Posts

Showing posts from September, 2016

ළදරු රෝහලක සහ ගිලාන ශාලාවක නිවැසියන් වෙත ගලා ආ සුදොතුම් පිය සෙනෙහස

Image
Holy Father's 'Mercy Friday' visit to Neonatal Hospital and the Hospice  (2016 සැප්තැම්බර් 17) සැප්තැම්බර් 16 වන සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ මේ මාසයේ "දයාවේ සිකුරාදා" විය.මෙම දයාවේ වසරේ  මාසයක එක සිකුරාදාවක් 'දයාවේ සිකුරාදා' ලෙස වෙන්කරන සුදොතුම් පියතුමා එදින කිසියම් ආධ්‍යාත්මික හෝ ශාරීරික දයාවේ ක්‍රියාවක නිරතවෙයි. මේ දිනයේ එතුමා බොහෝ විට කරන්නේ සමාජයෙන් බැහැර කරන ලද හෝ දුකට හෝ පීඩාවට පත් වූ ජනකොටස් බැහැදකින්නට යාමය. සැප්තැම්බර 16 වන සිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගියේ රෝමයේ නවජ රෝහලක් (Neonatal Hospital: රෝගී තත්ත්ව සහිතව හෝ නියමිත කාලයට කලින් උපත ලැබූ ළදරුවන් සිටින රෝහලක්) සහ පිළිකා වැනි මාරාන්තික රෝග වලින් පීඩා විඳින රෝගීන් රැක බලා ගන්නා ගිලාන ශාලාවක් (Hospice) බැහැදකින්නට ය. එතුමා මුලින් ම ගියේ ශාන්ත ජුවාම් රෝහලටයි. එතුමා එහි නවජ එක්කයේත් හදිසි සේවා වාට්ටුවේත් ප්‍රතිකාර ලබන  ළදරුවන් බැහැදුටුවේය. මෙම හදිසි සේවා ඒකකයේ ළදරුවෝ 12 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබති. ඒ අතරින් නිවුන් දරු දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙකුගේ තත්වය බරපතල ය. ඔව

වතිකානය සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක් ළඟදීම?

Image
A Sino-Vatican Agreement soon? (2016 සැප්තැම්බර් 15) චීනයේ කතෝලික රදගුරු හිමිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ශුද්ධාසනයත් චීනයත් අතර ඓතිහාසික සම්මුතියක් අත්සන් කිරීම අතළඟ බව තතු දත් ආරංචි මාර්ග පවසයි. චීනයේ  කතෝලික සභාවේ එක්තරා අන්දමකට 'කොටස්' දෙකකට බෙදුණු බවක් දක්නට  ලැබේ. ඊට හේතුව  චීන ආණ්ඩුව කතෝලිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතයි. මෙයින් එක කණ්ඩායමක් හැඳින්වෙන්නේ "දේශප්‍රේමී කතෝලික සභාව' වශයෙනි. එය චීන ආණ්ඩුව විසින් පාලනය කෙරේ. එහි රදගුරුවරුන් පත් කරනු ලබන්නේ සාම්ප්‍රදායික ලෙස පාප්වහන්සේ ගේ අනුමැතිය මත නොව චීන ආණ්ඩුවේ තීරණ අනුවය. අනෙක් කණ්ඩායම සැබෑ කතෝලිකයන් ලෙස පිළිගනු ලබන "සැඟවුණු සභාවයි" (Underground Church). මෙම සභාව නිරන්තරයෙන් චීන ආණ්ඩුවේ හිංසා හා පීඩා වලට ලක්වෙයි. එහි රදගුරු හිමිවරුන් පත්කරනු ලබන්නේ ශුද්ධාසනය (වතිකානය) විසිනි. එහෙත් චීන ආණ්ඩුව මෙම රදගුරු හිමිවරුන් නොපිළිගන්නා අතර එම සභාව ද නිල සභාවක් ලෙස ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේ නැත. මෙම අර්බුදය ඉතිහාසය පුරා පවතින්නකි. කෙසේ නමුදු, මෙම අර්බුදය විසඳාගෙන චීන කතෝලිකයනට සැනසිල්ල හා

"දෙවියන් ගේ නාමයෙන් මිනිසුන් මරා දැමීම සාතන් ගේ ක්‍රියාවක්" - සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
 "To kill in the name of God is Satanic": Holy Father says  බදාදා දිව්‍ය පූජාව පැවැත්වූ පුදසුන මත ගරු ජාක් හමෙල් පියතුමාගේ සේයාරුවක් ද තබා තිබිණි (2016 සැප්තැම්බර් 14) වර්තමානයේ  සෑම ආකාරයකින්ම  සිදුවන කිතුනුවනට හිංසා පීඩා සිදුකිරීම "සාතන් ගේ ක්‍රියාවක්" බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. මේ වන විට ලෝකයේ බොහෝ ප්‍රදේශ වල කිතුනුවන් වදහිංසාවට ලක්කොට ඝාතනය කරනු ලබන්නේ, ඔවුන්ගේ ඇදහිල්ල (ආගම) අත්හැර දැමීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසාය. "මෙලෙස කෙනෙකුගේ ආගම, ඇදහිල්ල අත්හැර දැමීමට බල කිරීමේ කුරිරුකම හැඳින්විය හැක්කේ කෙසේ ද? එය වචනයකින් හැඳින්විය හැක්කේ 'සාතන් ගේ වැඩක්' ලෙසයි" යයි සුදොතුම් පියතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ වතිකානයේ සිය ගෙදර වන කාසා සාන්තා මාර්තා තානායමේ පුංචි පල්ලියේ පැවැත්වෙන දිනපතා උදාසන දිව්‍ය පුජාවේ දී ය. ශ්‍රී කුරුසියේ ජයග්‍රහණයේ මංගල්‍යය පැවැත්වෙන සැප්තැම්බර 4 වනදා මෙම දිව්‍ය පුජාව ඔප්පු කරන ලද්දේ ඉකුත් ජූලි මාසයේ 26 වනදා ප්‍රංශයේ රුවේන් පදවියේ කුඩා නාගරික දෙව්මදුරක  දී ඝාතනය කරන

තෙරේසා මව් තුමියගේ සේවාවේ "ලුණු සහ ආලෝකය": දයා කරුණාව - ශුද්ධවර භාවයේ දිව්‍ය පූජාවේ ධර්ම දේශනයෙන්

Image
Mercy: The 'salt' and 'light' of St. Mother Theresa's service තෙරේස මව් තුමිය රෝහලක දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳකුට ආදරය පෑ මොහොතක් (2016 සැප්තැම්බර් 9) අවශ්‍යතාවයෙන් පෙලෙන්නන්ට සරණය වීමට වඩා ඔබ්බට යන දයාවක් කිතුනුවන් තුළ තිබිය යුතු බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙති. කිතුනු ජීවිතය වූ කලී දයාවේ පත්ලටම කිඳා බසිමින් අපගේ මුළු ජීවිතයම ක්‍රිස්තුන් වහන්සේ ගේ සේවාවට කැප කරන ජීවිතයක් විය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙති. "සමිඳාණන් අපට දෙන කාර්යභාරය නම්, දයාව සඳහා කැඳවීමකි. මම කැඳවීම තුළ ක්‍රිස්තුන් වහන්සේ ගේ සෑම ශ්‍රාවකයකු ම සිය සමස්ත ජීවිතය ම උන්වහන්සේ ගේ සේවාවට කැපකොට දිනෙන් දින ප්‍රේමයෙන් වර්ධනය වෙයි." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කල්කටාවේ ශාන්ත තෙරේසා මව්තුමිය ශුද්ධවරයට එසැවීම වෙනුවෙන් ඉකුත් සැප්තැම්බර 4 ව ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති දිව්‍ය පුජාවේ ධර්මදේශනය පවත්වමිනි. ලොව නන් දෙසින් පැමිණි වන්දනාකරුවන් 120,000 කට වැඩි පිරිසක් මෙම දේව මෙහයට එක්ව සිටි බව වතිකාන ප්‍රවෘත්ති කාර්යාලය කියයි.

දයාවේ ශුද්ධ වසරේ විකසිත වූ ආදරයේ සුවඳ මල

Image
Its Official: Mother Theresa is a saint (2016 සැප්තැම්බර් 7) කල්කටාවේ තෙරේසා මව් තුමිය නිල වශයෙන් කතෝලික සභාවේ සාන්තුවරියක ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දීය.  කතෝලික සේ ම අකතෝලික දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ ප්‍රාර්ථනා හා අපේක්ෂා මල්ඵල ගන්වමින්,  ඉකුත් සැප්තැම්බර් 4 වන ඉරිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති දිව්‍ය පූජාවේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් එතුමිය සාන්තුවරියක ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවාය. ලොව නන්  දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත  වන්දනා කරුවෝ පිරිසක් මෙම දිව්‍ය පූජාවට එක්ව සිටියහ. "ශුද්ධවූ ත්‍රිත්වයේ ගෞරවය සඳහා ද , කතෝලික ඇදහිල්ලේ උද්දාමය උදෙසා ද, ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රවර්ධනය උදෙසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ගේ ද, පේදුරු සහ පාවුළු යන ශුද්ධවූ අපෝස්තුලුවරුන් ගේ ද අපගේම ද අධිකාරී බලය මගින්, නිසි විචාරණය හා දේව උපකාරය පිණිස කරන ලද නිරන්තර යාච්ඥාවෙන් පසුව ද, අපගේ සහෝදර රදගුරු හිමිවරුන්ගේ උපදෙස්  ලබා ගැනීමෙන් ඉක්බිතිව ද, භාග්‍යවන්ත කල්කටාවේ තෙර්සා මව් තුමිය සාන්තුවරියක බව නියම කොට ප්‍රකාශයට පත් කරමු. එතුමිය සාන්තුවර ලේඛනයේ ලියා පදිංචි කරන අපි, එතුමියට එසේ ගෞර

