Posts

Showing posts from September, 2015

වැළඳගැනීම, අගය කිරීම සහ ඉගිලෙන හාද්ද : පාප්වහන්සේ ඇමෙරිකාවේ සිරගෙදරදී දුන් සංඥාව

Image
Caress, Thumbs-up and a Flying Kiss : Pope signs in Philadelphia prison  පාප් වහන්සේ පිලදෙල්පියා බන්ධනාගාරයේ දී  (2015 සැප්තැම්බර් 30) "හිරගෙදර" කිව්වාට ඒක 'ගෙදරක්' නොවේමය. 'ගෙදර' යන්නේ  අදහස 'නිවස' නමැති බිල්ඩිම නොවේය. ඒ නිවස තුළ වෙසෙන්නන් ය. ගෙදර කියන්නේ ඒ නිවසේ වෙසෙන්නන් තුළ එකිනෙකාට ඇති ආදරය, ගෞරවය, බෙදා ගැනීම, එකෙකු ගේ නෙතේ කඳුලක් එන විට සියල්ලන්ගේ සිත් තෙත් වීම, එකෙක් ජයක් ලබන විට හැමෝටම ජයග්‍රහණයේ සතුටින් පුපුරා යාම  වැනි විව්ධාකාරයෙන් ආදරය හා බැඳීම එකතු වූ තැන ය. "ගෙදර යනවා" කී විට අප හදවත්වලට විස්තර කල නොහැකි සතුටක් දැනෙන්නේ ඒක ය. "හිර ගෙදර" යනවා කියද්දී අපේ හිතට එහෙම ආදරබර සිතිවිල්ලක් කිසිසේත් එන්නේ නැත. එය කිසිසේත් සුන්දර තැනක් නොවේමය.(ඉතින් කවුරු ඒකට 'හිරගෙදර' කියන නම දැම්මාද දන්නේ නැත. ) මේ ප්‍රවිෂ්ටය කිවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජනපදයේ ගත කල අවසන් දිනයේ කළ තවත් කාර්යයක් ගැන කියන්නට ය.  එනම් "හිර ගෙදර" ඇත්තන් "ගෙදරකට" යවන්නේ කෙසේ දැයි එතුමා පෙන්නුවේය. කියා දුන්නේ ය.

"අඟහරු මතින් ද්‍රව ජලය හමු වීම මනස්කාන්තයි. පිටසක්වල ජීවින් හමුවීම කිතුනු විශ්වාසයට තර්ජනක් නොවේ.." වතිකාන තාරකා විද්‍යාඥයා කියයි

Image
"Liquid water on Mars is an exciting discovery," says Vatican's top astronomer  තාරකා විද්‍යාඥ කොන්සොල්මඥ්ඥෝ  ජේ.නි. සහෝදර තුමා වතිකාන නිරීක්ෂණ මධ්‍යස්ථානය පැමිණි පිරිසකට රතු ග්‍රහයා ගේ අනුරුවක් පෙන්වයි  (2015 සැප්තැම්බර් 29) පෘථිවියෙන් ඈත විශ්වයේ සෙසු ග්‍රහයන්  මත ජීවීන් සෙවීම අතිශයින් මනස්කාන්ත දෙයක් බව වතිකානය පවසයි. වතිකාන ග්‍රහලෝක නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන්නේ, මෙනයින්   බැලූ කල, අඟහරු ග්‍රහයා මත ජලය ඇතැයි විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබීම තාරකා විද්‍යා ක්‍ෂෙත්‍රය උනන්දු  කරන්නක් බවයි. අඟහරු ග්‍රහයා මත ජලය ඇති බවට තහවුරු වන සාක්ෂි ලැබී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය ඊයේ (සැප්තැම්බර් 28) ප්‍රකාශ කලේ ය. එය ද ගලා ගෙන යන ජලය වීම විශේෂත්වයක් බව එම ආයතනයේ  තාරකා විද්‍යාඥයෝ සඳහන් කළහ. පෘථිවියේ ජීවත් වන අප වටහා ගෙන ඇති අන්දමට ජලය ජීවයේ පැවැත්මට එක අත්‍යවශ්‍ය සාධකයක් බැවින්, මෙම සොයා ගැනීම නිසා අඟහරු මත ජීවීන් සෙවීමේ ප්‍රයත්නයට ශක්තියක් ලැබී ඇතැයි ඔවුහු පැවැසුහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වතිකානයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ,වතිකාන ග්‍රහලෝක නිරීක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ,

මිනිසා හා පරිසරය ආරක්ෂා කිරීම එකම කාසියේ පැති දෙකක් - ජගත් සංවිධානයේ රැව් දුන් සුදොතුම් පිය දිවැසිවර හඬ

Image
Man's twine obligation of Human and Environmental dignity - Pope's prophetic voice heard in the UN  (2015 සැප්තැම්බර් 28) "පරිසරය ආරක්ෂා කිරීමත් මානවයා සහ මානව ගෞරවය ආරක්ෂා කිරීමත් එකිනෙකින් වෙන් කළ  නොහැකි ලෙස එකිනෙකට බැඳී පවතියි. ජීවීන්ගෙන් සමන්විත පරිසරයට ද අයිතිවාසිකම් තිබේ. එබැවින් පරිසරයේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීමට එම පරිසරයේ කොටසක් වන මානව අපි බැඳී සිටිමු. මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද පරිසරයේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ද එකම කාසියේ දෙපැත්ත සේ ය. මෙම අයිතිවාසිකම් දෙකෙන් එකක් හෝ කඩ කිරීමෙන් හානි වන්නේ සමස්ත මානව සංහතිය ට ය. කනගාටුදායක ලෙස ලෝකය අද මුහුණ දෙන ප්‍රශ්නවලට හේතුව මිනිසා පරිසර අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් කෙලෙසීමය." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සැප්තැම්බර් 24 දා එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලය අමතමින් කළ විශිෂ්ට දේශනයේ සාරාංශය එලෙස කැටි කළ හැකිය. මේ තත්වය සැලකිල්ලට ගත් කළ ධරණීය සංවර්ධනය පිලිබඳ එ.ජා. 2030 න්‍යාය පත්‍රය ඉතිහාසයේ "අතිශය වැදගත් බලාපොරොත්තුවේ සංකේතයක් " බව එතුමා අවධාරණය කෙළේය. දුප්පත්කම තුරන් කිරීම, අධ්‍යාපනය හා

"ඔබේ ධනය බෙදා ගන්න!" පාප් වහන්සේ ගෙන් ඇමෙරිකාවට අභියෝග රැසක් (ලංකාවටත් පාඩම්)

Image
Pope challenges America in his historic speech to the Congress  (2015 සැප්තැම්බර් 25) ඇමරිකාවේ ඓතිහාසික ජයග්‍රහණයන්ද  සාඩම්බර සංස්කෘතික, ජාතික හා දේශපාලන උරුමයන් ද ගැන සිහිපත් කල පාප් වහන්සේ ඒවායින් පොහෝණි වී නූතන ඇමෙරිකාවේත් ලෝකයේත් දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දීමට ඉදිරියට එන්නැයි ඇමෙරිකානුවන්ට අභියෝග කරති. ඇමෙරිකානු කොන්ග්‍රෙස්  මණ්ඩලයේ විශේෂ ඒකාබද්ධ සැසියක් අමතා අයිතිහාසික කතාවක් කරමින් උන්වහන්සේ අද  (සැප්තැම්බර් 24 දා) පෙරවරුවේ මෙම අභියෝග එල්ල කළහ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයෝ ද ජනාධිපතිවරයා ගේ කැබිනට් මණ්ඩලය ද පාප් වහන්සේ ට සවන් දීම සඳහා වොෂිංටන් නුවර කැපිටල් හිල් කොන්ග්‍රෙස් මණ්ඩල සභා ගර්භයට රැස්ව සිටියහ. කතෝලිකයන් වන උප ජනාධිපති ජෝ බයිඩන් හා කතානායක ජෝන් බූනර්, පාප් වහන්සේ ට පසුපසින් වූ මුලාසනයේ සිට පාප්වහන්සේ ගේ කතාවට සාවධානව සවන් දෙනු දක්නා ලදී. නිල ලේඛන රහිත දශ ලක්ෂ සංඛ්‍යාත සංක්‍රමනිකයන් පිළිගන්නැයි ද, දුප්පත්කමට හා පරිසර විනාශට එරෙහිව ගෙනයන ව්‍යායාම වලට සහාය වන්නැයි ද එතුමා කොන්ග්රෙස් මන්ත්‍රීවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය. වඩා සාධ

"ලොව පුරා මරණ දඬුවම තහනම් කරමු. ඊට කැපවන අයට මගේ සහය!" - පාප් වහන්සේ ඇමෙරිකානු මන්ත්‍රී මන්ඩලයට පවසති.

Image
"Let us advocate for the global abolition of death penalty : Pope challenges American Congress පාප් වහන්සේ කොන්ග්‍රෙස් මණ්ඩලය ඇමතූ මොහොත (2015 සැප්තැම්බර් 24)  "මරණ දඬුවම යලි ගෙනෙව්" යන හඬ සමග ඒ පිලිබඳ සංවාදය ශ්‍රී ලංකාව තුළ යළි කරලියට පැමිණ ඇති සමයකි, මේ. වෙනෙකක් තබා "මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීම ගැන තමාගේ විරුද්ධත්වයක් නැති බව" ජනාධිපතිතුමා පවා ප්‍රකාශ කිරීම නිසා ඊට පක්ෂපාති ජනතාව තුළ අමුතු උද්දාමයක් ඇති වී තිබෙන කාලයකි. ඒ පිළිබඳව විවධ පාර්ශව වලින් පක්ෂ විපක්ෂ මත පලවෙමින් තිබේ. උණු උණුවේම මේ ගැන අලුතින් ම සිය මතය පල කලේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ය. එහෙත් ඒ ලංකාවේ සංවාදයට එක්  වෙමින් නොවේ. ලංකාවේ තත්වය ගැන නොදත් උන්වහන්සේ මෙම මතය පල කලේ ඇමෙරිකාවේ දිය. ඇමෙරිකාවේ කොන්ග්‍රෙස් මණ්ඩලය (මන්ත්‍රී මණ්ඩලය) අමතා අද (සැප්තැම්බර 24 දා) පෙරවරුවේ පැවැත් වූ ඓතිහාසික ප්‍රබල කතාවේ දී සෙසු අදහස් සමග මරණ දඬුවම ගැන ද පාප් වහන්සේ රිජුව අදහස් පළ කළහ. උන්වහන්සේ අවධාරණය කර  සිටියේ ලොව පුරා මරණ දඬුවම තහනම් කල යුතු බවයි.  කොන්ග්‍රෙස් මන්ත්‍රීවරුන් අසුන් වලින්

ඇමෙරිකා සංචාරය ආරම්භයේ පරිසරය, විවාහය හා සාංක්‍රමනිකයන් ගැන පාප්වහන්සේගෙන් ප්‍රබල අදහස්

Image
(2015 සැප්තැම්බර් 23) අද (සැප්තැම්බර් 23 වනදා ) සුදොතුම් පියතුමා ඇමෙරිකාවේ සිය අපෝස්තලික ගමන ආරම්භ කලේ ධවල මන්දිරයේ දී ජනාධිපති බරක් ඔබාමා මහතා මුනගැසෙමිනි. එය ඇමෙරිකානු ආණ්ඩුව විසින් පාප්වහන්සේ වෙනුවෙන් පැවැත් වූ නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවය ද වුයේ ය. රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමේ උත්සවය පැවැත්වුනේ රාජ්‍ය නායකයන් පිළිගන්නා ධවල මන්දිරයේ දක්ෂිණ තණ නිල්ලේ දී ය. මේ සඳහා අමුත්තන් 11,000කට ධවල මන්දිරය විසින් ආරාධනා කර තිබිණි. සිය පිළිගැනීමේ කතාවේ දී ජනාධිපති ඔබාමා කියා සිටියේ නායකයකු පිළිගැනීම සඳහා දක්ෂිණ තණ  නිල්ලට මෙතරම් විශාල ජනතාවක් එක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. ඔවුන් පැමිණ සිටින්නේ හේතු කිහිපයක් නිසා බව ඔහු පෙන්වා දුන්නේ ය. ප්‍රැන්සිස් පාප් වහන්සේ හුදෙක් කතෝලිකයන් ගේ පමණක් නොව ලොව පුරා ආගමික හෝ වාර්ගික භේදයෙන් තොරව සෑම හදවතක් ම ස්පර්ශ කිරීමට සමත්ව සිටීම එක හේතුවකි. කතෝලික සභාව ඇමෙරිකාව තුළත් ලෝකය පුරාත් කුසගින්නෙන් පෙලෙන්නන්ට ආහාර දීම, පාසල් හා රෝහල් විවෘත කිරීම, රෝගීන් හා අනාථයන් රැක බලා ගැනීම වැනි විවිධ දයා සේවා වල නිරත වෙමින් ජනතාවගේ දුක් ගින්දර නිවීමට දායක වීමට කෘතගුණ දැක්

හදවත් නිදහස් කොට සුවපත් කර ජීවිත පරිවර්තනය කරන ජේසු සමිඳුන් ගේ බැල්ම

Image
Jesus' gaze - The Power which frees, heals and transforms human hearts   (2015 සැප්තැම්බර් 22) "ජේසු ගේ ප්‍රේමය  ඔබ  වෙනස්කරනවා. ජේසු ගේ බැල්ම ඔබ වෙනස් කරනවා. සෙසු අයට ප්‍රේම කරන්නට, සේවය කරන්නට ඔබ පොලඹවනවා." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ ගිණිකොනදිග හොලිගුවින් නගර යේ දී දුන් පණිවිඩය එයයි. පාප් වහන්සේ සැප්තැම්බර 21 වනදා කියුබාවේ සිය දෙවන දිනය ගත කලේ මෙම නගරයේයි. හවනාවෙන් දුර බැහැර පිහිටි මෙම නගරයට පාප් වහන්සේ කෙනකු පැමිණීම එම ප්‍රදේශවාසී ජනතාවට විශ්මයට හේතුවක් වී  තිබූ අතර ඒ නිසාම එය මහත් ප්‍රීතිදායක කරුණක් ද  වී තිබුනේ ය. මේ නිසා ඔවුහු මහත්  හරසරින් පිළිගත්හ. පාප් වහන්සේට ද මේ දවස - සැප්තැම්බර 21 - ඇති විශේෂ දිනයක් වුයේය. පාප් වහන්සේ පවසන අන්දමට, එතුමාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුයේ මේ දිනයයි. සුවිශේෂක සාන්ත මතෙව් තුමන් ගේ මංගල්‍යය සැමරෙන මේ දිනය ආජන්ටිනාවේ නිවාඩු දිනයකි. 1953 මේ දවසේ  දී එවකට 17 හැවිරිදි හොර්හේ බර්ගොග්ලියෝ (දැන් ප්‍රැන්සිස් පාප් වහන්සේ) තුළ අමුතු හැඟීමක් හටගත්තේ ය.දෙව්මැදුරට ගිය ඔහුට පව් සමාවේ ප්‍රසාද නිධානය ලබා ගැනීමට (පාපොච්ච

එදිරිවාදිකම් පිටුදකින්න ! යුද්ධය පිටු දකින්න! - සුදොතුම් පියතුමා කියුබාවේ දී තරුණයින්ගෙන් ඉල්ලයි

Image
Pope tells the youth: Fight against hostility; it destroys the world කියුබා තරුණ හමුව (2015 සැප්තැම්බර් 21) කියුබාවේ හවානා නුවර නිර්දෝෂ පිළිසිඳීමේ කන්‍යා මරිය වහන්සේ ගේ ආසන දෙව් මැදුරේ පැවැති සන්ධ්‍යා මෙහෙන් පසුව සුදොතුම් පියතුමා ඉරිදා සැන්දෑවේ කියුබාවේ තරුණයන් මුනගැසුනේය. මෙම තරුණ හමුව පැවැත්වුනේ හවානා ආසන දෙව්මැදුරු චතුරශ්‍රයේ  පාද්‍රේ  ෆෙලික්ස් වරේලා සංස්කෘතික මධ්‍යස්ථානයේ යි. සන්ධ්‍යා මෙහෙයේ දී සේ ම ප්‍රැන්සිස් පාප්වහන්සේ සිය කතා පිටපතින් ඉවත්ව තරුණ තරුණියන්ට කතා කළහ. "ඔබ කතා කරනකොට මම සටහන් කරගත්තා ....." ඔවුන් සමග කතා බහ අරඹමින් එතුමා කියා සිටියේ ය. එදිරිවාදිකම් වලට විරුද්ධව සටන් කරන්නැයි සුදොතුම් පියතුමා මෙහිදී තරුණයන් ගෙන් ඉල්ලා සිටියේ ය. එතුමා කියා සිටියේ එදිරිවාදිකම් ලෝකය විනාශ කරන බවයි. "සමාජ එදිරිවාදිකම් විනාශකාරියි. එදිරිවාදිකම් නිසා පවුලක් විනාශ වෙනවා. ලෝකය එදිරිවාදිකම් නිසා විනාශ වෙනවා. එදිරිවාදිකම්වල දරුණුම ප්‍රතිඵලය යුද්ධයයි.අද යුද්ධය නිසා ලෝකය විනාශ වෙමින් තිබෙනවා. මන්ද වාඩි  වී කතා කිරීමට මිනිසුන් සුදානම් නොමැති නිසා" යැයි පාප් වහන්ස

"දුප්පත් කම වැළඳ ගන්න. ඔබේ මවට ආදරය කරන්නා සේ දුප්පත්කමට ප්‍රේම කරන්න." - පාප්වහන්සේගෙන් පුජකවරුනට අනුශාසනා

Image
Wealth Impoverishes" - Pope Francis begs for a poor church සුදොතුම් පියතුමා සන්ධ්‍යා මෙහෙයේ දේශනාව පවත්වමින් (2015 සැප්තැම්බර් 21) " ධනය සහ සුඛ විහරණ ඔබ දුප්පත් කරයි. දුප්පත් කම වැළඳ ගන්න . පූජක සහෝදරවරුනි, ඔබේ අම්මාට ආදරය කරන්නා සේ දුප්පත්කමට ආදරය කරන්න." සමස්ත කතෝලික සභාවට දුප්පත්කම වැළඳ ගන්නැයි ප්‍රබල අභියෝගයක් කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (සැප්තැම්බර 20 ඉරිදා) කියුබාවේ දී රදගුරු හිමිවරුන්, පූජකවරුන් , පැවිදිවරුන් , පැවිදිවරියන් හා දෙව්සත්හල් සිසුන් (පූජක සිසුන්) අමතමින් මෙම ප්‍රබල ඉල්ලීම කළහ. ඉරිදා සන්ධ්‍යාවේ හවානා නුවර නිර්දෝෂ පිළිසිඳීමේ කන්‍ය මරිය වහන්සේ ගේ ආසන දෙව්මැදුරේ දී සුදොතුම් පියතුමා රදගුරු, පූජක , පැවිදි පිරිස් සමග එක්වෙමින් සන්ධ්‍යා මෙහෙය යැදුමට සහභාගී වූහ. එහිදී තමා සුදානම් වූ කතා පිටපත ඉවත දැමූ එතුමා ආධ්‍යාත්මික දුප්පත්කමේ වැදගත්කම, ලෞකික සුඛවිහරණ වල ඇති අන්තරායකාරී බව සහ සිය ජනතාවට දයා කරුණාව දැක්වීමේ අවශ්‍යතාව ගැන, සිය හදවතින්  ම පැන නගින අදහස් සහෝදර පුජකතුමන් සමග බෙදා ගත්හ. පාප්වහන්සේ ගේ මෙම දේශනය වූ කලී, සභාව, සුඛ විහරණ හ

පාප්වහන්සේ පිදෙල්ට දුන් තිළිණය? ඔහු ගේ ප්‍රථම ගුරුතුමාගේ අභියෝගාත්මක පණිවිඩයක්

Image
Pope Francis"gift to Fidel Castro:  A challenging message from his old teacher (2015 සැප්තැම්බර් 20) තමාට හමුවන  නායකයිනට, ලෝකයට හා විවිධ පුද්ගලයනට අභියෝගාත්මක ප්‍රකාශ කරන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියුබාවේ හිටපු සටන්කාමී නායක පිදෙල් කස්ත්‍රෝට අපූර්ව තිළිණයක් පිළිගන්වා තිබේ. එනම් පිදෙල් ගේ මූලික පාසලේ ගුරුතුමාගේ අභියෝගාත්මක පණිවිඩයකි. ඊයේ (සැප්තැම්බර් 20 වැනිදා ) දිව්‍ය පූජාවෙන්  පසුව පිදෙල් හමු වූ සුදොතුම් පියතුමා  තවත් පොත් කිහිපයක් සමග ජේසු නිකායික පියතුමකු  වූ ආමන්ඩෝ ලොරෙන්ටේ පියතුමාගේ දේශනා ඇතුලත් පොතක් සහ සංයුක්ත තැටි දෙකක් තිළිණ කළේය. පිදෙල් ගේ පාසල් ගුරුවරයා වූ ලොරෙන්ටේ පියතුමා ස්වර්ගස්ථ වීමට පෙර ඔහු ගේ සිත් හැරීම සහ පසුතැවිල්ල ඉල්ලා සිටි බව කියැවේ . පිදෙල් කස්ත්‍රෝ මහතා හා පාප්වහන්සේ අතර හමුව. මෙතනින් කියවන්න කුඩා පිදෙල්   ජේසු නිකායික බෙලෙන් මූලික පාසලේ ඉගෙනගන්නා සමයේ ලොරෙන්ටේ පියතුමා ඔහු ගේ ගුරුතුමා වුයේ ය. වයස අවුරුදු 16 වන තෙක් පිදෙල් එහි ඉගෙන ගත්තේ ය. කියුබාවෙන් පිටුවහල් කරන ලදුව ඇමෙරිකාවට ගිය පියතුමා 2007 දී ෆ්ලොරීඩාවේ මියාමි නුවර පලවන එෆේ පුව

ප්‍රැන්සිස් පාප්වහන්සේ කියුබාවේ හිටපු නායක පිදෙල් කස්ත්‍රෝ බලන්නට යයි

Image
Pope Francis meets Fidel Castro in Havana  (2015 සැප්තැම්බර් 20) හවානා නුවර පැවැත්වූ ඉරිදා උදාසන දිව්‍ය පුජාවෙන් පසුව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කියුබා ජනාධිපති මුණගැසීමට පෙර  හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මහතා හමුවන්නට ගියහ. මෙම හමුව පාප් වහන්සේ ගේ කාලසටහනේ සඳහන් අංගයක් නොවීය. එහෙත් ඔහු හමුවීමට පාප් වහන්සේට අවශ්‍ය වී තිබිණ. සුදොතුම් පියතුමා  කස්ත්‍රෝ මහතා මුණගැසුනේ දැන් 89 වැනි වියේ පසුවන ඔහුගේ නිවසේ දීය. ඔහු ගේ බිරිඳ, දරුවන් හා මුණුබුරන් ද එක්ව සිටි මෙම හමුව පවුලේ හමුවක ස්වරුපය ගත් අතර විනාඩි 30ක් 40ක් පමණ පාප් වහන්සේ එහි ගත කල බව වතිකාන මාධ්‍ය ප්‍රකාශක ෆ්‍රෙඩ්රිකෝ ලොම්බාඩි පියතුමා පවසයි. 2012 දී සොළොස්වන බෙනඩික් පාප්වහන්සේ සමග පිදෙල් කල සාකච්ඡාව එතැන් සිට අරඹන්නට ප්‍රැන්සිස් පාප්වහන්සේ මෙහිදී උත්සාහ කල බව ලොම්බාදී පියතුමා කීවේය. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව සමග පැන නැගී ඇති ශීල ධාර්මික ප්‍රශ්නවලට කතෝලික සභාව පිළිතුරු දෙන්නේ කෙසේද, ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින දෙවියන් ගැන විශ්වාස නොකරන හා දෙවිකෙනෙක් නැතැයි පවසන ජනතාවට දෙන පිළිතුර කුමක් ද වැනි ප්‍රශ්න පිදෙල් හිට

"න්‍යායන්ට නොව ජනතාවට සේවය කරන්න" හවානා නුවර දේශනය

Image
Pope says in his first homily in Havana: Serve People; not ideology (2015 සැප්තැම්බර් 20) "සේවය න්‍යායාත්මක දෙයක් නොවේ. මන්ද අප සේවය කරන්නේ න්‍යායන්ට හෝ මතවාදයන්ට හෝ නොවේ. අප සේවය කරන්නේ ජනතාවටයි" කියුබාවේ අපෝස්තලික සංචාරයේ ප්‍රථම දිව්‍ය පුජාව පවත්වමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියහ. සැප්තැම්බර 20 දින ඉරිදා දිව්‍ය පුජාව පවත්වමින් එතුමා කියුබාවේ චාරිකාවට මුල පිරුවේය එතුමන් ප්‍රථම දිව්‍ය පූජාව ඔප්පු කලේ හවානා නුවර ප්‍රකට ස්ථානයක් වූ විමුක්ති චතුරශ්‍රයේ ය. එරට කොමියුනිස්ට් විප්ලවයේ  සංකේතයක් බඳු වූ මෙම ස්ථානය එම පක්ෂයේ දැවැන්ත රැලි  පැවැත් වූ ස්ථානයක් වූ අතර හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ මෙහි සිට නිතර ජනතාව ඇමතීමට පුරුදුව සිටියේ ය. චතුරශ්‍රයේ ඉදිකර තිබූ කියුබා කොමියුනිස්ට් විප්ලවයේ නායක (ආජන්ටිනාවේ උපත ලැබූ) අර්නස්ට් චේ ගවේරා ගේ රූපය දිව්‍ය පූජාව වෙලාවේ පවා ප්‍රකටව පෙනෙන්නට තිබුනේ ය. ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පුජාසනයට මුහුණ ලා දයාවේ ජේසු සමිඳුන් ගේ සිතුවම ද පෙනෙන්නට තිබිණි. පාප් වහන්සේ "දයා කරුණාවේ ධර්මදුතයා" (Misionaro dela Misericordia

වඩා යහපත් ලෝකයක් ගොඩනැගීමේ නායකයන් වන්න - සුදොතුම් පියතුමා කියුබා සහ ඇමෙරිකා තරුණයන්ට කියයි

Image
"Be leaders of the building of a better world" Pope advises youth from Cuba and America  (2015 සැප්තැම්බර් 20) අධ්‍යාපනය හා ක්‍රීඩාව ළමා කාලයේ  වර්ධනයෙහි ලා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. ළමයින් සතුව අයිතිවාසිකම් රැසක් පවතියි. ඉගෙනගන්නට අයිතිවාසිකම, ක්‍රීඩා කරන්නට අයිතිවාසිකම, සතුටු වන්නට අයිතිවාසිකම, සිනාසෙන්නට, ආදරය ලබන්නට ඇති අයිතිවාසිකම ඒ අතර ප්‍රමුඛත්වය ගනියි. එහෙත් යුද්ධ හා ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ලොව ප්‍රදේශ ගණනාවක ළමයිනට අද මේ අයිතිවාසිකම් ශෝචනීය ලෙස අහිමි වී ඇතැයි  එතුමා පෙන්වා දුන්නේ ය. පාප් වහන්සේ මේ බව කියා සිටියේ ඇමෙරිකානු හා කියුබා යොවුන් කණ්ඩායම් දෙකක් සමග පැවති ටෙලි සාකච්ඡාවක දී ය. පාප්වහන්සේ වතිකානයේ සිට ද ඇමෙරිකානු යොවුන් කණ්ඩායම නිව්යෝක් නුවර සිට හා කියුබා යොවුන් කණ්ඩායම හවානා නුවර සිට ද මෙම ටෙලි හමුවට එක්වුහ. හමුව පැවැත්වුනේ ප්‍රශ්න-පිළිතුරු ආකාරයට ය. යොවුන් කණ්ඩායම් ප්‍රශ්න ඉදිරිපත් කල අතර සුදොතුම් පියතුමා ඊට පිළිතුරු දුන්නේ ය.  අධ්‍යාපනය, පරිසරය, නායකත්වය, යුද්ධය හා සාමය හා සහයෝගිතාව වැනි තේමා කිහ

මැදපෙරදිග සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මගින් ගොඩනැගිලි පමණක් නොව මානව හර්දය සාක්ෂිය ද විනාශ වෙම්න් තිබේ : පාප්වහන්සේ ලෝකයට කරන තවත් එඩිතර අභියෝගයක්

Image
No one can be dumb on the humanitarian crisis in the Middle East : Pope challenges again  (2015 සැප්තැම්බර් 16) මැද  පෙරදිග සිදුවන ප්‍රචණ්ඩ හා හිංසන ක්‍රියා හමුවේ ගොළු වී ඇති ලෝක හර්දය සාක්ෂියට ප්‍රැන්සිස් පාප් වහන්සේ අද යලිත් වරක් අභියෝග කළහ. "ඉරාකයේ සහ සිරියාවේ නොකඩවා සිදුවෙමින් පවතින නපුරේ  ක්‍රියා මගින් විනාශ වන්නේ ගොඩනැගිලි සහ යටිතළ පහසුකම් පමණක් නොවේ. ඒ මගින් විශේෂයෙන් ම මානව හර්දය සාක්ෂිය ද විනාශ වෙම්න් තිබේ" යි එතුමා  ප්‍රකාශ කලේ ය. එම කලාපයේ දැනට සිදුවන දේ හමුවේ ලෝකයට මුනිවත රකිමින් සිටිය නොහැකි යැයි එතුමා අවධාරණය කලේ ය. මැද පෙරදිග - විශේෂයෙන් ම ඉරාකය හා සිරියාව - ගිනි ගෙන ඇති වත්මන් අර්බුදවලට විසඳුම් සෙවීමට අන්තර් ජාතික ප්‍රජාව තවමත් අසමත් වී තිබේ. එහෙත් ජනමාධ්‍යවලට පින් සිදු වන්නට එම තත්වයන් හෙළිදරව් වෙමින් ඇති නිසා ඒවා නොසලකා හරිය නොහැකි යැයි සුදොතුම් පියතුමා පැවසීය. "තවමත් නොවිසඳී දිග්ගැස්සෙමින් ඇති අර්බුද නිසා ඉරාකයේ හා සිරියාවේ දැවැන්ත මානව ඛේදවාචකයක් සිදුවෙමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස දලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිය නිවෙස් වලින් පලා යමින් සිටිති

තෙරේසා මව්තුමිය ගේ මැදිහත්කමින් වූ ප්‍රාතිහාර්යයක් ගැන විමර්ශන ඇරඹේ - සාන්තුවරය දයාවේ ජුබිලි වසරේ දී?

Image
Investigations begin on a miracle attributed to Mother Theresa - Canonization in the year of Mercy? (2015 සැප්තැම්බර් 18) දීර්ඝ කාලයක් මොළයේ විස්ඵොට  (ගෙඩි) රෝගයෙන් දුක්විඳිමින් සිට, විස්තර කල නොහැකි ලෙස සුවපත් වූ බ්‍රසීල ජාතිකයකු ගේ සිද්ධියක් පිළිබඳව වතිකානය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම පුද්ගලයා සහ ඔහුට මග පෙන් වූ පියතුමා ප්‍රකාශ කරන්නේ භාග්‍යවන්ත කල්කටාවේ තෙරේසා මව්තුමිය ගේ මැදිහත්කමින් මෙම සුවපත් වීම සිදු වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් වතිකානයේ සාන්තුවරුන් පිලිබඳ පර්ෂදය විශේෂඥ වෛද්‍යවරුන් ද ඇතුලත් වූ කණ්ඩායමක් මගින් දැන් විමර්ශන සිදු කරමින් සිටියි. මෙම සුවපත් වීම ප්‍රාතිහාර්යයක් ලෙස ඔප්පු වුවහොත් එය කල්කටාවේ තෙරේසා මව්තුමිය සන්තුවරයට පත් කිරීමට අවශ්‍ය අවසන් කොන්දේසිය වන ප්‍රාතිහාර්යය බවට පත්වනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග කියයි. එසේ වුවහොත් දයාවේ වසර හා  අති විශේෂ ජුබිලි වසර වන 2016 දී එතුමිය සාන්තුවරියක ලෙස ප්‍රකාශට පත් කෙරෙනු ඇති බවට එම ආරංචි මාර්ග බලාපොරොත්තු පල කරයි. දයාවේ ජුබිලි වසරේ දී තෙරේසා මව් තුමිය සාන්තුවරභාවයට පත් කිරීමට තමන් තුළ ඇති බලවත් කැමැත්ත සුදොතුම් ප්‍රැන්සිස්

