Posts

Showing posts from January, 2019

"තරුණ ඔබ දෙවියන් වහන්සේ ගේ 'දැන්' මොහොතයි" - ජාත්‍යන්තර යොවුන් දිනය සමාප්තියට පත් කරමින් සුදොතුම් පියතුමා කියයි

Image
මීළඟ ජගත් යොවුන් දිනය 2022 පෘතුගාලයේ දී  "Young people are the 'now' of God" - Holy Father says closing the WYD ජගත් යොවුන් දින සමාප්ති දිව්‍ය පූජාවට එක්වූ සභාවේ යෞවනය  (2019 ජනවාරි 27 ) දෙවියන් වහන්සේට සේවාව කිරීම සහ උන්වහන්සේ ගේ දූත මෙහෙවර ඉටු කිරීම අනාගතයේ හෝ අතීතයේ දෙයක් හෝ විවේක ඇති විට කළ හැක්කක් නොවේ. එය මේ මොහොතේ කල යුතු දෙයක් සේම පූර්ණ කාලීනව කළ යුත්තක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. ජනවාරි 27 වැනිදා ඉරිදා උදාසන පැනමාවේ පැවැත්වුණු ජගත් තරුණ දිනය සමාප්තියට පත්කරමින් පැවැති දිව්‍ය පූජාවේ දී එතුමා මේ බව කියා සිටියේය. "සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ සහ සහ උන්වහන්සේ ගේ දූත මෙහෙවර අපගේ ජීවිතයේ 'අතරතුර කාලයේ' කරන්නක් හෝ තාවකාලික දෙයක් හෝ නොවේ. එය අපගේ ජීවිතයමයි. එය 'හෙට' නොවේ. දැනුයි. මන්ද ඔබගේ වස්තුව කොතැනද. ඔබගේ හදවත ද එතැන නිසාය" යි දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමින් එතුමා කීවේය. " අපගේ වස්තුව වීමට ජේසු  සමිඳුන්ට අවශ්‍ය ය . මන්ද උන්වහන්සේ 'අතරතුර' කාලය හෝ විවේක කාලය හෝ නොවන නිසාය. උන්වහන්සේ අපව  උන්වහන

"ජේසු සමිඳුන් ගේ ප්‍රේමයෙන් ලොව එක්සත් කරමින් මුණගැසීමේ සංස්කෘතියක් ගොඩනගන්න" - යොවුන් දිනය විවෘත කරමින් සුදොතුම් පියතුමා කියයි.

Image
"Unite the world with Christ's love" Pope Challenges the youth while opening WYD 2019 (2019 ජනවාරි 25) විවිධ වූ දේශයන් සහ සංස්කෘතීන් යා කරමින්  ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමයෙන් එක්සත් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා යෞවනයන්ගෙන් ඉල්ලා සිටියි. කතෝලික සභාව විසින් තෙවසරකට වරක් පවත්වනු ලබන ජගත් යොවුන් දිනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් සුදොතුම්  පියතුමා මෙම ඉල්ලීම කළේය. "අප අයත්වන්නේ  විවිධ වූ සංස්කෘතීන්වලට  සහ විවිධ වූ ජනතාවකටය.අපි වෙනස් භාෂා කතා කරමු. විවිධ ඇඳුම් පැළඳුම් අඳිමු පළඳිමු. අප එකිනෙකා  ගේ ජනතාවට වෙනස් ඉතිහාසයක් තිබේ. එසේම අප එකිනෙකා ගේ ජනතාව විවිධ හා වෙනස් ඓතිහාසික සහ සමාජයීය ජීවිත තත්ත්ව අත්දැක තිබේ. මේ අන්දමින් අපි අනේකාකාරයෙන් වෙනස් අය  වෙමු." "එහෙත් අප සියල්ලන් එකිනෙකා මුණගැසීම නැවැත්වීමට හෝ සියල්ලන් එකට එක්ව ප්‍රීති වීම නැවැත්වීමට හෝ ඒ කිසිදු වෙනස්කමකට නොහැකි වී තිබේ. ඊට හේතුව අප එක්සත් කරන, එකමුතු කරන කිසියම් දෙයක් තිබීම බව අපි දනිමු. යම් කෙනෙක් අපගේ සහෝරදයා ය. දයාබර සහෝදර වරුනි, ඔබ එකිනෙකා අද දින මෙහිදී මුණගැසීම සඳහා ප

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැනමාවට සැපත්වෙයි - 2019 ජගත් යොවුන් දිනය ඇරඹේ

