Posts

Showing posts from June, 2016

"කිතුනු සභා අතර පූර්ණ එක්සත්කම කරා වේගයෙන් දුව යමු": ආමේනියා ඕතඩොක්ස් නායකයන් ගෙන් කල ඉල්ලීම

Image
"Let's race towards full communion:" Pope tell s Armenian Church leaders   සුදොතුම් පියතුමා සහ කතෝලිකොස් තුමා මේ ගමනේ සිහිවටනයක් ලෙස පැළයක් සිටුවති  (2016 ජුනි 29) ඉතිහාසයේ දී විවිධ ලෞකික හේතු මත වෙන්වූ සභා යළි එකමුතු වීම කඩිනම් කිරීම සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අංක එකේ ප්‍රමුඛතාවකි. එතුමා ඉකුත් සති අන්තයේ (2016 ජුනි 24-26) ආමේනියාවේ තෙදින අපෝස්තලික සංචාරයක නිරත වූයේ එම ප්‍රමුඛ අරමුණ ඇතිවය. එහිදී එතුමා ඉඟියෙන්, කතාවෙන්  හා ක්‍රියාවෙන් ද මෙම ඒකත්වය වෙනුවෙන් කටයුතු කළේය. තුන් මිලියනයක් පමණ වන ආමේනියාවේ ජනගහනයෙන් සියයට 95ක් ම ක්‍රිස්තු භක්තිකයෝ ය. මෙම සමස්ත කිතුනු ජනගහනයෙනුත් සියයට 92 ක් ම අයත් වන්නේ ආමේනියාන අපෝස්තලික සභාවටයි. ඕතඩොක්ස් සභාවක්  වන ආමේනියාන අපෝස්තලික සභාව සෙසු පෙරදිග ඕතඩොක්ස් සභා සමග සම්බන්ධ වී සිටියි.එම සභා සහ කතෝලික සභාව අතර සංවාදය දැන් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම සංවාදවල අවසන් අරමුණ වී තිබෙන්නේ සියලු සභා එක් පවුලක් බවට පත්වීමයි. මෙම සංචාරයේ දී ආමේනියා අපෝස්තලික සභාවේ ශ්‍රේෂ්ඨ පේත්‍රියාක්  දෙවැනි කැරෙකින් කතෝලිකොස් තුමා සහ සුදොතුම් පියතු

"ඔබගේ ගුණ යහපත්කම තුළ මට ආරක්ෂාව දැනෙනවා" විශ්‍රාමික බෙනඩික් පාප්තුමා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට කියයි

Image
"Your goodness is a place where I feel protected": Pope Emeritus tells Pope Francis   (2016 ජුනි 28) 2013 පෙබරවාරි 28 වනදා ඉසිඹු ලැබීමෙන් පසුව සොළොස්වන බෙනඩික් විශ්‍රාමික සුදොතුම් පියතුමා ඊයේ, 2016 ජුනි 28, බදාදා ප්‍රථම වරට ප්‍රසිද්ධ කතාවක් කලේය. එම කතාවේ දී එතුමා සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ "යහපත් කම" එතුමන් සතු කාව්‍යමය වදන් වලින් වර්ණනා කලේ ය. සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා මෙම කතාව පැවැත්වූයේ එතුමන්ගේ පූජකවරයේ 65 වන සංවත්සරය නිමිත්තෙන් වතිකානයේ පැවැති විශේෂ උත්සවයේ දී ය. ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ කාදිනල් මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැති  මෙම උත්සවය මුළුදුන්නේ වතිකානයේ ක්ලෙමන්ටයින් ශාලාවේ දිය. සභාවට නායකත්වය දෙන සුදොතුම් පියනමකගේ ප්‍රධානත්වයෙන් ඉසිඹු ලැබූ පාප් වහන්සේ නමකගේ පූජාත්වරයේ වැදගත් සංවත්සරයක් උත්සව ශ්‍රීයෙන් සැමරූ මෙම ඓතිහාසික අවස්ථාව අතිශයින් සොඳුරු වුත් සිත් පහන් කරන්නා වූත් මොහොතක් වුයේ ය. උත්සවය ආරම්භයේ වතිකාන ගායනා කණ්ඩායම සංධ්වනි (polyphony) ගීතයක් ගායනා කලේය. ඉන් ඉක්බිතිව, සොලොවන බෙනඩික් සුදොතුම් පියතුමාට සුබ පතමින් හා එතුමන් ගේ

"කතෝලික සභාව සමලිංගිකයන්ට වෙනස් කොට නොසැලකිය යුතුයි; ඔවුනට ගරු කොට ඔවුන් කැටුව යා යුතුයි."

Image
Holy Father says the Church must accompany homosexuals, not discriminate them  සුදොතුම් පියතුමා ගුවනේ දී ප්‍රවෘත්ති කලාවේදීන් අමතමින්  (2016 ජුනි 27) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ  ආමේනියාවේ අපෝස්තලික සංචාරය නිමවා පෙරළා වතිකානය බලා පැමිණෙන අතර ගුවන් යානය තුළ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී එහි සිටි මාධ්‍යකරුවෝ උන්වහන්සේ ගෙන් විවිධාකාර ප්‍රශ්න රැසක් නැගූහ. සුදොතුම් පියතුමා සභා සම්ප්‍රදාය, ශුද්ධ ලියවිල්ල හා සභා ලියවිලි උපුටා දක්වමින් ඒවාට පිළිතුරු දුන්නේ ය. ගුවන් යානයේ සිටි එක් මාධ්‍යවේදියකු ගේ ප්‍රශ්නයට ප්‍රස්තුත වූයේ ජර්මනියේ මියුනිච් හා ෆ්රීසිං පදවියේ අගරදගුරු ඇති උතුම් රීන්හාඩ් මාක්ස් කාදිනල් හිමිපාණන් ඉකුත් බ්‍රහස්පතින්දා ඩබ්ලින් නුවර දී කල ප්‍රකාශයකි. "කතෝලික සභාව සමලිංගික පුද්ගලයන් කොන් කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිය යුතු" යයි  මාක්ස් කාදිනල් හිමි ඩබ්ලින් නුවර දී ප්‍රකාශ කර තිබිණි. "මේ ප්‍රකාශය පිළිබඳව ඔබගේ අදහස කුමක් ද?" යි එම  මාධ්‍යකරුවා සුදොතුම් පියතුමාගෙන් ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් සුදොතුම් පියතුමා කියා සිටියේ එම ප්‍රකාශය සමග තමා එකඟ වන බව

"ආර්මේනියා ඝාතන 'ජනසංහාරයක්'": රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වුව පරදුවට තබමින් සුදොතුම් පියතුමා ආර්මෙනියාවේ දී කල කතාව

Image
In Armenia, Holy Father risks a diplomatic rift with Turkey; Calls historic killings "Genocide"  ආර්මේනියා ජනපති සමග  (2016 ජුනි 26) වතිකානය සහ තුර්කිය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල දෙදරීමක් සිදුවීම පවා පරදුවට තබමින්, පළමුවැනි  යුද්ධ සමයේ තුර්කිය විසින් ආර්මේනියානු ජාතිකයන් දස ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඝාතනය කරනු ලැබීම "ජන සංහාරයක්" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කරති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ ඉකුත් සති අන්තයේ ආර්මේනියාවේ සිදු කල අපෝස්තලික සංචාරයේ දී ය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ආර්මේනියා සංචාරය ආරම්භ කලේ ජුනි 24 වැනිදායි. එතුමා ගේ මෙම චාරිකාවේ ප්‍රමුඛතම අරමුණ ආර්මේනියාන ඕතඩොක්ස් සභාව හා කතෝලික සභාව  අතර සංවාදය තහවුරු කොට එක්සත් බවට යොමු කිරීමයි. . කලින් සෝවියට් සමුහාණ්ඩුවට  අයත් ජනරජයක් වූ ආර්මේනියාව පිහිටා ඇත්තේ නැගෙනහිරින් අසර්බයිජානයට හා බටහිරින් තුර්කියට මායිම්වයි. මේ රටවල් තුනම ඉපැරැණි ඔට්ටෝමාන් අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ විය. තුන් මිලියනයක් වන ආර්මේනියා ජනගහනයෙන් සියයට 95ක් කිතුනුවෝය. මෙම කිතුනුවන්ගෙන් සියයට 92ක් ම අයත් වන්නේ ආර්මේනියා

"දුප්පතුන්ගේ , පීඩිතයන් ගේ හඬ නැගීම ඔබට කරදරයක් ද? හිරිහැරයක් ද? එහෙනම් ඒක ප්‍රශ්නයක්": බදාදා පොදු හමුව

Image
Are you 'bothered' by the cry of the poor and the marginalized? If so, it is a problem": General Audience  (2016 ජුනි 17) දුප්පතුන් හෝ පීඩිතයින් උදව් ඉල්ලා කරන හඬ නැගීම අප කරදරයක් හෝ හිරිහැරයක් කොට සලකනවා ද? ඔවුන් ගේ හඬ නැගීම හෝ ආයාචනා අප අපහසුතාවට පත් කරනවා ද? නැතිනම්, දුප්පතුන් හෝ පීඩිතයන් නගන හඬට එල්ලවන බාධා නොතකා, ඔවුනට සහාය වීමට අප ඉදිරිපත් වෙනවා ද? මේ බදාදා (2016 ජුනි 14) පැවැත්වුණු පොදු හමුවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ ප්‍රශ්න භාවනාව සඳහා ඉදිරිපත්  කලේ ය. සිරිත් පරිදි වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවට දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් සහභාගී වී සිටියහ. මෙදින පොදු හමුවේ එතුමා ගේ ධර්මොපදේශයට පදනම් වුයේ ලූක් සුබ අස්නේ 18 වන පරිච්චේදයේ එන ප්‍රාතිහාර්යය යි.  ජේසු සමිඳුන් සෙනග අතරින් පාරේ ගමන් කරන විට, උන්වහන්සේ එන බව දැනගත් පාර අයිනේ හිඳගෙන සිටි අන්ධ සිඟන්නෙක් උන්වහන්සේට ඇසෙන්නට මහ හඬින් හඬ නගයි. එහෙත් මහ මඟ සිටි ජනතාව "කට වසාගන්නා ලෙස ඔහුට අවවාද" කරති. ඔවුන් එසේ අවවාද කරන්නේ "කතා කරන්නට අයිතියක් ඔහුට නැතැයි ඔවුන් සිතන

"වෛද්‍ය සේවාවේ ගරුත්වය අනතුරේ ... ඔබේ රෝගීනට දයාව දක්වන්න": සුදොතුම් පියතුමා වෛද්‍යවරුනට කියයි.

Image
 "The dignity of human life and the dignity of the medical vocation are at stake.": Pope tells Doctors  (2016 ජුනි 13) අසාධ්‍ය රෝගීන්, ආබාධිතයන් හා දුබලවුවන් පිළිබඳව විවිධ මත පවතින නූතන ලෝකය තුළ වෛද්‍ය වරයකු ගේ හදවත හා ක්‍රියා කලාපය "ක්‍රිස්තු වෙදාණන්" හා සම විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත්දා අවධාරණය කෙළේය. බටහිර රටවල් කිහිපයක් විසින් අනුමත කර ඇති, ඇමෙරිකානු රටවල් කිහිපයක් විසින් අනුමත කරගන්නට වෙහෙසෙන "වෛද්‍ය සහය ලද ආත්මඝාතන" යනු 'විසිකිරීමේ සංස්කෘතියේම' කොටසක් බව එතුමා පෙන්වා දුන්නේ ය.(කර්තෘ සටහන: "වෛද්‍ය සහය ලද ආත්මඝාතන" (Assisted suicide) හෙවත් 'කරුණා ඝාතන' (Euthanasia) යනුවෙන්  හැඳින්වෙන්නේ, තමන් පෙලෙන රෝගයෙන් සුවයක් නොලැබෙන බව හෝ මේ රෝගයෙන් දීර්ඝ කාලයක් දුක් විඳීමට සිදුවන බව යම්  තැනැත්තෙකුට හැඟී ගිය විට, වෛද්‍යවරයකු ගේ ආධාරය සහිතව සිය දිවි හානිකර ගැනීමට එම තැනැත්තාට ඇති බව කියන 'අයිතිය' යි. මේ වන විට කැනඩාව මෙම ක්‍රමය නීතිගත කිරීමේ විවාදයක පැටලී සිටියි.) වෛද්‍ය සහය ලද ආත්ම ඝාතනය වූ කලී දයාබර හදවත

