඩ