මිහිතල විශ්ව ලේඛනය නිකුත්වේ. පරිසර ගැටළු ගැන ඍජු, පුළුල් හා ගැඹුරු විමර්ශනයක්

Environmental Encyclical takes bold stance on controversial issues



(2015 ජුනි 18)
“Laudato Si" හෙවත්  "පැසැසුම් වේ! සැමගේ පොදු නිවස රක බලා ගැනීම" යැයි නම් කරන ලද,  ලෝකය මහත් අපේක්ෂාවෙන් බලා සිටි ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ  ගේ පරිසර විශ්ව ලේඛනය අද (ජුනි 18) වතිකාන යේ දී ප්‍රකාශයට පත් කෙරින.

පරිසරය හා පරිසර විද්‍යාව සම්බන්ධයෙන් විද්වත් මණ්ඩල වල සාකච්ඡාවටත් විවාදයටත් ලක්ව ඇති සියලු මත භේදාත්මක කරුණු  පිළිබඳව පාප්වහන්සේ මෙම ලේඛනය මගින් ඍජුව සහ එඩිතරව සභාවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබේ.  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ අනන්‍යතාව වන්නේ, කියන්නට ඇති දේ නොවලහා කෙලින් කීමයි. එය මෙම පරිසර විශ්ව ලේඛනයෙන් යලත් වරක් සනාත වී ඇති බව වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මිහිතලය මහත් අනතුරකට පත් කර ඇති විනාශකාරී කාලගුණ විපර්යාසවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බවට පුළුල් විද්‍යාත්මක සම්මුතියක් ඇති වී තිබෙන බව පාප්වහන්සේ මෙම ලේඛනයෙන් පෙන්වා දෙති. දශක ගණනාවක් පුරා මෙම ගැටලුව විසඳීමට අවශ්‍ය දේශපාලන අධිෂ්ඨානයක් නොමැති වීම ගැනත් ඒ සම්බන්ධයෙන් දක්වන දුර්වල ප්‍රතිචාරය ගැනත් එතුමා ලෝක දේශපාලන නායකයන් දෝෂ දර්ශනයට ලක් කර තිබේ.

" අපේ ග්‍රහ ලෝකය දෙස බලා සිටින පිටස්තරයකු අපගේ හැසිරීම ගැන මවිතයට පත් වනු නොඅනුමානය. මන්ද ඇතැම් විට අපගේ ක්‍රියාකාරකම් ස්වයං විනාශකාරී බැවිනි.අප අපගේ අනාගත පරපුරට කැලි කසල, සුන්බුන් හා පාළු දුක්ඛිත ලෝකයක් ඉතිරි කර තබා යාම වැලැක්වීම සඳහා සියල්ලන් එක්ව වහාම ක්‍රියාත්මක වීම අවශ්‍යව ඇතැ "යි  පාප්වහන්සේ අවධාරණය කරති. "වහාම සහ අත්‍යවශ්‍යයෙන්ම පියවර ගැනීමට ගැනීමට අවශ්‍ය මොහොතක එසේ කිරීමට හැකියාවක් නොමැති කෙනෙකු ලෙස  අනාගත පරපුර විසින් සිහිපත් කරනු ඇති නමුත් එය නොතකා  බලයේ එල්බගෙන සිටීමට තරම් දේශපාලන නායකයන් තුළ   ඇත්තේ කවර පෙලඹවීමක්  දැ "යි එතුමා දේශපාලන නායකයන් ගෙන් ඍජුවම ප්‍රශ්න කරති.


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය