Posts

Showing posts from March, 2018

"යෞවනයිනි, ජේසුගේ ආදරය වෙත දිව යන්න; එතුමන් හා පෙමින් බැඳෙන්න: මහ සිකුරාදා ධර්මදේශනය

Image
"Run toward love of Christ" - Papal preacher tells youth on Good Friday (2018 මාර්තු 30, මහසිකුරාදා) ලෝකයේ ආත්මාර්ථකාමය නමැති දිශාවෙන් මිදී ප්‍රතිවිරුද්ධ දිශාවට දිව යාමට එඩිතර වන්නැයි  රැනියේරෝ කැන්ටලමෙස්සා පියතුමා තරුණ පරපුරෙන් ඉලා සිටියි. එම ප්‍රතිවිරුද්ධ දිශාව ස්ථානයක් නොවේ. පුද්ගලයෙකි. එනම් ජේසු සමිඳාණෝ යි එබැවින්  " කුරුසියේ ජේසු සමිඳුන් ගේ යාගික ප්‍රේමය වෙත දිව යන්නට එඩිතර වන්නැයි" එතුමා යොවුන් පරපුර දිරි ගන්වයි. අද මහසිකුරාදා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ පැවැත්වුණු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තිය සැමරීමේ ගාම්භීර මෙහෙයේ ධර්මදේශනය මුළුමනින්ම කැපකර තිබුණේ ලෝකයේ කිතුනු තරුණ තරුණියන් වෙනුවෙනි. මේ වසරේ ඔකතෝබරයේ පැවැත්වීමට නියමිත තරුණයන්  පිලිබඳ සිනොඩ් රදගුරු කතිකාව සැලකිල්ලට ගනිමින් තරුණ පරපුර හා ජේසු සමිඳුන් අතර ඇති සම්බන්ධතාව  මෙම ධර්ම දේශනයේ තේමාව කරගෙන තිබිණි. සාම්ප්‍රදායික ලෙස මෙම මෙහෙයේ ධර්ම දේශනය පවත්වන ලද්දේ සුදොතුම් පිය නිවසේ ධර්ම දේශක කැපුචින් නිකායික රැනියේරෝ කැන්ටලමෙස්සා පියතුමන්  විසිනි, තරුණයන් තරුණියන් ඇමතූ මෙම  ධර්ම

"ඔබ නිහඬ කිරීමට තැත් කලත්, මුළු ලෝකයම නිහඬව සිටියත්, මම ඔබෙන් මෙසේ අසමි: ඔබ හඬ නගනවාද?" සුදොතුම් පියතුමා ගොබ් ඉරිදා ලොව පුරා තරුණ තරුණියන්ගෙන් අසයි

Image
"Cry out, even if others keep quiet!" Pope tells youth on Palm Sunday  (2017 මාර්තු 27) ජේසු සමිඳුන් ගේ ස්වාමීත්වය ප්‍රකාශ කරමින් සහ එතුමන් ගේ ආදර්ශය අනුව දුප්පතුන් සහ දුක් විඳින්නන් වෙත ලඟා වෙමින් නොබියව "හෝසන්නා" හඬ නගන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලොව පුරා තරුණ ජනතාව දිරිමත් කරයි. එසේම " වෙනත් අය ඔබ නිහඬ කිරීමට තැත් කලත්, කොන් කිරීමට තැත් කලත්, එයින් යටපත් නොවී  ඔබ තුළ ඇති දේ ප්‍රකාශ කරන්න ; නිහඬ නොවී සිටීම ඔබ අතේයි" එතුමා කියා සිටියි. ජේසු සමිඳුන් ජෙරුසලෙමට ඇතුළුවන විට එතුමනට "හෝසන්නා" යයි ජය ඝෝෂා කල ජනයා අතර විවිධාකාරයෙන් සමිඳුන් විසින් ස්පර්ශ කරන ලද පිරිස් සිටි බව සුදොතුම් පියතුමා කීවේය. ජේසු සමිඳුන් තමන්ගේ ජීවිත වල ප්‍රීතියේ උල්පත වූ පිරිස්ද, උන්වහන්සේ විසින් සුව සහනය සහ පව් සමාව ලද පිරිස්ද, සමාජයෙන් කොන් වී සිටියදී උන්වහන්සේ විසින් උණුසුමින් පිළිගන්නා ලද පිරිස්ද ඒ අතර වූහ. එහෙත් මෙයින් කෝපයට පත් පිරිසක් ද වූහ. ඔවුන් කලේ උන්වහන්සේ ගේ අනුගාමිකයන් නිහඬ කිරීමට උත්සාහ කිරීමයි. එසේම අදත් ජේසු සමිඳුන්  නොකඩවා අනුගමනය කරන යෞවනයන් නි

