Posts

Showing posts from October, 2018

"සභාව මත මඩ තැවරීමේ අරමුණින් නිරන්තරයෙන් එල්ල කරන චෝදනා" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හෙලා දකියි.

Image
"සභාව අපවිත්‍ර නැත; ඇයගේ දරුවන් අපවිත්‍රය; එහෙත් සභා මව ශුද්ධවන්තය"  Pope Francis concludes synod by condemning ‘the continuous accusations to smear the church.’ “The church is not dirty. Her children are." (2018 ඔක්තෝබර 27) යෞවනයන් පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 27 වැනි සෙනසුරාදා පරිසමාප්තියට පත්විය. එහි අවසන් සැසිය අමතා කතා කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මැද පෙරදිග කලාපයේ තවමත් හිංසනයට හා පීඩනයට පත්වන කිතුනුවන් ගැන ද සිහිපත් කළේය. එම හිංසන ගැන අදහස් දක්වන අතර සිය කතා පිටපතින් ඉවත් වූ සුදොතුම් පියතුමා, " තවත් වෙනස් ආකාරයක පීඩනයක් හා හිංසනයක් තිබේ. එනම් සභාව මත මඩ තැවරීමේ අරමුණින් එල්ල කරන චෝදනායි. ඒවා ද දැඩි ලෙස හෙලා දැකිය යුතුය" යි කීවේය. එතුමා මෙම  දේශනය කරන අවස්ථාවේ ලොව පුරා රටවල් 130 කින් සිනොඩ් කතිකාවට සහභාගී වූ සාමාජිකයන් 350 කට වැඩි සංඛ්‍යාවෙන් එම ශාලාව පිරී තිබුණේය. "සභාව කිලිටි නැත. ඇයගේ දරුවන් කිලිටිය; එහෙත් (සභා) අම්මා කිලිටි නොවේ. අපේ අම්මා (සභා මව) ශුද්ධවන්තය; එහෙත් ඇයගේ දරුවන් වන අපි පව්කාරයෝ ය. ඉතින්, මහා චෝදනාකරු

සර්ව පුරුෂ රදගුරු සංසදයට සහභාගී වන එකම කාන්තා පූජකවරිය

Image
 "පවුලේ සාමාජිකයකු ලෙස ඔවුන් උණුසුම්ව මා පිළිගත්තා; සභා අතර සැබෑ සංවාදය මෙසේ එක්ව බෙදාගැනීමයි - එක්ව ජීවත් වීමයි" යොවුන් පූජකවරිය කියයි  “The true ecumenical movement must be lived and shared together,” says the only female cleric at the  youth synod  රදගුරු හිමිවරුන් මැද මාටිනා කොපෙච්කා දේවගැති තුමිය  (2018 ඔක්තෝබර 25) වතිකානයේ තරුණයන්  පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව පැවැත්වෙන ශාලාව  රදගුරු හිමිවරුන්ගෙන් පිරී තිබේ. පිරිමින්ගෙන් පමණක් සමන්විත මෙම රදගුරු සංසදයේ අසුන් පේළි එකිනෙක අතරින්  නෙත් ගෙනයන විට ... හදිසියේම කාන්තා රුවක්  නෙත ගැටේ. ඈ තරුණ ය. සොඳුරුය. රදගුරු හිමිවරුන් සේ ම ඇය ද සංසද සාකච්ඡාවලට සාවධානව සහභාගී වෙමින් සිටියි. තවත් අවධානයෙන් බලන විට ඈ  පූජකවරුන් ගේ ජනවන්දනා ඇඳුමින් සැරසී සිටියි. "මම පූජක ඇඳුමින් සිටිනු දැකල කාදිනල් හිමිවරුත් රදගුරු හිමිවරුත් පුදුම වෙන්න ඇති කියල මම හිතනවා..." ජේසු නිකායික "America" සඟරාවේ පියතුමෙකුට ඈ කියයි. "ඇතැම් විට එතුමන්ලා කම්පනයටත් පුදුමයත් පත්වෙන්න ඇති මා පූජක ඇඳුමින් දැක්කම. හැබැයි මේ සියළුම දෙනා මා

නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගලාභියා ශුද්ධාසන විද්‍යා ආයතනයට පත් කෙරේ

Image
Pope appoints Nobel Physics laureate as member of the Pontifical Academy of Sciences (2018 ඔක්තෝබර 22) ඇමෙරිකාවේ, කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව සහ අණුක හා  සෛල භෞතවේදය පිලිබඳ මහාචාර්ය ස්ටීවන් චූ මහතා ශුද්ධාසන විද්‍යා ඇකඩමියේ සාමාන්‍ය සාමාජිකයකු ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් පත් කරනු ලැබිණි. මහාචාර්ය ස්ටීවන් චූ  භෞතික විද්‍යාව සඳහා 1997 වසරේ නොබෙල් ත්‍යාගය ලැබූ තිදෙනාගෙන් කෙනෙකි. ඔවුන්ට එම ත්‍යාගය පිරිනැමුණේ "ලේසල් ආලෝකය මගින් පරමාණු ශීත කිරීමේ  සහ ග්‍රහණය කරගැනීමේ ක්‍රම සොයාගැනීම" හේතුවෙනි. 1970 දී නිව් යෝර්ක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ගණිතය සහ භෞතික විද්‍යාව පිලිබඳ උපාධිය ලැබූ ස්ටීවන් චූ, 1976 දී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ලැබීය. ඔහු පරමාණුක භෞතික විද්‍යාව, ජෛව භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, සහ විවිධ බල ශක්ති තාක්ෂණ සම්බන්ධයෙන් පොත් පත් සහ ලිපි රැසක් සම්පාදනය කර තිබේ. ශුද්ධාසන විද්‍යා ඇකඩමිය   වතිකානයේ මූලස්ථානය සහිත ශුද්ධාසන විද්‍යා ඇකඩමිය (Pontifical Academy of Sciences) පිහිටුවන

ලෞකික බලයේ මහිමයට එරෙහිව 'කුරුසියේ සිහසුන' සහ සේවයේ නායකත්වය -තුන්කාල ආරාධනා භාවනාව

Image
 Service and the throne of the Cross: Antidote to glory-seeking - Angelus meditation  (2018 ඔක්තෝබර 21) ජේසු සමිඳුන් ගේ සිංහාසනය නම් ලෝකයේ ජීවිතය වෙනුවෙන් උන්වහන්සේ ගේ ජීවිතය පූජා කළ කුරුසිය බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිහිපත් කරයි. මේ නිසා උන්වහන්සේ අනුගමනය කරන්නන් සියල්ල පරිත්‍යාග කිරීමට සූදානම්ව සිටිය යුතු බව එතුමා අවධාරණය කරයි. "ගුරුතුමන් ගේ පණිවිඩය පැහැදිලිය: එනම් ලෝකයේ බලවතුන් සිය බලය වෙනුවෙන් සිංහාසන ගොඩනගන විට දෙවියන් වහන්සේ ඉතා අපහසු සිංහාසනයක් තෝරාගෙන ඇති බවයි. එම අපහසු සිංහාසනය නම් ක්‍රිස්තුන් වහන්සේ ජීවිතය දානය කරමින් රජකම් කරන කුරුසියයි...' මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ සේවය ලැබීමට නොව සේවය කිරීමටත් බොහෝ දෙනෙකු වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමටත්' යයි ක්‍රිස්තුන් වහන්සේ පවසති" යි එතුමා පහදා දෙයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඔක්තෝබර 21 ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය භාවනාව කරමිනි. එතුමන් ගේ භාවනාවට පදනම් වූයේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. (මාක් 10:35-45) දේව  රාජ්‍යය ස්ථාපනය කිරීමේදී තමන් උන්වහන්සේ ගේ දකුණු

උතුරු කොරියා ගමනකට විවෘතව සිටිනවා - දකුණු කොරියා ජනපති සමග හමුවේදී සුදොතුම් පියතුමා කියයි

Image
Meeting South Korean leader Pope says he is open to visit North Korea (2018 අගෝස්තු 18) උතුරු කොරියාවට පැමිණීමට තමන් කැමැති බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසා තිබේ. එතුමා මේ බව කියා ඇත්තේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මහතා එතුමන් මුණගැසුණු අවස්ථාවේ දීය. ජනාධිපති මූන් අගෝස්තු 18 වැනිදා වතිකානයේ දී සුදොතුම් පියතුමා මුණගැසුණේය. එම හමුවේදී උතුරු කොරියාවට පැමිණෙන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටින්නැයි එරට ආඥාදායක නායක කිම් ජොං-උන් දකුණු කොරියා ජනපතිගෙන් ඉල්ලීමක් කර තිබිණි. (ඒ ගැන විස්තර මෙතැනින්:  සුදොතුම් පියතුමා උතුරු කොරියාවට? කිම් ජොං උන් ගේ ඇරයුම දකුණු කොරියා ජනපති සුදොතුම් පියතුමාට භාරදෙන ලකුණු ) ජනාධිපති මූන් සුදොතුම් පියතුමාට එම ආරාධනය කලේ ඒ අනුවයි. "(නිල) ආරාධනයක් ලැබුනොත් මා එය පිළිගන්නවා. මට එරටට යන්න පුළුවන්" යැයි ඊට පිළිතුරු ලෙස සුදොතුම් පියතුමා දකුණු කොරියා ජනපතිට පැවසූ බව එරට යොන්හැප් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය. "නොනැවතී සාම මාර්ගයේ  ඉදිරියටම යන්න. බිය වෙන්නට එපා" යැයි ද සුදොතුම් පියතුමා ජනාධිපති මූන්ට පැවසීයැයි යොන්හැප් ප්‍රවෘත්ති සේවාව වැඩි ද

වොෂින්ටන්හි මහා+ආත්ම කාදිනල් -අගරදගුරු හිමි විශ්‍රාම ගනියි: "ඔබගේ විශ්‍රාම ඉල්ලීම තුළ එඬේරෙකු ගේ හදවත මම දකිමි" ඉල්ලා අස්වීම පිළිගනිමින් සුදොතුම් පියතුමා කියයි

Image
Washington's Archbishop,Cardinal Wuerl resigns; "I see in your request the heart of a Shepherd" Holy Father says  (2018 ඔක්තෝබර 15) වොෂින්ටන්හි අගරදගුරු අති උතුම් ඩොනල්ඩ් වර්ල් කාදිනල් හිමි එම ධුරයෙන් විශ්‍රාම ගනියි.විශ්‍රාම ගැනීම සඳහා තමන් ඉදිරිපත් කරන ඉල්ලීම පිළිගන්නැයි ඉල්ලා සිටිමින් එතුමන් විසින් ඉදිරිපත් කරන ලද ලිපිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඔක්තෝබර 12 වනදා පිළිගත්තේය. එතුමා ගේ අනුප්‍රාප්තිකයා පත් කෙරෙන තෙක් වොෂින්ටන් අගරදගුරු පදවියේ අපෝස්තලික පරිපාලක ලෙස කටයුතු කරන ලෙස ද සුදොතුම් පියතුමා එතුමාගෙන් ඉල්ලා තිබේ. දශක පහක් පමණ පුරා විහිද ගිය සිය රදගුරු-පුදැදුරු සේවා සමයේ දී වර්ල් කාදිනල් හිමි ඇමෙරිකානු කතෝලික සභාවේ මහා+ආත්මයකින් යුත්, අතිශයින් ම කැපවුණු නායකයකු සේ ම අතිශයින්ම බලපෑම් කල හැකි පුදදුරු වරයකු ලෙස ද ගෞරවයට පත්ව සිටියේය.  එතුමාට විශ්‍රාම ගැනීම සඳහා බලපෑමක් ඇතිවූයේ ඉකුත් දා නිකුත් කෙරුණු පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පූජක ළමා ලිංගික අපයෝජන සම්බන්ධ මහා ජූරි වාර්තාවේ එතුමා සම්බන්ධයෙන් කර තිබූ සඳහනක් හේතුවෙනි. එක්තරා අපයෝජක පූජකවරයකු යළිත් ප්‍රසිද්ධ සේවා

මානව හිමිකම් සහ කතෝලික සභාව: ශු. ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ මානුෂවාදී ජීවිත සාක්ෂිය

Image
Catholic Church and Human Rights: The witness of St. Archbishop Oscar Romero  ජෝන් දුල්ගාන් ගේ "රොමෙරෝ" චිත්‍රපටයේ රූප රාමුවක්  (2018 ඔක්තෝබර 13) මානව හිමිකම් පිළිබඳව කතෝලික සභාවේ ස්ථාවරය කුමක්ද යන්න ගැන මේ දිනවල ශ්‍රී  ලංකාව තුළ කතිකාවක් ගොඩ නැගී තිබේ. කතෝලික සභාව මානව හිමිකම් පිලිගන්නවා ද? මානව හිමිකම්  පිළිබඳව කතෝලික සභාවේ ඉගැන්වීම කුමක්ද? මානව හිමිකම් ගැන කතා කිරීමෙන් හා ක්‍රියා කිරීමෙන්  තොරව කතෝලික සභාවට සිය ‘ඇඟ බේරාගෙන’ සිටිය හැකිද?  කතෝලිකයකු මානව හිමිකම් ගැන කතා කිරීම වරදක්ද? මානව හිමිකම් “අනාගමික’ හෙවත් “secular” ලෝකය පමණක් කතාකරන, ආගමික වැදගැම්මකට නොමැති මාතෘකාවක් ද? වැනි ප්‍රශ්න මෙම කතිකාව තුළ සාකාච්ඡා කෙරෙනු  අසන්නට ලැබේ. මේ නිසා මේ ලිපියේ  අරමුණ කතෝලික රදගුරුතුමෙකු ගේම ජීවිත සාක්ෂ්‍ය ඇසුරින් කතෝලික සභාව සහ මානව හිමිකම් අතර ඇති සම්බන්ධතාවත් ඒ අනුව මානව හිමිකම් වෙනුවෙන් කැපවීමට කතෝලිකයන්  සතුව ඇති වගකීමත් විමසා බැලීමයි. මෙම විමර්ශනයට පාදක කරගන්නා  ජීවිත සාක්ෂිය වෙනත් කිසිවෙකුත් නොව මේ ඔක්තෝබර 14 වනදා කතෝලික සභාව විසින් සාන්තුවරයකු ලෙස නිල වශයෙන් ප්‍රකා

සුදොතුම් පියතුමා උතුරු කොරියාවට? කිම් ජොං උන් ගේ ඇරයුම දකුණු කොරියා ජනපති සුදොතුම් පියතුමාට භාරදෙන ලකුණු

