Posts

Showing posts from April, 2015

භුමිකම්පාවේ බිහිසුණුකම නේපාල රදගුරු හිමි විස්තර කරයි

Image
“It was frightening”, Nepal Bishop describes the earthquake; “Pray for all those affected,” he pleads භූකම්පනයෙන් බිඳ වැටුණු ගොර්කා ගම්බද ප්‍රදේශයේ නිවසක් - Credit: BBC  (2015 අප්‍රේල් 29) "අවට තීබූ ගෙවල් කාඩ්බෝඩ් මෙන් එක මත එක කඩා වැටෙනු මා දැක්කා. එය බොහෝ බියකරු දර්ශනයක්. මිනිස්සු ජීවිතය බේරා ගන්න හිස්  ලූ  ලූ  අත දුවමින් සිටියා. මටත් මගේ ජීවිතය බේරා ගැනීමට දුවන්නට සිදුවුනා." නේපාලයේ රදගුරු තුමන් අප්‍රේල් 25 දා සිදු වූ භුමිකම්පාව ගැන කතෝලික දයා සේවාවක් වන  Aid to the Church in Need ආයතනයට ලියු ලිපියක්  ආරම්භ කර තිබුනේ එසේය. නේපාලයේ අපෝස්තලික අනුනායක (Apostolic Vicar) පෝල් සිමික් රදගුරු හිමියන් ලියු එම ලිපියේ, නේපාලයට සිදු වූ භුමි කම්පාවේ බියකරු බව සහ  එයින් සිදු වී ඇති විනාශය ගැන තොරතුරු රැසක් සඳහන් වේ. සිමික් රදගුරු හිමි සිය ලිපියේ මෙසේ ද කියා සිටියේය: " යලි යලිත් ඇති වන  පසු කම්පන නිසා ජනතාව බියට පත් වී සිටිනවා. (මේ දැනුත් පසු කම්පනයක් ඇති වුනා. මටත් ඒ නිසා පිටතට දුවන්නට සිදුවුනා.) මේ අවදානම් තත්වය නිසා ජනතාව තම නිවෙස් වලින් පිටතට ගොස් පාරවල් හා එළිමහන

"කළමනාකරුවන් නොව යහපත් එඬේරුන් වන්න! " නවක පියවරුන්ට සුදොතුම් පියාණන්ගෙන් උපදෙස්

Image
“Priest is not a Manager, but a Good Pastor”  - Holy Father tells New Priests  (2015 අප්‍රේල් 27) " සිය ප්‍රීතිය වෙනුවෙන් ජීවත්වන  නිශ්ඵල පූජකවරුන් නොවන්න. දෙවිඳුන් ගේ අභිමතය අනුව උන්වහන්සේ ගේ රැල වෙනුවෙන් ජීවත් වන යහපත් පුජාප්‍රසාදී වරුන් වන්න. ස්වකීය සතුට වෙනුවෙන් ජීවත් වන පුජකවරුන් අශෝභන ය. එවන් පුජකවරුන් ක්‍රියා කරන්නේ මොනරුන් ලෙස ය."" සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ නවක පුජකවරුන්නට දෙන උපදේශය මෙයයි. රෝම රදගුරු පදවිය සඳහා නවක පුජක පුතුන් 19 දෙනෙක් රෝමයේ රදගුරුතුමන් වන  ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ඊයේ (26 ඉරිදා) පුජාත්වරය දේව ප්‍රසාද නිධානය ලබා ගත්හ. පුජාත්වර දිව්‍ය පූජාවේ දේශනාව සඳහා පාප් වහන්සේ භාවිත කලේ රෝම මිසල් පොතේ සඳහන් පුජාත්වර දේව මෙහෙයන්වල දී භාවිත කෙරෙන  සම්මත දේශනා පිටපතයි. එහෙත්, සුපුරුදු පරිදි, ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය පිටපතින් ඉවත්වෙමින්, පුජාප්‍රසාදී තුමකු ගේ මෙහෙවර, වගකීම් හා භූමිකාව සම්බන්ධයෙන් පුජක පුතුනට උපදෙස් දුන්හ. මේ ශ්‍රී ලංකා කිතුනු දහම් කෙතේ ද වසරේ වසන්ත සමයයි. සභා කෙතට ගොවීන්, එඬේරුන් අභිනවයෙන් එක්වන සමයයි. එනම්, පදවි රැසක සහ

නේපාලයේ විපතට පත් ජනතාවගේ සහනයට කතෝලික දයා සේවාත් එක් වෙයි

Image
කත්මන්ඩු නගරයේ එක කොටසක දර්ශනයක්. BBC වෙබ් අඩවියෙනි (2015 අප්‍රේල් 26) නේපාලයේ භුමිකම්පාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ යාච්ඥා කරති. ඉරිදා තුන්කාල ආරාධනාව අවස්ථාවේ පාප්වහන්සේ නේපාලයේ ජනතාව ගැන සිහිපත් කළහ. "මෙම භූ කම්පාවෙන් විපතට පත් නේපාලයේ සහ යාබද රටවල ජනතාව ගේ මේ කනගාටුදායක මොහොතේ දී ඔවුන්ගේ වේදනාවට මම ද හවුල් වෙමියි' යි පාප් වහන්සේ පැවසුහ. "සිද්ධියෙන් මිය ගිය අය වෙනුවෙනුත්, තුවාල ලැබුවන් වෙනුවෙනුත්, මෙම ව්‍යසනයෙන් වේදනා විඳින සියල්ලන් වෙනුවෙනුත් මා යාච්ඥා කරනවා" යි  උන්වහන්සේ ප්‍රකාශ කළහ. ඔවුන්ට සහෝදරත්වයෙන් සියලු ආධාර ලැබෙනු ඇති තමා බලාපොරොත්තු වන බවද උන්වහන්සේ සඳහන් කළහ. පසුව ඒ සියල්ල මරිය මෑණියන් ගේ මධ්‍යස්ත කමට භාර කරමින් තමන් සමග "නමෝ මරිය " යැදුම ඔප්පු කරන්නයි උන්වහන්සේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි වනදනා කරුවන්ට ඇරයුම් කලේය. කත්මන්ඩු නුවර නේපාල කරිටාස් ආයතනයේ සේවය කරන පියුස් පෙරුමාන පියතුමා කියා සිටියේ සහන සේවා කන්ඩායම් තවමත් සුන් බුන් අතර සිර වී ජීවත්වන පුද්ගලයන් සොයමින් සිටින බවයි.  "පාරවල්

