Posts

Showing posts from November, 2022

"ලොව පුරා දුක් විඳින ගැහැණු-පිරිමි ළමයින් වෙනුවෙන් යාච්ඥා කරමු" - නොවැම්බර මාසයේ සුදොතුම් පිය යැදුම් අදහස: "ළමයින් දුක් විඳින්නේ වැඩිහිටි අප නිර්මාණය කළ සමාජ ආර්ථික ක්‍රමය නිසා"

Image
Let us pray 'For children who suffer', Holy Father invites in his November Pope's Video (2022 නොවැම්බර 5) "අත්හැර දමනු ලැබූ දරුවකු යනු අපේ වැරද්දක්" යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. "පාසල් යාම සහ සෞඛ්‍ය ප්‍රතිකාර ලැබීමේ අයිතිවාසිකමත්  පවුලේ ආදරය ලැබීමේ හිමිකමත් අහිමි කරන ලදුව " දුක් විඳින ගැහැණු සහ පිරිමි ළමයින් ගේ විලාපය දෙවියන් වහන්සේ වෙත එසැවෙන බව එතුමා පෙන්වා දෙයි. එම වැළපීම විසින් "වැඩිහිටි අප විසින් ගොඩනගන ලද මේ සමාජ ආර්ථික ක්‍රමය ලැජ්ජාවට පත් කරන බව ද සුදොතුම් පියතුමා කියා සිටියි.  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටින්නේ සිය මාසික සසුන් පිය වීඩියෝව මගින් නොවැම්බර මාසයේ  යැදුම් අදහස නිකුත් කරමිනි. මේ අනුව මේ නොවැම්බර මාසය තුළ ලොව පුර විවිධ තත්ත්ව තුළ දුක් විඳින ගැහැණු සහ පිරිමි ළමයින් වෙනුවෙන් යාච්ඥා කරන ලෙස එතුමා  ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට ආරාධනා කරයි.  ළමයින් මිලියන ගණනක් තවමත් වහල් කමේ ... ලෝකය  පුරාම "වහල්කමට ආසන්න" අති දුක්ඛිත තත්වයේ දුක් විඳින ළමයින් දශ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවමත් ජීවත් වන බව සිය මාසික