"කාන්තාව නපුරට එරෙහි මානව වර්ගයේ ආරක්ෂිත බැරියරයයි" - සුදොතුම් පියතුමා කියයි

Image
"Women protect humanity against evil" - Says Pope Francis (2015 සැප්තැම්බර් 17) "යුගයෙන් යුගය මානව වර්ගයා කිලිටි කරන නපුරේ හා පාපයේ බලවේග වලින් මානව පරපුර ආරක්ෂා කිරීමේ සුවිශේෂි දේව වරප්‍රසාදයක් කාන්තාව සතුව තිබේ. එය වූ කලී ආදම් ඒව ගේ පාපයෙන් පසුව ඒදන් උයනේ දී ම දෙවියන් වහන්සේ කාන්තා පරපුරට දානය කල විශේෂ ආශීර්වාදයකි. එබැවින් එක් එක්  පරපුර එම යුගයේ  නපුරෙන් හා පාපයෙන් ආරක්ෂා කිරීමේ සුවිශේෂී භූමිකාවක් කාන්තාව මත පැවැරි තිබේ." ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම අනුශාසනය කලේ බදාදා සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය පවත්වමිනි. ඉකුත් වසර පුරා බදාදා පොදු හමුවේ තේමාව  ලෙස එතුමන් තෝරාගෙන තිබුනේ පවුල පිලිබඳ කිතුනු ඉගැන්වීමයි. මේ මාසයේ ඇමෙරිකාවේ පිලදෙල්පියාවේ දී පැවැත්වෙන ජගත් පවුල් හමුවත් ඔක්තෝබරයේ වතිකානයේ දී  මුළු දෙන පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාවත් සැලකිල්ලට ගෙන එතුමන් මෙම තේමාව තෝරාගෙන තිබුනේ ය.  "මිනිසා සහ ගැහැණිය ගේ සම්බන්ධයෙන් බිහිවන පවුලේ ඇති අත්‍යවශ්‍යතාවත්, පවුල හා මානව සමාජය තුළ කාන්තාව ගේ ආශීර්වාදලත් භූමිකාවත් " පහදා දෙමින් පාප් වහන්සේ ඊ

පවුල පිලිබඳ ජගත් රදගුරු කතිකාවේ සාමාජික ලැයිස්තුව වතිකානය ප්‍රකාශයට පත්කරයි

Image
Vatican releases the final participant list  of the Ordinary Synod of Bishops  (2015 සැප්තැම්බර් 16) ලබන ඔක්තෝබර මාසයේ වතිකානයේ දී මුළු දෙන  පවුල පිලිබඳ ජගත් රදගුරු  සමුළුවට සහභාගී වන පුජක-පැවිදි-ගිහි සාමාජිකයන් ගේ සමස්ත ලැයිස්තුව වතිකානය විසින් ඊයේ (සැප්තැම්බර 15 වන දා) නිකුත් කෙරින. නිල බලයෙන් පත්වන සාමාජිකයන්, එක් එක් රටවල රදගුරු මණ්ඩල නියෝජනය කරන සාමාජිකයන්, පෙරදිග කතෝලික සභා (ඕතඩොක්ස් සභා) නායකයන් යන කාණ්ඩ වලට අමතරව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෞද්ගලිකවම පත් කරන ලද සාමාජිකයන් ගෙන් ද මෙම ලැයිස්තුව සමන්විත වෙයි. 14 වන  සාමාන්‍ය ජගත් රදගුරු කතිකාව ඔක්තෝබර 4 වන දා සිට 25 වන දා දක්වා වතිකානයේ දී පැවැත්වෙයි. මෙවර රදගුරු කතිකාව විශේෂත්වයක් ගන්නේ ගිය වසරේ දී පැවැති පවුල පිලිබඳ අතිවිශේෂ ජගත් රදගුරු කතිකාවේ මතු වූ කරුණු සම්බන්ධයෙන්  තීන්දු ගැනෙන්නේ මෙම සමුළුවේදී වීම නිසාය. එබැවින් ලොව පුරා ජන අවධානය මෙම ජගත්  රදගුරු කතිකාව වෙත යොමු වී තිබේ. රදගුරු කතිකාවේ තේමාව "සභාව සහ නූතන ලෝකය තුළ පවුලේ කැඳවීම හා දූත මෙහෙවර" යන්නයි. පාප් වහන්සේ විසින් පත් කරන ලද සාමාජික

පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු

Image
Pope Francis to meet with Fidel Castro in Cuba? 1988 ජනවාරියේ දී කියුබාවට පැමිණි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේව එවකට ජනාධිපති පිදෙල් විසින් පිළිගනු ලැබූ මොහොත (2015 සැප්තැම්බර් 15) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය කියුබා සංචාරයේ  දී හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග පවසයි. ශුද්ධෝත්තම පියතුමා ලබන සෙනසුරාදා එනම් සැප්තැම්බර් 19 වනදා උතුරු ඇමෙරිකාවේ අපෝස්තලික ගමනක් ආරම්භ කරයි. එම ඓතිහාසික ගමනේ ප්‍රථම නැවතුම කියුබාවයි. මෙම චාරිකාවට කියුබාව ඇතුලත් කරගන්නා ලද්දේ පාප් වහන්සේ ගේ ම ඕනෑකම මත වීම විශේෂත්වයයි. ඒ සඳහා ජනාධිපති රවුල් කස්ත්‍රෝ මහතා ගේ නායකත්වයෙන් යුත් කියුබා රජයේ ප්‍රතිචාරය නොමදව ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා     යළි සාමන්‍ය තත්වයට ගෙන ඒමේ කර්තව්‍යයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉටු කළ අතරමැදි මෙහෙවර මෙම පිළිගැනීමට බෙහෙවින් ම හේතු වී තිබිණ. මෙම අපෝස්තලික ගමනේ දී පාප් වහන්සේ කියුබා නායක රවුල් කස්ත්‍රෝ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතය. ඊට අමතරව එතුමන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කියුබාවේ හිටපු නායක