ශු. කල්කටාවේ තෙර්සා මව් තුමියගේ සාන්තුවර භාවය දවසේ ඉතාලියේ දුප්පතුන් පිරිසකට පිට්සා භෝජන සංග්‍රහයක්

Image
A pizza  lunch for Italy's poor after Mother Theresa Canonization  (2016 සැප්තැම්බර් 5) ශුද්ධවූ කල්කටාවේ තෙරේසා මව් තුමිය සාන්තුවරියක ලෙස ප්‍රකාශයට පත් කිරීමේ දිව්‍ය පූජාවෙන් පසුව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ දුප්පතුන් වෙනුවෙන් පීට්සා දිවා භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ. මෙම දිවා භෝජනයට ඇරැයුම් ලබා සිටියේ ඉතාලිය පුරා ඇති ශු. තෙරේසා මව් තුමියගේ දයාවේ ධර්මදූත නිකායේ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන නිවාස වල ජීවත් වන දුප්පතුන් 1500 දෙනෙකු පමණ පිරිසකි. "මෙම දිවා භෝජන සංග්‍රහයේ දී සත්කාර ලැබුවේ ඉතාලිය පුරා සිටින දුප්පතුන් හා අසරණයෝ ය. විශේෂයෙන් ම ඉතාලිය පුරා දයාවේ ධර්මදූත නිකායේ සොයුරියන් ගේ නිවාස වල ජීවත් වන අය ය. මිලානෝ, බෝලොඥ්ඥා, ෆ්ලොරන්ස් සහ නාපොලිය ඇතුළු සෑම ප්‍රදේශයක ම දයාවේ නිවාස වල සොයුරියන් ගේ සේවාව ලබමින් සිටින දුප්පත් අසරණ ජනතාව ඊට ඇරැයුම් ලබා සිටියහ" යි වතිකානය විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ. ශු. කල්කටාවේ තෙරේසා මව්තුමිය ගේ ශාන්තුවර භාවයේ දිව්‍ය යාගයට සහභාගී වීම සඳහා සැප්තැම්බර 3 වන දින රාත්‍රියේ ඔව්හු බස් රථවලින් රෝමයට පැමිණියහ. දිව්‍ය

සොබා දහම රැක බලා ගැනීම කතෝලික පුණ්‍ය ක්‍රියා වලට එකතු කෙරේ

Image
"Care for Creation is a work of Mercy": Holy Father (2016 සැප්තැම්බර් 3) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කිතුනු ලෝකය යලිත් මවිත කරමින්, සොබා දහමට දයාව දැක්වීම කිතුනු දයාවේ ක්‍රියා වලට සම්බන්ධ කරයි. කතෝලික ධර්මොපදේශයට අනුව ආධ්‍යාත්මික ඵල නොමදව ලැබෙන ආත්මික දයාවේ කියා (හෙවත් ආත්මික පුණ්‍ය ක්‍රියා) සතක් ද ශාරීරික දයාවේ ක්‍රියා (හෙවත් ශාරීරික පුණ්‍ය ක්‍රියා) සතක් ද තිබේ. දයාවේ ක්‍රියා හෙවත් පුණ්‍ය ක්‍රියා යනු සහෝදර දයාව ස්වකීය ජීවිතය තුළින් පෙන්වන ක්‍රියාකාරකම් වේ. මෙම පුණ්‍ය ක්‍රියා අතරට අප ජීවත්වන අපගේ පොදු නිවහන වන මිහිතලය රැක බලා ගැනීම  හෙවත් පරිසරයට දයාව දැක්වීම ද ඇතුළත් කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් බ්‍රහස්පතින් දා ප්‍රකාශ කළේය. මේ අනුව පරිසරයට දයාව දැක්වීම ශාරීරික පුණ්‍ය ක්‍රියාවක් සේ ම ආත්මික පුණ්‍ය ක්‍රියාවක් ද වේ. සුදොතුම් පියතුමා මෙම නව උපදේශය නිකුත් කලේ සැප්තැම්බර් පළමුවන බ්‍රහස්පතිදාට යෙදුනු "මැවිල්ල රැක බලා ගැනීම වෙනුවෙන් යාච්ඥා කිරීමේ දිනය" වෙනුවෙන් සිය පණිවිඩය නිකුත් කරමිනි. සැප්තැම්බර 1 වනදා පරිසරය රැක බලා ගැනීම වෙනුවෙන් යාච්ඥා කිර