"රෝගීන් හා ආබාධිතයනට අවශ්‍ය ම ඔසුව ආදරය යි": ආබාධිතයන් ගේ ජුබිලියේ ධර්ම දේශනය

Image
The Sick and the Disabled need to be loved: not hidden from society" - The Jubilee for the Disabled  සුදොතුම් පියතුමා සෙනසුරාදා (ජුනි 11) ආබාධිතදරුවන් වෙනුවෙන් විශේෂ හමුවක් ලබා දුන්නේ ය. මේ එහි චායාරුප කිහිපයකි. (2016 ජුනි 12) රෝගී සහ ආබාධිත තැනැත්තන්ට සතුටින් ජීවත්වි නොහැකි  යයි ද එබැවින් ඔවුන් සමාජයේ දෘෂ්ටියෙන් ඉවත්කොට තැබිය යුතු බව ට ද පවතින මතය සාවද්‍ය එකක් බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කරති. සැබෑව නම්, පූර්ණ සතුට අත්විඳිය හැක්කේ ආදරය කිරීමට අප සතුව ඇති හැකියාව මත බව උන්වහන්සේ පෙන්වාදෙති. තමා ගේ රූප සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීම දේවත්වයෙහි ලා සලකන සමාජයක් විසින් රෝග හා ආබාධිත තත්වයන් අසාමාන්‍ය තත්වයෙහි ලා සැලකීම එතුමන් ගේ විවේචනයට ලක් වෙයි. සුදොතුම් පියතුමා මෙම මෙනෙහි කිරීම කලේ අද, ඉරිදා (2016 ජුනි 12) වතිකානයේ පැවැති රෝගීන් හා ආබාධිතයන් ගේ දයාවේ ජයන්ති දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. ජුනි 10 වන සිකුරාදා ආරම්භ වූ මෙම ජුබිලිය ආබාධිතයන් ඉලක්ක  කරගත්  වැඩසටහන් රැසකින් සමන්විත විය. ජුබිලි දිව්‍ය පූජාව ද පවත්වන ලද්දේ ආබාධිත ජනතාව එහි ජනවන්දනා කටයුතු වලට  ක්‍ර

සභා ජනවන්දනාව තුළ මරිය මග්දලේනා ගේ 'තත්වය' ඉහලට: "පව් ගොඩක් ගොඩක් ඈ කෙරුවා - ගොඩක් ආදරේ පෑවා..."

Image
Mary Magdalene's feast upgraded: Because she was the "Apostle to the Apostles"  (2016 ජුනි 11) කතෝලික සභා ජනවන්දනාව තුළ ශාන්ත මරිය මග්දලේනා තුමියට ඇති තත්වය උසස් කිරීමට දිව්‍ය වන්දනාව සහ දේවප්‍රසාද නිධාන පිලිබඳ ශුද්ධාසන පර්ෂදය තීරණය කර තිබේ. එම පර්ෂදය මෙම තීරණය ගෙන ඇත්තේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ උපදෙස් අනුවයි. මේ අනුව ශා.මරිය මග්දලේනා තුමිය ගේ ගෞරවය පිණිස පවත්වනු ලබන උත්සවය "සිහිකිරීම" යන තත්වයේ සිට "මංගල්‍යය" යන තත්වය දක්වා උසස් කර තිබේ. මෙය එතුමිය අපෝස්තුලුවරයකු ගේ තත්වය හා සමාන කිරීමක් බව ශාන්තුවර භාවය පිලිබඳ විශාරදයෝ පෙන්වා දෙති. මීට හේතුව? "මේ තීරණයට හේතුව ස්වාමීන් වහන්සේ ගේ උත්ථානයට ප්‍රථම වරට සාක්ෂි දැරීමේ ගෞරවය එතුමියට හිමිව තිබීම" බව අති උතුම් ආතර් රොචේ අගරදගුරුහිමි කියා සිටියේ ය. දිව්‍ය වන්දනාව පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ලේකම්වරයා එතුමා ය. "ක්‍රිස්තු සමිඳුන් ගේ උත්ථානය (මරණය පරදවා නැගී සිටීම) ප්‍රථම වරට දුටුවේ ශා. මරිය මග්දලේනා තුමියයි. මෙම සාක්ෂිය අපෝස්තුලුවරුනට ප්‍රකාශ කල ඇය, එම අපෝස්තුලුවරුන් සේ ම එම පණ

දයාව පිරි හදවත් උණු කරන "ආබාධිතයන් ගේ ජයන්තිය" හෙට: ජනවන්දනාවේ සියලු කටයුතුවලට ආබාධිතයන් ගේ ක්‍රියාකාරී සහභාගිත්වය.