"ජීවිතය, ආදරය සහ කැඳවීම ගැන දැඩි ප්‍රශ්න අසන්න; අමු සත්‍යය ප්‍රකාශ කරන්න" - සුදොතුම් පියතුමා තරුණ තරුණියන්ට කියයි

Image
"Do not be scared to ask tough questions and to say the raw truth": Pope tells the youth  සුදොතුම් පියතුමා යොවුන් සම්මන්ත්‍රණයේදී යෞවනයනට සවන් දෙමින්  (2018 මාර්තු 21) කිසිවකින් පසු නොබා ජීවිතය, ආදරය සහ කැඳවීම ගැන සිනොඩ් සමුළුවෙන්  "අමු" සහ ඍජු ප්‍රශ්න ඇසීමට බිය නොවන්නැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලෝකය පුරා තරුණ තරුණියන් දිරිමත් කරයි. " ඔබගේ ප්‍රශ්න නිර්වින්දනය නොකර ඒවාට පිටතට පැමිණීමට ඉඩ දෙන්න. ඇතැම් විට අපගේ බලවත් ප්‍රශ්න ඉදිරිපත් කරද්දී කිසියම් ආකාරයකින් ස්වරය බාල කර ඇසීමට හෝ විනීත අන්දමට ඇසීමට හෝ අප පෙළඹෙන්නට පුළුවන්. එහෙත්, නිර්භීත වන්න; දිරිමත් වන්න. ඔබ දකින අමු සත්‍යය ප්‍රකාශ කරන්න. දැඩි ප්‍රශ්න අසන්න" යි එතුමා කීවේය. එතුමා මේ බව කියා සිටියේ ඉකුත් 19 වනදා සඳුදා සිට රෝමයේ දී මුලුදුන්  යෞවනයන් පිලිබඳ පූර්ව-සිනොඩ් සම්මන්ත්‍රණයට රැස්ව සිටි තරුණ තරුණියන් අමතමිනි. 19 වනදා සිට 24 වනදා දක්වා පැවැති මෙම සමුළුවට ලොව පුරා විවිධ රටවලින් පැමිණි 300කට අධික යොවුන් පිරිසක් එක්ව සිටියහ. ඊට අමතරව පුදදුරුවරුන්, දෙව්සත්හල් සිසුන් සහ පැවිදි නියෝජිතයෝද ඊට

ප්‍රැන්සිස් (අසීසි) නම ගත් ජේසු නිකායික සුදොතුම් පියතුමන් ගේ සන් ජුසේ සම්බන්ධය

Image
St. Joseph Connection of the Jesuit Pope with a Franciscan Name  සැතපෙන ජුසේ මුනිඳුන් ගේ ප්‍රතිමාව (Rome Reports වෙතිනි) (2018 මාර්තු 19) අද මාර්තු 19 වනදා කතෝලික සභාව, ශුද්ධවූ සභාවේ ආරක්ෂකයාණන් සහ ශුද්ධවූ පවුලේ ආරක්ෂකයාණන් වන ශු. ජුසේ මුනිඳුන් ගේ මංගල්‍යය සමරයි. ශු. ජුසේ මුනිඳුන් වෙත කැපවූ ඓතිහාසික සුවිසල් දෙව්මැදුරක් සමග 'සන් ජුසේ' මුනිඳුනට මහත් බැතියක් සහිත පමුණුගම ජනතාව එතුමන් ගේ මෙම විරුදය හඳුන්වන්නේ "සර්ව සභාව රක්ෂාධිකාර අපගේ පියාණෝ වන ශුද්ධවූ ජුසේ මුනින්ද්‍රයා" යනුවෙනි. (ජා-ඇල සිට මීගමුව දක්වා වෙරළ තීරය ඔස්සේ දිවෙන පිටිපන පාරේ යන විට පමුණුගම හමුවේ.) එහෙත් මේ සැරසෙන්නේ ජුසේ මුනිඳුන් ගැන කියන්නට නොවේ. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තුළ ඇති ජුසේ මුනි බැතිය  ගැන කියන්නටය. එතුමන් හා ජුසේ මුනිඳුන් අතර ඇති බොහෝ දෙනෙකු නොදන්නා සම්බන්ධය ගැන කියන්නට ය. ප්‍රැන්සිස් පාප්වහන්සේ ගේ පස්  වසරක  දූත මෙහෙවර පිලිබඳ විශ්ලේෂණය කරන බොහෝ දෙනකු අවධානය යොමු කරන්නේ උන්වහන්සේ වෙතින් රිජුවම විද්‍යමාන වූ ප්‍රධාන කරුණු  දෙකක් කෙරෙහි පමණි. ඉන් පළමුවැන්න  උන්වහන්සේ ප්‍රථම ජේසු නිකාය

"දෙවි පියාණන්ට 'තාත්තේ' කියා කතා කරන්න බියවෙන්න එපා": අලුත්ම පොත, 'අපගේ පියාණනි' කෘතියේ සුදොතුම් පියතුමා කියයි

Image
"we must humble ourselves into saying ‘Daddy’"- Pope Francis says in the new book "Our Father"  (2018 මාර්තු 16) "පරමණ්ඩල" යාච්ඥාව කියන විට අප දෙවිපියාණන්ට  'ඔබ වහන්සේ' යැයි ඇමතීම කෙතරම් නිවැරදිද? අප අපේ තාත්තාට 'ඔබ වහන්සේ' යැයි කතා කරනවා ද? එසේ කළහොත් අප සහ තාත්තා අතර ඇතිවන දූරස්ථ භාවය කෙතරම් ද? ඒ වෙනුවට  ජේසු සමිඳුන් ම අපට දුන් මෙම සොඳුරු යැදුමේ හරය වටහාගෙන ජේසු සමිඳුන් තුළ අපට ඉතා සමීප වූ මෙම  කරුණාබර පියාණන් ඊට වඩා සමීපව අමතමුද? මෙම සිතිවිලි සිත තුළ ජනිතවන්නේ මේ මාසයේ දොරට වැඩිය 'පරමණ්ඩල යැදුම' පිලිබඳ අලුත්ම  පොත කියවන විටය.“Our Father: Reflections on the Lord’s Prayer” (අපගේ පියාණනි: සමිඳුන් ගේ යැදුම පිලිබඳ භාවනා) මෙම අලුත් පොතයි.   "ස්වර්ගයෙහි වැඩසිටින" යැදුම ගැන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමාගේ භාවනා එකතුවක් මෙම පොතට ඇතුලත් වේ. එතුමන් සුදොතුම් පිය ධුරයට පත්ව 5 වසරක් පිරීම සමරමින්  මාර්තු  13 වනදා මෙම පොත  නිකුත් කෙරුණු බව එහි ප්‍රකාශක පෙන්ගුවින් රැන්ඩම්  හවුස් සමාගම කියයි. දෙවියන් වහන්සේට "අපගේ පියාණනි&

ලොව මවිතයට පත්කළ දයාවේ, අන්තර්ග්‍රහණයේ, සේවක-නායකත්වයේ පස් වසර - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ අභියෝගාත්මක කැඳවීම

Image
Five Years of stunning Mercy, Inclusiveness and Servant-Leadership: An analysis of Francis Reforms 2018 මාර්තු 13 වනදාට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා එම ධුරයට තෝරා පත්කරගනු ලැබ 5 වසරක් සපිරෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. (2018 මාර්තු 11) දිනය 2013 මාර්තු 13 වන දා ය. රෝමයේ  වෙලාව රාත්‍රී අටට පමණ ඇත.  රෝමයට පොද වැස්සක් වැටෙමින් තිබේ. එහෙත් වැස්ස නොතකා වතිකානයේ සාන්ත පීතර බැසිලිකා මහා දෙව් මැදුරට මුහුණලා ඇති චතුරශ්‍රය අතුරු සිදුරු නැතිව ජනයාගෙන් පිරී තිබේ. ඒ ජනකාය අතර යෞවන යෞවනියන්, වයසක සිස්ටර්ලා බ්‍රදර්ලා පමණක් නොව අත දරුවන් වඩා ගත් තරුණ දෙමාපියෝ ද වෙති. ඒ සියල්ලන් ගේ නෙත් යොමුවී ඇත්තේ වතිකාන මාලිගා සංකීර්ණයේ සිස්ටයින් පල්ලියට ඉහලින් අහස දෙසට නැගී සිටින දුම් කවුළුව දෙසටය. මේ සියල්ලන් බලා සිටින්නේ අද රාත්‍රිය නික්ම යන්නට පෙර පේදුරු තුමා ගේ නව අනුප්‍රාප්තිකයා තෝරාගනු ලබාවිදෝ කියාය. පේදුරු තුමන් ගේ අසුන මෙවර අනපේක්ෂිත ලෙස හිස් වූයේ සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ ඉසිඹු ලැබීමට තීරණය කල නිසාය. මේ කම්පනය හා වේදනාවද මෙහි රැස්ව සිටි ජනකායේ මුහුණු තුළ නැත්තේ නොවේ. දවස පුරා විවරව තිබූ රෝමය

දිව්‍ය පූජා සඳහා මුදල් ගැනීම ගැන සුදොතුම් පියතුමාගෙන් දැඩි විවේචනයක්: "දිව්‍ය පූජාව වෙනුවෙන් පියතුමන්ට සල්ලි ගෙවන්න එපා! එය සමිඳුන් ගේ ජීවිත පූජාවේ සැමැරුමයි; ගැලවීම ලැබෙන්නේ නොමිලේ !"

Image
"You do not pay for the Mass! The Mass is Christ's sacrifice, which is free."-Pope says at the General Audience  (2018 මාර්තු 09) තම  මීසමේ විශ්වාසිකයන් වෙනුවෙන් හෝ ඔවුන් ප්‍රේම කරන ඥාතියකු හෝ මිතුරකු වෙනුවෙන් හෝ ඔවුන් ගේ ආත්ම වෙනුවෙන් දිව්‍ය පූජා ඔප්පු කිරීම සඳහා පුදැදුරුවරුන්  ජනතාවගෙන්  'ගෙවීමක්' ඉල්ලා සිටින සම්ප්‍රදාය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දැඩි විවේචනයට ලක් කරයි. කතෝලිකයකු තමන් ප්‍රේම කරන කෙනෙකු වෙනුවෙන් ස්වකීය කැමැත්තෙන් පඬුරක් ලබා දීමෙහි වරදක් නොමැති නමුදු පූජා සඳහා මිලක් නියම කිරීම මෙන්ම මිලක් ගෙවීමද වරදක් බව එතුමා පෙන්වා දෙයි. දිව්‍ය පුජාව වූ කලී ජේසු සමිඳුන් ගේ ජීවිත පූජාවේ අනුස්මරණයයි. එයින් ගලා එන ගැලවීම නොමිලේ ලැබෙන්නක් බව එතුමා අවධාරණය කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ මාර්තු 7 බදාදා පැවැති සිය පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය පවත්වමිනි. "කිසිදු මුදලක්! ඔබට තේරුනාද? කිසිදු මුදලක් දිව්‍ය පූජාව වෙනුවෙන් ගෙවන්නට එපා! දිව්‍ය පූජාව සමිඳුන් ගේ ජීවිත පූජාවේ අනුස්මරණයයි. ගැලවීමේ ලැබෙන්නේ නොමිලේයි... මේ නිසා ඊට මුදලක් ලබා දිය

