වතිකානයේ සියලු ජන සන්නිවේදන ආයතන එක් දෙපාර්තමේන්තුවක් යටතට

A new Secretariat created to oversee all Vatican Communications 

වතිකාන ගුවන් විදුලියේ තවමත් සුරක්ෂිතව ඇති මාකෝනි ගේ ප්‍රථම රේඩියෝ මයික්‍රොපෝනය


(2015 ජුනි 28)
වතිකානයේ සියලු ජන සන්නිවේදන ආයතනවලට නායකත්වය දීම සඳහා ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් නව ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලබයි.

"තත්කාලීන සන්නිවේදන සන්දර්භය" (The current communication context) යනුවෙන් නම් කර ඇති ඊට අදාළ වතිකාන පනත පාප් වහන්සේ විසින් ජුනි 27 වැනි සෙනසුරාදා ක්‍රියාත්මක කෙරිණි. මේ අනුව නව ලේකම් කාර්යාලයේ කලමනාකාරීත්වය  ජුනි 29 වැනි සඳුදා සිට සිය වගකීම් භාරගැනීමට නියමිතය.

"ඩිජිටල් මාධ්‍යයන් ගේ ක්‍රියාකාරීත්වයෙන් හා වර්ධනයෙන් ද අභිසරණයෙන් හා අන්තර් ක්‍රියාකාරීත්වයෙන්  ද සලකුණු වී ඇත්තාවූ වර්තමාන මාධ්‍ය සන්දර්භය, ශුද්ධාසනයේ තොරතුරු පද්ධතිය ගැන අලුතෙන් සිතාබැලීමේ අවශ්‍යතාවක් උදා කොට තිබේ.මේ අනුව ශුද්ධාසනයේ සන්න්වේදනය ඒකාබද්ධ සහ එක්සත් කලමනාකාරීත්වයකට යොමුකෙරෙන ප්‍රතිසංවිධානයක් සිදු කල යුතුව ඇත. මේ අරමුනින් මෙතෙක් වෙනස් මාර්ග ඔස්සේ සන්නිවේදන කටයුතු වල නිරත වූ සභාවේ සන්නිවේදන අංශ, රෝම ක්‍යුරියාවේ ඩිකාස්ටරියක් (දෙපාර්තමේන්තුවක්) යටතට පත් කිරීමට මම අභිමත වෙමි" යි ඒ සම්බන්ධයෙන් පාප් වහන්සේ විසින් නිකුත් කෙරුණු ලිපියේ සඳහන් වෙයි.

මේ අනුව සඳුදා සිට වත්කානයේ සියලු සන්නිවේදන ආයතන නව දෙපාර්තමේන්තුවේ නායකත්වය යටතට ගැනේ. වතිකාන ගුවන්විදුලිය,ල'ඔසවතොරේ රොමානෝ පුවත්පත, වතිකාන රුපවාහිනි කේන්ද්‍රය, ශුද්ධාසන ප්‍රවෘත්ති කාර්යාලය, ජන සන්නිවේදනය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාව, වතිකාන අන්තර්ජාල සේවාව මෙම ආයතන අතරින් කිහිපයකි. vatican.va වෙබ් අඩවියේ ද පාප්වහන්සේ ගේ Twitter ගිණුම වන @pontifex හි වගකීම ද නව ලේකම් කාර්යාලය යටතට ගැනේ.

සුදොතුම් පියාණන් මෙම ප්‍රතිසංවිධාන ක්‍රියා මාර්ග ගෙන ඇත්තේ වතිකාන පරිපාලනයේ ප්‍රතිසංස්කරණ වල එක් පියවරක් ලෙස ය. ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද නව දෙනකුගෙන් යුත් විශේෂ කාදිනල් මණ්ඩල යේ  යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

වතිකාන රුපවාහිනියේ වත්මන් ප්‍රධානී අති ගරු ඩැරියෝ එඩුවාඩෝ විගානෝ මාහිමි නව ලේකම් කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ  ඇත.

Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය