Posts

Showing posts from July, 2016

මීළඟ යොවුන් දිනය 2019 පැනමාවේ දී

Image
Next WYD in Panama in 2019  (2016 ජූලි 31) 2019ට යෙදෙන මීළඟ ජගත් යොවුන් දිනය පැවැත්වෙන්නේ දී පැනමාවේ දී ය. මේ බව යොවුන් දින මංගල්‍ය දිව්‍යපූජාවෙන් අනතුරුව පැවැති තුන්කාල ආරාධනා යැදුමට පෙර ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිවේදනය කළේය. "පදවි මට්ටමින් පැවැත්වෙන යොවුන් දින දෙකෙන් පසුව, මීළඟ ජගත් යොවුන් දිනය පැනමාවේදී පැවැත්වෙන බව මා ඉතා සතුටින් දැනුම් දෙනවා " සුදොතුම් පියතුමා  කියා සිටියේ ය. මේ මොහොතේ "දයා කරුණා කඳවුරේ" සිටි පැනමා තරුණ නියෝජිත කණ්ඩායම ප්‍රීතියෙන් ඉපිලී යනු දක්නට ලැබිණි. පැනමාවේ ජනාධිපති හුවාන් කාර්ලොස් වරේයා මහතා ද තරුණ රැලියේ ඉදිරියේම සිට දිව්‍ය පූජාවට සහභාගිවෙමින් සිටියේ ය. එවෙලේ ම පෝලන්ත ජනාධිපතිවරයා පැනමා ජනපති වැළඳගෙන සුබ පතනු දක්නට ලැබිණ. සාමාන්‍යයෙන් මීළඟ ජගත් තරුණ දිනය පැවැත්වෙන ස්ථානය ප්‍රකාශයට පත් කරනු ලබන්නේ පාප්වහන්සේ විසිනි. එතෙක් එය රහසක් ලෙස තබා ගැනීමට එහි සංවිධායකත්වය භාරව සිටින සියලු අංශ සැලකිලිමත් වෙති. මීළඟ යොවුන් දිනය අප්‍රිකාවේ හෝ ආසියාවේ පැවැත්වෙනු ඇති බවට කටකතා පැතිර යමින් තිබිණි. මේ නිසා එය පැනමාවේ පැවැත්වීමට තීරණය කිරීම සිය

"දෙවි පියාණන්ට ඔබ අමිලයි; උන්වහසේ ගේ අසීමිත දයා කරුණාව අත්දකින්න": සුදොතුම් පියතුමා තරුණ-තරුණියනට ඇරයුම් කරයි.

Image
"In God's eyes your value is inestimable" Holy Father tells world's youth  (2016 ජූලි 31) දේව දයාවේ තිඹිරි ගෙය වූ පෝලන්තයේ ක්‌රැකෝ නුවර පැවති දයාවේ ජුබිලි වසරේ කතෝලික යොවුන් මංගල්‍යය -එනම් ජගත් යොවුන් දිනය - ඊයේ (2016 ජූලි 31 දා ) පරිසමාප්තියට පත්විය. මෙවර තරුණ දිනය නම් කොට තිබුනේ "දයා කරුණාවේ කඳවුර" ("Campus Misericordie " or "Camp of Mercy")  යනුවෙනි. මෙහි පරිසමාප්ති අංගය වූයේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මංගල්‍ය දිව්‍ය පූජාවයි. "දයා කරුණාවේ කඳවුර" හෙවත් 2016 ජගත් තරුණ දිනයට සිය රටවල තරුණ තරුණියන් සමග පැමිණ සිටි කාදිනල් හිමිවරු 70 නමක්  පමණ සහ රදගුරු හිමිවරු 800 නමක් ද මෙම දිව්‍ය පූජාවට හවුල් වූහ. ලොව පුරා රටවල් 187කින් තරුණ තරුණියන් මෙම තරුණ දිනයට සහභාගි  වූ බව එය සංවිධාන කල ලේකම් කාර්යාලය කියයි. සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැති පරිසමාප්ති මංගල්‍ය දිව්‍ය දිව්‍ය පූජාවට 16 ලක්ෂයක (මිලියන 1.6ක) යොවුන් ජනතාවක් සහභාගී වී සිටියහ. මෙම මංගල්‍ය දිව්‍ය පූජාවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊට එක

"සමාජයේ දුර්වලම ජන කොටස් ඉවත දැමීමේ සංස්කෘතියේ ගොදුරු බවට පත්වීම අතිශයින් ම කුරිරුයි" සුදොතුම් පියතුමා ළමා රෝහලේ දී කියයි.

Image
"Those engaged in works of mercy have no fear of death": Holy Father's message at the Children's Hospital  (2016 ජූලි 30) "රෝගී සියලු දරුවන්ට ලංවී, ඔවුන් ගේ රෝගී ඇඳන් අසල සිට ඔවුන් උණුසුමින් වැළඳගන්නට මම බොහෝ ආශා කරමි. මේ රෝහලේ සිටින සෑම කෙනෙකුටම සවන් දෙන්නට මම කැමතියි; එක මොහොතකට වුනත්. පිළිතුරු නැති ඔවුන් ගේ ප්‍රශ්න ඉදිරියේ නිශ්චලව සිටින්නට කැමතියි. මේ බාලයන් ළඟ සිට ඔවුන් සමග ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නට මම කැමතියි." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෝලන්තයේ ගතකල තුන්වන දිනයේ ළමා රෝහලක් බැහැදකින්නට ගිය අවස්ථාවේ දී ය. 2016 ජූලි 29 වැනිදා එතුමා ක්රැකෝවේ ප්‍රොකෝසිම් විශ්ව විද්‍යාල ළමා රෝහලට ගිය අවස්ථාවේ දිය. එම රෝහලේ දී එතුමා එහි ප්‍රතිකාර ලබන රෝගී ළමයින් 50 දෙනෙකු, ඔවුන් ගේ දෙමාපියන්, වෛද්‍ය සහ සහකාර සේවා කාර්ය මණ්ඩලය සමග කතා බස් කළේය. රෝහල සමග තමන් හදවතින් ඉතා සමීප වන බව කියා සිටි එතුමා "සමාජයේ ඉතා දුබල හා අවශ්‍යතාවෙන් පෙලෙන අය" වෙනුවෙන් කැපවීම ගැන ඔවුන්ට ප්‍රශංසා කළේය. "ඔබගේ මේ ආදරයේ ප්‍රකාශනය ගැන, ආදරයේ සලකුණ ගැන ඔබට

"සමිඳුනි, මේ සා කෘරත්වයට ක්ෂමා කල මැනව" සුදොතුම් පියතුමා අවුස්විෂ් කඳවුරේ දී අයදියි

Image
Holy Father prays for forgiveness for "so much cruelty" at Auschwitz (2016 ජූලි 29) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පෝලන්ත දූත ගමනේ තෙවැනි දිනය වූ ජුලි 27 දා එරට ජන ආත්මයේ මහා ස්මාරකයක් වන අවුස්විෂ් සිර කඳවුර බැහැදකින්නට ගියේය. අවුස්විෂ් සිර කඳවුර මිනිසාගේ අසීමිත කුරිරුකමේ දැවැන්ත සංකේතය ලෙස අදත් මානව හදවත් කම්පනය කරවමින් නැගී සිටියි. නාසි ආඥාදායක හිට්ලර් ගේ හමුදා විසින් සතුන් සේ රැගෙන එන ලද ජුදෙව්වන්ට වද  හිංසා කොට අමානුෂික ක්‍රම වලට මරා දමන ලද්දේ මෙම කුප්‍රකට සිර කඳවුරේ දිය. ඔවුන් අතින් ජුදෙව්වන් අවම වශයෙන් 15 ලක්ෂයක් පමණ මෙහිදී මියගියහ. මෙම සිරකඳවුරු ස්මාරකයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතාවක් පැවැත්වූයේ නැත. කඳවුර පුරා පැවති සංවේදී ස්ථාන වලදී එතුමා මොහොතක් නැවතී යාච්ඥා කළේය. කතෝලිකයනට ඉතා වැදගත් ස්ථානයක් වූ ශාන්ත මැක්සිමිලියන් කෝල්බේ පියතුමාගේ අඳුරු සිර කුටියට ගිය එතුමා එහි දී දීර්ඝ වෙලාවක් යාච්ඥා කරමින් සිටියේය. ඉන් පසුව පිටතට පැමිණි එතුමා එහි තිබු සමරු පොතේ සටහනක් තැබුවේය. එය වාක්‍ය දෙකක සරල එහෙත් ගැඹුරු අරුත් ඇති සටහනකි. "සමිඳුනි, ඔබගේ ජනතාවට කරුණ

"රිනාත්මක ඉතිහාසය පසෙක ලා ධනාත්මක ඉතිහාසයෙන් පෝෂණය වන්න": පෝලන්ත ජනනායකයනට දුන් අවවාදය

Image
"Nurture good memory while leaving the bad behind': Holy Father tells Poland's political and civil leaders  (2016 ජූලි 28) ඉතිහාසය නිරීක්ෂණය කොට අධ්‍යයනය කළ යුත්තේ එහි ඇති යහපත් දේ වැළඳගෙන අයහපත් දේ පසෙකට ලා ඉදිරියට යන්නට එය අනුප්‍රාණයක් කර ගැනීම සඳහා බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. සිය පෝලන්ත දූත ගමන ආරම්භ කරමින් ක්‍රැකෝ නුවරට පා තබා සුළු වෙලාවකින් එරට ජන නායකයන් අමතමින් එතුමා මේ බව කියා සිටියේය. ජූලි 27 සිට 31 දක්වා දිගහැරෙන පෝලන්ත චාරිකාවට මුල පුරමින් 27 වනදා සවස ක්‍රැකෝවේ දෙවැනි ජුවාම් පාවුළු ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එතුමා පෝලන්තයට ලඟා විය. ජනාධිපති අන්ද්‍රියේ ඩූඩා සහ එම මහත්මිය විසින් පිළිගනු ලැබූ එතුමා දර්ශනීය රිය පෙරහරකින් නගර මධ්‍යය කරා ගෙන යනු ලැබීය. ප්‍රථමයෙන් ම එතුමා කැටුව යනු ලැබුවේ ක්‍රැකෝවේ ඓතිහාසික  වැවෙල් මන්දිරයටය. එහිදී සිවිල් පරිපාලන නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් එතුමා  පිළිගනු ලැබූ ලැබීය. පෝලන්ත ජනාධිපති විසින් නිල පිළිගැනීමේ කතාව පවත්වන ලද්දේ ද එහිදීය. ඊට පිළිතුරු දෙමින් සුදොතුම්

"අවුල් කරන්න!" සුදොතුම් පියතුමා පෝලන්තයේ දී යොවුන් ජනතාවට දුන් පළමු ඔවදන

Image
"Make Chaos!" Pope tells youth in his first night's balcony talk in Poland  (2016 ජූලි 27) "අවුල් කරන්න!" පෝලන්තයේ ක්රැකෝ නුවර දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එහි රැස්ව සිටි තරුණයනට දුන් පළමු උපදේශය  එයයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2016 ජුලි 25 වැනිදා පස්වරුවේ සිය පෝලන්ත අපෝස්තලික චාරිකාව ආරම්භ කරමින් එරටට ලඟා වුයේය. සුදොතුම් පියතුමාගේ පෝලන්ත  චාරිකාවේ ප්‍රධාන අරමුණ කතෝලික සභාවේ තරුණ මංගල්ලය වන ජගත් යොවුන් දිනයට සහභාගී වීමයි. ඊට අමතරව එතුමා තවත් වැදගත් අවස්ථා කිහිපයකටම එක වීමට ද නියමිතයි. එරට ගතකරන ප්‍රථම දිනය නිම කිරීමට පෙර එදින  රාත්‍රියේ ක්රැකෝ අගරදගුරු මාලිගයේ බැල්කනියේ සිට එතුමා තරුණ තරුණියන් සමග සංවාදයක නිරත වූයේය . එතුමා තරුණයනට මෙම පණිවිඩය දුන්නේ එහිදීය. ක්රැකෝ අගරදගුරු මැදුරේ බැල්කනියේ සිට  යෞවනයනට කතා කිරීමේ සම්ප්‍රදාය ආරම්භ කලේ ශු. දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේය. එතුමා සිය මව්බිමට පැමිණි සෑම අවස්ථාවකම රාත්‍රියේ මෙම බැල්කනියේ සිට තරුණයනට කතා කළේය. ඉන් පසුව සොළොස්වන බෙනඩික් සුදොතුම් පියතුමා ද පෝලන්තයට පැමිණි අවස්ථාවේ එම චාරිත්‍රය අනු

දෙවියන් වහන්සේ හා අප සම්බන්ධ කරන ජේසු සමිඳුන් දුන් යතුර: "තාත්තේ" යන වචනය

Image
Word "Father" is the secret in Jesus' prayer: Pope Francis explains  (2016 ජූලි 24) ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට ඉගැන්වූ යැදුම මානව අපගේ මූලික අවශ්‍යතා පාදක කරගත් යාච්ඥාවක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. අපගේ ආධ්‍යාත්මික අවශ්‍යතා සේ ම ප්‍රධාන ලෞකික අවශ්‍යතා ද එයින් ආවරණය වන ආකාරය එතුමා පහදා දෙයි. සිරිත් පරිදි ඉරිදා සිදුකරන තුන්කාල ආරාධනා මරිය යැදුමට ජූලි  24 වන ඉරිදා දහවල් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයට රොක්වූ වන්දනාකරුවන් අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය. තුන්කාල ආරාධනා යැදුමට පෙර සුදොතුම් පියතුමා  ඉරිදා සුබ අස්නට පාදක වූ ශු. ලූක්‌ තුමා ගේ සුබ අස්නේ එන ජේසු සමිඳුන් සිය ශ්‍රාවකයනට යාච්ඥා කිරීමට ඉගැන්වූ ආකාරය භාවනා කළේය. ලොව පුරා කිතුනුවන්  "ස්වාමීන් ගේ යැදුම" ලෙස හඳුන්වන "පරමණ්ඩල" යාච්ඥාවේ එන සුවිශේෂ ම හා වැදගත් ම වචනය "පියාණනි" යන්න බව සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේ ය. "යාච්ඥා කරන්නට උගන්වන්නැයි අපොස්තුළුවරුන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔවුනට ඉගැන්වූ ජේසු සමිඳුන්, 'ඔබ යාච්ඥා කරන විට 'තාත්තේ' යැයි

