Posts

Showing posts from December, 2021

සසුන් පිය ප්‍රැන්සිස්: විප්ලවකාර පාප්තුමා අසූ පස් වියට එළැඹෙයි. - ප්‍රකට සමාජ මාධ්‍යයක විශ්ලේෂණය

Image
Pope Francis, revolutionary, a most progressive leader, turns 85  උණුසුම් සුබ පැතුම්!  (2021 දෙසැම්බර් 17) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙසැම්බර් 17 වැනිදා 85 වැනි වියට එළඹුණේ ය.  සාමාන්‍යයෙන් කතෝලික ආගමික ප්‍රකාශන පාප් වහන්සේලා ගේ උපන් දින ගැන ආඩම්බරයෙන් කතා කරයි. එහෙත් මේ තාක් ඉතිහාසය තුළ සිනමා සඟරා, සමරිසි සඟරා, සමානත්වය පිලිබඳ සඟරා වැනි  ප්‍රකාශන හෝ සමාජ මාධ්‍ය පාප් වහන්සේ වැනි කතෝලික නායකයන් ගැන කතා කළේවත් නැත. ඔවුන් සුදොතුම් පියතුමකු ගැන කතා කරන විට එය ප්‍රවෘත්තියක් වන්නේ ඒ නිසා ය. "ෂෝ බිස්" සහ zeleb.es යන ජනාදරයට පත් වූවන් පිලිබඳ කතා කරන සමාජ මාධ්‍ය ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ 85 වැනි ජන්ම දිනය වෙනුවෙන් පින්තුර සහිත කතාවක් පල කර තිබිණි.  එය මේ පාප් වහන්සේ හඳුන්වන්නේ "විප්ලවීය පාප්තුමකු" ලෙස ය. ඒ  පින්තුර කතාව ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ ධුර කාලය පිලිබඳ සාරාංශයකි. එය මෙසේ ය:  1. අසූ පහයි  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා 2021 දෙසැම්බර 17 වැනි දා 85 වැනි වියට එළැඹුණා. එය ගෞරවනීය වයසක්. එහෙත් එතුමා විශ්‍රාම ගන්නේ නැත. වසංගතය නොතකා සුදොතුම් පියතුමා පසුගිය වසර පුරා අතිශය