Image
Sick, Disabled to be the Protagonists in the Jubilee for the Disabled  (2016 ජුනි 10) දයාවේ ශුද්ධ වසර වෙනුවෙන් වූ තවත් ජුබිලියක්  ඉරිදා (පෙබරවාරි 12) වතිකානයේ දී පැවැත්වේ. මෙය මෙම දයාවේ වසර තුළ පවත්වනු ලබන ජයන්ති අතරින් මානව අනුකම්පාව හා ප්‍රේමය  උතුරා යන අතිශය සුන්දර ජයන්තියක් වනු ඇත. එය දයා කරුණාවේ සුන්දර මතක සටහනක් ද ප්‍රබල සාක්ෂියක් ද කරනු සඳහා වතිකානය සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ ඉරිදා පැවැත්වෙන්නේ රෝගීන් සහ අබාධ සහිත වූවන් ගේ දයාවේ ජයන්තියයි. රෝගීන් සහ ආබාධිත ජනතාව ප්‍රැන්සිස් පාප් වහන්සේගේ හදවතට විශේෂයෙන් සමීප වූ පිරිසකි. ජේසු සමිඳුන් ගේ මිහිමත ජීවිත සමයේ දී ද ඔවුහු උන්වහන්සේ ගේ විශේෂ ආදරයට ලක් වුහ; උන්වහන්සේගේ දයා කරුණාවේ පහසින් සුව සහනය ද නව ජීවිතය ද ලදහ. ජේසු ගේ හදවතට සමීප මෙම ජනතාවට ගෞරව කිරීම සඳහා මෙම ජයන්ති දිනය සංවිධාන කර තිබේ. මෙදින විශේෂත්වය නම් ඉරිදා දිව්‍ය පූජාවේ ජනවන්දනා කටයුතු සියල්ලෙහි ක්‍රියාකාරී ලෙස සහභාගී වන්නේ ආබාධිත සහ රෝගී සහෝදර සහෝදරියන් වීමයි. කියවීම්, පූජා සහාය, තේවාචාරී සහාය පමණක් නොව ජනවන්දනා ගායනය ද කෙරෙන්නේ ඔවුන් විසිනි. "මේ ජු

"ජේසු ගේ ප්‍රේමයෙන් සිදුරු වූ පූජකවරයකු ගේ හදවත": සුදොතුම් පියතුමා සිදුකරන "හදවත් දෙකක විශ්ලේෂණය"

Image
Holy Father analyses the "Two Hearts" at the Jubilee of Priests   (2016 ජුනි 3) "ස්වකීය ප්‍රේමය සීමා රහිත බව යහපත් එඬේරා ගේ ශ්‍රී හෘදය අපට කියයි. එය කිසිදාකත් වෙහෙසට පත් නොවේ; උත්සාහය අත් නොහරියි. එහි අප දකින්නේ උන්වහන්සේ ගේ අනන්ත වූත් අප්‍රමාණ වූත් ස්ව ත්‍යාජයයි........එහි උන්වහන්සේ ගේ ප්‍රේමයේ 'දුර්වලකමක්' අපි දකිමු: එනම් සියල්ලන් වැළඳ ගැනීමටත් කිසිවෙකුත් අහිමි කර නොගැනීමටත් ඇති බලවත් අභිලාෂයයි." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ජේසු සමිඳුන් ගේ ශ්‍රී හෘදයේ මංගල්‍ය දිනය වූ අද (2016 ජුනි 3 සිකුරාදා) දිව්‍ය පූජාවේ ධර්ම දේශනයේ දී දිව්‍ය හෘදයේ දයා ගුණ ප්‍රශංසාත්මකව පහදමින් මේ බව පෙන්වා දුන්හ. "යහපත් එඬේරා ගේ හෘදය හුදෙක් අපට දයාව පෙන්වන හදවත පමණක් නොවේ; එය ම දයා කරුණාවයි. එම හෘදය තුළ දැල්වෙන්නේ පියාණන් ගේ  ප්‍රේමය යි. එම හදවත මා උණුසුමින් පිළිගන්නා බවත්, මාගේ ඉන්නා ආකාරයටම  එම හදවත මා තේරුම් ගන්නා බවත් මම දනිමි" යයි ද එතුමා කීවේ ය. මෙම මංගල්‍ය දිනය අද තවත් අතකින් වැදගත් කමක් දැරුවේ ය. එනම් දයාවේ ශුද්ධ වසරේ පූජකවරුන් ගේ ජයන්තිය ද අද දිනටම දී ත