Image
South Korean President to pass along invitation for Pope to visit North Korea: Reports  (2018 ඔක්තෝබර 09) උතුරු කොරියාවේ ආඥාදායකයා වන කිම් ජොං උන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට එරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවෙන් ලැබෙන වාර්තා ප්‍රකාශ කරයි. ඔහු මෙම ආරාධනය සුදොතුම් පියතුමන්ට භාරදීමට යන්නේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මගිනි. දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන් මහතා මේ මස 17 වැනිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්විමනේ දී කොරියානු අර්ධද්වීපයට සාමය පතා පැවැත්වෙන දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතයි. එම දිව්‍ය පූජාව පැවැත්වෙන්නේ වතිකාන රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ පැරොලින්  හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙනි. ඉන් අනතුරුව ඔක්තෝබර 18 වනදා ජනාධිපති මූන් මහතා වතිකානයේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මුණගැසීමට නියමිතයි. එම හමුවේ දී ඔහු උතුරු කොරියානු නායකයා ගේ ආරාධනය එතුමන්ට භාර දෙනු ඇතැයි දකුණු කොරියා ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේය. කතෝලිකයකු වන දකුණු කොරියා ජනාධිපති මූන් ජේ-ඉන්, උතුරු-දකුණු කොරියා රටවල් අතර සාම සාකච්ඡා ඉතා උනන්දුවෙන් ඉහලම ප්‍රමුඛතාවයෙන් හා

"දූෂිත ඇමෙරිකානු අගරදගුරුවරයා සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එල්ල කරන චෝදනා සත්‍යයෙන් තොරයි" - වතිකානයේ ඉහලම කාදිනල් වරයෙකුගෙන් අගදරදගුරු විගානෝට ප්‍රබල පිළිතුරක්

Image
"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට එරෙහි චෝදනා 'දේශපාලන රාමුවේ වැඩක්" Vatican cardinal rebukes Vigano: accusations against Pope Francis 'political frame job' රදගුරුවරුන් පිලිබඳ ශුද්ධාසන පර්ෂදයේ නායක මාක් ඖලේ කාදිනල් හිමි  (2018 අගෝස්තු 8) ළමා ලිංගික අපචාර චෝදනා ලද ඇමෙරිකානු අගරදගුරු වරයකු ආරක්ෂා කිරීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ක්‍රියා කල බවට ඇමෙරිකාවේ හිටපු වතිකාන තානාපති කාලෝ මරිය විගානෝ අගරදගුරු වරයා එල්ල කල බරපතල චෝදනා පදනම් විරහිත ඒවා බව වතිකානයේ රදගුරු හිමිවරුන් පිලිබඳ පර්ෂදයේ අධිපති මාක් ඖලේ කාදිනල් හිමි පවසයි. ඖලේ කාදිනල් හිමියන් ගේ නම ද සම්බන්ධ කරගනිමින්  අගරදගුරු විගානෝ විසින් මීට සති දෙකකට කලින් නිකුත් කරන ලද විවෘත ලිපියට  පිළිතුරු ලෙස විවෘත ලියුමක් ලියමින් එතුමා මේ බව පවසා තිබේ. එම ලියුමෙන් කාදිනල් ඖලේ හිමි පවසන්නේ අගරදගුරු විගානෝ ගේ ක්‍රියා කලාපය "අතිශයින් දුශ්ශීල" බවයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ සදාචාරාත්මක අධිකාරී බලය ප්‍රශ්න කරමින්  හිටපු වතිකාන තානාපති අගරදගුරු විගානෝ "මීට කලින් නොඇසූ විරූ සහ අයෝග්‍ය ප්‍රහාරයක්&qu