"හිංසනයට,ත්‍රස්තවාදයට ප්‍රතිවිරුද්ධව දයා කරුණාව": 2016 ජගත් යොවුන් දිනයේ අභියෝගය

Image
"Mercy Vs terrorism and violence": The Challenge of 2016 WYD (2016 ජූලි 23) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ පෝලන්ත අපෝස්තලික ගමනේ වැඩසටහන වතිකානය ඉකුත් දා ප්‍රකාශයට පත් කළේය. එතුමන් ගේ පෝලන්ත චාරිකාවේ ප්‍රධාන අරමුණ ජගත් යොවුන් දිනයට සහභාගී වීමයි. එහෙත් මෙම සංචාරයේ ඊටත් වඩා ගැඹුරු ආධ්‍යාත්මික හා ශාසනික අරුත් ඇති බව එය ගැඹුරින් හදාරන විට පෙනී යයි. කතෝලික සභාවේ යෞවනයේ මංගල්ලය වන ජගත් තරුණ දිනය මෙවර පැවැත්වෙන්නේ පෝලන්තයේ ක්රැකෝ නුවරයි.  ක්රැකෝව ගැන කියූ සැනින් අපට මතක් වන්නේ පෝලන්තය තුළත් පසුව ලෝකය තුළත් දැවැන්ත විපර්යාසයක් සිදුකළ ශු.දෙවැනි ජුවාම් පාවුළු පාප්වහ්න්සේයි. ක්රැකෝව එතුමන් ගේ අගරදගුරු පදවියයි. ඉතිහාසයේ එතෙක් කල්  බොහෝ ගරු ගාම්භීර ධුරයක් වූ සුදොතුම් පිය ධුරයට "තාරුණ්‍යයේ ජීවය හා ශක්තිය" රැගෙන ආයේ ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේය. තමන් තුළ වූ ගැඹුරු ආධ්‍යාත්මිකත්වය - එනම් සිය සමිඳාණන් සමග වූ දැඩි සම්බන්ධය- තුළින් එම ජීවය හා ශක්තිය විදහා ලු එතුමා, සභාව තුළත් ලෝකය තුළත් නවෝදයක් ඇති කළේය. සිය රෝගී, දුබල, වියපත් විය හරහා මියෙන මොහොත දක්වා මෙම &qu

"සහෝදරයා ගේ ලේ සලන්නට කිසිවකු හෝ දරන උත්සාහයන් යහපතාණන් දෙවියන් වහන්සේ වලක්වන සේක්වා!": ප්‍රංශයේ නීස් ප්‍රහාරය වෙනුවෙන් සුදොතුම් පියතුමා යාච්ඥා කරයි

Image
"May every plan for terror and death be dispersed to prevent spilling of  bothers' blood": Pope prays on Bastille Day Attack නීස් ප්‍රහාරයෙන් මිය ගිය කෙනෙකුගේ සිරුර අසල නිසලව සිටින බෝනික්කෙක් (2016 ජූලි 17) ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රංශයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ප්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානයට පැමිණෙන වන්දනාකරුවන් සමග යාච්ඥා කරති. එයින් විපතට පත්වූවන් පමණක් නොව මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරමින් "සිය සොහොයුරන් ගේ ලේ සොලවන්නට සැලසුම් කරන සියල්ලන්" උදෙසාත් උන්වහන්සේ යාච්ඥා කරති. ජූලි 17 ඉරිදා දහවල් සිරිත් පරිදි  වතිකාන චතුරශ්‍රයේ  පැවැති තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව, සුදොතුම් පියතුමා ප්‍රංශයේ නීස් නුවරදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සිහිපත් කළේය. (ජුලි 14 වන බ්‍රහස්පතින්දා ප්‍රංශයේ නීස් නුවරට රැස්වී සිය රටේ නිදහස් දිනය සමරමින්  ප්‍රීති වෙමින් සිටි ජනතාව වෙත ට්‍රක් රථයකින් කඩා වැදුණු ත්‍රස්තවාදියෙක් එහි සිටි ජනතාව ට්‍රක් රථයට යටකරමින් ඉදිරියට ගියේය. මේ සිද්ධියෙන් අවම වශයෙන් 84 දෙනෙකු මියගොස් ඇති අතර 50කට අධික සංඛ්‍යාවක් තුවා

"දිව්‍ය පූජාව පවත්වන විට පූජකවරුන් මුහුණ ලා සිටින දිශාවේ වෙනසක් සිදු වන්නේ නැහැ": වතිකාන ප්‍රකාශක පැහැදිලි කරයි.

