Posts

Showing posts from December, 2023

"අබාධිත ජනතාව සක්‍රීයව සමාජයට සහ සභාවට අන්තර්ග්‍රහණය කරන්නා වැඩසටහන් සහ ඔවුන් කැටුව යා හැකි මහා හදවත් අවශ්‍යයි." 2023 දෙසැම්බර මාසය සඳහා සසුන් පිය යැදුම් අදහස.

Image
Programs and initiatives that promote inclusion of people with disabilities and 'big hearts' to accompany them are needed - Pope's prayer intention for December 2023 2023 දෙසැම්බර 3 2023 දෙසැම්බර මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ යැදුම් අදහස රැගත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ.  මේ මාසයේ යැදුම් අදහසින් එතුමා ලෝකයේ අවධාන යොමු කරන්නේ ආබාධිත ජනතාව වෙතටයි.  අපේ සමස්ත සමාජය අප අතර සිටින ආබාධිත ජනතාව "මහා හදවත් වලින්"  අන්තර්ග්‍රහණය කරෙගන ඔවුන් සතු ශක්‍යතා සහ කුසලතා වලින් සමාජය තුළ ප්‍රීතියෙන් ජීවත් වන පරිසරයක් ගොඩ නැගෙන පිණිස ක්‍රියා කරමු යි සුදොතුම් පියතුමා මේ වීඩියෝ පණිවිඩය මගින් ලොව පුරා කතෝලික ජනතාවට ආරාධනා කරයි.  මේ යැදුම් අදහස දෙසැම්බර 3 වැනිදා සැමරෙන ආබාධ සහිත ජනතාව පිලිබඳ එක්සත් ජාතීන් ගේ ජාත්‍යන්තර දිනය සමග සමපාත වන ලෙස නිකුත් කර තිබේ.  දියුණු සහ උගත් යැයි කියන නූතන සමාජ චින්තනය තුළ  පවා මුල් බැසගෙන ඇති "අවිද්‍යාව සහ පූර්ව විනිශ්චයන්" නිසා  "ප්‍රතික්ෂේප කර කොර දමන" ආබාධිත  ජනතාව කෙරෙහි මේ පණිවිඩයෙන් සුදොතුම් පියතුමා ලෝක ජන ස