Posts

Showing posts from February, 2021

කාදිනල් රොබට් සේරා හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි

Image
Pope accepts resignation of Cardinal Robert Sarah කාදිනල් රොබර්ට් සේරා හිමි  (2021 පෙබරවාරි 22) දේව වන්දනාව සහ සක්‍රමේන්තු ශික්‍ෂණය පිලිබඳ වතිකාන පර්ෂදයේ ප්‍රධානි කාදිනල් රොබට් සේරා හිමියන් ගේ ඉල්ලා අස්වීම ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් සෙනසුරාදා පිළිගත්තේය. මේ බව  බව වතිකානය ඊයේ නිවේදනය කළේය. මේ අනුව  ගෝලීය සභාවක් පිලිබඳ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ දැක්මට බාධා කරන වතිකාන  මෙන් ම ලෝක බලවේගයේ නායකයකු  ලෙස ලෝකයේ අවධානයට ලක්ව සිටි මෙම කාදිනල් තුමා ගේ ධුර කාලය නිමාවට පත් වෙයි.  කාදිනල් සේරා හිමි ගේ ධුර කාලය අවසන් වුයේ මන්දැයි වතිකානය විසින් නිකුත් කරන ලද නිවේදනය පැහැදිලි නොකරයි. එහෙත් සේරා හිමි ට්වීට් පණිවිඩයකින් කියා සිටියේ තමා පසුගිය වසරේ 75 වැනි වියට පා තැබූ බව ය. එය සාම්ප්‍රදායික ලෙස රදගුරු හිමි වරුන් සිය සේවාවෙන් විශ්‍රාම ගත යුතු වයසයි.  ගීනියා ජාතිකයකු වන රොබර්ට් සේරා හිමි ශු. දෙවන ජුවාම් පාවුළු පාප් තුමන් විසින් 1979 දී එරට කොනාක්‍රි හි අගරදගුරු තුමන් ලෙස පත් කරනු ලැබීය. වසර 2001 දී එතුමා වතිකානයේ ජනතා ධර්මදානය පිලිබඳ පර්ෂදයේ මහ ලේකම්  ලෙස ද 2010 දී 'කෝර් ඌනුම්" සසු

වතිකාන රේඩියෝව 90 වැනි වසර සමරයි - "සත්‍යය දැකීමට උදව් වන සන්නිවේදන රටාවක් ගොඩ නගන්න" සුදොතුම් පියතුමා සුබ පතමින් කියයි.

Image
Vatican Radio celebrates 90 years on air;  "Strive to build up a medium capable of helping us see the truth of things” Pope says in his greetings  (2021 පෙබරවාරි 12)  වතිකාන පුර රාජ්‍යයේ පිහිටා ඇති වතිකාන රේඩියෝව පෙබරවාරි 12 වනදා 90 වැනි ජන්මෝත්සවය සමරයි. මෙම රේඩියෝව හඳුන්වනු ලබන්නේ පාප්වහන්සේ ගේ හඬ ලෙස ය.  වතිකාන රේඩියෝව සැලැසුම් කොට ගොඩ නගන ලද්දේ රේඩියෝ විකාශනය සොයාගෙන සාර්ථක වෙළෙඳ ගුවන් විදුලි විකාශනය ලොවට  හඳුන්වා දුන් ගුග්ලිඑල්මෝ මාර්කෝනි විසින් ම වීම ඓතිහාසික කරුණකි. ඔහු විසින් මුලින්ම කතා කරන ලද මෛක්‍රොපෝනය  එම ගොඩනැගිල්ලේ  තවමත් සුරක්ෂිතව ප්‍රදර්ශනය කර තිබේ.  1931 පෙබරවාරි 12 වනදා එවකට සසුනිසුරාණන් වූ එකොලොස් වන පියුස් පාප් වහන්සේ විසින් වතිකාන රේඩියෝව ගුවනට එක් කෙරුණු අතර එය පවත්වාගෙන යාමේ වගකීම ජේසු නිකායට භාර දෙනු ලැබීය. 2017 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ගුවන් විදුලිය සිය ප්‍රතිසංස්කරණ යට‍තේ අභිනවයෙන් පිහිටුවන ලද වතිකානයේ සන්නිවේදනය පිලිබඳ  දෙපාර්තමේන්තුව යටතට පත් කලේ ය.  මේ වන විට එම රේඩියෝව ලොව පුරා භාෂා 41කින් වැඩසටහන් විසුරුවා හරියි. 90 වැනි ජන්ම දිනය සනිටුහන්

"ම්‍යන්මා භුමිය මත තවත් ලේ වැගිරීම් එපා! ...සත්‍යය ජග්‍රහණය කරනු ඇත" ම්‍යන්මා (බුරුම) හමුදා කුමන්ත්‍රණය ගැන එරට කාදිනල් හිමි ගේ ප්‍රබල දිවැසිවර ප්‍රකාශය. "ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙන්න; අත්අඩංගුවට ගත් සියල්ලන් ඉක්මණින් නිදහස් කරන්න" හමුදා කුමන්ත්‍රණ කරුවන්ට කියයි:

Image
Myanmar Cardinal Bo's ‌prophetic message: "Let no more blood be shed in Myanmar." He encourages arrested NLD leaders, "Truth will prevail" ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවන ලෙස ඉල්ලා වීදී බට ම්‍යන්මා ජනතාව  (2021 පෙබරවාරි 7) ම්‍යන්මා (බුරුම) භූමිය මත තවත් ලේ වැගිරීම් ඇති වන්නට ඉඩ නොදෙන්නැයි එරට යැන්ගොං  පදවියේ අගරදගුරු චාල්ස් මාවුං බෝ කාදිනල් හිමි අවධාරණය කරයි.  "අපගේ රට ඉතිහාසයේ අතිශය අඳුරු ම කාලයට පිවිසී ඇති මේ මොහොතේ .. කල් පවත්නා විසඳුමක් වෙනුවෙන් සියල්ලන් වෙත ඇති ප්‍රේමයෙන් මේ ආයාචනය කරමි" යි විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එතුමා කියා සිටියි.  කාදිනල් චාල්ස් බෝ හිමි මෙම නිවේදනය නිකුත් කළේ ම්‍යන්මාවේ යුද හමුදාව මධ්‍යම රාත්‍රී කුමන්ත්‍රණයක් මගින් එරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකින්, මාධ්‍ය වේදීන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන, කුමන්ත්‍රණ ජුන්ටාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය.  ම්‍යන්මාවේ (බුරුමයේ) වත්මන් තත්වය කෙටියෙන්  ම්‍යන්මාවේ මහ මැතිවරණය 2020 නොවැම්බර 8 වැනි දින පැවැත්විණි. එම මැතිවරණයෙන් අවුන් සාන් සූ කී නායකත්වය දෙන NLD හෙවත් ජාතික ප්‍රජාතන්

"හිංසනයට ලක්වන කාන්තාවන් ගේ වේදනා වලින් හා මොර ගැසීම් වලින් අප ඉවත බලා නොගත යුතුයි" - පෙබරවාරි මාසයේ සසුන් පිය වීඩියෝවෙන් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. "හිංසනයට ගොදුරුවූ කාන්තාවන් සමාජය විසින් ආරක්ෂා කරනු ලබන පිණිස...." අපි යාච්ඥා කරමු

Image
Pope's prayer intention for February: For women who are victims of violence (2021 පෙබරවාරි 4)  2021 පෙබරවාරි මාසය සඳහා සිය යැදුම් අදහස නිකුත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කාන්තාවනට එරෙහි හිංසනය පිලිබඳ ප්‍රබල පණිවිඩයක් ප්‍රකාශ කරයි. කාන්තාවනට එරෙහි හිංසනය සහ ප්‍රචණ්ඩ ක්‍රියා "බියසුලු කමක් සහ මානව සංහතියේ අවක්‍රමනයක්" බවඑතුමා අවධාරණය කරයි.  එතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ "කාන්තාවන් කී දෙනෙකු පහර දීමට, අවමානයට සහ ලිංගික දූෂ්‍ය කිරීමට ලක්වන්නේ ද යන්න සිත් කම්පනයට පත් කරන සුළු ය"යි පවසමිනි.  මෙම සමස්ත පණිවිඩය දිනපතා ලොව පුරා හිංසනයට ලක්වන කාන්තාවන් පිලිබඳ ප්‍රබල පණිවිඩයකි.  සුදොතුම් පියතුමාගේ පෙබරවාරි මාසයේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව ඉකුත් දා  නිකුත් කෙරිණී. එය නි කුත් කරන ලද්දේ සුදොතුම් පිය යැදුම් ප්‍රචලිත කිරීමේ දූත සේවාව භාරව සිටින සසුන් පිය  ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය විසිනි. සුදොතුම් පිය තුමා මෙම වීඩියෝ පණිවිඩය නිකුත් කරමින් එක් එක්  මාසයේ තමා  සමග යාච්ඥා කිරීමට එක්  වන්නැයි ලොව  පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. පෙබරවාරි මාසයේ  සිය පණිවි

2021 පෙබරවාරි 4: ලොව ප්‍රථම ජාත්‍යන්තර මානව සහෝදරත්වයේ දින සැමරුමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාත් එක්වෙයි - වීඩියෝ

Image
Pope Francis to participate in the first ever  International Day of Human Fraternity (2021පෙබරවාරි 2) එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද ජගත් මානව සහෝදරත්වයේ දිනය පෙබරවාරි 4 දිනට යෙදී තිබේ. මෙය ජාත්‍යන්තර ඉතිහාසයේ ප්‍රථම මානව සහෝදරත්වයේ දිනයයි.  මේ වෙනුවෙන් පවත්වනු ලබන නිල අථත්‍ය (virtual) උත්සවය, එම  දිනය එක්සත් ජාතීන් ගේ මහා මණ්ඩලයට යෝජනා කල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වේ.  එක්සත් ජාතීන් මහ ලේකම් අන්තෝනියෝ ගිතෙරෙස් සහ එජිප්තුවේ කයිරෝ හි අල් අසාර් මහ පල්ලියේ අහ්මඩ් අල්-ටයෙබ් අග්‍ර ඉමාම් තුමා සහභාගී වන මෙම උත්සවයට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද වතිකානයේ සිට සහභාගී වීමට නියමිත ය. රෝමයේ වේලාවෙන් පස් වරු 2.30 ට හෙවත් ලංකාවේ වේලාවෙන් පස්වරු 7 ට මෙම උත්සවය සජීවීව විකාශ කිරීමට කටයුතු යොදා ඇති බව වතිකානය නිවේදනය කරයි.  "මෙම උත්සවය සහ දිනය වූ කලී ලෝකය තුළ සාමය ඇති කිරීමටත් මිනිසුන් එකිනෙකා මුණ ගැසීමටත් ප්‍රැන්සිස් පාප් වහන්සේ සමස්ත මනුෂ්‍යත්වයට කරන ආරාධනයේ ප්‍රතිඵලයක් සහ ඊට ප්‍රතිචාරයක් වන්නේ ය"යි අන්තර් සාමයික සංවාදය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති මිගෙල් අයුස