Image
Pope Francis arrives in Panama -  World Youth Day begins (2019 ජනවාරි 23) පැනමාවේ පැනමාපුර පවැත්වෙන 34 වැනි ජගත් යොවුන් දිනයට සහභාගී වීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (ජනවාරි 23) පස්වරුවේ පැනමාවට පැමිණියේය. එතුමන් පිළිගැනීම සඳහා ඒ වන විටත් දහස් සංඛ්‍යාත ජනකායක් පැනමාපුර ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රැඳී සිටියහ. ඔවුන් එතුමන් එනතෙක් දවස පුරා එහි රැඳී සිටියේ ඒ වන විටත් එම නගරයේ පැවැති සියොළඟ දවාලන අධික උෂ්ණත්වය ද නොතකමිනි. රෝමයේ සිට පැනමාපුරට ගුවන් කාලය පැය 13 කි. දෙරට අතර කාල වෙනස පැය  6කි. පනමාවේ උෂ්ණත්වය අංශක 33 ඉක්මවා තිබිණි. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගුවන් යානයේ පියගැට පෙළ ඔස්සේ ගුවන් පථයට පිය නගන විට එතුමන් මහත් වෙහෙසට පත්ව සිටින බවක් පෙනෙන්නට තිබිණ. ගුවන් යානයේ පියගැට පෙළ අසල දී පැනමා ජනාධිපති හුවාන් කාලෝස් වරෙලා රොඩ්රිගුවෙස් සහ එම ආර්යාව විසින්  සුදොතුම් පියතුමා උණුසුම්ව පිළිගනු ලැබිණි. වතිකානයේ සහ පැනමාවේ ජාතික ගී වාදනය වීමෙන් පසුව සුදොතුම් පියතුමන් ගේ ආරක්ෂක අංශය එතුමාගේ මෝටර රථය වෙත එතුමන් කැඳවා ගෙන යනු ලැබීය. ඒ අතර එතුමා එහි රැස්ව සිය අවධානය දිනා ගැනී

ජගත් යොවුන් දිනයට සුදොතුම් පියතුමා පැනමාවට

Image
Holy Father heads to Panama for World Youth Day (2019 ජනවාරි 21) පැනමාවේ  අගනුවර වන පැනමා නුවර පැවැත්වෙන 2019 ජගත් තරුණ දිනයට සහභාගී වීම සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජනවාරි 23 වැනිදා රෝමයේ සිට පැනමා නගරය බලා  පිටත් වෙයි. කතෝලික සභාව වසර තුනකට වරක් පවත්වන ජගත් යොවුන් දිනයට සහභාගී වීම සඳහා මේ වන විටත් ලොව පුරා රටවල් 155කින් එරටට පැමිණ සිටින 150,000කට අධික යොවුන් ජනතාව සමග එතුමා ද සම්බන්ධ වනු ඇත. 2019 ජගත් යොවුන් දිනය සඳහා ජනගහයන 40 ලක්ෂයකට මඳක් වැඩි වන මෙම  කුඩා රට තෝරාගන්න ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසිනි. මධ්‍යම ඇමෙරිකාව දකුණු ඇමෙරිකාව සමග යා කරන පැනමාව එම කලාපය තුළ පිහිටා ඇති වේගවත් සංවර්ධනයක් සහිත රටකි.මේ නිසා එම රට තුළ පවතින දියුණු යටිතල පහසුකම් හා ආරක්ෂක තත්වයන් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත හමුවක් පැවැත්වීමට අවශ්‍ය ප්‍රබල සාධක සපයයි. මේ කරුණු  නිසා ජගත් තරුණ රැළිය පවත්වන්නට එම රට තෝරා ගැණින. තරුණ දිනය සහ තරුණයන් පිලිබඳ සිනොඩ් කතිකාව  මෙම තරුණ දින රැළිය පැවැත්වෙන්නේ ලොව පුරා රදගුරු හිමිවරුන් ගේ සහභාගීත්වයෙන් රෝමයේදී පසුගිය වසරේ පවත්වන ලද තරුණයන් පිලිබ

"දෙවියන් වහන්සේ වෙනත් කිතුනු සභා හෝ ප්‍රජාවලට ලබා දී ඇති තිලිණ අවතක්සේරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම බරපතල පාපයක්" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
It is a 'grave sin' to deny God has blessed other Christians - Pope says at the Ecumenical Vespers (2018 ජනවාරි 20) සම්පත් බෙදා නොගැනීම හේතුවෙන් සමාජය තුළ භේද ඇති වන්නේ යම් සේ ද එසේම එක් කිතුනු සභාවකට, සංඝයකට හෝ කිතුනු ප්‍රජාවකට දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද තිලිණ වල පිරිපුන් බව වෙනත් සභා සමග බෙදා නොගන්නා විට හෝ එම තිලිණ වෙනත් සභා විසින් නොපිළිගන්නා විට කිතුනුවන් අතර පවතින භේද ද ක්‍රමයෙන් වර්ධනය වන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. මේ නිසා කිතුනුවන් අතර සමගිය හා එක්සත් කමට ඇති මාර්ගය වෙනත් කිතුනු ප්‍රජා හෝ සංඝ හෝ සභාවලටත් දෙවියන් වහන්සේ විසින් දානය කර තිබෙන තිලිණ පිළිගෙන ඒවා බෙදා ගැනීම බව එතුමා අවධාරණය කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කිතුනු එකමුතු සතියට (Week of Prayer for Christian Unity) මුල පුරමින් රෝමයේ පැවැත්වුණු සන්ධ්‍යා මෙහෙයේදී ය. ජනවාරි 18 වනදා සන්ධ්‍යාවේ මෙම කිතුනු එකමුතු සන්ධ්‍යා මෙහෙය (ecumenical evening prayer service) පැවැත්වුනේ රෝමයේ සාන්ත පාවුළු  බැසිලිකා දෙව්මැදුරේ දීය. කිතුනු සභා සහ ප්‍රජා රැසක නියෝජිතයෝ ඊට  සහභ

