Posts

Showing posts from April, 2023

වසර 10කට පසු සුදොතුම් පියතුමා යළිත් යොවුන් සිපිරි ගෙදරට. හැරමිටි වාරුවෙන් පාද දෝවන මෙහෙය කරයි- "අපේ අභ්‍යන්තරය දැක ජේසු සමිඳුන් කම්නයට පත් වන්නේ නැහැ." (වීඩියෝ)

Image
Ten years  later, Pope returns to Rome's  youth prison for Holy Thursday (2023 අප්‍රේල් 09) 2023 මහ බ්‍රහස්පතින්දා "සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන සැමරුම් මහ ස්තෝත්‍ර යාගික මෙහෙය"  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  විසින්  පවත්වන ලද්දේ මීට වසර 10කට පෙර එතුමා එය පවත්වන ලද රෝමයේ බාල අපරාධකරුවන් ගේ සිර ගෙදර ය.  2013 මහ බ්‍රහස්පතින්දාව යෙදී තිබුණේ  එතුමන් පාප් පදවියට තේරී පත් වී දින 15කට පසුවයි. මෙතෙක් කිසිදු පාප් වහන්සේ නමක් නො කල දෙයක් කරමින් එතුමා මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව සහ පාද දෝවන මෙහෙය පැවැත්වීමට තෝරා ගත්තේ රෝමය තදාසන්නයේ පිහිටි කාසල් දෙල් මර්මෝ නව යොවුන් අපරාධකරුවන් ගේ සිරගෙදරයි. වයස අවුරුදු 14-25 අතර සිරකරුවන් සිය දඬුවම් විඳින මේ සිපිරි ගෙයට ගිය එතුමා ඔවුන් සමග සමිඳුන් ගේ අන්තිම රාත්‍රී භෝජන මහ සැමරුම සිදු කරමින් සිරකාර යෞවන යෞවනියන් 12 දෙනෙකු ගේ පාද දෝවනය කළේය.  හරියටම ඊට වසර 10කට පසුව එතුමා යළිත් මහ බ්‍රහස්පතින්දා සැමරුමට එම සිපිරි ගෙදරට ම ගියේ ය. සැමරුම් ස්තෝත්‍ර යාගික මෙහෙය පවත්වන ලද්දේ එම සිරගෙදර ඇති පුංචි පල්ලියේ ය.  පාද දෝවනය සඳහා රැඳවියන් 12 දනෙකු තොරාගෙන ත

"අපි අවිහිංසාවේ සංස්කෘතියක් ගොඩනගමු": අප්‍රේල් මාසය සඳහා සුදොතුම් පිය යැදුම් අදහස: "යුද්ධය, හිංසනය පිස්සුවක්!"

Image
For a non-violent culture: Pope's prayer intention for April 2023 (2023 අප්‍රේල් 08) "අවිහිංසාවේ සංස්කෘතියක් උදෙසා"  2023 අප්‍රේල් මාසය සඳහා ප්‍රැන්සිස්  ශුද්ධෝත්තම පියතුමන් ගේ යැදුම් අදහස  එයයි. එම කාලෝචිත යැදුම් අදහස් ඇතුළත් සසුන් පිය වීඩියෝව ලෝක ව්‍යාප්ත සසුන් පිය යැදුම් ජාලය විසින් මේ මස මුල දී නිකුත් කෙරිණි.  මේ යැදුම්  අදහස මගින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා යළිත් වරක් යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළාදකියි.  ඒ වෙනුවට එතුමා ලෝකයට ආයාචනා කරන්නේ   "අවිහිංසාවේ සංස්කෘතියක්" ගොඩ නැගීමට දායක වන ලෙස ය. බොදු දහමේ සොඳුරු ම ඉගැන්වීමක් වන "අවිහිංසාව" ශ්‍රී ලාංකික අපට අලුත් දෙයක් නොවේ. එහෙත් ප්‍රශ්නය ජාතියක් ලෙස අප ඒ ඉගැන්වීම ජීවත් කරන්නේ ද යන්න ය. මේ නිසා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ අප්‍රේල් මාසයේ යැදුම් අදහස අපට දැඩි අභියෝගයක් ගෙනැ එයි.  අවිහිංසාව පරාජයක් නො වේ - සියල්ල අපේක්ෂා කිරීමක්. යුද්ධය පිස්සුවක්!  අවිහිංසාව නොහොත් ප්‍රචණ්ඩත්වයෙන් තොර  වීම යනු යටත් වීමක් හෝ පරාජයක් ලෙස ඇතැමෙක් සිතති. එහෙත් එය එසේ නොවන බව මේ යැදුම් අදහස රැගත් සිය සිතිවිල්ල ආරම්භ කරම

"කඳුලු හදක්" සිය හදට තුරුළු කර ගනිමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝහලින් නික්ම යයි: "රෝහල්වල හුඟාක් වීර ක්‍රියා සිදුවෙනවා."

Image
Pope Francis leaves hospital embracing and consoling  a tearful mother "කඳුල සිය ලයට තුරුළු කරගෙන..." කතාව කියවන්න (CBC  වාර්තාවකින් උපුටා ගත් සේයාරුවකි.)  (2013 අප්‍රේල්  1) දින තුනක රෝහල් ප්‍රතිකාර වලින් පසු සුවය ලැබූ  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අප්‍රේල් 1දින, සෙනසුරාදා රෝමයේ ජෙමෙල්ලි  රෝහලින් පිටවී සාන්තා මාර්තා ගෙදරට පැමිණෙයි.   රෝහලේ ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට එද්දී  සුබ පතන්නට පැමිණි ජනතාවට සහ  මාධ්‍යකරුවන්ට කතා කරමින්  "මම තවමත් ජීවත් වෙනවා, ඔබ දන්නවද?"යි සිය සුපුරුදු සිනහව  සහ හාස්‍යය සමග පැවසූ එතුමා සිය සුදු පැහැති ෆියට් 500 පුංචි මෝටර් රථයට නැගී, "මා වෙනුවෙන් යාච්ඥා කරන්න" යි ද ඉල්ලමින්  නික්ම ගියේ ය.  බදාදා  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමයේ ප්‍රකට ජෙමෙල්ලි රෝහලට ඇතුළත් කරන ලද්දේ ඉකුත් බදාදා යි. එදින එතුමා සුපුරුදු පරිදි බදාදා පොදු හමුවට ද සහභාගී වී සිය ධර්මෝපදේශ දේශනය කළේය. රෝහලට ඇතුළත් කරන ලද්දේ ඉන් පසුවයි.  එතුමා  ශ්වසන මාර්ගය ආශ්‍රිත බ්‍රොන්කයිටීස් රෝගයෙන්  පෙළුණු බව සොයා ගන්න ලද අතර  එතුමාට දියර මාර්ගයෙන් ප්‍රතිජීවක ඇතුළු කරනු  ලැබිණි. සික