Posts

"රදගුරු හිමිවරුන් නිදොස් චරිත වලින් යුත් සේවකයන් මිස කුමාරයන් නොවිය යුතුයි" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
Bishops must be blameless servants, not princes, pope says
(2018 නොවැම්බර් 11)
රදගුරු තුමකු "නිර්දෝෂී" තැනැත්තකු විය යුතු අතර ඔහු කල්ලි, වස්තු සම්පත්,ධනය සහ බලයේ සේවකයකු නොව දෙවියන් වහන්සේ ගේ සේවකයකු විය යුතු යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි.

"රදගුරු තුමකු නිතර තමන් නිවැරැදි කර ගත යුතුය. එසේ නිවැරදි කර ගැනීම සඳහා නිතර තමන්ගෙන් මෙම ප්‍රශ්නය අසා ගත යුතුය: 'මම දෙවියන් වහන්සේ ගේ ගබඩාකරුවෙක් ද?  නැතිනම් ව්‍යාපාරිකයෙක් ද?' "

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ නොවැම්බර 12 වන සඳුදා උදාසන සාන්තා මාර්තා තානායම් පුංචි පල්ලියේ පැවැත්වුණු දිව්‍ය පූජාවේ භාවනාව කරමිනි. මෙදින එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ එදින පළමු දේව ප්‍රකාශනය වූ ශු. පාවුළු තුමා තීතස්ට ලියූ ලිපියෙන් උපුටා ගත්  පාඨයයි. (1:1-9) 17 වන සියවසේ ජීවත් වූ ආදර්ශවත් රදගුරු තුමකු හා ප්‍රාණපරිත්‍යාගීවරයකු වූ ශාන්ත ජෝසපාත් තුමන් ගේ මංගල්‍යය ද මෙදිනට යෙදී තිබිණි.

"රදගුරුතුමකු දෙවියන් වහන්සේ ගේ පරිපාලකයකු නොහොත් ගබඩාකරුවකු විය යුතු බවත් ඔහු වස්තු සම්පත්වල, ධනයේ  හෝ බලයේ පරිපාලකයකු නොවිය යුතු බවත්…

"සභාව මත මඩ තැවරීමේ අරමුණින් නිරන්තරයෙන් එල්ල කරන චෝදනා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙලා දකියි.

Image
"සභාව අපවිත්‍ර නැත; ඇයගේ දරුවන් අපවිත්‍රය; එහෙත් සභා මව ශුද්ධවන්තය"  Pope Francis concludes synod by condemning ‘the continuous accusations to smear the church.’ “The church is not dirty. Her children are."

(2018 ඔක්තෝබර 27)
යෞවනයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 27 වැනි සෙනසුරාදා පරිසමාප්තියට පත්විය.

එහි අවසන් සැසිය අමතා කතා කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මැද පෙරදිග කලාපයේ තවමත් හිංසනයට හා පීඩනයට පත්වන කිතුනුවන් ගැන ද සිහිපත් කළේය.

එම හිංසන ගැන අදහස් දක්වන අතර සිය කතා පිටපතින් ඉවත් වූ සුදොතුම් පියතුමා, "තවත් වෙනස් ආකාරයක පීඩනයක් හා හිංසනයක් තිබේ. එනම් සභාව මත මඩ තැවරීමේ අරමුණින් එල්ල කරන චෝදනායි. ඒවා ද දැඩි ලෙස හෙලා දැකිය යුතුය" යි කීවේය.

එතුමා මෙම  දේශනය කරන අවස්ථාවේ ලොව පුරා රටවල් 130 කින් සිනොඩ් කතිකාවට සහභාගී වූ සාමාජිකයන් 350 කට වැඩි සංඛ්‍යාවෙන් එම ශාලාව පිරී තිබුණේය.
"සභාව කිලිටි නැත. ඇයගේ දරුවන් කිලිටිය; එහෙත් (සභා) අම්මා කිලිටි නොවේ. අපේ අම්මා (සභා මව) ශුද්ධවන්තය; එහෙත් ඇයගේ දරුවන් වන අපි පව්කාරයෝ ය. ඉතින්, මහා චෝදනාකරුවා අපගේ පව්කාර බවින්…

සර්ව පුරුෂ රදගුරු සංසදයට සහභාගී වන එකම කාන්තා පූජකවරිය

Image
"පවුලේ සාමාජිකයකු ලෙස ඔවුන් උණුසුම්ව මා පිළිගත්තා; සභා අතර සැබෑ සංවාදය මෙසේ එක්ව බෙදාගැනීමයි - එක්ව ජීවත් වීමයි" යොවුන් පූජකවරිය කියයි  “The true ecumenical movement must be lived and shared together,” says the only female cleric at the  youth synod 
(2018 ඔක්තෝබර 25)
වතිකානයේ තරුණයන්  පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව පැවැත්වෙන ශාලාව  රදගුරු හිමිවරුන්ගෙන් පිරී තිබේ. පිරිමින්ගෙන් පමණක් සමන්විත මෙම රදගුරු සංසදයේ අසුන් පේළි එකිනෙක අතරින්  නෙත් ගෙනයන විට ...හදිසියේම කාන්තා රුවක්  නෙත ගැටේ. ඈ තරුණ ය. සොඳුරුය. රදගුරු හිමිවරුන් සේ ම ඇය ද සංසද සාකච්ඡාවලට සාවධානව සහභාගී වෙමින් සිටියි.

තවත් අවධානයෙන් බලන විට ඈ  පූජකවරුන් ගේ ජනවන්දනා ඇඳුමින් සැරසී සිටියි.

"මම පූජක ඇඳුමින් සිටිනු දැකල කාදිනල් හිමිවරුත් රදගුරු හිමිවරුත් පුදුම වෙන්න ඇති කියල මම හිතනවා..." ජේසු නිකායික "America" සඟරාවේ පියතුමෙකුට ඈ කියයි. "ඇතැම් විට එතුමන්ලා කම්පනයටත් පුදුමයත් පත්වෙන්න ඇති මා පූජක ඇඳුමින් දැක්කම. හැබැයි මේ සියළුම දෙනා මා හඳුනා ගත්තා මේ පූජක ඇඳුමින් ඉන්නෙ ඊයේ රෑ කෑම ගනිද්දී අපි දැකපු ත…

නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගලාභියා ශුද්ධාසන විද්‍යා ආයතනයට පත් කෙරේ

Image
Pope appoints Nobel Physics laureate as member of the Pontifical Academy of Sciences

(2018 ඔක්තෝබර 22)
ඇමෙරිකාවේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව සහ අණුක හා  සෛල භෞතවේදය පිලිබඳ මහාචාර්ය ස්ටීවන් චූ මහතා ශුද්ධාසන විද්‍යා ඇකඩමියේ සාමාන්‍ය සාමාජිකයකු ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පත් කරනු ලැබිණි.

මහාචාර්ය ස්ටීවන් චූ  භෞතික විද්‍යාව සඳහා 1997 වසරේ නොබෙල් ත්‍යාගය ලැබූ තිදෙනාගෙන් කෙනෙකි. ඔවුන්ට එම ත්‍යාගය පිරිනැමුණේ "ලේසල් ආලෝකය මගින් පරමාණු ශීත කිරීමේ  සහ ග්‍රහණය කරගැනීමේ ක්‍රම සොයාගැනීම" හේතුවෙනි.

1970 දී නිව් යෝර්ක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ගණිතය සහ භෞතික විද්‍යාව පිලිබඳ උපාධිය ලැබූ ස්ටීවන් චූ, 1976 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ලැබීය. ඔහු පරමාණුක භෞතික විද්‍යාව, ජෛව භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සහ විවිධ බල ශක්ති තාක්ෂණ සම්බන්ධයෙන් පොත් පත් සහ ලිපි රැසක් සම්පාදනය කර තිබේ.

ශුද්ධාසන විද්‍යා ඇකඩමිය   වතිකානයේ මූලස්ථානය සහිත ශුද්ධාසන විද්‍යා ඇකඩමිය (Pontifical Academy of Sciences) පිහිටුවන ලද්දේ 1963 ද…

ලෞකික බලයේ මහිමයට එරෙහිව 'කුරුසියේ සිහසුන' සහ සේවයේ නායකත්වය -තුන්කාල ආරාධනා භාවනාව

Image
Service and the throne of the Cross: Antidote to glory-seeking - Angelus meditation 
(2018 ඔක්තෝබර 21)
ජේසු සමිඳුන් ගේ සිංහාසනය නම් ලෝකයේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ ගේ ජීවිතය පූජා කළ කුරුසිය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරයි. මේ නිසා උන්වහන්සේ අනුගමනය කරන්නන් සියල්ල පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටිය යුතු බව එතුමා අවධාරණය කරයි.

"ගුරුතුමන් ගේ පණිවිඩය පැහැදිලිය: එනම් ලෝකයේ බලවතුන් සිය බලය වෙනුවෙන් සිංහාසන ගොඩනගන විට දෙවියන් වහන්සේ ඉතා අපහසු සිංහාසනයක් තෝරාගෙන ඇති බවයි. එම අපහසු සිංහාසනය නම් ක්‍රිස්තුන් වහන්සේ ජීවිතය දානය කරමින් රජකම් කරන කුරුසියයි...'මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටත් බොහෝ දෙනෙකු වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමටත්' යයි ක්‍රිස්තුන් වහන්සේ පවසති" යි එතුමා පහදා දෙයි.

ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඔක්තෝබර 21 ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය භාවනාව කරමිනි. එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. (මාක් 10:35-45)

දේව  රාජ්‍යය ස්ථාපනය කිරීමේදී තමන් උන්වහන්සේ ගේ දකුණු පස සහ වම් …

උතුරු කොරියා ගමනකට විවෘතව සිටිනවා - දකුණු කොරියා ජනපති සමග හමුවේදී සුදොතුම් පියතුමා කියයි

Image
Meeting South Korean leader Pope says he is open to visit North Korea
(2018 අගෝස්තු 18)
උතුරු කොරියාවට පැමිණීමට තමන් කැමැති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසා තිබේ. එතුමා මේ බව කියා ඇත්තේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මහතා එතුමන් මුණගැසුණු අවස්ථාවේ දීය.

ජනාධිපති මූන් අගෝස්තු 18 වැනිදා වතිකානයේ දී සුදොතුම් පියතුමා මුණගැසුණේය. එම හමුවේදී උතුරු කොරියාවට පැමිණෙන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටින්නැයි එරට ආඥාදායක නායක කිම් ජොං-උන් දකුණු කොරියා ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබිණි. (ඒ ගැන විස්තර මෙතැනින්: සුදොතුම් පියතුමා උතුරු කොරියාවට? කිම් ජොං උන් ගේ ඇරයුම දකුණු කොරියා ජනපති සුදොතුම් පියතුමාට භාරදෙන ලකුණු)

ජනාධිපති මූන් සුදොතුම් පියතුමාට එම ආරාධනය කලේ ඒ අනුවයි.

"(නිල) ආරාධනයක් ලැබුනොත් මා එය පිළිගන්නවා. මට එරටට යන්න පුළුවන්" යැයි ඊට පිළිතුරු ලෙස සුදොතුම් පියතුමා දකුණු කොරියා ජනපතිට පැවසූ බව එරට යොන්හැප් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.
"නොනැවතී සාම මාර්ගයේ  ඉදිරියටම යන්න. බිය වෙන්නට එපා" යැයි ද සුදොතුම් පියතුමා ජනාධිපති මූන්ට පැවසීයැයි යොන්හැප් ප්‍රවෘත්ති සේවාව වැඩි දුරටත් සඳහන් ක…

වොෂින්ටන්හි මහා+ආත්ම කාදිනල් -අගරදගුරු හිමි විශ්‍රාම ගනියි: "ඔබගේ විශ්‍රාම ඉල්ලීම තුළ එඬේරෙකු ගේ හදවත මම දකිමි" ඉල්ලා අස්වීම පිළිගනිමින් සුදොතුම් පියතුමා කියයි

Image
Washington's Archbishop,Cardinal Wuerl resigns; "I see in your request the heart of a Shepherd" Holy Father says 

(2018 ඔක්තෝබර 15)
වොෂින්ටන්හි අගරදගුරු අති උතුම් ඩොනල්ඩ් වර්ල් කාදිනල් හිමි එම ධුරයෙන් විශ්‍රාම ගනියි.විශ්‍රාම ගැනීම සඳහා තමන් ඉදිරිපත් කරන ඉල්ලීම පිළිගන්නැයි ඉල්ලා සිටිමින් එතුමන් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔක්තෝබර 12 වනදා පිළිගත්තේය. එතුමා ගේ අනුප්‍රාප්තිකයා පත් කෙරෙන තෙක් වොෂින්ටන් අගරදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස කටයුතු කරන ලෙස ද සුදොතුම් පියතුමා එතුමාගෙන් ඉල්ලා තිබේ.

දශක පහක් පමණ පුරා විහිද ගිය සිය රදගුරු-පුදැදුරු සේවා සමයේ දී වර්ල් කාදිනල් හිමි ඇමෙරිකානු කතෝලික සභාවේ මහා+ආත්මයකින් යුත්, අතිශයින් ම කැපවුණු නායකයකු සේ ම අතිශයින්ම බලපෑම් කල හැකි පුදදුරු වරයකු ලෙස ද ගෞරවයට පත්ව සිටියේය. 

එතුමාට විශ්‍රාම ගැනීම සඳහා බලපෑමක් ඇතිවූයේ ඉකුත් දා නිකුත් කෙරුණු පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පූජක ළමා ලිංගික අපයෝජන සම්බන්ධ මහා ජූරි වාර්තාවේ එතුමා සම්බන්ධයෙන් කර තිබූ සඳහනක් හේතුවෙනි. එක්තරා අපයෝජක පූජකවරයකු යළිත් ප්‍රසිද්ධ සේවාවට ඇතුළු …