Posts

Showing posts from February, 2015

සසුන් පිය යැදුම් පොත් පිංච බෙදාදීම රෝමයේ නිවාස රහිත වුවන් අතින්

Image
සේයාරුව: තිමති ෂ්මල්ස් නම් කැනේඩියානු මුර්ති ශිල්පියා විසින් නෙලන ලද "නිවාස රහිත වූ ජේසු සමිඳුන් ගේ ප්‍රතිමාව" සුදොතුම් පියාණන් විසින් ආසිරි ගන්වන ලද අයුරු. A hundred homeless people distribute Pope’s prayer book ඉකුත් ඉරිදා දහවල් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ තුන්කාල ආරාධනාවට සහභාගී වීමට වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට පැමිණි බැතිමතුන් අතර පාප් වහන්සේ ගේ චතාරික තිළිණයක් බෙදා හරිනු ලැබිණි. එම ත්‍යාගය සාමාන්‍ය සහ චතාරික යැදුම් ඇතුළත් පොත් පිංචකි. සාක්කු ප්‍රමාණයේ මෙම පොත් පිංච "ඔබේ හදවත රැක බලා ගන්න" යනුවෙන් නම් කර තිබේ. පොත් පිංචේ පළමු පිටුවේ පාප්වහන්සේ මෙසේ පවසති:

නව කාදිනල්වරුන් නිල ගැන්වීමේ මෙහෙයේදීය.

Image
" කතෝලික සභාව රෝගී වුවන් , තුවාල ලැබුවන් සහ පව්කරුවන් ප්‍රතික්ෂේප කරන වැසුණු මාලිගාවක් නම්, ඊට සභාවක් විය නොහැකියි" සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් මෙසේ කියා සිටියේ ඉකුත් දා පැවැති නව කාදිනල්වරුන් නිල ගැන්වීමේ මෙහෙයේදීය. තව දුරටත් කාදිනල්වරුන් ඇමතු උන්වහන්සේ මෙසේ ද කියා සිටියහ: "සභාවේ මග වන්නේ ඇයගේ බිත්ති බිත්ති හතරට කොටු වී නොසිට පිටතට ගොස් ඈත දුරින් සිටින්නන් සොයා යාමයි. එසේම ජීවිතයෙන් පිටත සිටින්නන් සෙවීමයි. අපේ අනන්‍යතාව වන්නේ සෙසු අයට සේවය කිරීමට මුළුමනින්ම විවෘත වී මයි. අපගේ ගෞරව නාමය විය යුත්තේ ද සේවය ම පමණයි."

ජාතියක ආත්මය සහෝදරකමයි

Image
" ජාතියක යහ පැවැත්ම සඳහා නිදහස සහ සමානාත්මතාවය පමණක් ප්‍රමාණවත් නොවේ; සහෝදරත්වය පිලිබඳ බලවත් හැගීමක් තිබීම අවශ්‍ය ය. එකිනෙකා දෙස සහෝදරයන් සහෝදරියන් ලෙස නොබලන ජාතියක පුරවැසියන් විසින් එම වටිනාකම් විකෘති කරනු ඇත. සහෝදරකම නොමැති ජාතියක් තුළ නිදහස හා සමානාත්මතාව වැනි වටිනාකම් ආත්මලාභය සහ පුද්ගලවාදයෙන් පිරී යන්නේය" වතිකානයේ ඊයේ පැවැති පොදු හමුවේදී සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ මේ බව කියා සිටියහ. “Liberty and equality are not enough for the well-being of a nation, there must also be a strong sense of brotherhood. …..Without seeing each other as brothers and sisters, a nation's citizens may distort these values, letting freedom and equality be filled with individualism and conformity.” From the meditation of Pope Francis at the General Audience on February 18

"ඉස්ලාම් රාජ්‍ය" (ISIS ) සංවිධානය විසින් ඝාතනය කෙරුණු කිතුනුවන් වෙනුවෙන් සුදොතුම් පියාණෝ යාච්ඥා කරති.

Image
ඉකුත් දා ISIS සංවිධානය විසින් ඝාතනය කරන ලද ඊජිප්තු ජාතික කොප්ටික් කිතුනුවන් 21 දෙනා වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ ඊයේ (අඟහරුවාදා) දිව්‍ය පුජාව ඔප්පු කළහ. මෙම ඊජිප්තු ජාතික කිතුනුවන් සිරියාවට ගොස් තිබුනේ රැකියා සොයා ගැනීමටය. එහිදී ISIS සංවිධානය විසින් ඔවුන් අල්ලාගනු ලැබිණ. ඔවුන්ගේ ගෙල කපා මරනු ලබන ආකාරය ඇතුලත් බියකරු වීඩියෝ පටයක් ISIS විසින් නිකුත් කර තිබුනේ ය. ඊ යේ සිය සාන්ත මාර්තා නිවහනේ දිනපතා දිව්‍ය යාගය ආරම්භ කල පාප් වහන්සේ " හුදෙක් කිතුවන් වීමේ හේතුව නිසාම ගෙල සිඳීමට ලක්වූ අපේ කොප්ටික් සහෝදරයන් වෙනුවෙන් යදිමු. ඔවුන් ප්‍රානපරිත්‍යාගීන් ලෙස පිළිගන්නා මෙන් සමිඳුන්ගෙන් අයැද සිටිමු. ඒ වගේම මේ සිද්ධිය නිසා වේදනාව්ටට පත්ව සිටින අපගේ සොහොයුරු තවද්‍රොස් පෙත්රියක් තුමන් වෙනුවෙන් ද යාච්ඥා කරමු", යයි කියා සිටියහ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ දෙවැනි තවාද්‍රෝස් පේත්‍රියාක් තුමා කොප්ටික් කිතුනුවන්ගේ නායකයායි. පාප් වහන්සේ මෙසේ ද කියා සිටියහ: "තම නපුරු දුර්පරීක්ෂා ප්‍රතික්ෂේප කර යහපත තෝරා ගැනීමට මිනිසුන්ට හැකිවන ලෙසත් අපි පියාණන්ට යාච්ඥා කරමු"

'අටේ ' කණ්ඩායම

Image
'අටේ ' කණ්ඩායම යළි රැස්වෙයි! සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් විසින් පත් කරන ලද විශේෂ "කාදිනල් කවුන්සිලය " ( ප් වහන්සේ ඉසුඹු ලැබීමෙන් පසුව, උන්වහන්සේ ගේ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමට පෙර පැවැති කාදිනල් මහ මණ්ඩල කතිකාවේදී අවධාරණය වුනා. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ වහාම මෙම කාදිනල් කවුන්සිලය පිහිටුවා ප්‍රතිසංස්කරණ ඇරඹුවේ ඒ අනුවයි.(Council of Cardinals) ඉකුත් දා වතිකානයෙදී යළි රැස්වුණා . මහද්වීප පහ නියෝජනය වන පරිදි කාදිනල්හිමිවරුන් අට දෙනෙකුගෙන් යුත් මෙම මණ්ඩලය සසුන් පියාණන් විසින් 2013 අප්‍රේල් මාසයේදී පත් කරන ලද්දේ "රෝම ක්‍යුරියාව " යන නමින් හැඳින්වෙන වතිකාන පරිපාලන ව්‍යුහයේ ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහායි.

වතිකානයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට ඇතුළතින්ම බාධා!