"නැතිවූවන් හා පීඩිත වූවන් වෙනුවෙන් කැපවූ සභාවක්; සමගි සන්ධානය ආත්මීය වූ සභාවක්": ශු. ජුසේ වාස් පියතුමන් හා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් අතර විශ්ලේෂනාත්මක සංසන්දනයක්

Image
"A Church for the Lost and the Least; A Church for Reconciliation"- An analytical comparison of the Ministries of St. Joseph Vaz and Pope Francis (කර්තෘ සටහන: මෙය "2017 ජුසේ වාස් වසර" පරිසමාප්තියට පත් කරමින් 2017 ඔක්තෝබර අවසන පවත්වන ලද "ජාතික ජුසේ වාස් දිනය" නිමිත්තෙන් 2017 ඔක්තෝබර 29 දින "වතිකාන සුලඟේ" පළවුණු ලිපියයි. 2019 ජනවාරි 16ශු. ජුසේ වාස් පිය මංගල්‍යය නිමිත්තෙන් මෙය යළිත් පළ කෙරේ. )  (2019 අප්‍රේල් 15) ශ්‍රී ලංකාවේ කතෝලික සභාව මේ වසර ප්‍රකාශයට පත් කර ඇත්තේ ශු. ජුසේ වාස් පිය වසර ලෙසය. නොවැම්බර 4 වැනිදා ජාතික ජුසේ වාස් පිය දිනය ලෙස ද නම් කර තිබේ. කතෝලික පාරිභාෂිත වදන් භාවිතය අනුව "ශ්‍රී ලංකාවේ අපොස්තුළුවරයා" යන විරුදය අනිවාර්යයෙන් ම ලැබිය යුතු මෙම ගෝවාන පියතුමාට ලක්දිව කතෝලිකයෝ සම්පූර්ණයෙන් ම ණය  ගැතිය.  දැඩි ඕලන්ද පීඩනය හේතුවෙන් ලක්දිව කතෝලිකයන් නිදහසේ සිය විශ්වාසය ජීවත් කිරීමට නොහැකිව, සැඟවී බියෙන් සිටින බව දැනගත් මෙම පියතුමා  ඔවුනට සරණ වීම සිය ජීවිත අභිලාෂයත් දේව මෙහෙවරත් කරගත්තේය.  මහත් පරිශ්‍රමයකින් සහ කැපකිරීමකින්

"දේශපාලනය යනු මානව හිමිකම් සුරක්ෂිත කිරීම සහ සාමය උදෙසා වූ සේවාවක්"- ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි.

Image
"යහපත් දේශපාලනය මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් ඒවා ප්‍රවර්ධනය කරයි" "Good politics is at the service of peace and Human Rights" World Peace Day Message 2019 (2019 ජනවාරි 1) අවිශ්වාසයේ, ප්‍රතික්ෂේප කිරීමේ  සහ ජාතිකවාදයේ වටපිටාවක් සහිත නූතන ලෝකයට අන්‍යයන්ට සේවාව කරන්නා වූද ඔවුන් ආරක්ෂා කරන්නා වූද දේශපාලකයන් සහ  සාමය ඇති කරන්නන් අවශ්‍ය වී  ඇතැයි ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා කියයි. එතුමා පෙන්වා දෙන්නේ යහපත් දේශපාලනය යනු සාමයේ සේවයට කැපවීම බවයි. "සාමය යනු චාල්ස් පෙගී නම් කවියා සැමරූ 'බලාපොරොත්තුවයි'. එය හිංසාවේ සහ ප්‍රචණ්ඩත්වයේ ගල් සහිත භූමිය මත විකසිත වන්නට සටන් කරන සියුමැළි මලක් වැන්න . ඕනෑම මිලක් ගෙවා බලය ලබා ගැනීම සඳහා පවතින පිපාසය අපයෝජන, දුෂණ සහ අයුක්තිසගහත ක්‍රියා ජනිත කිරීමට හේතු වන බව අපි දනිමු. දේශපාලනය යනු මානව ප්‍රජාව සහ මානව ආයතන ගොඩනැගීමට අත්‍යවශ්‍යම වන යාන්ත්‍රනය බව අපි දනිමු. එහෙත් දේශපාලනය සමස්ත මානව ප්‍රජාවට සේවය කිරීමේ ආකෘතිය නොවන විට එය පීඩනයේ, හිංසනයේ, කොන්කිරීමේ සහ විනාශයේ මාර්ගය වන්නේය" ප්‍රැන්සිස් සුදොතුම් පිය