"දෙවියන් වහන්සේ ගේ නම දයා කරුණාවයි": පූජකතුමන් ලා ගේ ධර්ම විවේකය

Image
"God's Name is Mercy": Priests' pre-jubilee retreat   (2016 ජුනි 2) ජුනි 3 වන දා, ජේසු සමිඳුන් ගේ අති පාරිශුද්ධ වූ දිව්‍ය හෘදයේ මංගල්‍යය දා, පැවැත්වෙන පූජකවරුන් ගේ දයාවේ ජුබිලියට සූදානම් වීමේ ධර්ම විවේකය රෝමයේ දී අද (බ්‍රහස්පතින්දා) පැවැත්විණ. මම ධර්ම විවේකයේ ප්‍රධාන අංගය වූයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පූජකවරුන් සඳහා මෙහෙයවන ලද භාවනා ත්‍රිත්වයයි. දේව වචනය සුන්දරව කැටිකොට ප්‍රායෝගිකත්වයට එක්  කොට, සභාවේ ගෞරවාදරයට පත්, පාපය සමග සටන් කොට ජයගත් ආදර්ශවත් සාන්තුවරුන් ගේ ද ජීවිත කතා ද එක්කොට  සිදුකරන ලද මෙම භාවනා ආධ්‍යාත්මික ගුණයෙන් පරිපූර්ණ විය. සුදොතුම් පියතුමා මේ භාවනා මගින් ලොවපුරා පියවරුන්ට දෙන්නට අදහස් කල පණිවිඩය කුමක්ද? එක් ප්‍රමුඛ පෙලේ විචාරක පියනමක් එම භාවනා ත්‍රිත්වයේ පණිවිඩය මෙසේ සාරාංශ ගත කරයි: "පුජකවරුන් වන අප පව් කාරයෝ ය; එබැවින් සෙසු සෑම කෙනෙකුට මෙන් ම අපට ද දෙවියන් වහන්සේ ගේ දයා කරුණාව අවශ්‍ය ය." "එකම අවස්ථාවේ අපි සමාව ලැබු පව්කාරයෝ ද යළිත් ගරුත්වයෙහි පිහිටුවනු ලැබු පව්කාරයෝ ද වෙමු" යැයි සුදොතුම් පියතුමා කීවේ ය. එතුමා ස

"මේ සිකුරාදා (ජුනි 3) ඔබේ පියතුමන්ලා වෙනුවෙන් විශේෂාකාරයෙන් යාච්ඥා කරන්න" සුදොතුම් පියතුමා සමස්ත කතෝලික ජනතාවගෙන් ඉල්ලයි

Image
Holy Father requests Catholics:"Pray for your clergy on this Jubilee for Priests" (2016 ජුනි 1 ) මේ සිකුරාදා (2016 ජුනි 3) ජේසු සමිඳුන් ගේ අති පරිශුද්ධ වූ දිව්‍ය හෘදයේ මංගල්‍යයයි. දයාවේ ශුද්ධ වසර වන මේ වසරේ මෙම මංගල්‍ය දිනය තවත් විශේෂත්වයක් දරයි. එනම්, පුජාප්‍රසාදීතුමන්ලාගේ ජයන්ති (Jubilee for Priests)  දිනය ද මෙදිනට දී ඇති බැවිනි. එබැවින් මේ දින කිහිපයත්, විශේෂයෙන් ජුනි 3 වැනිදාත් "ඔබගේ පියතුමන්ලා වෙනුවෙන් විශේෂාකාරයෙන් යාච්ඥා කරන" ලෙස සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිති. "මෙම ජුනි මාසය පුරාම ඔබගේ පූජකතුමන්ලා වෙනුවෙන් ජේසු සමිඳුන් ගේ අති පරිශුද්ධ වූ දිව්‍ය හෘදයට යාච්ඥා කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා" යැයි බදාදා (ජුනි 1) සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති පොදු හමුවේ දී සුදොතුම් පියතුමා මෙම විශේෂ ඉල්ලීම කළහ. "උන්වහන්සේලා කරුණාබර ප්‍රේමයෙන් පූර්ණ වූ ජේසු සමිඳුන් ගේ  හදවතේ ප්‍රතිමුර්තීන් වනු පිණිස, වඩාත් සමීපව, ප්‍රේමයෙන් උන්වහන්සේලාට සහය වනු සඳහා මෙම යැදුම් ඔප්පු කරන්න" යැයි  සුදොතුම් පියතුමා ඉල්ලා සිට