Posts

Showing posts from April, 2020

"සිනාසෙන පාප්තුමා" -පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා- නමින් වතිකාන පදනමක් පිහිටැවේ : "එතුමා සසුන් කාරණා සඳහා සැඳහුම් ලක්ෂ්‍යයක්"

Image
Foundation dedicated to John Paul I, the "smiling pope"  created: He is a "Point of Reference"   (2020 අප්‍රේල් 28) දින 33ක් සභාවට මග පෙන්වූ පළමු වන ජුවාම් පාවුළු පාප් වහන්සේ ගේ මතකයට කැපකරන ලද පදනමක් ස්ථාපිත කිරීමට  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තීරණය කරයි. මෙම තීරණය විශේෂ නියෝගයක් මගින් එතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව වතිකාන මාධ්‍ය කාර්යාලය අද නිවේදනය කළේ ය. එම පදනම නම් කර ඇත්තේ "වතිකාන පළමුවන ජුවාම් පාවුළු පදනම" යනුවෙනි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් එය පිහිටුවන ලද්දේ "පළමුවන ජුවාම් පාවුළු පාප්වහන්සේ ගේ දැක්ම, ඉගැන්වීම් සහ ආදර්ශය ප්‍රවර්ධනය කිරීමේ සහ ව්‍යාප්ත කිරීමේ අරමුණින්" බව මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ. පදනමේ මූලස්ථානය රෝමය යි. පළමුවන ජුවාම් පාවුළු සුදොතුම් පියතුමා ගේ සංස්කෘතික සහ ධාර්මික උරුමය සංරක්ෂණය කිරීම, එතුමා විසින් ගන්නා ලද මූලිකත්වයන් සහ සම්මේලන වැනි එතුමන් ගේ කෘත්‍යයන් ප්‍රවර්ධනය කිරීම, පළමුවැන් ජුවාම් පාවුළු පාප්වහන්සේ පිලිබඳ සමීක්ෂණ සහ අධ්‍යයන නිකුත් කිරීම, ඉතාලියේ සහ විදේශවල සම්මාන සහ ශිෂ

මැයි මාසයේ ජපමාලයෙන් පසුව දේව අම්මා යැදීමට යාච්ඥා දෙකක් සුදොතුම් පියතුමාගෙන් ලොව පුරා කතෝලික පවුල් වලට: "මාත් එක්ක ජපමාලය යදින්න"

Image
Pope urges families: "Pray rosary together during month of May; rediscover its spiritual beauty" - He provides two prayers to say after the Rosary (2020 අප්‍රේල් 26) එළඹෙන මැයි මාසය පුරා ජපමාලය යාච්ඥා කරන ලෙස ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා ලොවපුරා සිටින කතෝලික ජනතාව දිරිමත්  කරයි.  මේ සොඳුරු යැදුම යදිමින්, විශේෂයෙන්ම කොවිඩ් -19  වසංගතය අවසන් කරන්නැයි මරිය මෑණියන්ගේ මැදිහත්කමින් දෙවි  සමිඳුන්ගෙන් ඉල්ලන්නැයි එතුමා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  මැයි  මාසයේ ජපමාලය යාච්ඥා කිරීමෙන් පසුව දෙව් මවුන් යැදීම සඳහා එතුමා විශේෂ යාච්ඤා දෙකක් ද එතුමා ඉදිරිපත් කර තිබේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා  මෙම ඉල්ලීම කරන්නේ ලොව පුරා කතෝලික ජනතාව වෙත ලියුමක් නිකුත් කරමිනි. දෙව්මව් බැතියට කැපකර ඇති සතියේ  දිනය වන සෙනසුරාදාවක් වූ අප්‍රේල් මස 25 වැනි දා එතුමන් විසින් මෙම ලියුමට අත්සන් තබා තිබේ.  සුවිශේෂක ශුද්ධ වූ මාර්කු තුමන් ගේ  මංගල්‍යයද මෙදිනට  යෙදී තිබීම මෙහි විශේෂත්වයකි. “මැයි මාසය එළඹෙමින් තිබේ. භාග්‍යවන්ත කන්‍ය මරිය මෑණියන් වෙත කතෝලිකයන් සිය  ප්‍රේමයන් භක්තියත්  තීව්ර  ආකාරයෙන්

"වසංගතයෙන් යළි නැගිටිද්දී වඩා දරුණු වෛරසකට මුහුණ දීමේ අවදානමක්" සුදොතුම් පියතුමා දේව දයාවේ ඉරිදා අනතුරු අඟවයි - "තෝමස් තුමන් සමග අපිත් නැගිටිමු."

Image
"Indifference to the poor can be a ‘worse virus’ after pandemic" Pope warns - "Let us rise with Thomas" (2020 අප්‍රේල් 20) "පසුගිය ඉරිදා අප ජයෝත්සවයෙන් සැමැරුවේ ජේසු සමිඳුන් ගේ උත්ථානය යි. අද අප දකින්නේ උන්වහන්සේ ගේ ශ්‍රාවකයා ගේ උත්ථානය යි." දේව දයාවේ ඉරිදාව සමරමින් අද  රෝමයේ දී දිව්‍ය  පූජාව පැවැත්වූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධර්ම දේශනය ආරම්භ කළේ එසේ ය. "ජේසු සමිඳුන් ගේ උත්ථානයෙන් සතියකට පසුවත් උන්වහන්සේ ගේ ශ්‍රාවකයන් බියෙන් ඇකිලී දොරගුල් ලාගෙන සැඟවී සිටියා. ඔවුන් ගේ බයවීමට ජේසු  සමිඳුන් ගේ ප්‍රතිචාරය වූයේ 'ඔබට සාමය වේවා!' යන්නයි. උන්වහන්සේ අලුතින් පටන්  ගන්නවා," යි දේව දයාවේ ඉරිදා දිව්‍ය පූජාවේ ධර්ම දේශනය පවත්වමින් සුදොතුම් පියතුමා කීවේ ය. මාසයක පමණ කාලයක් වතිකානය තුළ ම දිව්‍ය පූජා සහ වෙනත් මෙහෙයන් සිදු කළ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දේව දයාවේ ඉරිදා දිව්‍ය පූජාව පැවැත්වූයේ රෝමයේ ස්ප්‍රීතු සාන්තු දෙව්මැදුරේ දී ය. මේ දෙව්මැදුර වසර 2000 අප්‍රේල් 19 වන දින ශු. දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් දේව දයාවට කැප කරනු ලැබිණි.

"වසංගතයේ දරුණු ම තර්ජනය 'ආර්ථික අවපාතය' නොව 'මානුෂික අවපාතයයි'" - සුදොතුම් පියතුමා ගේ මහ සිකුරාදා මෙහෙයේ ධර්ම දේශනාව - "මුදලින් සහ භාණ්ඩ වලින් දුප්පත් නමුත් මනුෂ්‍යත්වයෙන් පොහොසත් ලෝකයක් ගොඩනගමු."

Image
 "Human, not economic, ‘recession’ is the biggest virus threat" Papal preacher says at Good Friday Service  (2020 අප්‍රේල් 10) "වසංගතයේ දරුණු ම තර්ජනය 'ආර්ථික අවපාතය' නොව 'මානුෂික අවපාතය" බව ශුද්ධෝත්තම පිය ගෘහයේ ධර්ම දේශක      රැනියෙරෝ කැන්ටලමෙස්සා (කැපුචින්) පියතුමා කියයි. වසංගතයේ අර්බුදය විසින් ඇති කරන ලද 'මරණයෙන්' පසු අප යළි නැගිටින විට ජේසු සමිඳුන් සේ ; වඩාත් සහෝදරාත්මක වූ, වඩාත් මානුෂික වූ,  වඩාත් කිතුනු වූ නව ජීවිතයකට නැගී සිටිමු යි එතුමා ආරාධනා කරයි.  මුදලින් සහ භාණ්ඩ වලින් දුප්පත් නමුත් මනුෂ්‍යත්වයෙන් පොහොසත් ලෝකයක් ගොඩනගන්නට එතුමා සියල්ලන්ට ඇරැයුම් කරයි. රැනියෙරෝ කැන්ටලමෙස්සා පියතුමා මේ අනුශාසනය කළේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ සිදු කරන ලද මහ සිකුරාදා දේව මෙහෙයේ ධර්ම දේශනය කරමිනි. සාම්ප්‍රදායික ලෙස මහ සිකුරාදා සුදොතුම් පියතුමා පවත්වන දේව මෙහෙයේ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ එතුමන් ගේ ගෘහයේ ධර්ම දේශක පියතුමා විසිනි. සාමාන්‍ය ලෙස එය සිදුකරමින් කැන්ටලමෙස්සා පියතුමා ධර්ම දේශනය පැවැත්වූ අතර

"පුදැදුරු වරුන්, වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් වසංගතයේ 'අල්ලපු ගෙදර සාන්තුවරු'": සුදොතුම් පියතුමා "අසාමාන්‍ය" මහ බ්‍රහස්පතින්දා පුදැදුරු ගුණ සිහි කරයි

Image
"Priests, along with doctors and nurses, are pandemic’s ‘saints next door’" - Pope Francis says on the 'unusual' Holy Thursday ever  (2020 අප්‍රේල් 9) " පුදැදුරු වරුනට සමීප වීමට, සියලුම පුදැදුරු වරුනට සමීප වීමට, අද මට අවශ්‍යයි. අලුතින් ම පුදැදුරුවරය ලැබූ පියතුමන්ලා ගේ සිට පාප් වහන්සේ දක්වා, අපි සියලු දෙනා ම පුදැදුරු වරු. අප සියලු දෙනාව ම ස්වාමීන් වහන්සේ ආලේප කර තිබෙනවා. අප ආලේප කර තිබෙනවා ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාදය වෙනුවෙන්; ආලේප කර තිබෙනවා සේවය කිරීමට," යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ ය. මේ නිසා දිව්‍ය සත්ප්‍රසාදය සහ පුදැදුරුවරය සථාපනය කිරීමේ මංගල්‍යය සැමැරෙන මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව අවස්ථාවේ, ජීවත් වන සහ මිය ගිය සියලුම පුදදුරු වරුන් තමන් සිහිපත් කරණ බව එතුමා කීවේය. වි ශේෂයෙන් ම නව කොරෝනා වෛරසට ගොදුරුව මිය ගිය පුදැදුරු වරුන් ද  වෛද්‍යවරුන් හා හෙද හෙදියන් ද "අල්ලපු ගෙදර සාන්තුවරුන්" ලෙස හැඳින්විය හැකි යයි එතුමා සඳහන් කළේය. ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා මෙසේ කියා සිටියේ ඉතිහාසයේ අසාමාන්‍ය ම මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාව

"අපේක්ෂාවේ භංගත්වය සහ බලාපොරොත්තුවේ ස්ථිර බව" - ගොබ් ඉරිදා ධර්ම දේශනාව: "ක්‍රිස්තු සමිඳුන් ගේ චෛතසිකය ඇතිව ජීවත් වීමේ අභියෝගය"

Image
"Shattering expectations and solid hope- The challenge of Living with the mind of Christ" - Homily on Palm Sunday    (2020 අප්‍රේල් 05) කෝවිඩ්-19න් වියවුල් වූ ලෝකය කාංසාව තුළ බලාපොරොත්තුව සොයමින් සිටින බව කැනඩාවේ එඩ්මන්ටන්හි අගරදගුරු රිචඩ් ස්මිත් හිමි පවසයි. එතුමා පෙන්වා දෙන්නේ,මානව සමාජය විසින් සැබෑ සහ විශ්වසනීය යයි සිතූ සියලු  ස්ව කේන්ද්‍රීය වූ අපේක්ෂා කෝවිඩ්-19 වසංගතය විසින් බිඳ දමා ඇති බවයි. ඒ වෙනුවට ජේසු  සමිඳුන් ගේ චෛතසිකය ඇතිව සිය ප්‍රේමයෙන් මිනිසා  මවිතයට පත් කරන දෙවියන් වහන්සේ තුළ තබන බලාපොරොත්තුව කිසිදා බිඳ නොවැටෙන් බව තුමී පහදා දෙයි. එඩ්මන්ටන් අගරදගුරු රිචඩ් ස්මිත් හිමි මේ බව කියා සිටියේ ගොබ් ඉරිදා දිව්‍ය දිව්‍ය පූජාවේ ධර්ම දේශනය කරමිනි. බිඳ වැටෙන, ස්ව කේන්ද්‍රීය  අපේක්ෂා සහ ස්ථිර වූ බලාපොරොත්තුව යන්න පහදා දීමට එතුමා යොදා ගත්තේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් මෑතක දී රෝමයේ පූජක වරුනට දුන් දේශනයකි. එම ධර්ම දේශනය සම්පූර්ණයෙන් මෙසේය:   (මෙතැන 'ක්ලික්' කිරීමෙන් ඉංග්‍රීසි පිටපත කියවිය හැකිය.) (වීඩියෝව: වෛද්‍ය උපදේශ වලට ගරුකරමින් පවත්වන ලද සම්

"හුදෙකලා වීම සහ තනි වීම ජයගත හැක්කේ 'ආදරයේ නිර්මාණශීලීත්වයෙන්'"- 'අසාමාන්‍ය' ශුද්ධ වූ සතිය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වීඩියෝ පණිවිඩය: "මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු" (වීඩියෝ)

Image
"Creativity of love can overcome isolation" - Holy Father's vedio message for the 'unusual Holy Week '  (2020 අප්‍රේල් 04) කෝවිඩ්-19 වසංගතය මෙන් ම එම වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා අනුගමනය කරන හුදෙකලා වීම සහ තනි වීම ජයගත හැක්කේ "ආදරයේ නිර්මාණශීලීත්වයෙන්" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. අසල්වාසියේ සිටින අවශ්‍යතාවයෙන් සිටින තැනැත්තන්ට උදව් උපකාර කිරීම. බොහෝසෙයින් තනි වී හුදෙකලා වී සිටින තැනැත්තන්ව අපි සොයා ගෙන ඔවුන් සැනසීම, ලෝකය පුරා දුෂ්කරතාවලට මුහුණ දී සිටින සියල්ලන් වෙනුවෙන් යාච්ඥා කිරීම වැනි දයාවේ ක්‍රියා මගින් එය කළ හැකි බව එතුමා පෙන්වා දෙයි. ඉක්මනින් ම අප සියලු දෙනා සියලු අයහපතින් නිදහස් කරනු පිණිස තමා දෙවිඳුන් යදින බව ද එතුමා කියා සිටියි. එතුමා මේ සිතිවිලි සහ ප්‍රාර්ථනා ප්‍රකාශ කරන්නේ ශුද්ධ වූ  සතිය සඳහා සිය  වීඩියෝ පණිවිඩය නිකුත් කරමිනි.  ශුද්ධ වූ සතිය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ සම්පූර්ණ වීඩියෝ පණිවිඩය මෙසේ ය: " ප්‍රිය මිතුරනි, ඔබට සුබ සැන්දෑවක් වේවා! සාමාන්‍ය  ආකාරයට වඩා වෙනස් ආකාරයෙන් ඔබගේ නිවෙස් වලට ඇතුළු වී

රෝමයේ අනුනායක කාදිනල් හිමි කෝවිඩ්-19 ආසාදිත වෙයි

Image
Cardinal Vicar of Rome tests positive for Corona virus (2020 අප්‍රේල් 1) රෝම පදවියේ අනුනායක ඇන්ජෙලෝ ඩි ඩොනාටිස් කාදිනල් හිමිපාණන්ට කෝවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇතැයි වතිකානය අද නිල වශයෙන් නිවේදනය කළේය. එතුමා මේ වන විට රෝමයේ ජෙමෙල්ලි රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි. රෝම  පදවියේ රදගුරු තුමන් වන පාප් වහන්සේ වෙනුවෙන් එම පදවියේ පරිපාලන සහ දහම් සේවා කටයුතු ඉටු කරන්නේ  රෝමයේ අනුනායක කාදිනල් තුමා ය.  ඩි ඩොනාටිස් කාදිනල් හිමියන්ට උණ සහ සාමාන්‍ය රෝග ලක්ෂණ පවතින බව වතිකානය කියා සිටියේ ය. රෝග ලක්ෂණ පහළ වන්නට කළින් ඉතාලි රජයේ උපදෙස්  අනුව යමින් එතුමා වතිකානයේ  ලැතෙරාන මාලිගාවේ හමුවීම් අතිශයින් සීමා කර තිබුණේ ය. කාර්ය මණ්ඩල හමුවීම් ද අඩු කර තිබිණි. එතුමා වතිකානයට ද නොපැමිණි බවත් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් සමග සම්බන්ධ වූයේ දූරකතනයෙන් බවත් වතිකානය සඳහන් කළේ ය. රෝග වැළක්වීමේ පියවරක් වශයෙන් පසුගිය කාල සීමාව තුළ එතුමන් සමග සමීපව සිටි පිරිස හුදෙකලා කරනු ලබා සිටිති. " මාත් මේ පරීක්ෂාවට මුහුණ දෙනවා . එහෙත් මා පූර්ණ සිත් සාමයකිනුත් ආත්ම විශ්වාසයකිනුත් සිටිනවා. රෝමයේ විශ්වාසිකයින