Posts

Showing posts from June, 2021

"විවාහයේ සෞන්දර්යය" :ජුනි මාසයේ සසුන් පිය යැදුම් අදහස . සසුන් පිය වීඩියෝවේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික නියෝජනයක්

Image
Pope’s June prayer intention: ‘The beauty of Marriage’  (2021 ජුනි 7)  විවාහය වූ කලී "හදවතින් උපත ලබන දේව කැඳවීමක්" බව ප්‍රැන්සිස්  සුදොතුම් පියතුමා කියයි. මේ නිසා විවාහය හෙවත් ආශීර්වාදකාර බන්ධනයට සූදානම් වන යුවල් වෙනුවෙන් යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි.  ජුනි මාසය සාමාන්‍යයෙන් සැලැකෙන්නේ විවාහ මංගල්ල මාසය ලෙස ය. වසංගත තත්වය නිසා බොහෝ රටවල විවාහ  මංගල්ල සැමරීම සීමා වී තිබුණත්, එම සීමා වලට අනුගත වෙමින් ඉතා චාම්ව හෝ පසුගිය කාලය පුරාත් මේ ජුනි මාසයේත් ප්‍රේමවන්තයෝ විවාහ දිවියට එළඹෙමින් සිටිති.  මේ සියල්ල සැලකිල්ලට ගනිමින් සුදොතුම් පියතුමා ජුනි මාසයේ සිය යැදුම් අදහස ප්‍රකාශයට පත් කරමින් කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ විවාහ ජීවිතයට සූදානම් වන්නන් වෙනුවෙන් දෙවිඳුන් යදින ලෙසයි.  යොවුන් ජනතාව විවාහ වීම ප්‍රතික්ෂේප කරනවා ? මේ යුගයේ ලොව ඇතැම් පිරිස් විවාහ ජීවිතයට ඇතුළු වීම සුළු කොට සළකතත් එය ඉතා අනගි ජීවිතයක් බව, යැදුම් අදහස ඇතුලත්ව නිකුත් කෙරෙන සසුන් පිය වීඩියෝවෙන්  සුදොතුම් පියතුමා පෙන්වා දෙයි.  එතුමා සිය පණිවිඩය ආරම්භ කරන්නේ "තරුණ ජනතාව විවාහ ව

ජර්මනියේ මියුනිච් අගරදගුරු කාදිනල් මාක්ස් හිමි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: "ලිංගික අපචාර සම්බන්ධ සභාවේ සංස්ථායික පැහැර හැරීම් අප භාර ගත යුතුයි" සුදොතුම් පියතුමාට ලියමින් එතුමා කියයි

Image
Germany's  Cardinal Reinhard Marx resigns; Cites institutional failures on sex abuse  (2021 ජුනි 5) ලොව කීර්තිමත් කතෝලික නායකයකු වන ජර්මනියේ මියුනිච් පදවියේ අගරදගුරු රේන්හාර්ඩ් මාක්ස් කාදිනල් හිමි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එතුමා ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා වෙත යවනු ලැබූ බව මියුනිච් අගරදගුරු පදවියේ වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.  රදගුරු තුමකු අනිවාර්යයෙන් සිය තනතුරින් ඉල්ලා අස්විය යුත්තේ  වයස අවුරුදු 75 දීය. එම වයසට ලඟා වීමට මාක්ස් කාදිනල් හිමිට තවත් අවුරුදු 8ක් ගත වීමට තිබේ. මේ නිසා එතුමා ගේ හදිසි ඉල්ලා අස්වීම ලෝකයම කම්පනය කළ  සිද්ධියක් වී ඇත.  ඉල්ලා අස්වීමට හේතුව ? කතෝලික සභාවේ නියෝජිතයන් අතින් සිදු වී ඇති "ලිංගික අපයෝජන විපත්තියේ වගකීම" වෙනුවෙන් තමන් ගේ කොටස භාර ගෙන ඉතා හොඳින් කල්පනා කිරීමෙන් පසුව ඉල්ලා අස්වීමට තීරණය කළ බව රේන්හාර්ඩ් මාක්ස් කාදිනල් හිමි සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.  ලිංගික අපචාර සම්බන්ධයෙන් මෙම කීර්තිමත් අගරදගුරු හිමියන්ට කිසිදු චෝදනාවක් එල්ල වී නැත. එසේ ම වෙනත් පුදැදුරු හෝ රදගුරු වරුන් සිදු කල ලිංගික අපචාර සැඟවීමට සිය බ