" විවාහයේ සෞන්දර්යය" සුදොතුම් පියතුමා පහදා දෙයි

Image
තුන්කාල ආරාධනා භාවනාව   "The beauty of marriage" - Pope at  Angelus: (2018 ඔක්තෝබර 07) අද, ඔක්තෝබර 7 වනදා ඉරිදා දහවල්, වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ තුන්කාල ආරාධනා මරිය දැහැනට පෙර සිදු කල මෙනෙහි කිරීමේ දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කතා කලේ පිරිමියකු සහ ගැහැනියක අතර ඇතිවන විවාහයේ සෞන්දර්යය සහ ගරුත්වය ගැනයි. විවාහයේ  වෙන්කළ නොහැකි බව මෙහිදී යලි පෙන්වා දුන් එතුමා, කෙසේවෙතත් විවිධ හේතු නිසා සම්බන්ධතා කඩා වැටීම් වලට මුහුණ දෙන යුවල් සමග කතෝලික සභාව ඉතා සමීපව කටයුතු කරන බව ද පෙන්වා දුන්නේය. එතුමා ගේ මෙම කෙටි මෙනෙහි කිරීමට පාදක කර ගත්තේ මේ ඉරිදා දිව්‍ය පූජාවේ සුබ අස්නයි. ස්වාමි පුරුෂයකුට සිය බිරිඳගෙන් වෙන්වීමට හැකියාව ඇත්දැයි පරිසිවරුන් ජේසු සමිඳුන්ගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ ඔවුනට දුන් පිළිතුර මෙදින සුබ අස්නට ඇතුළත්ව තිබිණි. මෝසස් ගේ නීතියෙන් අවසර දී ඇති පරිදි පුරුෂයකුට සිය බිරිඳගෙන් වෙන්වීම නීතියට අනුකුලදැයි විමසීම මගින් පරිසිවරුන් කලේ ජේසු සමිඳුන් වැරැදි ප්‍රකාශයක් කිරීමට පොළඹවා ගැනීම බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පැහැදිලි කළේය. " ඔබගේ හදවත් වල දැඩි බව නිස

ඉතිහාසයේ පළමුවරට චීන රදගුරු හිමිවරු දෙදෙනෙක් සිනොඩ් සමුළුවට - ඔවුන් පිලිගනිද්දී සුදොතුම් පියතුමාගේ නෙත් කඳුලින් පිරෙයි

Image
Pope Francis becomes emotional welcoming bishops from Mainland China (2018 ඔක්තෝබර 6) යෞවනයන් පිලිබඳ 2018 රදගුරු සිනොඩ් කතිකාව ඔක්තෝබර 3 වන බදාදා වතිකානයේ දී ආරම්භ විය.  ඊට මුල පුරන ලද්දේ සිනොඩ් පියවරුන් සහ කියුරියා කාදිනල් හිමිවරුන් ද සහභාගී වූ හවුල් දිව්‍ය පූජා යාගයකිනි.  එම පුවත මෙතැනින්:  "වැඩිහිටි අප සිහින දකින තරමට යෞවනයන් දිවැසිවරබවින් සහ විචක්ෂණබවින් සවිමත් වනු ඇත" - යොවුන් සිනොඩ් කතිකාවේ සමාරම්භක දේශනය      මෙම සිනොඩ් සමුළුවේ තවත්  සුවිශේෂත්වයක් විය. එනම් ඉතිහාසයේ ප්‍රථම වරට මහජන චීනයේ කතෝලික රදගුරු හිමිවරුන් දෙදෙනෙකු සිනොඩ් පියවරුන් ලෙස ඊට සහභාගී වී සිටීමයි. ඔවුහු මෙම දිව්‍ය පූජාවට ද එක්වී සිටියහ. ඔවුනට සිනොඩ් සමුළුව සඳහා රෝමයට පැමිණීමට අවකාශ ලැබුනේ ඉකුත් දා වතිකානය සහ චීනය අතර අත්සන් තබන ලද "තාවකාලික ගිවිසුමේ" ප්‍රතිඵලයක් ලෙසය.  මෙම රදගුරු හිමිවරුන් දෙදෙනා නම් චෙංඩේ පදවියේ ජෝසප් ගුවෝ ජින්කායි රදගුරු හිමි සහ යන්'ආන් පදවියේ ජෝන් බැප්ටිස්ට් සියාඕ-ටිං රදගුරු හිමිය. චෙංඩේ පදවිය සුදොතුම් පියතුමන් විසින් අලුතින් ඇති කරන ලද පදවියකි. ඊට පත් කර ඇත

"වැඩිහිටි අප සිහින දකින තරමට යෞවනයන් දිවැසිවරබවින් සහ විචක්ෂණබවින් සවිමත් වනු ඇත" - යොවුන් සිනොඩ් කතිකාවේ සමාරම්භක දේශනය

