Posts

Showing posts from July, 2018

ළමා ලිංගික අපචාර චෝදනා ලැබූ ඇමෙරිකානු කාදිනල්හිමි ගේ ඉල්ලා අස්වීම සුදොතුම් පියතුමා පිළිගනියි; යාච්ඥාවේ සහ පශ්චාත්තාපයේ ජීවිතයකට නියෝග

Image
Pope accepts resignation of McCarrick from the College of Cardinals තියඩෝර් මැක්කෙරික් කාදිනල් හිමි (2018 ජූලි 28) ගත වූ මාසයක පමණ කාලය තුළ ළමා අපචාර චෝදනා වලට ලක්ව සිටින ඇමෙරිකාවේ වොෂින්ටන්හි විශ්‍රාමික  අගරදගුරු තියඩෝර් මැක්කෙරික් කාදිනල් හිමි කාදිනල්ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කාදිනල් පර්ෂදයෙන් ඉවත් වන බව දන්වමින් මැක්කෙරික් හිමි විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් වෙත යොමු කරන ලද ලිපිය එතුමා විසින් පිළිගන්නා ලදැයි වතිකාන මාධ්‍ය කාර්යාලය අද නිල වශයෙන් නිවේදනය කළේය. කාදිනල් ධුරයෙන් ඉල්ලා අස්වීම පිළීගත් සුදොතුම් පියතුමා, මෙම චෝදනා සම්බන්ධයෙන් ශාසනික පරීක්ෂණය අවසන් වනතෙක්  ප්‍රසිද්ධ ජීවිතයෙන් ඉවත්වී හුදෙකලාව යාච්ඥාවෙන් සහ පශ්චාත්තාපික ක්‍රියාවලින් යුතු  ජීවිතයක් ගත කරන ලෙස ද හිටපු අගරදගුරු හිමිට නියෝග කර තිබේ. "කාදිනල් පර්ෂදයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් වොෂිංටන්හි විශ්‍රාමික අගරදගුරු කාදිනල් තියඩෝර් මැක්කෙරික් හිමියන් විසින් එවන ලද ලිපිය සුදොතුම් පියතුමා  විසින් ඊයේ සන්ධ්‍යාවේ පිළිගන්නා ලදී" යි එම නිවේදනයේ සඳහන් වේ. "එම ඉල්ලා අස්වීම පිළිගත් සුදොතුම්

ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ රදගුරු හිමිවරු මරණ දඬුවමට එරෙහිව හඬ නගති: "එය මනුෂ්‍යත්වයට අවමානයක්" ඔවුහු කියති.

Image
Catholic Bishops in Tennessee  speak out against Capital Punishment  (2018 ජූලි 16) ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ මේ වන විට මරණ දඬුවම නියමව සිටින වරදකුවකුට එරෙහිව එම දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නැයි එම ප්‍රාන්තයේ කතෝලික රදගුරු හිමිවරු එහි  ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටිති. "ඔබගේ පාලන සමයේ ඔබගේ අධීක්ෂණය යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීය යන දේශපාලන උරුමයට හිමිකම් කියන්නැයි අපි ඔබට ආරාධනා කරමු"යි  එම හිමිවරු ආණ්ඩුකාර බිල් හැස්ලම් වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිති. "ආණ්ඩුකාරයා ලෙස ඔබ සතු බලය භාවිත කරමින් මේ වසරට නියමිත සියලු මරණ දඬුවම්  නවත්වන්නැයි" ඔව්හු ඉල්ලති. ජූලි 13 දිනය   සහිතව ආණ්ඩුකාරවරයා වෙත යොමු කල ලිපිය රදගුරු හිමිවරුන් විසින් මාධ්‍ය වෙත යොමු කර තිබිණි. දරුණු අපරාධවලට වරදකරුවන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මනුෂ්‍යත්වයට අවමානයක් හා අගෞරවයක් බව මෙමෙ ලිපිය මගින් රදගුරු හිමිවරු පෙන්වා දුන්හ. මේ සම්බන්ධයෙන් වන කතෝලික ඉගැන්වීම පිළිබඳව ආණ්ඩුකාරවරයාට යම් ප්‍රශ්නයක් වෙතොත් ඔහුට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට තමන් සතුටින් සිටින

"මරණ දඬුවම සුබ අස්නට පටහැනියි" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි: "එය මිනිසා හා සමාජය පිලිබඳ මැවුම්කාරයාණන් ගේ සැලැස්මටත් උන්වහන්සේ ගේ දයා කරුණාබර යුක්තියටත් පටහැනියි." (Updated with new information)

Image
"Death penalty is contrary to the Gospel" Holy Father reiterates at the 25th anniversary of the Catechism of the Catholic Church  (2018 ජූලි 14) මරණ දඬුවම කිසියම් වරදකරුවන් පිරිසකට අදාලව  යළි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමත් සමග මේ සම්බන්ධයෙන් කතෝලිකයන් ගත යුතු ස්ථාවරය කුමක්ද යන්න ගැන විවිධ මත පලවෙමින්  තිබේ. මීට අදාලව කතෝලික සභාවේ නිල ඉගැන්වීම කුමක්ද යන්න ගැන ද අවුල් සහගත තත්වයක් පැන නැගී ඇති බව දක්නට ඇත. මෙම ලිපිය මගින් "වතිකාන සුළගේ" අරමුණ මෙම කරුණට අදාලව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ප්‍රමුඛව කතෝලික සභාවේ නිල ඉගැන්වීම  කුමක්ද යන්න ගැන ආලෝකයක් ලබා ගැනීමය. මරණ දඬුවම සමස්ත ලෝකයෙන්ම තුරන් කළ යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉකුත් වසර 5කට වැඩි කාලය තුළ නොකඩවා අවධාරණය කර තිබේ. පුද්ගලයකු කර ඇති අපරාධය කෙතරම් බරපතල වුවද ඊට දඬුවම් ලෙස එම පුද්ගලයාගේ ජීවිතය පැහැරගැනීම අතිශයින් අමානුෂික වූත් ශුද්ධ ලියැවිල්ලට පටහැනිවූත් ක්‍රියාවක් බව එතුමා දිගින් දිගටම පෙන්වා දෙමින් සිටියි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මරණ දඬුවම සම්බන්ධයෙන් ඉතා මෑත

වතිකාන ජන සන්නිවේදන දෙපාර්තමේන්තුවේ නායක තනතුර ගිහි මාධ්‍ය ප්‍රධානියකුට - මෙම තනතුරට ගිහියකු පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව

Image
Pope Francis appoints a professional journalist as new prefect of communications office - The first layperson to lead this important Vatican office  වතිකාන සන්නිවේදන කාර්යාලයේ නව ප්‍රධානි පාවොලෝ රුෆිනි  (2018 ජූලි 8) වතිකාන  ජන සන්නිවේදන  දෙපාර්තමේන්තුවේ නායකත්වයට ගිහි මාධ්‍ය ප්‍රධානියකු වන  පාවොලෝ රුෆිනි, ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසින් ඉකුත් ජූලි 5 වැනිදා පත් කරන ලදී. රුෆිනි ඒ වන විට සේවය කරමින් සිටියේ ඉතාලි රදගුරු මණ්ඩලයට අයත් TV2000 රුපවාහිනියේ ප්‍රධානියා ලෙසයි. මෙම දෙපාර්තමේන්තුව සැලකෙන්නේ වතිකානයේ බෙහෙවින් ප්‍රමුඛ මට්ටමේ  කාර්යාලයක් ලෙසයි. එහි නායකත්වයට ඉතිහාසයේ මෙතෙක් පත්කරන ලද්දේ රදගුරු හිමිවරුන් හෝ කාදිනල් හිමිවරුය. මේ අනුව මෙම ප්‍රමුඛ මට්ටමේ   කාර්යාලයේ නායකත්වයට ගිහි මාධ්‍ය ප්‍රධානියකු  පත්කෙරුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.  මෙම තනතුර පුරප්පාඩු වූයේ මීට කලින් එහි නායකත්වය දැරූ දාරියෝ විගානෝ මාහිමිපාණන්  මතභේදයක් හේතුවෙන් එම තතුරින් ඉලා අස්වීම  නිසාය. විශ්‍රාමික සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ගේ ලියුමක් නිරවද්‍ය නොවන ආකාරයෙන් භාවිත කිරීම නිසා හටගත්

" මේ මාසයේ ඔබේ පියතුමන්ට ආත්මික තිළිණයක් දෙන්න: එතුමන් වෙනුවෙන් යාච්ඥා කරන්න": ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලයි (වීඩියෝ)

Image
 "In this month, pray for your priests" - Pope requests Catholics  (2018 ජූලි 3) ජූලි මාසය තුළ ඔබගේ පියතුමන්ලා වෙනුවෙන් යාච්ඥා කරමින් එතුමන්ට ආත්මික පඬුරක් පිරිනමන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ඉතා වෙහෙසට පත් වූ සහ හුදෙකලා වූ පියතුමන් වෙනුවෙන් මෙම යාච්ඥා ඔප්පු කරන්නැයි එතුමා මෙම ඉල්ලීමේ සඳහන් කරයි. එතුමා මෙම කරන්නේ ජූලි මාසයේ  සුදොතුම් පිය යැදුම් අදහස් වීඩියෝව නිකුත් කරමිනි. සෑම මාසයකම සුදොතුම් පියතුමා ගේ විශේෂ අදහසක් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි  "යාඥාවේ අපෝස්තලික සේවාව" විසින්  ලෝක කතෝලිකයන්ගෙන්  ඉල්ලා සිටිනු ලැබේ. මෙය ජේසු නිකාය විසින් වසර 1800 සිට නොකඩවා කරගෙන ආ අපෝස්තලික සේවාවකි. 1939 සිට එය පාප් වහන්සේ ගේ ලෝකය සඳහා යැදුම් අදහස සහ ධර්මදූතික අදහස ලෙස කොටස් දෙකකින් ඉදිරිපත් කෙරින. එහෙත් ඉකුත් වසරේ සිට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මාසයකට එක් යැදුම් අදහසක් පමණක් ඉදිරිපත් කළ අතර එම යැදුම් ඉල්ලීම වීඩියෝවක් මගින් ලොව පුරා බෙදාහරින්නට ද කටයුතු කළේය. මෙම මාසයේ එතුමා මෙම යැදුම් වීඩියෝ පණිවිඩය මගින්  ලොව පුරා

ඉතාලියේ නව කාදිනල් තුමාගෙන් අපූර්ව "මහා භෝජන සංග්‍රහයක්" - සියල්ලන් මවිත කරමින් ඊට පැමිණි අනපේක්ෂිත අමුත්තා

Image
Pope Francis surprises poor and homeless at new Cardinal’s dinner (2018 ජූලි 2) ලොව පුරා බොහෝ   ප්‍රදේශවල ඇතැම්  පුදැදුරුවරුන් සිය සංවත්සර, ජයන්ති ආදිය උත්සව ශ්‍රීයෙන් සමරති. මේ  වන විට එවැනි මහා පරිමානයේ ප්‍රීති සාද පිලිබඳ තොරතුරු සියක් සංඛ්‍යාත පින්තුර  සමග මුහුණු පොත සරසන්නට ද පටන් ගෙන තිබේ.  මේ අතර, ඒවාට මුළුමනින්ම වෙනස් අපූර්ව "මහා භෝජන සංග්‍රහයක්" ඉකුත්දා රෝමයේ දී පැවැත්විණ. එම භෝජන සංග්‍රහය පවත්වන ලද්දේ ජුනි 28 වැනිදා නව කාදිනල් හිමිනමක් ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ස්ථාපනය කරන ලද පාප් වහන්සේ ගේ දයා  සේවා ආයතනයේ (පුණ්‍ය කටයුතු අංශයේ -Papal Almoner)) ප්‍රධානි  කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු  හිමිපාණන් විසිනි. සිය කාදිනල්ධුරය නිමිත්තෙන් කාදිනල් ක්‍රජෙව්ස්කි හිමි ජුනි 29 වනදා රාත්‍රී භෝජන සංග්‍රයක් සංවිධාන කළේය. ඒ සඳහා එතුමා සිය "සමීපතමයන්" 300කට ආසන්න පිරිසකට ආරාධනා කළේය. මේ "සමීපතම" පිරිස නම් රෝමයේ දුප්පතුන් ,  ගෙවල් රහිත ජනතාව සහ රෝමයට පැමිණි සරණාගත ජනයා අතර පිරිසකි. (ඒ හැර එතුමන් ගේ  මිතුරු පුදැදුරුවරුන්, රදගුරු හිමිවරුන් හෝ ද

"ක්‍රිස්තුන් වහන්සේ ගැන දැනගැනීම ගණිත සූත්‍රයකට ලඝු කළ නොහැකියි" - ශු. පේදුරු-පාවුළු මංගල දින තුන්කාල ආරාධනා භාවනාව

Image
To know and love Christ is  a mystery and a grace; It cannot be reduced to a mathematical proof" Angelus reflection  (2018 ජුලි 1) ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ දැනගැනීම සහ උන්වහන්සේට ප්‍රේම කිරීම අභිරහසක් සේම දේව වරප්‍රසාදයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එය ගණිත සූත්‍රයකින් කල හැක්කක් හෝ පෙන්වා දිය හැක්කක් නොවේ. කිතුනුවන් එය තේරුම් ගන්නේ ඇතුළාන්තයෙන් බව එතුමා පෙන්වා දෙයි. " ජේසු සමිඳාණෝ දේව පුත්‍රයාණෝය. එබැවින් උන්වහන්සේ ගේ පියාණන් සදාකාලිකව ජීවමාන වන්නා සේම උන්වහන්සේ ද නිත්‍යව ජීවමාන වන සේක. ජේසු සමිඳාණන් පිලිබඳ අභිරහස වෙත තමන් විවෘත කරන සියල්ලන් ගේ හදවත් තුළ දේව වරප්‍රසාදය විසින් දල්වනු ලබන නව්‍යතාව මෙයය: එය ගණිතමය නොවන, එහෙත් ඊට වඩා ප්‍රබල, ආභ්‍යන්තරික නිශ්චිතතාවකි; ජීවිතයේ උල්පත, එනම් දෘශ්‍යමාන, ස්පර්ශකළ හැකි මාංශගත වූ,  ජීවිතයම මුණගැසුණාවූ  නිශ්චිතතාවකි " යි එතුමා පෙන්වා දුන්නේය. ජුනි මස 29 වැනි සිකුරාදා පැවැත්වුණු ශු. පේදුරු-පාවුළු මංගල්‍ය දින දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට පෙර සිය මෙනෙහි කිරීම සිදු කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මෙම අනුශාස