Image
"No change in Direction Priests face during Mass": Vatican spokesman explains  කාදිනල් සේරා හිමි ලන්ඩනයේ සම්මන්ත්‍රණයේදී "ad orientem" පිළිවෙතට දිව්‍ය පූජාව පවත්වයි (සේයා CNA ප්‍රවෘත්ති සේවයෙන්) (2016 ජූලි 14) දිව්‍ය පූජාව පැවැත්වීමේදී පූජකවරුන් මුහුණ ලා සිටිය යුතු දිශාව සම්බන්ධයෙන් රෝම ක්‍යුරියාවේ ප්‍රමුඛතම කාදිනල් හිමි නමක් ඉකුත් සතියේ කල ප්‍රකාශයක් නිසා ලොව පුරා කතෝලික ජනවන්දනා හා දේව ධර්ම විශාරදයන් අතර නව විවාදයක් ආරම්භ  වූයේය . මේ නිසා නව උණුසුමක් ද හටගත් අතර, දෙවන වතිකාන කතිකාවෙන් පසුව ක්‍රියාත්මක වන  නූතන දිව්‍ය පූජා ක්‍රමයට හුරු වී සිටින ගිහියන් තුළ ද තරමක විමතියක් හා අවුලක් හටගෙන තිබිණ. මේ තත්වය සමනය කරමින් වතිකාන ප්‍රකාශකයා මේ සතියේ සඳුදා (ජූලි 11) කියා සිටියේ "දිව්‍ය පූජාව දැනට පවත්වන ආකාරයේ  වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලිව ප්‍රකාශ කර ඇති" බවයි. මෙම නව කතිකාව ආරම්භ වූයේ දිව්‍ය වන්දනාව පිලිබඳ වතිකාන පර්ෂදයේ නායක අති උතුම් රොබට් සේරා කාදිනල් හිමිපාණන් ඉකුත් සතියේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති

සුදොතුම් පියතුමාගෙන් යොවුන් පරපුරට මේ වසරේ පිදෙන තිළිණය: සමාජ දර්ශනය පිලිබඳ "ඇප්" එකක්

Image
Holy Father's gift to world's youth at WYD: An 'App' on the Social Doctrine  (2016 ජූලි 12) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා "තාක්ෂණ-ලෝලී" පාප්වහන්සේ නමක් ලෙස මේ වන විටත් ජනාදරයට පාත්‍රව සිටියි. ඉන්ස්ටග්රෑමයට පිවිසුණු මුල්ම පාප්තුමා වූ එතුමා දැන් Google Hangouts වල ද සැරිසරයි. තරුණයන්ට තරුණ බසින් ඇමතීමට ද රුසියකු වන එතුමා දැන් මේ ලක්ෂණ දෙක ඒකාබද්ධ කොට ජගත් යොවුන් දිනය සඳහා පෝලන්තයේ ක්රැකෝ නුවරට එන යෞවනයන්ට "ටෙක් තිළිණයක්" දීමට සැරසෙයි. එම තිළිණය නම් කතෝලික සමාජ දර්ශනය ඇතුළත් "ඇප්" එකකි. මෙම යෙදවුම ("App" එක) නිෂ්පාදනය කර ඇත්තේ 2011 දී "යූකැට්" (“YouCat”) නමැති යොවුන් ධර්මෝපදේශ යෙදවුම නිපැදවූ ආයතනයම වේ. නව යෙදවුම නම් කර ඇත්තේ "ඩූකැට්" (DoCat) යනුවෙනි. සභාවේ සමාජ ධර්මය තරුණයනට වඩා ආකර්ශනය වන අන්දමින් හා අවබෝධ වන අයුරින් මෙම යෙදවුමට එක් කර ඇතැයි එහි නිෂ්පාදක YouCat පදනමේ ප්‍රධාන විධායක නිලධාරි ක්‍රිස්ටියන් ලර්මර් පවසයි. ක්රැකෝ නුවර පැවැත්වෙන ජගත් යොවුන් දින උත්සවයේ දී එළිදක්වනු ලබන එය සුදොතුම් පියතුමන් විස

වතිකාන මාධ්‍ය කාර්යාලයේ නව ප්‍රධානියා ලෙස ගිහියෙක් පත්කෙරේ - ලොම්බාඩි පියතුමා සමුගනියි.

Image
Pope appoints a former journalist to lead the Holy See Press Office; a woman named the Vice-Director  ශුද්ධාසනයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂිකාව සඳුදා (ජූලි 11)  සුදොතුම් පියතුමන් හමුවූ අවස්ථාව (2016 ජූලි 11) ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ප්‍රවීණ ගිහි ප්‍රවෘත්ති කලාවේදියෙක් පත්කෙරේ මෙම තනතුරට අලුතින් පත්කරනු ලැබ  සිටින්නේ ඇමෙරිකානු ජාතික ප්‍රවෘත්ති කලාවේදියකු වන ග්‍රෙග් බර්ක් මහතායි. ඔහු කලක් තිස්සේ වතිකානයේ මාධ්‍ය උපදේශකවරයා ලෙස ද කටයුතු කරමින් සිටියේය. ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ නව සහකාර අධ්‍යක්ෂ ලෙස ස්පාඥ්ඥ ජාතික පැලෝමා ගාර්ෂියා ඔවහේරෝ මහත්මිය පත් කරනු ලැබ සිටියි. ඇය වතිකානයේ මෙතරම් ඉහල තනතුරකට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වෙයි. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මෙම නව පත්වීම් කරන ලද බව ශුද්ධාසනය සඳුදා (ජූලි 11) නිවේදනය කළේය. නව පත්වීම් අගෝස්තු පළමුවැනි දා සිට ක්‍රියාත්මක වෙයි. ශුද්ධාසන මාධ්‍ය කාර්යාලයේ වත්මන් අධ්‍යක්ෂ ජේසු  නිකායික ෆෙඩරිකෝ ලොම්බාඩි පියතුමා සිය ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමන්ට භාර දී තිබේ. බොහෝ කලක සිට එතුමාට ම

"හිට්ලර්ට පක්ෂපාති විය නොහැකියි" එඩිතරව කී ගිහි නායකයා භාග්‍යවරයට: කිතුනු හෘදය සාක්ෂියේ ආදර්ශය

Image
Layman who refused to swear allegiance to Hitler declared a Martyr   සුදොතුම් පියතුමා කාදිනල් පර්ෂද සාමාන්‍ය රැස්වීමේ දී භාග්‍යවරය ප්‍රකාශ කරන අවස්ථාවක් (2016 ජූලි 10) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රාණ පරිත්යාගීන් 8 දෙනෙකු ශුද්ධවරයට තවත් සමීප කරමින් භාග්‍යවයරයට ඉකුත් සිකුරාදා ඔසවනු ලැබිණි. අලුතින් භාග්‍යවන්තයන් වන සිය විශ්වාසය වෙනුවෙන් පණ පිදූ මෙම කතෝලිකයන් අතර ආදර්ශවත් ගිහි නායකයෙක් ද වෙයි. ඔහු නම් දෙවන ලෝක මහා යුද්ධ සමයේ නාසි ආඥාදායක හිට්ලර්ට සිය පක්ෂපාතිත්වය ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කල ඉතාලි ජාතික මයිර්-නුසර් ය. සාන්තුවරයන් පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ ප්‍රධානි ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමියන් ගේ නිර්දේශය මත දේව සේවක මයිර්-නුසර් භාග්‍යවරයට ඔසවනු ලබන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සිකුරාදා (2016 ජූලි 8 ) පැවැති කාදිනල් පර්ෂද රැස්වීමේ දී ප්‍රකාශ කලේය. ජීවිතය පිලිබඳ බිය නොතකා, සිය හදවත තුළ පවතින දේව හඬ ශබ්දය වන හෘදය සාක්ෂියට සවන් දී, දෙවියන් වහන්සේට ප්‍රසන්න හරි දේ තෝරාගෙන ඒ වෙනුවෙන් සිය දිවි පිදූ නව භාග්‍යවර මයිර්-නුසර් තුමන් ගේ ජීවිතය, විවිධ දේශපාලන, සමාජ ආර්

" දුප්පත් ඔබ සභාවේ වස්තුවයි. ඔබට විශේෂ ධර්ම දූත කාර්යයක් තිබෙනවා." සුදොතුම් පියතුමාගෙන් දුප්පතුනට පණිවිඩයක්

Image
Pope Francis tells the poor: "You are the treasurer of the Church." (2016 ජූලි 6) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ බදාදා වතිකනයේ දී දුප්පත් හා ආබාධිත පුද්ගලයන් ගේ වන්දනාකරුවන් කණ්ඩායමක් හමුවූහ. ඔවුනට සුබාරංචියක් දුන් උන්වහන්සේ ඔවුන් නියෝජනය කල ලොව පුරා දුප්පත් හා ආබාධිත ජනතාවට වැදගත් ධර්ම දූත මෙහෙවරක් පැවරූහ. "දුප්පත් ඔබ, සභාවේ වස්තුවයි" එය සුදොතුම් පියතුමා ඔවුන්ට දුන් සුබ ආරංචිය යි. ඔවුනට ඉටුකිරීමට දුන් විශේෂ මෙහෙවර? "ලොව පුරා සිටින අහංකාර, කෑදර,මසුරු, කුහක මිනිසුන් වෙනුවෙන් ඔබ සෑම දිනෙකම දෙවිඳුන් යදින්න" යන්නයි. පාප් වහන්සේ මුණගැසෙන්නට මෙම දුප්පතුන්, රෝගීන් හා ආබාධිතයන් ගේ වන්දනා නඩය පැමිණ සිටියේ ප්‍රංශයේ ලියොන් අගරදගුරු පදවියේ සිටය. ඊට වන්දනාකරුවෝ   200 දෙනෙක් පමණ ඇතුලත් වුහ.ඔවුන් පැමිණ සිටියේ ලියෝන් පදවියේ අගරදගුරු ෆෙලිපේ බාබරෑන් කාදිනල් හිමිපාණන් ගේ නායකත්වයෙනි. "සභාවේ වස්තුව දුප්පත් ඔබයි" ඔවුන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. මෙම විශේෂ තත්වය නිසා ම ඔවුනට විශේෂ ධර්ම දූත මෙහෙවරක් පැවරී ඇති බව එතුමා කියාසිටියේ ය."එ

