Posts

Showing posts from May, 2018

"මව් කුසේ සිට ස්වාභාවික මරණය තෙක් ජීවිතය සුරැකිය යුතුයි; ඊට එරෙහි න්‍යායන්ට විරුද්ධ වන්න." - සුදොතුම් පියතුමා ලෝක වෛද්‍යවරුනට අවධාරණය කරයි

Image
'The Church is for life from conception to natural end"  Francis tells Catholic physicians (2018 මැයි 29) ජීවිතය ආරක්ෂා කිරීම පිලිබඳ සභාවේ ඉගැන්වීමට විශ්වාසවන්තව සිට එම ඉගැන්වීම පතළ කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ස්ථිරව කැපවී කටයුතු  කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියි. මානව ජීවිතයට ඇති ගරුත්වය ප්‍රතික්ෂේප කරන න්‍යායන්වලට විරෝධය දක්වන ලෙස ද එතුමා ඔවුන්ගෙන් ඉල්ලයි. "සභාව ජීවිතය වෙනුවෙන් පෙනී සිටියි. එබැවින් ඇය සැලැකිල්ල යොමු කරන්නේ කෙතරම් දුර්වල වූවත්, කෙතරම් ආරක්ෂා රහිත වූවත්, වර්ධනය නොවූ හෝ උසස් තත්වයට පත් වී නොතිබුනත්, මූර්ත පැවැත්මේ  යථාර්ථය තුළ කිසිවක් ජීවිතයට විරුද්ධව නොයා යුතුය යන කාරණය වෙතටයි," යැයි එතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ කතෝලික වෛද්‍ය නියෝජිත කණ්ඩායමක් වතිකානයේ දී එතුමන් මුණගැසුණු අවස්ථාවේදීය. කතෝලික වෛද්‍ය සභා ලෝක සංසදයට අයත් මෙම  නියෝජිතයෝ 22 දෙනා මැයි 28 වැනිදා වතිකානයේ සුදොතුම් පිය ශාලාවේදී එතුමන් හමුවූහ. ඔවුන් වතිකානයට  පැමිණියේ මැයි 30 සිට ජුනි 2 දක්වා ක්‍රොඒෂ

ත්‍රිත්ව ඉරිදා "ප්‍රේමයේ දෙවියන් වහන්සේව උත්සවශ්‍රීයෙන් සමරන්න"- තුන්කාල ආරාධනා භාවනාව

Image
 "Celebrate the God of Love on the feast of the Most Holy Trinity"- Pope at the Angelus  (2018 මැයි 27) ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍ය දිනය හුදෙක් ජේසු  සමිඳුන් ගැන  භාවනා කර ස්තුති ප්‍රශංසා කිරීමට අප කැඳවන  මංගල දිනයක් පමණක් නොවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "එය ස්වකීය ප්‍රේමය නොමිලේ අපට තිළිණ කරන දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය, සැමදා නවතාවට පත්වන පුදුමයෙන් යුතුව උත්සවශ්‍රීයෙන් සැමැරීමේ මංගල්‍යයයි" යයි එතුමා කියයි. "තමන්වහන්සේ  වැඩසිටින බව අපට හෙළිදරව් කිරීමට වඩා දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ, උන්වහන්සේ 'අප සමග සිටින දෙවියන් වහන්සේ'  බවත්, උන්වහන්සේ අපට ප්‍රේම කරන බවත්, අපගේ පෞද්ගලික ජීවිත කතාව ගැන උනන්දුවක් දක්වන බවත්, ඉතාම කුඩා වැඩිම අවශ්‍යතාවෙන් පෙලෙන තැනැත්තන් ගේ සිට සෑම කෙනෙකුම  එතුමා දයාවෙන් සුරකින බවත් ප්‍රකාශ කිරීමටය. ..දෙවියන් වහන්සේ වැඩ වෙසෙන්නේ ස්වර්ගයෙහි වුව ද  උන්වහන්සේ මිහිමත ද වෙසෙන සේක. මේ නිසා අප විශ්වාස කරන්නේ අපට  අතිශයින් දුරස්ථ, අපගේ ඕනෑ එපාකම් ගැන උදාසීනව සිටින තැනැත්තෙකු කෙරෙහි නොවේ. ඊට ප්‍රති විරුද්ධව, අප විශ්වාස ක

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 'ජෙරුසලෙම් කුලප්පුවට' වතිකානයේ සහයක් නැත්තේ ඇයි?

Image
Vatican's response to Trump's 'Jerusalem mania' ජෙරුසලෙමේ දර්ශනයක් (2018 මැයි 26) වසර ගණනාවක් පුරා මැදපෙරදිග සම්බන්ධයෙන් ලෝකයේ සියලු රටවල් ගරු කළ වැදගත්ම රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවක්  බිඳහෙලමින් ඊශ්‍රායෙලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙනයන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකමතිකව ප්‍රකාශ කළේය. එතෙකින් නොනැවතුණු ඔහු  මැයි මස 14 වනදා සිය තානාපති කාර්යාලය ඇත්ත වශයෙන්ම ජෙරුසලෙමේ පිහිටුවීය. ( ඊශ්‍රායෙලය 1967 යුද්ධයෙන් නැගෙනහිර ජෙරුසලෙම ඇතුළු බටහිර ඉවුරත් ඝාසා තීරය ඇතුළු ප්‍රදේශ කිහිපයකුත් බලහත්කාරයෙන් ඈඳා ගත්තත් ලෝකය එය පිළිගත්තේ නැත. ලෝකයේ සියලු රටවල තානාපති කාර්යාල පිහිටා ඇත්තේ ටෙල් අවීව් නුවරයි. ඊශ්‍රායෙල්-පලස්තීන අර්බුදයට සාමකාමී විසඳුමක් ලැබෙන තෙක් එය එම තත්වයේ තැබීමට එක්සත් ජාතීන් ගේ නායකත්වයෙන් ලෝකය ගිවිසගෙන තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකපාර්ශවිකව, හිතුමතේ  කඩකලේ එම එකඟතාවයි.) ට්‍රම්ප්ගේ  මෙම හිතුවක්කාර තීරණයට සහාය දුන් ආගමික නායකයන් කවුද? ඊට ආශීර්වාද කල ආගමික නායකයන් කවුද? වතිකානය හෝ අවම වශයෙන්  ඇමෙරිකාවේ කතෝලික නායකත්වය හෝ ඊට සහාය දුන්නාද? ජෙර

පෙරැළිකාර රෝමයේ රදගුරු තුමන් හා ජනතාව වෙනුවෙන් දිවි පිදූ එල් සැල්වදෝර අගරදගුරු හිමි ගේ සාන්තුවරය රදගුරු සිනොඩ් කතිකාව අතරතුර රෝමයේදී -එහි පසුබිම

Image
Canonization of Oscar Romero and Pope Paul VI during the Synod ob Youth in Rome - And why..? නව සාන්තුවරුන් දෙදෙනා වතිකානයේදී හමු වූ මොහොත  දෙවන වතිකාන කතිකා නවෝදයේ නියමුවා වූ භා. සවැනි පාවුළු පාප් වහන්සේ සහ සන් සැල්වදෝරයේ පීඩිත ජනතාව වෙනුවෙන් දේව විශ්වාසය තුළ හඬ නැගීම නිසා එම කුරිරු රෙජීමය් වෙනුවෙන් භාතනය කරන ලද භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමියන් සාන්තුවර භාවයට එසැවීම ඔක්තෝබර 14 වනදා සිදු කෙරෙන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිල වශයෙන් දැනුම් දුන්නේය. එතුමා  මේ බව ප්‍රකාශයට පත් කලේ මැයි 19 වනදා රෝමයේදී පවත්වන ලද කාදිනල් හිමිවරුන් ගේ සාමාන්‍ය රැස්වීමකදීය. මෙම භාග්‍යවන්තයන් දෙදෙනා සමග තවත් භාග්‍යවන්තයන් සිව් දෙනෙකු මෙදිනදීම සාන්තුවරයට එසවීමට නියමිතය. ඉතාලි ජාතික පියතුමන්ලා දෙදෙනෙකු සහ ජර්මානු සහ ස්පාඥ්ඥ ජාතික කාන්තා පැවිදි නිකාය දෙකක නිර්මාතෘවරු ඒ අතර වෙති.   මේ අතරින් විශේෂ අවධානයක් ලබන්නේ භා. ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ සාන්තුවරයයි .  එල් සැල්වදෝරයේ ජන පීඩක රෙජීමය විසින් දුප්පත් ගොවි සහ කම්කරු ජනතාව වෙත මුදා හැර තිබූ දැඩි පීඩනයටත්, සාහසික ප්‍රචන්ඩත්වයටත් එරෙහිව එතු

"සැබෑ වෙනසක් ඇතිකළ හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණයි."- පෙන්තකොස්ත දින ධර්ම දේශනාව

Image
Pope Francis on Pentecost: The Holy Spirit changes hearts (2018 මැයි 21) තමන්ට වෙනසක් ඇති කල හැකි බවට  බොහෝ දෙනෙකු ප්‍රතිඥා දුන්නත් සැබෑ වෙනසක් ඇති කල හැක්කේ ශුද්ධාත්මයාණන් වහන්සේට පමණක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. උන්වහන්සේ වෙනස ඇති කරන්නේ හදවත් යළි ප්‍රාණවත් කිරීමෙන් සහ පිබිදවීමෙන් බව එතුමා පෙන්වා දෙයි. "තමන්ට වෙනසක් ඇති කල හැකි බවට බොහෝ දෙනෙක් ප්‍රතිඥා දෙති. අලුත් ආරම්භයක්, අති විශාල පුබුදුවක් ඇති කිරීමට තමන්ට හැකි බව ඔවුහු පවසති. එහෙත් යථාව වෙනස් කිරීමට ගන්නා කිසිදු මනුෂ්‍ය ප්‍රයත්නයකට මිනිස් හදවත පූර්ණ වශයෙන් සෑහීමට පත් කළ නොහැකි බව අපි අත්දැකීමෙන් දනිමු. ...පූර්ණ වෙනසක් සිදුකළ හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණි. එහෙත් උන්වහන්සේ ගෙන එන වෙනස වෙනත් ආකාරයේ වෙනසකි. එනම්, එය අප වටා ජීවිතය විපර්යාසයට පත් කරන්නක් නොවේ. එය අපගේ හදවත් තුළ ඇති කරන විපර්යාසයකි." ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඊයේ (මැයි 20 ) පැවැත්වුණු ශුද්ධාත්ම ආගමන මංගල්‍ය දින දිව්‍ය  පූජාවේ ධර්ම දේශනාව කරමිනි. වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී අතුමා මෙම දිව්‍ය පූජාව සිදු කළේ

සභාවට නව කාදිනල් හිමිවරු 14 නමක් - ස්ථාපනය ජුනි 29 - මැඩගස්කරයට සහ පාකිස්ථානයටත් කාදිනල් හිමිවරුන්

Image
Holy Father to create 14 new Cardinals on June 29  (2018 මැයි 20) නව කාදිනල් හිමිවරු 14 නමක්  ස්ථාපනය කරන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ප්‍රකාශ කරයි. කතෝලික සභාවේ මහා මංගල්‍යයක් වන ශු. පේදුරු- පාවුළු අපෝස්තුළුවරුන් ගේ මංගල්‍යය යෙදෙන ජුනි මස 29 වනදා ඔවුන් ස්ථාපනය කරන බව ද එතුමා ප්‍රකාශ කළේය. "මෙම කාදිනල් හිමිවරුන් ගේ සම්භවයෙන් ප්‍රකාශිත  වන්නේ දෙවියන් වහන්සේ ගේ කරුණාබර ප්‍රේමය පොළොවේ සියලු ජනතාව වෙත අඛණ්ඩව පතළ කරන සභාවේ  විශ්වීය බවය. ...නව කාදිනල් හිමිවරුන් අතර රෝම පදවියේ හිමිවරු  ද වෙති. ඔවුන් සංකේතවත් කරන්නේ පේදුරු තුමා ගේ අසුනත් ලොව පුරා පැතිර ඇති ස්වදේශීය සභාත් අතර ඇති වෙන් කල නොහැකි බැඳීමයි" යයි මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් සුදොතුම් පියතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නව කාදිනල්  හිමිවරුන් නම් කලේ අද පැවැත්වුණු ශුද්ධාත්ම මංගල්‍ය දින දිව්‍ය පූජාව අවසානයේ දීය. එතුමන්  විසින් නම් කරන ලද නව කාදිනල්හිමිවරුන් 14 නම අතරින් තුන් නමක් 80 වැනි විය ඉක්මවූ අයයි. මේ නිසා සසුන් පිය වරණ දැහැනක දී එතුමන්ලාට ඡන්දය  ප්‍රකාශ කල නොහැකිය. ඒ අතර එක්  නමක් ස්පාඥ්ඥ ජාතික

චිලීයේ සියලුම රදගුරු හිමිවරු සිය ඉල්ලා අස්වීම් සුදොතුම් පියතුමාට භාර දෙති (UPDATED)

Image
All of Chile's bishops offer resignations after meeting pope on abuse රදගුරු හිමිවරුන් සිය තීරණය ප්‍රකාශ කරමින් (2018 මයි 18) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග පැවැති දින තුනක හමුවෙන් පසුව චිලීයේ සියලුම රදගුරු හිමිවරුන්  සිය ඉල්ලා අස්වීම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට භාර  දී තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග ඉකුත් සතියේ පැවැති දින තුනක හමුවෙන් පසුව චිලීයේ සියලුම රදගුරු හිමිවරු  සිය ඉල්ලා අස්වීම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාට භාර දුන්හ. වතිකානයේ දී මැයි 18සිකුරාදා  පවත්වන ලද මාධ්‍ය හමුවක දී මේ බව දැනුම් දුන්නේ චීලි රදගුරු සමුළුවේ මහ ලේකම් ෆර්නැන්ඩෝ රාමෝස් පෙරේස් සහ එම රදගුරු සමුළුවේ ළමා අපචාර වැලැක්වීම සහ ඊට ගොදුරු වුවන් කැටුව යාම පිලිබඳ ජාතික කමිටුවේ සාමාජික ඉග්නාසියෝ ගොන්සාලේස් යන රදගුරු හිමිවරුන් ය. රදගුරු හිමිවරුන් මෙම තීරණයට එළැඹුණේ  සුදොතුම් පියතුමන් සමග පැවැත්වුණු තුන් දින හමුව අවසානයේ බව ඔව්හු පැවසුහ. "රෝමයට පැමිණ සිටින සියලුම රදගුරු හිමිවරුන් අපගේ ධුරයන් සුදොතුම් පියතුමන් අතට ලිඛිතව භාර දුන් බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. ඒ අනුව අප සෑම කෙනෙකුම සම්බ

පාප්වහන්සේට වරදින්න පුළුවන් ද? ඔව්. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තම වරද පිළිගනියි; සමාව ඉල්ලයි

Image
“I was part of the problem! I caused this. And I ask your forgiveness,” Pope Francis tells the Chilean victims of sexual abuse  (2017 මැයි 16) අද ලෝකයත් අපේ රටත්  විවිධාකාර ගිනිදැල් වලින් දැවීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ බොහෝ දෙනෙක් -විශේෂයෙන් නායකත්වය දරන පුද්ගලයන් - වැරැදි කර කර, ඒවා වැරැදි  බව පෙනි  පෙනී, එම වැරැදි පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමයි. වැරැදි පිළිගැනීම  වෙනුවට මේ  පුද්ගලයන් කරන්නේ එම වැරැදි, හරි දේ ලෙස - නිවැරැදි දේ ලෙස- පෙන්වීමේ පහත් -ඇතැම් විට සාහසික - උත්සාහයන් හි නිරත වීමයි. මේ නිසා ලෝකයත් අපේ රටත්  වැරැද්දේ , අයුතුකමේ, දූෂණයේ ප්‍රපාතය දෙසට ඇදී යමින් තිබේ. වැරැද්ද නොපිළිගැනීමේ ව්‍යාධිය  දක්නට ලැබෙන්නේ හුදෙක් ලෞකික නායකත්වය තුළ පමණක් නොවේ. ආගමික නායකත්වය තුළ ද එය, ඇතැම් විට ලෞකික නායකත්වයටත් වඩා  දරුණු ලෙස, දක්නට ලැබේ.  එහෙත් මේ සාමාන්‍ය යථාවට ප්‍රතිවිරුද්ධ දෙයක් පසුගිය දෙසතියක පමණ කාලය තුළ සිදුවිය. එනම් තමා අතින් "බරපතල වරදක් සිදු වූ බව" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා - එනම් ලොව පුරා බිලියන 1.28ක් වන කතෝලික ජනතාවගේ නායකයා -  පිළිගැනීමයි. එපමණක් නොව &

සුදොතුම් පියතුමාට තිළිණ කළ ලැම්බෝගිනිය ඩොලර් මිලියනයකට වෙන්දේසි වෙයි; ලත් මුදල දයාවේ සේවා වලට

Image
Pope's Lamborghini auctioned for nearly $1 million (2018 මැයි  14) ඉතාලියේ ලැම්බෝගිනි නිෂ්පාදන සමාගම විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්ට පිරිනමන ලද ලැම්බෝගිනි  මෝටර රථය ඉකුත් සෙනසුරාදා (මැයි 12) එංගලන්තයේ ලන්ඩන් නුවර සෝත්බි හිදී වෙන්දේසි කරන ලදී. එම වෙන්දේසියේදී එම රථය ස්ටර්ලිං පවුම් 630,000කට (ඇ.  ඩොලර් 950,000කට) නම සඳහන් නොකෙරුණු පුද්ගලයකුට අලෙවි වූ බව බ්‍රිතාන්‍ය වාර්තා පවසයි. ලැම්බෝගිනි හරකන් වර්ගයේ මෙම රථය එහි ඉතාලි ජාතික නිෂ්පාදකයන් විසින් සුදොතුම් පියතුමන්ට පිරිනමන ලද්දේ 2017 නොවැම්බර 15 දාය. එතුමන් වෙනුවෙන්ම නිෂ්පාදනය කරන ලද මෙම රථය සුදොතුම් පිය නිල වර්ණ වන සුදෝ සුදු පැහැය  හා රන්වන් රේඛා වලින් සමන්විත විය. සිය නිවස වන සාන්තා මාර්තා තානායමේදී රථය පිළිගත් සුදොතුම් පියතුමා, එය ආශීර්වාද කොට,  එහි බොනට්ටුව මත සිය අත්සන යොදා එය වෙන්දේසි කර එයින් ලැබෙන මුදල සිය දයාවේ සේවා (පුණ්‍ය කටයතු) වෙනුවෙන් ලබා දෙන ලෙස ඉල්ලා නිෂ්පාදකයන් වෙත යළි බාර දුන්නේය. මැයි 12 වැනිදා වෙන්දේසි කරන ලද්දේ එම රථයයි. අදාළ පුවත:  පාප් වහන්සේගේ ලැම්බෝගිනිය වෙන්දේසියට - අරමුදල් අසරණයන් හා පීඩාවට පත

"ශුද්ධවන්ත වෙන්න ලොකු දේවල් කරන්න ඕනැ නැහැ. සාමාන්‍ය දේ අසාමාන්‍ය ලෙස කරන්න" - නව අපෝස්තලික අනුශාසනා පත්‍රයෙන් සුදොතුම් පියතුමා කියයි.

Image
"All are called by the Lord - each in his or her own way - to Holiness" Pope says in the new Apostolic Exhortation “ Gaudete et Exsultate ” "ශුද්ධවන්ත වෙන්න ලොකු දේවල් කරන්න ඕනැ නැහැ. පුංචි පුංචි දේ හොඳටෝම ඇති." (2018 මැයි 3) ජේසු සමිඳාණන් අප සෑම කෙනෙකුම ශුද්ධවන්තභාවයට කැඳවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "අප සෑම කෙනෙකුම ශුද්ධවන්තයකු වීම උන්වහන්සේට අවශ්‍යය. ඊට වඩා සෞම්‍ය හෝ දෙවැනි කිසිදු පැවැත්මක නතර නොවන්නැයි" එතුමා සියලු කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියි. "අප සෑම කෙනෙකුම උන්වහන්සේ ඉදිරියේ ශුද්ධවන්තව සහ නිදොස්ව සිටින පිණිස ස්වාමීන්වහන්සේ විසින් අපි  කැඳවනු ලැබ සිටිමු. ..බයිබලයේ ප්‍රථම පිටුවල සිට ශුද්ධවන්ත වීමට ඇති කැඳවීම ගැන විවිධ ආකාර වලින් ඉදිරිපත් කර තිබේ" යි එතුමා පෙන්වා දෙයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම උපදේශ ලබා දෙන්නේ සිය තෙවැනි අපෝස්තලික අනුශාසනා පත්‍රය ප්‍රකාශය පත්කරමිනි. "ප්‍රීති වන්න! සන්තෝෂ වන්න!"   (“ Gaudete et Exsultate ” -“Rejoice and Be Glad”) යන සිරසින්  ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ගේ තුන්වැනි අපෝ

"මැයි මාසය පුරා ලෝක සාමය වෙනුවෙන් ජපමාලය යදින්න මා සමග ආධ්‍යාත්මිකව එක් වන්න" - සුදොතුම් පියතුමා කතෝලික ඔබට ආරාධනා කරයි

Image
Pope Francis wants you to join him in praying the rosary for peace in the month of May   සුදොතුම් පියතුමා පාතිමාවේදී  (2018 මැයි 1) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මැයි 1 දා)  ජනතා ගෞරවයට පත් රෝමයේ 'දිව්‍ය ප්‍රේමයේ අප මෑණියන්' ගේ සිද්ධස්ථානයට ගියේය. එතුමා එහි ගියේ වැදගත් ආධ්‍යාත්මික අභ්‍යාසයකට ය. එනම් එහි පැමිණෙන වන්දනාකරුවන් හා එක්ව ලොව යුද ගිණි ඇවිලී ඇති ප්‍රදේශවලට - විශේෂයෙන්ම සිරියාවට - සාමය පතා ජපමාලය යාච්ඥා කිරීමටය.  මල් මාසය ලෙසද කතෝලිකයන් හඳුන්වන මැයි මාසය තුළ මරිය මව මලින් සරසා ජපමාලය යදින විට අද ලෝකයට අත්‍යවශ්‍ය විශේෂ අදහසක් වෙනුවෙන් එය ඔප්පු කරන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පසුගිය ඉරිදා (අප්‍රේල් 29) පාස්කු සමයේ තුන්කාල ආරාධනා යැදුම අවස්ථාවේ ලොව පුරා කතෝලික ජනතවගෙන් ඉල්ලා සිටියේය. මේ මාසයේ තමා ජපමාලය ඔප්පු කරන්නේ ලෝකයේ සාමය වෙනුවෙන් බව එතුමා පැවසුවේය. විශේෂයෙන්ම වසර පහකට අධික කාලයක් යුදගින්නෙන් විනාශවෙමින්, පන්ලක්ෂයකට අධික ජනතාවක් මරුමුවට පත් කොට, මිලියන ගණනාවක ජනතාවක් සරණාගත කර ඇති සිරියාව වෙනුවෙනුත්, නයිජීරියාව සහ කොරියාව යන රටවල් ඇතුළු ලොව පුරා සෑම