කාටුන් බලමු

ප්‍රකට පුවත්පත් කාටුන් ශිල්පියකුගේ පැන්සලෙන් ඇඳෙන
"ප්‍රැන්සිස්" කාටූන් පෙළ
“Francis” comic series of National Catholic Reporter
මෑතක සිට ඇමෙරිකාවේ "National Catholic Reporter " පුවත් පතේ ආරම්භ වූ විශේෂ අංගයකට ජනතාවගේ සිත් ඇදී ගොස් තිබේ.
මේ අංගය "ප්‍රැන්සිස්" නම් කාටූන් කතා පෙළයි. මෙම කතා පෙළේ ප්‍රධාන චරිතය සුදොතුම් ප්‍රැන්සිස් සසුන් පියාණෝ යි.
කාටූන් පෙළ නිර්මාණය කරන්නේ එම පුවත් පතේ කාටූන් ශිල්පී පැට් මැරීන් මහතායි.
"ප්‍රැන්සිස් පාප් වහන්සේ බොහෝ වෙනස් පාප් වහන්සේ කෙනෙක්. බොහෝ මානුෂිකයි.බොහෝ ප්‍රායෝගිකයි. මුවට සිතට සිනහව ගෙනෙන කෙනෙක්. උන්වහන්සේ කාටූනයකට අවශ්‍ය බොහෝ දෑ සපයනවා. ඉතින් ඒවා ආශ්‍රයෙන් තමයි මේ කාටුන් නිර්මාණය වෙන්නේ" යයි එම පුවත් පත සමග පැවැති සම්මුඛ සාකච්චාවකදී පැට් මැරීන් කියා සිටියේය.
වචන දාහක රචනාවකින් කියන පනිවිඩය එක පුංචි කාටූනයකින් වඩා බලවත්ව කිව හැකිය. ඉතින් ඉදිරියේදී මේ කාටුන් මේ මුහුනුපොත් පිටුවෙන් ඔබට ගෙන එන්නෙමු.
රස විඳින්න. පණිවිඩය තේරුම් ගන්න.බෙදාගන්න. ගමේ, දේවස්ථානයේ, මීසමේ අයත් එක්ක කතා කරන්න.
අද "ප්‍රැන්සිස් - රොමෙරෝ"
Francis - Romero
(ඇමෙරිකාවේ පළවන National Catholic Reporter පුවත් පතින්)


Comments

Popular posts from this blog

විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්ය වලින් විද්‍යාත්මකව හෙළිදරව් කෙරෙන ජේසු ගේ හදවත හා රුධිර කාණ්ඩය