Posts

Showing posts from July, 2017

දරුණු නියඟය නිසා වතිකානයේ දිය පොකුණුත් 'වියලී' යයි

Image
 Vatican's cascading fountains 'go dry' as the City State takes steps to face the drought  වියැළුණූ පොකුණු (2017 ජූලි 30) දශක ගණනාවකට පසුව වතිකානයත්  දරුණුම  නියඟයකට මුහුණ දී සිටියි. මේ හේතුවෙන් වතිකාන පුර රාජ්‍යයට ලැබෙන සීමිත ජලය සංරක්ෂණය කර ගැනීමේ අරමුණින් වතිකාන පුරවරය සුන්දර කරන 100කට ආසන්න දිය පොකුණු (fountains ) වසා දැමීමට වතිකාන ආණ්ඩු කාර්යාලය පියවර ගෙන තිබේ. දැනට පවතින දැඩි නියඟය නිසා ජලය ආරක්ෂා කර ගැනීමේ පියවර ගැනීමට නගර රාජ්‍යයට සිදු වී ඇතැයි ඉකුත් 25 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වතිකාන ආණ්ඩු කාර්යාලය කියා සිටියේ ය. මේ අනුව සාන්ත පීතර චතුරශ්‍රය, වතිකාන උද්‍යාන ඇතුළු සිය දේශ සීමාව ඇතුළත පවතින සියලු පොකුණු අක්‍රීය කිරීමට පියවර ගත බව එම කාර්යාලය නිවේදනය කලේය. "මෙම තීරණය ගන්නා ලද්දේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඉගැන්වීම් වලට අනුකූලවයි" යයි එම නිවේදනයේ සඳහන් වේ. " ' ජලය, මානව ජීවිතයටත් භෞමික සහ ජලජ පරිසර පද්ධතිවල පැවැත්මටත් අත්‍යවශ්‍යම සාධකයක් බව එතුමන් ගේ 'වේ ප්‍රශංසා' පරිසර විශ්ව ලේඛනයේ සඳහන් වේ. පානීය ජලය අතිශය වැදගත්කමින්

"බයිසිකල් රදගුරු" තුමා මිලානෝවේ අගරදගුරු ලෙස පත් කෙරේ

Image
"Bicycle Bishop" appointed as the Archbishop of Milan සුදොතුම් පියතුමා රදගුරු අභිෂේක මෙහෙයක (2017 ජූලි 20) ඉතාලියේ මිලානෝ අගරදගුරු පදවිය ගෞරවයට ලක්ව තිබුනේ  සුදොතුම් පියවරුන් පත්වන පදවියක් ලෙසය. එම පදවියේ අගරදගුරු  ඇන්ජෙලෝ ස්කෝලා කාදිනල් හිමි රදගුරු හිමිවරුන් ගේ විශ්‍රාම වයස වන අවුරුදු 75 සැපිරීම නිසා ඉකුත් දා විශ්‍රාම ගියේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් මෙම ලොව ප්‍රචලිත පදවියේ නව අගරදගුරු තුමන් පත් කරනු ලැබ සිටින්නේ එම පදවියේ සහායක රදගුරුතුමන් හා අනුනායක තුමන් ලෙස ලෙස සේවය කල අති උතුම් මාරියෝ දෙල්පිනි රදගුරු තුමන් ය. එතුමා මහන්සි වී වැඩකරන, නිහතමානි එහෙත් ශක්තිමත් හා ධෛර්යවන්ත එඬේරෙකු ලෙස ජනතාව ගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටින බව මිලාන් ආරංචි මාර්ග කියයි. දෙල්පිනි අගරදගුරු තුමා සාහිත්‍යය, දේවධර්මවේදය  සහ දේවධර්ම විද්‍යාව යන විෂයයන් වලින් උපාධි ලබා සිටියි. ඊටත් වඩා එතුමා ප්‍රචලිතව සිටින්නේ පූජකවරුන් ගේ හැසිරීම සහ  ආචාර සමාචාර විධි ගැන කෘතියක් පළ කිරීම සම්බන්ධයෙනි. "පූජක වරුන් තුළ තමන් පිලිබඳව ඇති    'පූජනීය සංකීර්ණය' නිසා හටගන්නා පූජකාධිපති වාදය

"ටියුරීන් හි සළුවේ ගැලී ඇති රුධිරය එයින් වෙලා තිබූ තැනැත්තා අධික වදහිංසාවට ලක්කර තිබූ බව සනාථ කරයි": අලුත්ම විද්‍යාත්මක පරීක්ෂණයේ වාර්තාව