Image
වතිකානයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්කයට ! එත් සමහර ඒවාට ඇතුළතින්ම බාධා! සුදොතුම් සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ ඉසිඹු ලබන කාලය වන විට වතිකානයේ මුල්‍ය පරිපාලනය ගැන විවේචන සහ චෝදනා එල්ල වී තිබුනා. විශේෂයෙන් ම IOR යන නිල නාමයෙන් හැඳින්වෙන වතිකාන මහා බැංකුවේ ගණු දෙනු ගැන ජාත්‍යන්තර විශේෂඥයන් පවා කනස්සල්ල පල කර තිබුනා. මේ නිසා සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් පාප් ධුරයට පත්වන විට එතුමන් මත පැවරුණු එක ප්‍රධාන වගකීමක් වුයේ වතිකාන මුල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමයි. ප්‍රැන්සිස් පාප ්වහන්සේ එම ධුරයට පත් වී නොබෝ දිනකින්ම එම වැඩ කටයුතු ආරම්භ කළා. වතිකාන බැංකුව සහ මුල්‍ය කටයුතු විධිමත් කිරීමේ කමිටුවක් ඕස්ට්‍රේලියානු කාදිනල් ජෝර්ජ් පෙල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුනා. එම කණ්ඩායම මුලින්ම කලේ වතිකාන බැංකුවේ කටයුතු නවමං ගන්වා එය පාරදෘශ්‍ය ආයතනයක් බවට පත් කිරීමයි. එහි කටයුතු සිදුවන අතර "රෝම ක්යුරියාව" නමින් හැඳින්වෙන වතිකාන පරිපාලනයේ මුල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණය කිරීම ද එම කණ්ඩායම දැන් සිදු කරගෙන යනවා. "මුල්‍ය ප්‍රතිසංස්කරණ ඉදිරියට යමින් තිබෙනවා" යයි මේ සම්බන්ධයෙන්

මගේ ඇඟිලි පහ

Image
ඔබ දෙමාපියෙක් ද? නැතිනම් තවමත් දෙමාපිය රැකවරණ ලබන දුවෙක් ද? පුතෙක් ද? ඊයේ සතිපතා පොදු හමුවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් දරු පෙම ගැන මෙහෙම කීවා: "මට මතකයි අපේ අම්ම කියනවා: මට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. කවුද ඒ අය අතරින් මම වඩාත් ආදරේ කරන කෙනා? මගේ දරුවෝ පස් දෙනා හරියට මගේ ඇඟිලි පහ වගෙයි. ඔබ මේ ඇඟිල්ලට පහර දුන්නොත් ඒකට රිදෙනවා. අනිත් එකට පහර දුන්නොත් ඒකටත් රිදෙනවා.ඇඟිලි පහටම රිදෙනවා. එත් ඒ සියල්ලම මගේ. ඒ වගේමයි. දරුවෝ පස් දෙනාටම රිදෙනවා. එත් ඒ දරුවෝ පස් දෙනා විවිධයි; වෙනස්. හරියට ඇඟිලි පහ වගේ."

මේ සිත් මාරු කරගන්න කාලයයි.

Image
මේ සිත් මාරු කරගන්න කාලයයි. "සමගි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය (පාපොච්චාරණය ) කුණු පැල්ලම් සෝදා දමන "ඩ්‍රයි ක්ලීන්" ක්‍රියාවක් නොවෙයි. " සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා. "එම ප්‍රසාද නිධානය මහා කාරුණික සමිඳාණන් මුහුණට මුහුණ හමුවීමක්. උන්වහන්සේ එහිදී අප වැළඳගෙන, අපගේ පව් කමාකර, අප සමඟ ප්‍රීති වෙනවා." දිනක් රෝමයේ දෙව්මැදුරක ජනතාවට පාපොච්චාරණය දීමට යමින් සිටි ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් එහිම පාපොච්චාරණය දෙමින් සිටි පිය නමක් වෙත ගොස් පාපොච ්චාරණය කරගත් සැටි නරඹන්න. සුදොතුම් පියාණන් වෙනුවෙන් එක කොන්ත පන්තියක් ඔප්පු කරන්න. චතාරිකය ඇරඹෙන්න තව සති දෙකයි. 

ප්‍රැන්සිස් සුදොතුම් පියාණෝ රෝමය ආසන්නයේ පිහිටි පැල්පත් වාසීන් ගේ නගරයට යති.

