Posts

Showing posts from November, 2015

"අවි විසිකරමු; ආදරයෙන් සන්නද්ධ වෙමු" පාප් වහන්සේගෙන් මධ්‍යම අප්‍රිකානු ජනරජ ජනතාවට ඇරැයුම්

Image
Lay down weapons; Arm yourselves with love and mercy" Pope message to Central African Republic  පාප් වහන්සේ බෙන්ගී ආසන දෙව්මැදුරේ ශුද්ධ ද්වාරය විවෘත කල අවස්ථාව (2015 නොවැම්බර  30) " බෙන්ගී නගරය අද ලෝකයේ ආධ්‍යාත්මික අගනුවර බවට පත්වෙනවා" යැයි බෙන්ගුයි පදවියේ ආසන දෙව්මැදුරේ පිහිටුවන ලද ශුද්ධ ද්වාරය විවෘත කරමින් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පැවසුහ. ශුද්ධ ද්වාරයක් විවෘත කෙරෙන්නේ කතෝලිකයන්ගේ ශුද්ධ වසරක් හෙවත් ජයන්ති වසරකදීය. ශුද්ධ ද්වාරයේ අරමුණ විශ්වාසිකයිනට ගැලවීම ලබා ගැනීම සඳහා "අතිවිශේෂ  මාර්ගයක්" ලබා දීමයි. මෙම දොරටුවෙන් ඇතුළුවන විශ්වාසිකයනට ගැලවීමේ ඵල (පූර්ණ ඵල) ලබා ගත හැකිය. ඉතිහාසයේ මෙතෙක් පැවැති ශුද්ධ වසර වලදී  සාම්ප්‍රදායික වශයෙන් ශුද්ධ දොරටු පැවැතියේ රෝමයේ ප්‍රධාන දෙව්මැදුරු පහේ පමණි. එහෙත් මෙම දොරටුව හා සම්බන්ධ දේවධාර්මික පදනමට වඩාත් ගැඹුරු අරුතක් දෙමින් 2016 ශුද්ධ වසරේදී ලොව පුරා සෑම රදගුරු පදවියකම ශුද්ධ දොරටුවක් පිහිටුවන්නැයි පාප් වහන්සේ සියලුම රදගුරු හිමිවරුනට උපදෙස් දුන්හ. ඒ මගින් රෝමයට පැමිණිය නොහැකි සෑම කතෝලිකයකුටම තමාට  සමීපතම දොරටුව

සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ දොරටුව නිරාවරණ කෙරේ - ශුද්ධ වසරට සුදානම්

Image
Holy Door of St. Peter's Basilica uncovered in preparation for the Holy Year ශුද්ධ ද්වාරය තුළ තැන්පත් කර තිබු මංජුසාව (2015 නොවැම්බර  21) වසර 2000 ජුබිලි වසරට පසු සඟවා තැබුණු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ ශුද්ධ ද්වාරය ඉකුත් දා නිරාවරණය කෙරිණි. එම දොරටුව 2000 ජුබිලි වසරේ සමාප්තියෙන් පසු ගඩොල් බිත්තියකින් ආවරණය කෙරිණි. මෙම ද්වාරය විවෘත කෙරෙන්නේ ජුබිලි වසරකදී පමණි. මේ වසරේ දෙසැම්බර 8 වනදා දේව මාතා වහන්සේ ගේ ජම්ම දෝෂ රහිතව පිළිසිඳීමේ මංගල්‍යයෙන් ආරම්භ වන දයාවේ වසරට සුදානම් වීම සඳහා එම දොරටුව ඉකුත් 19 වනදා නිරාවරණය කෙරිණි. සාන්ත පීතර බැසිලිකාවේ අගපුදැදුරු (Archpriest) අති උතුම් ඇන්ජෙලෝ කොමාස්ත්‍රි හිමිපාණන් විසින් පවත්වන ලද සුවිශේෂ යැදුම් මෙහෙයකින් පසු කම්කරුවන් කිහිප දෙනෙකු විසින් දොරටුව ආවරණ කර තිබූ බිත්තිය බිඳ දැමීම ආරම්භ කෙරින. ඔවුන් මුලින්ම කලේ එහි මද කොටස විවර කර එතුළ තැන්පත් කර තිබූ මංජුසාවක් පිටතට ගැනීමයි. එම මංජුසාව කාදිනල් හිමියන් විසින් විවෘත කෙරින. විශේෂ සිහිවටන හා උපකරණ කිහිපයක් එතුළ බහා  තිබිණි. ඒ අතර තිබු එක වැදගත් දෙයක් වූයේ යතුරු කැරැල්ලකි. ප්‍රැන්සිස් පාප

"ත්‍රස්ත ප්‍රහාරයක තර්ජනය තිබෙනවා. එහෙත් ශුද්ධාසනය බියෙන් හැකිළෙන්නේ නැහැ" - වතිකාන රාජ්‍ය ලේකම් කියයි

Image
"Vatican may be a (ISIS) target; But we won't back down" - Cardinal Parolin  වතිකානයේ සාන්ත පීතර බැසිලිකාව මුදුනේ ඇති "මහා පර්වතය", ශු. පේදුරු තුමන් ගේ ප්‍රතිමාව (2015 නොවැම්බර  21) වතිකානය අන්තවාදීන් ගේ ප්‍රහාර වලට ලක්වීමේ අවදානමක පවතින නමුදු තමන් එයින් බියෙන් අඩපන වන්නේ නැතැයි වතිකාන රාජ්‍යය පවසයි. "ගිය සතියේ ප්‍රංශයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් තහවුරු වන්නේ කිසිදු රටක් ත්‍රස්තවාදී තර්ජනයෙන් ඉවත්ව නැති බවයි. වතිකානයේ පවතින ආගමික වැදගත්කම නිසා එම රාජ්‍යය ත්‍රස්තවාදී ඉලක්කයක් විය හැකියි " යැයි වතිකානයේ රාජ්‍ය ලේකම් (වෙනත් රටවල අග්‍රාමාත්‍යධුරයට සමානය) අති උතුම් පියෙත්‍රෝ පැරොලිනි කාදිනල් හිමි කියා සිටියේ ය. "වතිකානය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව වැඩිකිරීම සඳහා පියවර ගැනීමට අපට් පුළුවන්. එහෙත් අපි කිසිවිටෙකත් බියෙන් අප අකර්මන්‍ය කිරීමට ඉඩ දෙන්නේ නැහැ" යි එතුමා අවධාරණය කලේ ය."පාප් වහන්සේ උන්වහන්සේ දින චරියාවන් වෙනස් කරන්නෙත් නැහැ. උන්වහන්සේ ගේ සාමාන්‍ය එදිනෙදා සිදුවීම් එසේම සිදු කෙරෙනවා" එතුමා කීවේය" කාදිනල් පැරොලිනි

"සාන්ත පීතර බැසිලිකාව ප්‍රමුඛ ත්‍රස්තවාදී ඉලක්කයක් " - ඇමෙරිකාව කියයි

Image
"Saint Peter's Basilica tops potential terrorist targets" - American Embassy  (2015 නොවැම්බර  20) ISIS ත්‍රස්තවාදීන්  ඉතාලියට එල්ල කල හැකි ප්‍රහාරයක දී රෝමයත් මිලානෝ නුවරත් ඔවුන් ගේ ප්‍රමුඛ ඉලක්ක අතර වන බව ඉතාලියේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි. එම නගර දෙකේ දී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ සාන්ත පීතර බැසිලිකාව බව ද එම තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේ ය. ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතැම් විට ගිය සතියේ පැරීසියට එල්ල කල ප්‍රහාරයට සමාන ක්‍රමයක් යොදා ගැනීමට ඉඩ ඇති බව ද ඇමෙරිකාව කියයි. එම තානාපති කාර්යාලය පවසන්නේ ඉතාලි රජය මේ පිළිබඳව දන්නා බවයි. මිලාන් නුවර බැසිලිකා දෙව්මැදුර සහ ලා ස්කාලා ඔපෙරා ශාලාව ද ත්‍රස්තවාදීන් ගේ ප්‍රධාන ඉලකක අතර වේ. ඊට අමතරව මෙම නගර දෙකේ තවත් දෙව්මැදුරු, සිනගෝග (ජුදෙව් ආගමේ ධර්ම ශාලා), ආපාන ශාලා හා නෘත්‍ය ශාලා රැසක් ද ප්‍රහාරවලට ඉලක්ක වීමට ඉඩ තිබෙන බව එම නිවේදනය සඳහන් කරයි. මේ නිසා තමන් සිටින පරිසරය ගැන පරීක්ෂාවෙන් හා අවදියෙන් සිටින්නැයි ඇමෙරිකා තානාපති කාර්යාලය ඉතාලියේ සිටින තම රට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

"යුද්ධයෙන් බෙදී බිඳ වැටුණු ලෝකයක ඉතිරි වන්නේ කුමක් ද? අසරණ වූ දරුවන්....මඩි තරවූ ආයුධ වෙළෙන්දන්......" සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.

Image
"What will be left of a world torn apart by war?" Pope asks the world community  (2015 නොවැම්බර 19) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ යුද්ධ කරන්නන් හා යුද්ධය ඇති කරන්නන් විෂයෙහි අතිශයින් තදබල වචනයක් අද භාවිත කළහ. එනම් "ශාප ලද්දන්" යන්නයි. ලූක්‌ සුබ අස්නේ එන ජේසු සමිඳුන් ගේ ම වචන උපුටා ගනිමින් පාප්වහන්සේ මෙම වචන යොදා ගත්හ. අද (නොවැම්බර 19 වනදා) සුබ අස්නේ එන අකාරයෙන් ජේසු සමිඳුන් එදා ජෙරුසලෙම ගැන කඳුළු සැළු ආකාරයෙන් අද මුළු ලෝකය වෙනුවෙන් ම කඳුළු සලන බව පාප් වහන්සේ පැවසූහ. මන්ද ලෝකය සාමයේ මාර්ගය ප්‍රතික්ෂේප කර යුද්ධය තෝරාගෙන ඇති නිසායැයි එතුමා පෙන්වා දුන්නේ ය. වතිකානයේ ඩෝමුස් සාන්තා මාර්තා නිවහනේ අද උදාසන දිව්‍ය පූජාවේ දේශනය කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.  "ජේසු සමිඳුන් අදත් වැලපෙනවා. මන්ද අප යුද්ධයේ මාර්ගය, වෛරයේ මාර්ගය, සතුරුකමේ මාර්ගය තෝරාගෙන ඇති නිසා" එතුමා කීවේය. නත්තල ලඟා වෙමින් ඇති ආකාරය සුදොතුම් පියතුමා විස්තර කළේය. "වෛවර්ණ විදුලි බුබුළු වලින් නිවෙස් ආලෝකවත් වෙද්දී, ගෙවල හා කාර්යාල වල සාද සංවිධානය කෙරෙද්දී, ආලෝකවත් නත්තල් ගස් ප

"සරණාගතයන් දෙවියන් වහන්සේ ගේ දරුවෝ; අනුල්ලංඝනීය ගරුත්වයක් ඔවුන් සතුව තිබේ" - සරණාගත සරණය ගැන සුදොතුම් පියතුමන් ගේ නොසැලෙන ස්ථාවරය

Image
"Refugees are God's Children" Pope re-confirms Church's standing on refugee crisis  මේ විරෝධතා පෙළපාලියක් නොවේ. ඔස්ට්‍රියා දේශ සීමාවට ඇතුළු වූ සරණාගත පෙරහරයි (2015 නොවැම්බර  18) ප්‍රංශයේ පැරිස් නුවරට  ඉකුත් සිකුරාදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව සිරියාවෙන් හා අප්‍රිකානු රටවලින් පලා එන සරණාගතයන් පිළිගැනීම සම්බන්ධයෙන් වූ යුරෝපා රටවල ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවන ලකුණු පහල වී තිබේ. පැරිස් ප්‍රහාරයෙන් යුරෝපයේ ආරක්ෂාව සම්බන්ධ බරපතල ගැටළු පැන  නැගුණ අතර , ඒ සමගම ISIS ත්‍රස්තවාදීන් ගේ 'බලකොටුව' වන සිරියාවෙන් පැමිණෙන සරණාගතයන් කෙරෙහි බරපතල  සක සංකා මතු වී තිබේ. අවම වශයෙන් කෙතරම් වේගයෙන් ඔවුන් යුරෝපා රටවලට අන්තර්ග්‍රහණය කරගත හැකිද යන්න ප්‍රශ්නය ද මතු වී ඇත. තම රටට සිරියානු සරණාගතයන් 10,000ක් පිළිගන්නා බවට  ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කල ප්‍රකාශයටත්  සිරියා සරණාගතයන් 25,000ක් දෙසැම්බර 31ට  පෙර කැනඩාවට ගෙන්වා ගන්නා බවට  නව අගමැති ජස්ටින් ටෘඩෝ දී ඇති ප්‍රතිඥාවත්,  විරුද්ධ පාක්ෂියන් ගේ අභියෝගයට ලක් වී තිබේ. මේ නිසා සමස්ත සරණාගත රැකවරණ වැඩපිළිවෙල ගැන අලුත් වා

"පාප් වහන්සේ සභා 'ප්‍රතිසංස්කරණ සටනට' සූදානම් " - ඔස්කා රොඩ්රිගුවෙස් කාදිනල් හිමි

Image
Pope Francis "Prepared to Battle" over reforms - Senior Cardinal says  අති උතුම් ඔස්කාර් රොඩ්රිගුවෙස් කාදිනල් හිමි (2015 නොවැම්බර  16) ඇතැම් සංස්ථිතික මත වාදීන් ගේ ප්‍රතිරෝධයත්, වතිකානයෙන් වාර්තා වී ඇති අලුත්ම 'වැටිලීක්ස්' අපචාර සිද්ධියත් නොතකා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාවේ ප්‍රතිසංස්කරණ මාවතේ සිත් ශාන්තියෙන්, අධිෂ්ඨාන පූර්වකව  ගමන් කරන බව වතිකානයේ ප්‍රමුඛ පෙලේ කාදිනල් හිමිනමක් පවසයි.  එතුමා පෙන්වාදෙන්නේ වතිකානයේ අධික වියදම් පිලිබඳව  හා වතිකාන  පරිපාලන ව්‍යුහය වන රෝම ක්‍යුරියාවේ   'දේශපාලන' බලපෑම් පිලිබඳ හෙළිදරව් වී ඇති නවතම තොරතුරුවලින් පෙනී යන්නේ වතිකාන පාලන තන්ත්‍රය ප්‍රතිසංස්කරණය කිරීම දැඩි අවශ්‍යතාවක් වී ඇති බවයි. පාප් වහන්සේ ගේ සමීපතම උපදේශකයකු  වන හොන්ඩියුරාස් හි අති උතුම් ඔස්කා රොඩ්රිගුවෙස් මරදියාගා කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ  සුදොතුම් පියතුමා ගේ පරිසර විශ්ව ලේඛනය පිලිබඳව ඇමෙරිකාවේ ෆෝර්ඩ්හැම් විශ්වවිද්‍යාලයේ දී පැවැති සම්මන්ත්‍රනයක දී ය. ඉකුත් නොවැම්බර 3 වැනි දා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. "යහපත් දෙයක් කරන්නට

"ප්‍රචණ්ඩත්වයේ සහ වෛරයේ මාර්ගය යුක්තිසහගත කිරීමට දෙවියන් ගේ නාමය යොදා ගැනීම දේව අපහාසක්" සුදොතුම් පියතුමා අවධාරණය කරයි

Image
Religious justification of violence and hatred is "blasphemy" : Pope emphasizes  පැරිසියේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ ආපාන ශාලාවක් ඉදිරිපිට පදික වේදිකාවේ තබා තිබු සිද්ධියට ගොදුරු වූවකු ගේ මල සිරුරක්. (2015 නොවැම්බර  15) සිකුරාදා රාත්‍රියේ පැරිසියට එල්ලවූ බියකරු ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව සුදොතුම් ප්‍රන්සිස්  පාප් වහන්සේ ඉරිදා (නොවැම්බර් 15) යලි කියා සිටියහ. එයින් තවත් ඔබ්බට ගිය උන්වහන්සේ කියා සිටියේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා යුක්තිසහගත කිරීම සඳහා දෙවියන් ගේ නාමය යොදා ගැනීම "දේව අපහාසයක්" බවයි. ඉරිදා දහවල් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ පැවැති තුන්කාල ආරාධනා යැදුමෙන් පසුව, වන්දනාකරුවන් අමතමින් පාප් වහන්සේ මේ බව කියා සිටියහ. "ප්‍රංශය ලෙයින් කැළැල් කොට විශාල පිරිසකට හානි සිදුකරමින් සිකුරාදා රාත්‍රියේ පැරිසියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන මා තුළ ඇති වූ වේදනාව ප්‍රකාශ කරන්නට කැමතියි. ප්‍රංශ ජනරජයේ ජනාධිපතිතුමන්ටත් රට වැසියන්ටත්, මගේ සහෝදරාත්මක සංවේගය මම ප්‍රකාශ කරනවා...මේ සිද්ධියෙන් ජීවිත අහිමි වූ හෝ තුවාල ලැබුවන් ගේ පවුල්වලට මම විශේෂයෙන්ම සමීප වෙන

"අත්හැරදමන ලද, අමතක කර දමන ලද ජනතාවට සමීප වන සසල වූ සභාවක් දැකීමට මම කැමතියි" - ෆ්ලොරන්ස් නුවර දේශනය - දෙවන කොටස

Image
I like a restless Church, ever close to the abandoned, the forgotten...." Pope in Florence (Part 2)  (2015 නොවැම්බර  14) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර ගත කල දිනයේ දී Evangeli Gaudium නමැති සිය ප්‍රථම අපෝස්තලික හසුන වෙත සභාවත් ලෝකයත් යලි ගෙන ගිය බව විචාරකයෝ පවසති මෙම අපෝස්තලික හසුනෙන් ජේසු සමිඳුන් තුළ  ගැඹුරින් මුලේ බැසගත් "දුප්පත් සභාවක්; දුප්පතුන් සඳහා වන සභාවක්" පිලිබඳ සිය දැක්ම ද, මධ්‍යම පන්තිය දියකර දුප්පතුන් ගේ ගොඩට ම ඇද දමමින් දුප්පත් කම වැඩි කර, කුඩා අති ධනපති පන්තියක් ගොඩනඟන නූතන විවෘත ආර්ථික රටාවේ වෙනසක් සඳහා වන කැඳවීමක් ද පාප් වහන්සේ ඉදිරිපත් කර තිබුනේ ය. ('ප්‍රැන්සිස් පාප් වහන්සේ කොමියුනිස්ට් කාරයෙක්' යයි තතු විකෘති කල ඇතැම් කොටස් එතුමන් විවේචනය කිරීමට පටන් ගත්තේ මේ හසුන  පදනම් කර ගෙනය. එහෙත් සිය ඉගැන්වීම් හා දැක්ම පදනම් වී ඇත්තේ ශුද්ධ ලියවිල්ල පාදක කර ගත් කතෝලික සමාජ දර්ශනය මත බව පාප් වහන්සේ පෙන්වා දුන්හ.) ෆ්ලොරන්ස් නුවර දී පාප් වහන්සේ කල කි දේ මගින් Evangeli Gaudium අපෝස්තලික හසුන අපට යලි මතක් කර දෙයි. මෙම ගමනේ දී උ

පැරිසියේ ත්‍රස්ත ප්‍රහාරය ගැන සුදොතුම් පියතුමා ශෝක වෙයි: "මේ තෙවන ලෝක යුද්ධයක බියකරු බවයි..."

Image
Pope calls Paris terrorist attacks part of "piecemeal WW III"  (2015 නොවැම්බර  14) පැරිසියට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ කම්පා වෙති. මෙය "තුන්වන ලෝක  යුද්ධයක බියකරු බව" කියා පාන්නක් බව උන්වහන්සේ පවසති. නොවැම්බර 13 වන දා රාත්‍රියේ  පැරිස් නුවර  ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම් හා ස්වයං ඝාතක ප්‍රහාර සම්බන්ධයෙන් ඉතාලියේ TV 2000 රුපවාහිනි නාලිකාව කල දුරකථන සාකච්ඡාවකදී පාප් වහන්සේ මෙම අදහස් පල කළහ. පැයක පමණ කාලයක් තුළ ප්‍රංශයේ ස්ථාන කිහිපයක මෙම ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවිය. ජර්මනිය හා ප්‍රංශය අතර සුහද පාපන්දු තරගයක් පැවැත්වෙමින් තිබු ක්‍රීඩාංගනයක් අසල, රඟහලක් තුළ සහ ආපාන ශාලා හා සමාජ ශාලා කිහිපයක් ඇතුළු ස්ථාන හයක පමණ එක දිගට දාමයක් ලෙස මෙම පිපිරීම් සහ වෙඩි තැබීම් සිදු වූ බව ප්‍රංශ පොලිසිය කියයි. වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ආසන 1500 කින් සමන්විත බටක්ලාන් රඟහල තුලයි. ත්‍රස්තවාදීන් තමන්  අත තිබු අර්ධ ස්වංක්‍රීය ගිනි අවි වලින් එහි සිටි ප්‍රේක්ෂකයන්ට වෙඩි තැබීමෙන් 80කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. මෙම ත්‍රස්

"කතෝලික සභාවට වෙනස් විය හැකියි. සභාව වෙනස් විය යුතුයි." ෆ්ලොරන්ස් නුවරදී පාප්වහන්සේ සභාවට දුන් අභියෝගය

Image
"Catholicism can and must change. ....This is a change era...." Pope's strong message in Florence  පාප්වහන්සේ ෆ්ලොරන්ස් නුවර සම්මන්ත්‍රණය අමතමින්  (2015 නොවැම්බර  12) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ කතෝලික සභාව සඳහා පුළුල් නව දැක්මක් ප්‍රබල වචන වලින් ඉදිරිපත් කරති. අපගේ යුගයට අවශ්‍ය වන්නේ වෙනස් වීමට බිය නොමැති, දයා-කරුණාබර සභාවක් බව උන්වහන්සේ පෙන්වා දෙති. ආර්ථික සුරාකෑම , බලයෙන් මත්  වූ පූජකවරුන්, උදාසීනකමින් අක්‍රීය වූ තරුණයන් හා ක්‍රිස්තුන් වහන්සේ තමන් සමග සිටින බව අමතක කරන බියගුළු  සීතල සභාවක් යන සාධක වලට නැවතීමේ තිත තැබිය යුතු යයි උන්වහන්සේ අවධාරණය කරති. "මේ යුගය අපෙන් ඉල්ලා සිටින්නේ ප්‍රශ්න, බාධක ලෙස නොව   අභියෝග ලෙස අත්දකින ලෙසයි. කිතු සමිඳුන් ලොව තුළ ක්‍රියාකාරීව සිටින අතර උන්වහන්සේ ක්‍රියාත්මක වන" බව ද පාප් වහන්සේ සඳහන් කරති. රදගුරු  හිමිවරුන්  "ජනතාවගේ එඬේරුන් - එඬේරුන් පමණක් විය යුතු" බව ද එතුමා අවධාරණය  කරයි. රදගුරු හිමිවරුන් සිය ජනතාව ගේත් යාච්ඥාවේත් රුකුල ලබන විට ඔවුනට   නොවැටී කෙලින් සිටිය හැකි යයි ද විනාඩි 49ක් වූ දීර්ඝ කතාවක්

"ප්‍රාණ පරිත්යාගීන් ගේ එක්සත්කම කිතුනුවන් ගේ බෙදීම් වලට වඩා ප්‍රබලයි" - සුදොතුම් පියතුමා අන්තර් සභා හමුවට කියයි

Image
"Unity of Martyrdom is stronger than Christian divisions" - Pope Francis points out (2015 නොවැම්බර  6) කිතුනුවන් අතර අනේක විධ බෙදීම් තිබුනත්  ලොව පුරා බොහෝ ප්‍රදේශ වල ක්‍රිස්තුන් වහන්සේ ගේ අනුගාමිකයන් ප්‍රාණ පරිත්‍යාගී භාවයේ සාක්ෂි දැරීම තුළ ප්‍රබල ලෙස එක්සිත් වන බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. කිතුනුවන් විවිධ පදනම් මත බෙදී සිටියත් "ක්‍රිස්තු අනුගාමිකයන්' යන පොදු අනන්‍යතාව මත අද ලොව පුරා ඔවුන් වදහිංසාවටත් ඇතැම් විට මරණයටත් ලක් වන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ස්වකීය ඇදහිල්ල නිසා කොන්කිරීමට, අයිතිවාසිකම් අහිමි කිරීමට හෝ හිංසාවට ලක්වීම නිසා කිතුනුවන් හෙලන  ලේ කඳුළු අපට මතක් කර දෙන්නේ ප්‍රසාද ස්නාපනය ලැබූ සියල්ලන් එකම ක්‍රිස්තු දේහයේ - ශාන්ත සභාවේ - සාමාජිකයන් බව යැයි උන්වහන්සේ අවධාරණය කළහ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ කරුණු සඳහන් කලේ ඉකුත් නොවැම්බර්  2 වනදා සිට 4 වනදා දක්වා ඇල්බේනියාවේ ටිරානා නුවර පැවැත්වුණු ලෝක ක්‍රිස්තියානි සම්මේලනයේ (Global Christian Forum) රැස්වීමට පණිවිඩයක් යවමිනි. මෙම සම්මේලනය ලොව විවිධ කිතුනු සභා සහ සංවිධාන එකමුතුවෙන් පිහිටුවා

"භාග්‍යවන්ත රොමෙරෝ අගරදගුරු තුමා මරණයෙන් පසුවත් සිය සහෝදර පියතුමන්ලා අතින් ප්‍රාණ පරිත්‍යාගී වූවා" සුදොතුම් පියතුමා කියයි

Image
Blessed Romero's martyrdom continued even after his death  (2015 නොවැම්බර  1) භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ ප්‍රාණ පරිත්‍යාගී වීම එතුමන් ගේ මරණයෙන් පසුවත් දිගටම සිදු වූ බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. එතුමන් ගේ සහෝදර පියතුමන් හා රදගුරු හිමිවරුන් විසින් එතුමන්ට අපහාස කරමින්, අවලාද නගමින් එතුමනට විරුද්ධව ගතු කීම මගින් මෙලෙස එතුමන් යලි යලිත් ප්‍රාණ පරිතාගී වූ බව උන්වහන්සේ පෙන්වා දති. ඉකුත් ඔක්තෝබර 30 වැනිදා වතිකානයට පැමිණි එල් සැල්වදෝර වන්දනා කරුවන් පිරිසක් අමතමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. එල් සැල්වදෝරයේ සන් සැල්වදෝර පදවියේ අගරදගුරු තුමා වූහ. රොමෙරෝ තුමා එරට දුප්පත් හා පීඩිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන්, එරට එවකට පැවැති ජනඝාතක ජනපීඩක රෙජීමය විසින් 1980 දී එතුමා ඝාතනය කරනු ලැබිණ. ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් මැයි මාසයේ රොමෙරෝ අගරදගුරු තුමා භාග්‍යවරයකු ලෙස ප්‍රකාශයට පත් කළහ. කියවන්න :"රොමෙරෝ:ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමේ ආදර්ශය" - ප්‍රැන්සිස් පාප් වහන්සේ කියවන්න :රොමෙරෝ : එල් සැල්වදෝරයේ විශ්