"සිරියානු ජනතාවට උදව් කරන්නට අවශ්‍ය නම්, යුද්ධයට මුදල් යෙදවීම නතර කරන්න" සුදොතුම් පියතුමා ලෝක නායකයිනට කියයි.

Image
"If you want to help Syrians, stop funding the war" Pope tells world leaders සුදොතුම් පියතුමා ගිය වසරේ යුරෝපා පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාව  (2016 ජූලි 5) ලෝක නායකයන් සිරියාවේ යුද්ධය නිමා කිරීම ගැන කතා කරන අතරම යුද අවි වෙළෙඳාම සඳහා මුදල් යොදවන්නේ කෙසේදැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රශ්න කරති. සිරියානු ජනතාවට උපකාර  කිරීමට ලෝක නායකයනට අවශ්‍ය නම් ඔවුන් මුලින් ම කල යුත්තේ යුද්ධයට මුදල් යෙදවීම නැවත්වීම බව උන්වහන්සේ අවධාරණය කරති. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ සිරියාවට සාමය පතා ජාත්‍යන්තර කරිටාස් ආයතනය ආරම්භ කල අලුත්ම වැඩසටහන වෙනුවෙන් විශේෂ වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමිනි. "යුද්ධය නිසා ජනතාව දුක් විඳින අතර, සටන් කරන්නන්ට ආයුධ සැපයීම සඳහා විශ්වාස කල නොහැකි තරම් විශාල මුදලක් වැය කරනු ලැබේ. මෙලෙස යුද්ධයට ආයුධ සපයන රටවල් සමහරක් ම සාමය පිළිබඳව ද කතා කරන ආකාරය දක්නට ලැබේ. දකුණු අතින් අප වැළඳගෙන වම් අතින් අපට පහර දෙන කෙනෙකුව අප විශ්වාස කරන්නේ කෙසේදැ" යි සුදොතුම් පියතුමා මෙම වීඩියෝ පණිවිඩයේ ප්‍රශ්න කරයි. දයා කරුණාවේ ශුද්ධ වසරින් ලැබෙන පිටිවහල ප්‍රයෝජනයට ගෙ

'පව් සමාවේ' 800 ජයන්තියට සුදොතුම් පිය ප්‍රැන්සිස් අසීසියට

Image
Pope Francis to visit Assisi for the great Franciscan Jubilee  Porziuncola යනුවෙන් හැඳින්වෙන ප්‍රැන්සිස් අසීසි තුමා යාච්ඥා කල කුඩා මඩුව (2016 ජූලි 4) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලබන අගෝස්තු මාසයේ ඉතාලියේ අසීසි නගරයට පැමිණීමට නියමිතයි.  රමණීය කඳු සහ ඓතිහාසික ස්ථාන රැසකින් සමන්විත සුන්දර අම්බ්‍රියා පළාතේ අසීසි නගරයට එතුමා පැමිණෙන්නට නියමිතව ඇත්තේ අගෝස්තු 4 වන දා යි.  සුදොතුම් පියතුමන් මෙම නගරයට පැමිණෙන්නේ  "අසීසියේ පව් සමාව" නමැති ඓතිහාසික ආධ්‍යාත්මික සිද්ධියේ 8 වැනි ශතක සංවත්සරය සැමරීමට බව ප්‍රන්සිස්කාන නිකාය සහ අසීසියේ ඩොමෙනිකෝ සොරෙන්ටිනෝ රදගුරු හිමි නිවේදනය කලේ ය. ඩොමෙනිකෝ රදගුරු  තුමා සුදොතුම් පියතුමා ගේ මෙම ගමන හැඳින්වූයේ "පෞද්ගලික වන්දනා ගමනක්" ලෙසයි. එහි අරමුණ පාප් වහන්සේගේ එම ධුරයේ නාම සාන්තුවරයා වන ශු. ප්‍රැන්සිස් අසීසි මුනිඳුන් විසින් ගොඩනගන ලද පුංචි පල්ලිය බැහැදැකීම සහ එතුමන් විසින් 13 වන සියවසේ මුල් භාගයේ දී ප්‍රන්සිස්කාන නිකාය ආරම්භ කරන ලද එම ස්ථානයේ සිට යාච්ඥා කිරීමයි. මෙම ස්ථානය "අසීසියේ පව් සමාව" යන සිද්ධියටත් ප්‍රන්සිස්කාන න

"වෛරයෙන් අන්ධ වී ප්‍රචණ්ඩ ප්‍රහාර එල්ල කරන්නන්ගේ සිත් හරවන ලෙස ස්වාමීන් වහන්සේට කන්නලවු කරමු": සුදොතුම් පියතුමා ලොව පුරා ජනතාවගෙන් ඉල්ලයි

Image
Saddened by the Dhaka-Baghdad attacks Holy Father asks crowds to “ask the Lord to convert the hearts of the violent, blinded by hate .” (2016 ජූලි 3) පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් ඝාතනය  කරමින් බංග්ලාදේශයේ සහ ඉරාකයේ දී ත්‍රස්තවාදීන් එල්ල කල ප්‍රහාර ගැන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ශෝක වෙති. "වෛරයෙන් අන්ධ වී" මෙවැනි ප්‍රහාර එල්ල කරන ප්‍රචන්ඩකාරීන් ගේ සිත් හැරෙන ලෙස තමන් සමග  යාච්ඥා කරන්නැයි උන්වහන්සේ ලොව පුරා ජනතාවගෙන් ඉල්ලා සිටිති. එතුමා මෙම ඉල්ලීම කලේ ඉරිදා (2016 ජූලි 3 වන දා) එතුමන් සමග දහවල් තුන්කාල ආරාධනාවට සහභාගී වීම සඳහා වතිකානයේ සාන්ත පීතර චතුරශයට එක්රැස්ව සිටි දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිස අමතමනි. "ඊයේ ධකා නුවරදිත්, ඒ වගේම බැග්ඩෑඩ් නුවරදීත් එල්ල වූ ප්‍රහාර වලින් මිය ගිය, එසේම තුවාල ලැබූ සියල්ලන් ගේ පවුලේ ඥාතීන් සමග මම යාච්ඥාවෙන් සහ හදවතින් සමීප වෙනවා" යැයි තුන්කාල ආරාධනා යැදුම අවසානයේ වන්දනා කරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. " අපි සියලු දෙනා ම එක්ව මෙම සිද්ධිවලින් මිය ගිය අය වෙනුවෙනුත් ඔවුන් ගේ පවුල්වල අය වෙනුවෙනුත්

"යාච්ඥාව: සංවෘතභාවයෙන් විවෘත භාවයට හද දොරටු විවර කරන දේව කැමැත්තේ නිහතමානී උපකරණය"

Image
"Prayer: The way out of a close heart and mind": Pope's Homily to new Archbishops  (2016  ජූලි 01) තමන් තුළ සංවෘත නොවී දෙවියන්වහන්සේ ගේ විශ්මයන්ට විවෘතව සිටීම සඳහා යාච්ඥාව තුළ ශක්තිමත් වන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව අගරදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියි. ජුනි 29 වන බදාදා සැමැරුණු ශුද්ධවූ පේදුරු - පාවුළු මහා අපෝස්තුළුවරුන් ගේ මංගල්‍ය දින දිව්‍ය යාගයේ දී නව අගරදගුරු හිමිවරුන් වෙත පැල්ලියම්  ප්‍රදානය කරමින් සුදොතුම් පියතුමා මේ බව ප්‍රකාශ කළේය. නව අගරදගුරු හිමිවරු 25 නමක් එදින සුදුතුම් පියතුමාගෙන් සිය පැල්ලියම ලබා ගත්හ. "සංවෘත භාවයේ (වැසී සිටීමේ) සිට විවෘතභාවය වෙත මං පෙතක් පෑදීමේ වරප්‍රසාදය දානය කිරීමෙහි ලා යාච්ඥාව උපකාරී වෙයි. බිය වීමේ සිට දිරිමත් වීම දක්වාත්, ශෝකයේ සිට ප්‍රීතිය දක්වාත්, භේද වීමේ සිට එක්සත් බව දක්වාත් මාර්ග විවර කිරීමට යාච්ඥාව උපකාරී වෙයි," යැයි සුදොතුම් පියතුමා කීවේය. සුදොතුම් පියතුමා මෙම පණිවිඩය ලබා දුන්නේ මෙම මංගල්‍ය දින පළමු දේව ප්‍රකාශනය සඳහා තෝරාගෙන තිබූ අපොස්තුළුවරුන් ගේ ක්‍රියා පොතේ පාඨය ගැන මෙනෙහි කරමිනි. මෙම කියවීමේ &q