"දෙවියන් වහන්සේ ගේ යුක්තිය උන්වහන්සේ ගේ දයාව ම ය" - දයාවේ වසර ප්‍රකාශ පත්‍රය

Image
“God’s Justice is His Mercy”  (2015 අප්‍රේල් 26) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ, කතෝලික සභාවේ  ශීල ධර්මය සහ නීතිය සම්බන්ධයෙන්  දෙවියන් වහන්සේ ගේ අසීමිත දයා කරුණාවේ කෝණයෙන් බලන බව පෙනෙන්නට තිබේ  නීති වලින් ඔබ්බට යන දෙවිඳුන් ගේ කුළුණු ගුණය උන්වහන්සේ ගේ යුක්තියේ මාර්ගය බව පාප්වහන්සේ  දයාවේ වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් නිකුත් කල Misericordiae Vultus ("The Face of Mercy") හෙවත් "දයාවේ වත මඬල " නමැති ප්‍රකාශ පත්‍රයේ පෙන්වා දෙති .  ගැඹුරු ආධ්‍යාත්මිකත්ව  උගැන්වීම් වලින්  විසිතුරු වූ එම ප්‍රකාශ පත්‍රය  පිළිබඳව ඔබට ගෙන එන ලිපි පෙලේ තෙවැන්නෙන්,   "යුක්තිය සහ දයාව" පිළිබඳව දයාවේ වසරට පාප්වහන්සේ ඉදිරිපත් කරන  පණිවිඩය සාකච්චා කිරීමට වෑයම්  කරමු. දයාව සහ යුක්තිය අතර ඇති සම්බන්ධතාව ගැන සාකච්චා කිරීම  සඳහා ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම ලේඛනයේ පිටු දෙකක් පමණ වෙන් කර තිබේ. මෙම සත්‍යතාවන්ගේ සම්බන්ධතාව උන්වහන්සේ මෙසේ විස්තර කරති: "දයාව සහ යුක්තිය එකිනෙකට පටහැනි යථාර්ථයන් දෙකක් නොව, එක්  යථාර්ථයක  මාන දෙකකි. එම ඒකීය යථාර්ථය ප්‍රේමයේ පුර්ණත්වය තුළ මුදුන්පත්

"ආගම ලොව දවන වෛරයේ ගින්නක් නොවේ; සංහිඳියාවෙන් ලොව සිසිල් කරන දිය දහරක් "

Image
“Religion is a formidable potential of Peace; not a provoker of violence.” (2015 අප්‍රේල් 24) ඉස්ලාම් දහම සමග සංවාදය  වෙන කවරදාටත් වඩා අදට  අත්‍යවශ්‍යව  ඇතැයි අන්තර් සාමයික සංවාදය පිලිබඳ ශුද්ධාසන මන්ත්‍රණ සභාව  පවසයි එය නිකුත් කළ ප්‍රකාශයක මේ බව සඳහන් වෙයි. " ආගමේ නාමයෙන් ජීවිත විනාශ කිරීම දෙවියන් වහන්සේගේ සිත රිදවීමකි. එසේම, එය මානව වර්ගයාගේ පරාජයක් " බව  ද එම මන්ත්‍රණ සභාව ප්‍රකාශ කරයි. ප්‍රකාශනය නිකුත් කෙරුනේ ඉකුත් 22 දා යි. මෙය මෑතකදී අන්තර් සාමයික සංවාදය පිලිබඳ මන්ත්‍රණ සභාව විසින් නිකුත් කෙරුණු මෙවැනි දෙවැනි ප්‍රකාශනයයි. මීට කලින්, ගිය වසරේ අගෝස්තුවේ අයිසිස් (ISIS ) ත්‍රස්තවාදය ඉරාකය තුළ පැතිර යන අවස්ථාවේ ඔවුන් ගේ අන්තවාදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා තරයේ හෙලා දකිමින් ප්‍රථම ප්‍රකාශනය නිකුත් විය. ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහිව දැඩි ස්ථාවරයකට පිවිසෙන්නැයි එමගින් ලෝකයේ ආගමික නායකයනට - විශේෂයෙන් මුස්ලිම් නායකයනට - ආරාධනයක් කර තිබිණ. "ආගමක් අදහන්නන් සාමයේ ප්‍රබල විභවයකි," යැයි අන්තර් සාමයික සංවාදය පිලිබඳ මන්ත්‍රණ සභාව සිය  අලුත්ම ප්‍රකාශනයේ අවධාරණය කරයි. "එබැ

"මිනිසා සහ ගැහැණිය එකිනෙකා සම්පුර්ණ කරයි; වෙනත් විකල්පයක් නැහැ."

Image
“Men and women complete each other – there's no other option”: Pope Francis (2015 අප්‍රේල් 23) පවුල වූ කලී  කිතුනුවන් විසින් ආරක්ෂා කිරීමට ආරාධනා ලැබ සිටින කැඳවීමකි. විශේෂයෙන්ම සැමියා සහ බිරිඳ අතර ඇති අනුපූරකභාවය (එනම් එකිනෙකා සම්පුර්ණ කරන බව ) සුරැකීමට කිතුනුවෝ බැඳී සිටිති. බදාදා පැවැති  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සති පතා පොදු හමුවේ සාරාංශය එයයි. ප්‍රැන්සිස් පාප් වහන්සේ  මේ දිනවල සිය සති පතා පොදු හමුවේ අනුශාසනා වල තේමාව කරගෙන සිටින්නේ   "පවුල" යි. "මැවිල්ලේ කතාව  කියවන විට , මුලදී  මිනිසා මොහොතක් හුදකලාව සිටින බව පෙනේ. ඔහු සියල්ලේ අධිපතියා වී  නිදහසේ සිටියි. එහෙත් ඔහුට තමාගේ තනිකම, හුදෙකලාබව දැනේ " යි සිය දේශනාව අරඹමින් පාප් වහන්සේ පැවසුහ. "මේ යථාව යහපත් නොවන බව දෙවියන් වහන්සේ ම හඳුනා ගන්නවා. පුර්නත්වයක් හෝ සහභාගීත්වයක් හෝ එහි නොමැති බව උන්වහන්සේ වටහා ගන්නවා. මේ තත්වය  නිසා ගැහැණිය මවන්නට උන්වහන්සේ තීරණය කරනව. ...... අවසානයේ ගැහැණිය මිනිසා අබිමුවට පත්කරන විට, මිනිසා හඳුනා ගන්නේ මේ නිශ්චිත මැවිල්ල පමණක්, ඇය පමණක් තම කොටස  බවයි. මිනිසා ගැහැණිය හඳුන

පාප්වහන්සේ ඇමෙරිකාවට පෙර කියුබාවට

Image
It’s official!  Pope to Cuba, before America (2015 අප්‍රේල් 22) සුදොතුම් ප්‍රැන්සිස්  පාප්වහන්සේ සිය  ඇමෙරිකා එක්සත් ජනපද අපෝස්තලික ගමන, කියුබාව හරහා සිදුකරන බව වතිකානය ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නේය. පාප්වහන්සේ ලබන සැප්තැම්බරයේ ඇමෙරිකාවේ සංචාරයේ යෙදීමට නියමිතයි.   "කියුබාවේ සිවිල් බලධාරීන් වෙතින් සහ එරට දරදගුරු හිමිවරුන් වෙතින් ලැබුනු ආරාධනය අනුව, ප්‍රැන්සිස් සුදොතුම් පියාණන්, ඇමෙරිකාවට ළඟාවීමට පෙර, කියුබාවේ  නතර වී යාමට තිරණය කර තිබේ," යයි පාප් වහන්සේ ගේ ප්‍රකාශක ෆෙඩරිකෝ ලොම්බාඩි ජේ.නි. පියතුමා වාර්තා කරුවන්ට කියා සිටියේය. මෙම චාරිකාවේ විස්තර තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. පාප්වහන්සේ කියුබාවේදී එරට බලධාරීන් මුනගැසෙනු ඇති  බව වතිකානය කියයි. එහෙත් උන්වහන්සේ කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ මුණ නොගැසෙනු ඇති බව එම ආරංච මාර්ග සඳහන් කරයි. මෑතකදී අමෙරිකාවත් කියුබාවත් අතර යලි ඇති වූ සම්බන්ධතා සඳහා 'කපු කම' කරන ලද්දේ වතිකානය විසිනි. පාප් වහන්සේ ගේ අපෝස්තලික  ගමන මගින් එම නව සම්බන්ධතාව තවදුරටත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුජකවරුන් පිලිබඳ වතිකාන පර්ෂදයේ ප්‍රධ

නෙතට කඳුලත් හදට එඩියත් ගෙනෙන අපේ යුගයේ ප්‍රාණ පරිත්‍යාගී වරු

Image
Pope Francis and his growing litany of modern-day martyrs (2015 අප්‍රේල් 21) ලොව පුරා කිතුනුවනට යලිත් පීඩනයේ යුගයක් එළඹෙමින් ඇති බව දක්නට ලැබේ. කලින් කිතුනුවනට එරෙහි වද  හිංසා පාකිස්ථානය සහ ඉන්දියාවට පමණක් තරමක් දුරට සීමා වී තිබුනේ ය.   එය  මේ මොහොත වන විට මැද  පෙරදිග කලාපයටත් අප්‍රිකානු මහාද්වීපයටත් පැතිර ගොස් තිබේ. . කිතුනු විරෝධී පීඩනය දැඩි ලෙසම බලපා  ඇත්තේ මැද  පෙරදිග හා අප්‍රිකානු මහද්වීපික ප්‍රදේශ වලටය. මේ වන විට කිතුනුවන් දහස් සංඛ්‍යාත පිරිසක් ISIS, බොකෝ හරාම්, අල් -ශාබාබ්, ෆුලානි සහ අජ්නාඩ් මිසර් යන අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් ඝාතනය කරනු ලැබ  තිබේ. දේවස්ථාන ගණනාවක් ද විනාශ කර ඇත. මේ අතරින් වඩාත් රුදුරු වන්නේ ISIS කල්ලියේ ඝාතනයි. වඩාත් ආසන්නම සිද්ධිය  වන්නේ 19 වන ඉරිදා සිරියාවේ සීර්තේ හි දී ඉතියෝපියානු කිතුනුවන් 30 දෙනකු ISIS සංවිධානය විසින් ගෙල සිඳ හෝ වෙඩි තබා ඝාතනය කිරීමයි 16 වන දා ඉතාලියේ සිසිලි දුපත අසල දී, සරණාගතයන් ලෙස බෝට්ටුවක ඉතාලියට පලා එමින් සිටි කණ්ඩායමක සිටි කිතුනුවෝ 12 දෙනෙක් , එම බෝට්ටුවේම සිටි මුස්ලිම් වරුන් විසින් මුහුදට තල්ලු කරනු ලැබුහ. ඒ

"ඔවුන් ගේ රුධිරය මානව හර්ද සාක්ෂියට මොරගසයි" : දිවි දුන් ඉතියෝපියානු කිතුවන් ගැන පාප් වහන්සේ ගේ කම්පාව

Image
Pope on ISIS killings: Blood of Ethiopian Christians 'cries out to be heard ' (2015 අප්‍රේල් 20) ඉතියෝපියානු කිතුනුවන් කණ්ඩායමක් ලිබියාවේ දී   දී සමූහ ඝාතනය කිරීමේ පුවත ඇසීමෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ දැඩි කම්පාවටත් සංවේගයටත් පත්ව සිටිති. ඔවුන්ගේ ඝාතයන් නොසලකා නොහරිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඉතියෝපියාවේ ඕතොඩොක්ස් කතෝලික සභාවේ නායක පේත්‍රියාක් තුමන් වෙත හදිසි පණිවිඩයක් යමින් උන්වහන්සේ පවසති. ISIS හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය,  ඔවුන්  විසින් කරන ලද ඝාතනයක බිහිසුණු දර්ශන  ඇතුලත් තවත්   වීඩියෝ පටයක් ඊයේ නිකුත් කර තිබිණි. ISIS  ත්‍රස්තවාදීන් පවසන්නේ මෙලෙස තමන් විසින් ඝාතනය  කරන ලද්දේ  ඉතියෝපියානු කිතුනුවන් පිරිසක් බවයි  පිරිමින් එක් කණ්ඩායමක් ලිබියාවේ  මුහුදු  වෙරළක දී බෙල්ල කපා මරා දමන ආකාරයත් තවත් පිරිසක් කාන්තාරයේ දී වෙඩි තබා ඝාතනය කරන අයුරුත් මෙම වීඩියෝ දර්ශන වල දැක්වෙන බව  BBC ඇතුළු ජාත්‍යන්තර ජන මාධ්‍ය වාර්තා කරයි. 30 දෙනකු පමණ මෙම ඝාතය කන ලද පිරිසට ඇතුලත් බව වාර්තා වේ.   ඔවුන් ඝාතනය කෙරෙන අතර පිස්තෝලයක් අතැති මුහුණ ආවරණය කරගත් ත්‍රස්තවාදියකු පවසන්නේ ක්‍

සභාව වටා තවදුරටත් පවතින " ආරක්ෂක පවුරු" බිඳ හෙලීමට ඇරැයුම් කෙරෙන දයාවේ ජුබිලි වසර

Image
The Holy Year: A time to tear down Church’s  “fortresses” hindering people to embrace God’s Mercy (2015 අප්‍රේල් 20) ප්‍රැන්සිස් සුදොතුම් පියාණන් විසින් ප්‍රකාශයට පත් කර ඇති දයාවේ ජයන්ති වසරේ තේමාව ලෙස සඳහන් කල හැක්කේ "දෙවිඳුන් ගෙන් සමාව ලබා ගන්න - අසල්වැසියාට සමාව දෙන්න" යන්නයි. දයාවේ වසර ප්‍රකාශයට පත් කරමින් නිකුත් නිකුත් කරන ලද Misericordiae Vultus ("The Face of Mercy") හෙවත් "දයාවේ වත මඬල " නමැති ප්‍රකාශ පත්‍රය පුරා රන් හුයක් සේ විහිද යන අදහස එයයි. එසේම කතෝලික නායකයන්, විද්වතුන් හා ශීල ධර්මය පිලිබඳ දැඩි මතයක සිටින සියල්ලන්ට ද ඒ මගින් පණිවිඩයක් ලබා දෙයි එනම්, "ජනතාව විනිශ්චය නොකර, දහසක් නීති තුළ ඔවුන් සිර කොට, දෙවිඳුන් වෙතට එන මාර්ගය ඔවුන්ට නොඅසුරා , දයාවෙන් ඔවුන් සභාව වෙත පිළිගන්න " යන්නයි. තම සහෝදරයාට කී වරක් සමාව දිය යුතු දැ  යි  යන ප්‍රශ්නයට ජේසු සමිඳුන් දුන් පිළිතුර, " සත් වරක් යැයි මම නොකියමි. සැත්තෑ වර සැත්තෑ වාරයකි" යන්නයි. මතෙව් සුවිශේෂයේ එන මෙම විස්තරය  පැහැදිලි කරන පාප්වහන්සේ  එම ප්‍රකාශ පත්‍රයේ මෙසේ පවසති: "

"මෘදු සිතැති වියත් එඬේරා ගේ" අභාවය ගැන සසුන් පිය ශෝකය

Image
ඇමෙරිකානු කතෝලික ජනතාවගේත් රදගුරු හිමිවරුන්ගේත් මහත් ආදරයටත් ගෞරවයටත් ලක්ව සිටි චිකාගෝ හි විශ්‍රාමලත් අගරදගුරු නිමල මරිය නිකායික ප්‍රැන්සිස් ඊ. ජෝර්ජ් කාදිනල් හිමි ඉකුත් දා ස්වර්ගස්ථ විය. දර්ශනවේදය සහ දේවධර්ම වේදය යන විෂයයන්හි වියතකු සේම දයාබර එඬේරකු ලෙස ද ජනාදරයට පත්ව සිටි එතුමා වසර 10ක පමණ කාලයක් පිළිකා රෝගයත් සමග සටන් වදිමින් සිටියේය. පුජක විනය පිලිබඳ කරුණු වලදී දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කිරීම සබන්ධයෙන්ද කාදිනල් හිමි ප්‍රසාදයට පත්ව සිටියේය. විශ්‍රාම ලබා රෝග පීඩා මැද  සිටිය ද විශ්වාසය සහ ශීල ධර්මය වැනි කරුණුවල දී ජනතාව එතුමන් ගේ උපදෙස් පතා ගියහ.  මේ නිසා  එතුමන් ගේ අභාවය ඇමෙරිකානු කතෝලිකයන්ගේ මහත් සංවේගයට හේතු වී තිබේ. ප්‍රැන්සිස් ජෝර්ජ් කාදිනල් හිමිපාණන් ගේ අභාවය නිසා ශෝකවන සියලු ජනතාව වෙත ස්වකීය අපෝස්තලික ආශීර්වාදය පිරිනමන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පැවසුහ. චිකාගෝ අගරදගුරු බ්ලේස් කුපිච් හිමිපාණන් වෙත ශෝක පණිවිඩයක් යවමින් උන්වහන්සේ මේ බව පවසා තිබේ. "පැනසර වූ ද මෘදු සෙනහසින් යුතු වූ ද මෙම එඬේරානන් අපගේ ස්වර්ගීය පියාණන් වන දෙවියන් වහන්සේ ගේ කරුණාබර ප්‍රේමයට භාර කි

"දයාව: සෑම යහපත් පුද්ගලයකු ගේ ම හද ගැබ තුළ ක්‍රියාත්මක විය යුතු මුලික නීතිය"

Image
Mercy: the fundamental law that dwells in the heart of every just person (2015 අප්‍රේල් 19) දයාවේ අතිවිශේෂ ශුද්ධ වසර " ප්‍රකාශයට පත් කරමින් ඉකුත් දේව දයාවේ මංගල්‍ය දිනට පෙරදින සන්ධ්‍යාවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  විසින් නිකුත් කරන ලද "ප්‍රකාශයට පත්කිරීමේ ආඥා පත්‍රය" ( Bull of Indiction) ලොව පුරා කිතුනු-නොකිතුනු ජනතාවගේ අවධානයටත් සාකච්චාවටත්  ලක්වී තිබේ.  අප්‍රේල් 11 වන සෙනසුරාදා නිකුත් කෙරුණු මෙම ප්‍රකාශ පත්‍රය Misericordiae Vultus ("The Face of Mercy") හෙවත් "දයාවේ වත මඬල " ලෙස නම් කර තිබේ. "කතෝලික සභාව විනිශ්චයේ සහ දෝෂාරෝපනයේ ස්ථානයක් නොව සමාව දීමේ සහ කරුණාබර ප්‍රේමයේ ගෙදරක් බවට පත්කරගන්නැ" යි මෙම ප්‍රකාශ පත්‍රය  මගින් පාප්වහන්සේ සමස්ත කතෝලික සභාවට ආරාධනා කරති. ලොව සියලු රදගුරු හිමිවරුන් වෙත බෙදා හරින ලද මෙම හසුන සමස්ත කතෝලික සභාව වෙතම එල්ල කරන ලද අභියෝගයක් ද වන්නේය යන්න  සසුන් කටයුතු ව්ශලේෂකයන් ගේ මතයයි. ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙම ලිපියෙහි සඳහන්  කර ඇත්තේ සභාව ගත යුතු "නව මගක්" ගැන නොවේ. නුතන පවුල සහ ලෝකය මු

පාප්වහන්සේගෙන් පරිසර සංරක්ෂණයට තවත් තල්ලුවක්

Image
Pope Francis throws the weight of his office behind tackling climate change (2015 අප්‍රේල් 17) වතිකානය ජගත් පරිසර සම්මන්ත්‍රණයක් සංවිධාන කිරීමට යයි. එළඹෙන ග්‍රීෂ්ම ඍතුවේ (ජුලි හෝ අගෝස්තු මාසයේ) එලි දැක්වීමට නියමිත ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පරිසර විශ්ව ලේඛනයට පූර්වගාමීව මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ. පරිසර සංරක්ෂණයේ ආචාර ධාර්මික මානයන් පිළිබඳව ලෝක මට්ටමේ සංවාදය ඉහල මට්ටමකට ගෙන එම එහි අරමුණ බව වතිකානය පසුගිය දා ප්‍රකාශ කෙළේය. මෙම එක්  දින පරිසර සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ අප්‍රේල් 28 වනදායි. එක්සත් ජාතීන් ගේ මහ ලේකම් බන් කී මූන් මහතා එහි සමාරම්භක දේශනය පවත්වන අතර පරිසර විද්‍යා සහ පරිසර සංරක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් කිහිප  දෙනකුම සම්මන්ත්‍රණය ඇමතීමට නියමිතයි. තවත් සුවිශේෂ කරුණක් වන්නේ ලෝකයේ ප්‍රධාන ආගම් වල නියෝජිතයන් පිරිසක් ද ඊට එක්  වීමයි. විශ්ලේෂකයන් පවසන්නේ මෙය සුදොතුම්  ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ "හරිත න්‍යාය පත්‍රයේ' තවත් එක අංගයක් බවයි. තවත් අතකින්, පාප්වහන්සේ අනපේක්ෂිත ලෙස  පරිසර විශ්ව ලේඛනයක් නිකුත් කිරීමට යන බව ඇසීමෙන් අන්ද මන්දව සිටින කතෝලික සම්ප්‍ර

වඩා වැදගත් පූජක - පැවිදි වරුන්ගේ සංඛ්‍යාව ද? ගුණාත්මක බව ද?

Image
Pope Francis: Vocations are about quality, not quantity (2015 අප්‍රේල් 15) "දේව කැඳවීම් වර්ධනය කර ගත යුතුයි!" මෙය අද සමස්ත ලෝකය පුරාම  කතෝලික සභාව කතා කරන මාතෘකාවකි. දේව කැඳවීම් විශේෂයෙන්ම උතුරු අමෙරිකාවත් යුරෝපයත් මුහුණ දී ඇති අභියෝගයකි. නූතන ලෝකායත්ත ,පාරිභෝගිකවාදී, නිදහස්කාමී බටහිර සමාජයේ පූජක හෝ පැවිදි ජීවිතය සොයා එන යෞවන යෞවනියන් ගේ සංඛ්‍යාව අතිශයින් අඩු වී තිබේ. මේ තත්වයෙන් බොහෝ පීඩාවට ලක්ව ඇත්තේ පැවිදි නිකායන්ය. බටහිර ලෝකයේ පමණක් නොව ආසියාවේ ශ්‍රී ලංකාවඇතුළු  රටවල් රැසක ද, පදවි පුජකවරයට ඇතුළුවන්න ගේ සංඛ්‍යාව වැඩි වුව ද,  පැවිදි ජීවිත සොයා එන්නන් ගේ සංඛ්‍යාව දුර්වල තත්වයකට වැටී තිබේ.   මේ නිසා දේව කැඳවීම් ගැන කෙරෙන සාකච්ඡා පුළුල් වී තිබේ. මෙම සාකච්ඡා වල වැදගත් මාතෘකාවක් වී ඇති කරුණක් තිබේ. එනම් වඩා වැදගත් "සංඛ්‍යාව"  ද නැතහොත් පුජක හා කැපවුණු ජීවිතවලට ඇතුළුවන්නන් තුල තිබිය යුතු "ගුණාත්මක බව" ද යන්නයි. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ පෙන්වා දෙන අන්දමට වඩා ඵලදායී වන්නේ පුජකවරුන් පැවිද්දන් විශාල සංඛ්‍යාවක් සිටීම නොවේ. මනා හැඩගැස්මක් ලද යහපත්

"මේ දයාවට කාලයයි" - දයාවේ ශුද්ධ වසර ප්‍රකාශයට පත් කෙරේ

Image
“This is the time for Mercy” : Holy Father proclaims the Extraordinary Holy Year  (2015 අප්‍රේල් 14) "දුක් වේදනාවලින් සහ දරුණු හිංසනයෙන් - විශේෂයෙන් කිතුනුවන් ඉලක්ක කොටගත් හිංසා පීඩා වලින් -  කැළැල් වූ ලෝකයක් තුළ, මේ දයාවේ කාලයයි." සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් මේ ප්‍රකාශය කලේ දයාවේ ජුබිලි වසර නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමිනි. ජයන්ති වසර ප්‍රකාශයට පත් කිරීමේ මෙහෙය දේව දයාවේ මංගල්‍යයේ සැන්දෑ මෙහෙයත් සමග ඉකුත් සෙනසුරාදා සන්ධ්‍යාවේ සාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්විණි. ජයන්ති වසර ප්‍රකාශයට පත් කෙරෙන සුදොතුම් පිය හසුන (The Bull ) ද එදිනම ශුද්ධාසනය විසින් ප්‍රකාශයට පත් කෙරින. මෙහෙය අවස්ථාවේ එහි පිටපතක් ලොවපුරා රදගුරු හිමිවරුනට බෙදාහැරීම සඳහා රදගුරු හිමිවරුන් පිලිබඳ සසුන් නියෝජනයේ ප්‍රධානී (කැනේඩියානු ) කාදිනල් මාක් අවුලේ හිමිපාණන්ට භාර දෙන ලදී. ලොව විවිධ ප්‍රදේශවල අන්තවාදීන් ගේ පීඩනයට ලක්ව සිටින කිතුනුවන් සිහිපත් කල පාප් වහන්සේ, " දයාවෙන් පොහොසත් වූ ස්වර්ගීය පියාණන් වෙත අපගේ යැදුම වඩාත් තදබල උදව් ඉල්ලීමේ මොරගසීමක් විය යුතුය. මෙම පීඩා මැද  අපේ සහෝදර සහෝදරියන් ගේ ඇදහ

"ආමේනියානු ජන මර්දනය 'ජනසංහාරයක්' " - පාප්වහන්සේ ගේ ප්‍රකාශයෙන් තුර්කිය කෝප වෙයි .

Image
Pope refers to Armenian massacre as "genocide." Stirs controversy (2015 අප්‍රේල් 13)) දේව දයාවේ මංගල්‍ය දිනයේ සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කල ප්‍රකාශයකින් කෝප වූ තුර්කිය සිය වතිකාන තානාපතිවරයා ආපසු කැඳවා තිබේ. ඔටෝමාන් අධිරාජ්‍යයේ තුර්කි පාලකයන් විසින් 1915 දී ආමේනියාන ජාතිකයන් අතිවිශාල සංඛ්‍යාවක්  ඝාතනය කිරීම "ජනසංහාරයක් " බව ඉරිදා දිව්‍ය පුජාව ආරම්භයේ පාප්වහන්සේ ප්‍රකාශ කළහ. "ඉකුත් සියවස තුළ අපගේ මානව පවුල අති දැවැන්ත සහ අනපේක්ෂිත ඛේදාන්ත තුනකට මුහුණ දුන්නේය. ඒ අතරින් 20 වැනි සියවසේ ප්‍රථම ජනසංහාරය ලෙස පුළුල් වශයෙන් සැලකෙන්නේ ඔබේ ජනතාවට, එනම් ආමේනියානු ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රහාරයයි" යැයි දේව දයාවේ ඉරිදා දීව්‍ය පුජාවට හවුල් වූ ආමේනියානු සභාවේ රදගුරු හිමිවරුන්, පුජාප්‍රසාදිවරුන් සහ ගිහි වන්දනාකරුවන් අමතමින් පාප්වහන්සේ කියා සිටියහ. පාප්වහන්සේ මෙම පුජාව පැවැත්වුයේ මෙම සිද්ධියට සියවසක් පීරීම  නිමිත්තෙන් ආමේනියාන කිතුවන්ගේ ප්‍රාණපරිත්‍යාගය සැමරීම සඳහාය. අප්‍රේල් 24 දිනය මෙම සිද්ධිය ආරම්භ වූ දිනය ලෙස ගණන් ගැනේ. ප්‍රැන්සිස් පාප්වහන්සේගේ  ගේ ම

"දුප්පත්කම, අයුක්තිය , දුබලයින් සූරාකෑම තුළ ජේසු තවමත් දුක් විඳිනවා. මේ නිදන්නට කාලය නොවේ!" - මහ සිකුරාදා දේශනය

Image
“Christ is in agony in the present day suffering.” (2015 අප්‍රේල් 5) "ක්‍රිස්තුන් වහන්සේ ලෝකාන්තිමය තෙක් කටුක වේදනාවෙන් දුක් විඳිනු ඇත. එබැවින් මෙය අපට නිදාගන්නට කාලය නොවේ".  "ලෝකය තුළ "එච්චේ හෝමෝ" (මෙන්න මිනිසා) අවස්ථා කොපමණ තිබෙනවා ද? ජේසු සමිඳුන් පිලාත් ගේ විනිශ්චය ශාලාවේ සිටි ආකාරය ප්‍රතිරූපනය කරන සිරකරුවන් කී දෙනෙක් සිටිනවා ද? තනි වී, දෑතට විලංගු දමා, වද හිංසාවට ලක්කොට, සෙසු අයගේ වේදනා බලා ප්‍රීති වන  සෙබළුන් ගේ කෝපාවිෂ්ට හා වෛරීසහගත  ශාරීරික හා  මානසික හිංසනයට ලක්වන සිරකරුවන්?  " අප නිදා නොගත යුතුයි. අප ඔවුන්ට තනි වීමට ඉඩ නොදිය යුතුයි." "මෙන්න මිනිසා" යන ප්‍රකාශනය අදාළ වන්නේ හිංසනයේ ගොදුරු බවට පත්වන්නන්ට පමණක් නොවේ. එය හිංසකයන්ටත් (වදකයන් හෙවත් හිංසා පමුනුවන්නන්ටත්) අදාලයි. එහි අදහස "මේ බලන්න මිනිසාට කල හැකි දේක තරම!" යන්නයි." ඔබ මේ කියවුයේ මහ සිකුරාදා සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් සාන්ත පීතර බැසිලිකාවේ පැවැත්වූ දුක්ප්‍රාප්ති දේව මෙහෙයේ දී ප්‍රන්සිස්කාන (කැපුචින් ) නිකායික රැනේයිරෝ කැන්ටලමෙස්සා පියතුම

"උත්ථානයේ අබිරහස අත්දකින්නට මමත්වයේ සිරගෙදරින් පිටතට එන්න" - පාස්කු රාත්‍රී අභියෝගය

Image
“Get out of yourselves to enter into the Mystery, the Resurrection (2015 අප්‍රේල් 5) "ජේසු සමිඳුන්ගේ උත්ථානයේ  අබිරහසට අපට ඇතුළු විය හැක්කේ මමත්වයෙන් ඉවත් වී සත්‍යය සොයා යාමෙන් පමණක්" යයි සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණන් කියා සිටියා. වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සෙනසුරාදා පැවැති පාස්කු රාත්‍රී දේව මෙහෙයේ දේශනය කරමිනුයි පාප් වහන්සේ මේ බව කියා සිටියේ. "අබිරහසට ඇතුළු වීමට නම් අප සත්‍යයට බිය නොවිය යුතුයි. අප අප තුළ දොරගුළු ලා නොගත යුතුයි. අපට තේරුම් ගත නොහැකි දෙයින් පලා නොයා යුතුයි.අප ප්‍රශ්න හා  ගැටළු ඉදිරියේ  අපේ දෑස් වසා නොගත යුතුයි; ප්‍රශ්න ප්‍රතික්ෂේප නොකළ යුතුයි," යැයි ප්‍රැන්සිස් පාප්වහන්සේ සඳහන් කළා. අබිරහසට ඇතුළුවීමට ඉවහල්වන සත්‍යය සොයා යාමේ දී අපේ විශ්වාසයටත් පැවැත්මටත් අභියෝගයක් වන ගැඹුරු  අරුත් හා පිළිතුරු සෙවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

"ජේසු ගේ දුක් ප්‍රාප්තියේ කුරිරු බව අපගේ හදවත් වල කුරිරු කමේ කැඩපතයි" - මානව හිංසනයන් ගැන පාප්වහන්සේ ගේ කනස්සල්ල

Image
Good Friday shrouded in grief over persecuted Christians (2015 අප්‍රේල් 3) මහ  සිකුරාදා සුදොතුම් පියාණන් සහභාගී වූ මෙහෙයයන් දෙකම - එනම් බැසිලිකාවේ පැවැති දේව මෙහෙය සහ කොලොසියමේ පැවැති  කුරුසියේ පාදනමස්කාරය - ලෝකයේ රටවල් රැසක වධ හිංසා වලට ලක්වන කිතුනුවන් ගේ වේදනාවේ දෝංකාරයන් වී තිබුණා. විවිධ ජනකොටස් සහ අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි අතින් අමානුෂික ලෙස ඝාතනයටත් හිංසාවටත් ලක්වන කිතුවන් ගේ වේදනාව ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ සිත්තැවුලට හේතු වී තිබුණු බව දක්නට ලැබුනා.

සුදොතුම් පියතුමන් ගේ පාස්කු දින තුනෙන්....

Image
From the Holy Father’s Easter Tridium Liturgy   සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ත්‍රිත්ව දිනට ඇතුලත්  ආධ්‍යාත්මික සෞන්දර්යයෙන් පිරිපුන්  ජන වන්දනා මෙහෙය පෙළ ආරම්භ කලේ මහ බ්‍රහස්පතින්දා පෙරවරුවේ පැවැත්  වූ ශුද්ධවූ තෛලය ආශීර්වාද කෙරෙන දිව්‍ය පුජාවෙන්. රෝමයේ රදගුරු තුමන් ලෙස රෝම පදවියේ පියතුමන්ලා සමග උන්වහන්සේ මෙම දිව්‍ය පුජාව පැවැත්වුවා. නිරතුරු පුජාප්‍රසාදී වරුනට ඔවා දෙන උන්වහන්සේ මේ පුජාවෙදී පියතුමන්ලාට කියා සිටියේ "පූජක ජීවිතයේ දැනෙන වෙහෙස"  ගැනයි. මෙම වෙහෙස නිවා ගැනීමට ලෞකික සැප සම්පත් වල පිහිට නොපතා "ශුද්ධාත්මයානන් තුළ ජේසු සමිඳුන් සමග විවේක ගන්නැයි" පාප්වහන්සේ පූජකවරුන්ගෙන් ඉල්ලා සිටියා. මෙම පුජාවෙන් පසු පාප්වහන්සේ රෝම පදවියේ පුජකවරුන් සමග දිවා කෑමට එක්වුණා. මෙය ප්‍රැන්සිස් පාප්වහන්සේම ආරම්භ කළ සම්ප්‍රදායක්. මෙය  "දයාබර තාත්තා කෙනකු දරුවන් සමග " ගතකරන ඉතා ප්‍රීතිමත්, ලබැඳි කාලයක් වූ බවයි ඊට එක්වූ පියනමක් කතෝලික ප්‍රවෘත්ති ඒජන්න්සියට පවසා තිබුනේ. මේ ඒ සොඳුරු හමුවේ අවස්ථාවක් . මහ බ්‍රහස්පතින්දා ජේසු සමිඳුන් දිව්‍ය සත්ප්‍රසාදය

ජුවාම් පාවුළු සුදොතුම් පිය මතකය

Image
(2015 අප්‍රේල් 2) සුදොතුම් දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ සග සැපත් වුයේ වසර 10 කට පෙර අදයි (අප්‍රේල් 2). ඊයේ වතිකාන චතුරශ්‍රයේ පැවැති පොදු හමුවට එක්වූ දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් අමතමින් ජුවාම් පාවුළු සසුන් පිය මතකය අවදි කල ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙසේ කියා සිටියා: "අප ශු. ජුවාම් පාවුළු පාප්වහන්සේ සමරන්නේ  ජේසු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තියේ සාක්ෂිකරුවකු ලෙසයි.එතුමන් සිහිපත් කරන අපි  අප වෙනුවෙනුත්, අපගේ පවුල් වෙනුවෙනුත් සභාව වෙනුවෙනුත් ජේසු සමිඳුන් ඉදිරියේ මැදහත් වන ලෙස යාච්ඥා කරමු. උත්ථානයේ ආලෝකය අප ජීවිතවල සෑම අඳුරු මුල්ලකටම වැටී අප ප්‍රීතියෙන් හා සාමයෙන් පුරවන ලෙස අප වෙනුවෙන් යදින්නැයි එතුමන්ගෙන් ඉල්ලා සිටිමු.එතුමන් ගේ සාක්ෂියත් ආදර්ශයත් තවමත් අප අතරේ ජීවමානයි. ඉතින් උන්වහන්සේ ඉගැන්වුවා සේ, යෞවනයිනි, ජීවිතය උද්යෝගයෙන් හා දැඩි ලැදියාවෙන් ගත කිරීමට ඉගෙන ගන්න; රෝගී වූ සහොදරවරුනි, වේදනාවේ කුරුසිය ප්‍රීතියෙන් දරා ගන්න. අලුතින් විවාහ වූ අඹු සමියනි , සෑමවිටම ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පවුලේ කේන්ද්‍රය කර ගන්න."