Image
2018 රදගුරු යොවුන් සිනොඩ් කතිකාව ඇරැඹේ  "Young people will be capable of prophecy and vision to the extent that we, the adult or elderly, can dream" - Pope says in the Synod opening Mass   (2018 ඔක්තෝබර 6) යොවුන් ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරද්දී සදාචාරවාදී හෝ බමුණුකුල වාදී ආකල්ප සහ පිහිටීම්වලට ඇද නොවැටෙන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියි. සිනොඩ් කාලය තුළ  "හැකි තරම් නිදහසේ  පූර්ව විනිශ්චයන් සහ කොන්දේසි වලින් මිදී අවංකවත් යාච්ඥාශීලීවත් එකිනෙකාට සවන් දෙන්න. දේව ජනතාව අත්දකින විවිධාකාර තත්වයන් සමග සමවාය වීමට රදගුරු හිමිවරුන් උත්සාහ කල යුතුය. එසේ ක්‍රියා කල විට, අපගේ ජනතාව ගේ ජීවිත යථාවන් ස්පර්ශ නොකරන දුරවබෝධ සහ විසංයුක්ත න්‍යායවාද වලින් ආරක්ෂා වී සිටීමට අපට හැකි වනු ඇත." " 'එය හැමදාම කලේ මේ ආකාරයටයි' යයි පවසන එම අනුකුලතාවාදය  (conformism) බලාපොරොත්තුව විසින් බිඳ දමනු ලබයි. එසේම බලාපොරොත්තුව අනුකුලතාවයෙන්  මිදෙන ලෙස අපට අභියෝග කරයි. නැගිට, යොවුන් ජනතාව ගේ නෙත් දෙස ඍජුව  බලා, ඔවුන් ගේ ජීවිත තත්ත්ව දකින ල

චිලියේ ද්‍යෝෂිත ළමා අපයෝජක පූජකවරයා පූජකත්වයෙන් ඉවත් කෙරේ

Image
Francis removes Chilean abuser Fernando Karadima from priesthood (2018 සැප්තැම්බර් 29) ළමා ලිංගික අපචාරවලට වරදකරු වූ චීලි ජාතික ෆර්නැන්ඩෝ කරදිමා පියතුමා කතෝලික පූජකතත්වයෙන් ඉවත් කරන ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නියෝග කරයි. වතිකානය පවසන්නේ නිල බලයෙන් ශුද්ධෝත්තම පියතුමන්ට හිමි "උත්තරීතර  බලය" භාවිතයට ගනිමින් එතුමා මෙම තීරණය ගත්  බවයි. සභා විසින්  පවත්වන ලද පරීක්ෂණයක දී ළමා ලිංගික අපයෝජන වලට වරදකරු වූ කරදීමා 2011 සිට හුදෙකලා වූ "යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපයෙන්" ගත කල යුතු ජීවිතයකට සීමා කර තිබිණි. "ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ  ෆර්නැන්ඩෝ කරදීමා පූජක තත්වයෙන් ඉවත් කළහ" යයි වතිකානය ඊයේ (සැප්තැම්බර් 28) නිකුත් කල නිවේදනය  ප්‍රකාශ කරයි. "ශුද්ධෝත්තම පියතුමා මෙම අසාමාන්‍ය තීරණය ගෙන ඇත්තේ හර්ද සාක්ෂියට අනුව සහ සභාවේ යහපත වෙනුවෙනි" යි එහි සඳහන් වේ. 331 වැනි ශාසනික නීතිය යටතේ තමන් සතුව ඇති වගකීම සහ "උත්තරීතර" බලය භාවිත කරමින් සුදොතුම් පියතුමා මෙම පියවර ගෙන ඇති බව ද වතිකානය පැහැදිලි කරයි. "මෙම තීරණයට එළඹීමේදී  ශුද්ධෝත්තම පාප්