Image
පාප්වහන්සේ ඉරිදාපස්වරුව (2015 පෙබරවාරි  8 දා) රෝමය ආසන්නයේ පිහිටි පිඑට්‍රලාතා නම් දුප්පතුන්ගේ නගරයේ අග්‍රදුත මිඛායෙල් තුමන් ගේ මීසම් වාසීන් සමග ගත කළහ.  ඒ යන අතර එතුමා  නගර දොරටුවෙන් ඇතුළුවෙන තැන අවට පිහිටි පැල්පත්වාසීන් ගේ ප්‍රදේශයේ මොහොතකට නතර වුයේය.  මුලින් පැල්පත් ජනයා මේ අමුත්තා නොදැක්කත් උන්වහන්සේ නෙත ගැටුණු කෙනෙක් " පපා ෆ්රන්සිස්කෝ" යයි ස්පාඥ්ඥ බසින් හඬ නගනවාත් සමගම ජනතාව උන්වහන්සේ වට කර ගත්හ.  ටික වෙලාවක් ඔවුන් සමග ගත කල පාප්වහන්සේ, "අපි පියාණන්ට යාච්ඥා කරමු. කව්ද ස්පාඥ්ඥ භාෂාව දන්නේ?" යයි ඇසුවේය.  "අපි ඔක්කොම දන්නවා" ඔවුහු  සියල්ලෝම  හඬ නගා පිළිතුරු දුන්හ.  ඔවුන් සමග පරමණ්ඩල යැදුම කී උන්වහන්සේ තමාට පමා නොවී මීසමේ පල්ලියට යා යුතු බව කියා, ඔවුන් ආශීර්වාද කර නික්ම ගියහ.  පිඑට්‍රලාතා නගරය බිහිවුනේ 1930 ගණන්වල ඉතාලි ජනාධිපති බෙනිටෝ මුසෝලිනි ගේ සමයේ ය . රෝම නගරය 'සුන්දර කිරීම සඳහා' යයි කියමින් නගර මධ්‍යයේ සිටි දුප්පත් ජනතාව ඔහු විසින් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබුහ.  ඔවුන් තාවකාලිකව පදිංචි කෙරුනේ මේ නගරයේයි. අද දක්වාත් ඒ නගරයේ දක්නට ඇත්ත

තාත්තා ගේ උරුමය "ප්‍රඥාව හා අවංක කමයි": බදාදා පොදු හමුව

Image
තාත්තා  කෙනෙකුට සිය දරුවන්ට තබා යා හැකි වටිනාම උරුමය නම් ප්‍රඥාව ඉගෙනගැනීමට ඇති බලවත් කැමැත්ත බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ දී ඉකුත් බදාදා පැවැත්වුණු පොදු හමුවේ දී එතුමා දෙමාපියන් අමතමින් මේ බව කියා සිටියේය. මේ වසර තුළ සුදොතුම් පියතුමා ගේ බදාදා පොදු හමුවල ධර්මෝපදේශ දේශනයේ තේමාව වී ඇත්තේ පවුල යි. මෙවර එතුමා කතා කලේ පවුල තුළ තාත්තා සතු කාර්ය භාරයේ කොටසක් ගැනයි.  "සෑම පවුලකට ම තාත්තා කෙනෙක් සිටිය යුතුයි. මේ තාත්තා ගේ ආශාව විය යුත්තේ තමා වගේ දරුවෙක් සිටිනවා කියා පාරට්ටු කරගැනීම නොවේ. ඔහු තුළ තිබිය යුතු බලවත් සතුට විය යුත්තේ යහපත්කම, ධර්මිෂ්ටකම සහ ප්‍රඥාව ගැන ඉගෙන ගැනීමට ඇති කැමැත්තයි. ජීවිතයේ ඉතිරිවන එකම දේ එයයි" යයි සුදොතුම් පියතුමා මෙහිදී කියා සිටියේය. "මේ අනුව පියෙකුට සිය දරුවනට සන්නිවේදනය කළ හැකි උදාරම උරුමය ප්‍රඥාව හා යහපත්කම ලබා ගැනීමට ඇති මෙම කැමැත්ත" බව එතුමා පෙන්වා දුන්නේ ය. "දරුවන් මෙම උරුමය ලබාගෙන එයින් ප්‍රයෝජන ගන්නා අයුරු දැකීමෙන් ඔබ ප්‍රමෝදයට පත්වනු ඇත" යි එතුමා සඳහන් කළේය.  ශුද්ධ බයිබලයේ හිතෝපද

"සභාව දේශනා කරන්නේ නිදහස, දුප්පත්කම ගැන මිස සෞභාග්‍යය ගැන නොවේ." - සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ.

Image
"සභාව දේශනා කරන්නේ නිදහස, දුප්පත්කම ගැන මිස සෞභාග්‍යය ගැන නොවේ ."  "ගැලවීම සහ සමහරු කතාකරන 'සෞභාග්‍යයේ දේවධර්මය' අතර සම්බන්ධයක් නැහැ.ඇත්තවශයෙන්ම සුවිශේෂය දේශනා කරන තැනැත්තන් සරල ජීවිතයක් ගත කළ යුතුයි. ඔවුන් අනුගමනය කල යුත්තේ ජේසු සමිඳුන්ගේ උපදේශය. උන්වහන්සේ කීවේ: ගමනට ආහාර,ගමන් මල්ලක් හෝ ඉඟ පටියේ මුදල් වැනි කිසිවක් නොගන්න. සැරයටියක් පමණක් ගන්න, කියායි . එබැවින් සුවිශේෂය දේශනා කළ යුත්තේ දිළිඳු ලෙස ජීවත් වෙමින්...... මන්ද ගැලවීම යනු පීඩිත ව ූ සියල්ලන් වෙත ප්‍රකාශ කෙරෙන සුබාරංචිය නිසාය." ඊයේ උදැසන සිය නිවහනේ පැවති දිව්‍ය යාගයේ භාවනාව කරමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. මෙහි එන පින්තුර: (1) ප්‍රැන්සිස් පාප් වහන්සේ සුදොතුම් පිය අභිෂේක දිව්‍ය පුජා යාගයේදී පැළඳ සිටියේත් උන්වහන්සේ ආර්ජන්ටිනාවේදී අව්වට -වැස්සට සැපට-දුකට පාරට -බස් එකට දැමූ දුප්පත් "සපත්තු දෙක"මයි. එය මාධ්‍යවේදියකුගේ කැමරාවේ මෙහෙම සටහන් වුනා. (2) පාප්වහන්සේ ආර්ජන්ටිනාවේ අගරදගුරුතුමන් සමයේ ගමන් බිමන් ගියේ සාමාන්‍ය ජනයා මෙන් කෝච්චියේ-බස් එකේ.

ලතින් ඇමෙරිකාවේ දිවැසිවර-ප්‍රාණපරිත්‍යාගී වරයා භාග්‍යවරයට! පාප් වහන්සේ ගේ නිල පිළිගැනීම නිකුත් වෙයි!

එල් සැල්වදෝරයේ සන්සල්වදෝර් පදවියේ (1980 දී ඝාතනයට ලක්වූ) ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ප්‍රාණපරිත්‍යාගී වරයකු බව ප්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (2015 පෙබවාරි 3 දා) නිල වශයෙන් වතිකානයෙදී ප්‍රකාශයට පත් කළහ.  මේ අනුව එතුමන් භාග්‍යවරයට එසවීමේ දිනය ඉදිරි දින කීපය තුළ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.  රොමෙරෝ හිමිපාණන්ගේ ඝාතනය, කිතුනු විශ්වාස ධර්මයට අනුව, ප්‍රාණපරිත්‍යාගී වීමක් ලෙස පිළිගත හැකි බව ඉකුත් ජනවාරියේදී වතිකාන දේවධර්ම විශාරදයෝ   නිල වශයෙන් පාප් වහන්සේට දැනුම් දුන්හ. මෙය සමස්ත ලතින් ඇමෙරිකාවටම ආනන්ද ජනක පුවතක් බවට පත්ව තිබේ.  එකල පැවති එල්සැල්වදෝරයේ ඒකාධිපති රේජීමය එරට දුප්පතුන් පෙළමින්, මහජන මුදල් ගසාකමින්, ඊට එරෙහි වන ජනතාවත් ඔවුනට සහාය දෙන පුජකවරුනුත් මරා දමමින් කුරිරු පාලනයක් ගෙන යමින් තිබිණි. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණෝ , සිය පුජක, නායක සහ දිවැසිවර යන තෙවදෑරුම් කරිස්මාවන් ජීවත් කරවමින් පාලක රෙජීමය හෙලා දුටහ. එම රෙජීමයට අභියෝග කළහ.  දුප්පත් පීඩිත ජනතාව සමග ජීවත් වෙමින්, ඔවුන් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන හඬ නැගූහ.  දිගින් දිගටම රොමෙරෝ හිමිපාණන් පීඩනයට ලක්කල