Image
"Shroud of Turin bears the blood of a heavily tortured person" says a new study  ටියුරීන්හි ශව වස්ත්‍රයේ පූර්ණ ප්‍රමාණයේ සේයාරුවක් (කැනඩාවේ පවත්වන ලද ප්‍රදර්ශනයක දී සේයාරු ගත කෙරිණි)  (2017 ජූලි 17) ටියුරීන්හි ශව වස්ත්‍රයේ ඇති රුධිරය අධික වදහිංසාවට භාජනය කරනු ලැබීමෙන් පසු මියගිය තැනැත්තෙකු ගේ සිරුරෙන් වෑහුණු රුධිරය බව ඒ පිළිබඳව කරන ලද අලුත්ම පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබේ. ඉතිහාසය  ටියුරීන් හි ශව වස්ත්‍රය යනු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත මිය යාමෙන් පසුව උන්වහන්සේ ගල්ලෙනෙහි තැන්පත් කිරීම පෙර උන්වහන්සේ ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර වෙළීමට භාවිත කළ සළුව ලෙස ලොව පුරා කිතුනුවන් විශ්වාස කරන වස්ත්‍රයයි. ජුදෙව් සිරිතට අනුව පූජක ගෝත්‍රයේ  ජුදෙව් පිරිමියකු මිය ගිය විට ඔවුන් ගේ සිරුරු මිහිදන් කරන්නේ නැතහොත් තැන්පත් කෙරෙන්නේ වස්ත්‍රයක එතීමෙන් පසුවය.  ජේසු සමිඳුන් ද එම ගෝත්‍රයට අයත්ව සිටි බැවින් උන්වහන්සේ ගේ සිරුර ද එසේ වස්ත්‍රයකින් වෙලා එතෙක් කිසිවෙකු තැන්පත් නොකළ අලුත් ගල්ලෙනෙක තැන්පත් කල බව ශුද්ධ ලියවිල්ල කියයි. ක්‍රිස්තුන් වහන්සේ ගේ උත්ථානයෙන් පසුව එම ශව වස්ත්‍රය උන්

"මැසිවිලි කීම තහනම්": සුදොතුම් පිය කාමර දොරේ ඇති දැන්වීම අමුත්තන්ට 'අනතුරු අඟවයි'

Image
"No Whining": A sign on Pope Francis' Vatican door warns  "මැසිවිලි නොනගනු" දැන්වීම සහිත සුදොතුම් පිය කාමරයේ දොර  "මැසිවිලි කීම තහනම්." (Complaining is Prohibited) ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ නිවහන වන වතිකානයේ සාන්තා මාර්තා තානායමේ එතුමන් ගේ කාමරයට ඇතුළුවන දොර මත අලවා ඇති 'අනතුරු ඇඟවීමේ' එසේ සඳහන් වේ. මීට දින කිහිපයකට පෙර අලවන ලද මෙම 'අනතුරු ඇඟවීම'  මේ වන විට අන්තර් ජාතික මාධ්‍ය ඔස්සේ ලොව පුරා ප්‍රචාරය වූ මුවගට හසරැලි ගෙනෙන පුවතක් බවට පත්වී තිබේ. මෙම 'දැන්වීමේ' ඡායාරුපයක් ගෙන ප්‍රථම වරට ඒ ගැන හෙළිකරන ලද්දේ ඉතාලියේ පලවන La Stampa පුවත් පතේ වෙබ් අඩවිය විසිනි. දැන්වීම මුද්‍රණය කර ඇත්තේ ඉතාලි බසිනි. එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ වන විට ලොව පුරා ප්‍රචාරය වී ඇත. "මැසිවිලි කීම තහනම්" යන ලොකු අකුරින් කෙරෙන  'අනතුරු  ඇඟවීමට පසුව කුඩා අකුරු වලින් එහි මෙසේ කියැවේ: "මෙය කඩකරන්නන් තමන් වින්දිතයකු බව නිතර සිතෙන 'වින්දිත සින්ඩ්‍රෝමයට' ලක්විය හැකි අතර, එවැනි පුද්ගලයන් ගේ  මනෝභාවය ද ප්‍රශ්න විසඳීමේ හැකියා

සුව සේවා අරමුදල් කාදිනල් නිවස ප්‍රතිසංස්කරණයට යෙදවූ වතිකාන නිලධාරීන් දෙදෙනෙකුට නඩු

Image
Vatican charges two former officials over re-directing hospital funds to renovate a Cardinal's apartment   ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ජේසු බිලිඳු ළමා රෝහලේ රෝගී දරුවකු සැනැසු මොහොතක් (2017 ජූලි 13) වතිකානය මුදල් කළමනාකරණයේදී දුෂණවල යෙදුනු නිලධාරීනට එරෙහිව නඩු පැවරීම ආරම්භ කර තිබේ. මෙවැනි ප්‍රධාන නඩු  විභාගයක් ජූලි මස 18 වනදා ආරම්භ වීමට නියමිතව ඇත. වතිකානයේ  ළමා රෝහලකට සපයන ලද මුදල් නීති විරෝධී ලෙස වතිකානයේ හිටපු රාජ්‍ය ලේකම් තාර්ෂිශියෝ බර්තෝනේ කාදිනල් තුමන් ගේ පෞද්ගලික එපාර්ට්මන්ට් නිවස ප්‍රතිසංස්කරණය කිරීමට යොමු කිරීම මෙම නඩු නිමිත්ත වී තිබේ. වතිකාන නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ පාප් වහන්සේ ගේ අරමුදල් මත පවත්වාගෙන යන රෝමයේ "බැම්බිනෝ ගෙසූ" (ජේසු බිලිඳු) ළමා රෝහලේ  හිටපු සභාපති ජිසේප්පේ ප්‍රොෆිටි සහ එහි හිටපු භාණ්ඩාගාරික මැස්සිමෝ ස්පයිනාට යන අයට එරෙහිවයි. ඔවුනට එරෙහිව ඇති චෝදනාව වන්නේ ජේසු බිලිඳු ළමා රෝහල් අරමුදලට අයත් මුදලින් යුරෝ 422,000ක් හිටපු රාජ්‍ය ලේකම් බර්තෝනේ කාදිනල් තුමන් ගේ එපාර්ට්මන්ට් නිවස ප්‍රතිසංස්කරණය සඳහා ලබා දීමයි. මෙම