සවැනි පාවුළු පාප්තුමන් සහ ඔස්කා රොමෙරෝ අගරදගුරුතුමන් සාන්තුවරයට එසැවීම ස්ථිරයි; අදාළ සභා නියෝගයට සුදොතුම් පිය අනුමැතිය

Image
It is official: Pope Paul VI and Archbishop Óscar Romero are set for canonization; Pope Francis authorizes  the decrees  (2018 මාර්තු 6) සවැනි පාවුළු  පාප්තුමන් සහ එල් සැල්වදෝරයේ ඔස්කා රොමෙරෝ අගරදගුරු තුමන් ගේ සාන්තුවරභාවය සභාව විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ. මීට අදාළ සභා නියෝග පත්‍රයට ප්‍රන්සිස් සුදොතුම් පියතුමා අද සිය අනුමැතිය ලබා දුන්නේය. සාන්තුවර ක්‍රියාමාර්ග පිලිබඳ සසුන් පර්ෂදයේ ප්‍රධානී ඇන්ජෙලෝ අමාතෝ කාදිනල් හිමිපාණන් සමග අද පැවැති පෞද්ගලික හමුවේ දී සුදොතුම් පියතුමා එම නියෝගයට අනුමැතිය දුන් බව වතිකාන මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේය. මෙම භාග්‍යවන්තයින් දෙදෙනා සාන්තුවරයට  එසවීමට අවශ්‍ය ප්‍රාතිහාර්ය වල වාර්තාව මීට  කලින් සාන්තුවරයන් පිලිබඳ ක්‍රියාමාර්ග කොමිසමට ඉදිරිපත් කර තිබිණ.. කාදිනල් අමාතෝ හිමියන් සුදොතුම් පියතුමන් හමුවීමට පෙර රැස්වූ එම කොමිසමේ කාදිනල්වරුන්  සහ රදගුරු හිමිවරු  එම ප්‍රාතිහාර්ය මෙම භාග්‍යවරුන් දෙදෙනාගේ මැදිහත්කමින් සිදුවූ ඒවා ලෙස ඒකච්ඡන්දයෙන් අනුමත කළහ. මෙම භාග්‍යවන්තයන් දෙදෙනා ගේ සාන්තුවරයට එසවීම කෙදිනක සිදුවේද යන්න ගැන කිසිවක් වතිකානය මෙතෙක් නිල වශයෙන්

"මා 'දුර්ලබ්ධිකයෙක්' යැයි චෝදනා කරන අය වෙනුවෙන් මම යාච්ඥා කරනවා..."- සුදොතුම් පියතුමා - දෙවන කතිකාවට විරුද්ධ බලවේගයක් පවතින බවත් එතුමා පවසයි.

Image
"I am praying for those who call me a heretic" - says Holy Father (2018 මාර්තු 06) තමා සමග එකඟ නොවන තැනැත්තන් සමග සාකච්ඡා කිරීමට තමා කැමැත්තෙන් පසුවන බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "එහෙත් ඒ වෙනුවට ඇතැම් අය 'දුර්ලබ්ධිකයෙක්' (Heretic) යයි නිකරුනේ කෑගසන විට, මෙම ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරනවා.." යි එතුමා සඳහන් කරයි. "ප්‍රතිරෝධයක් ඇතැයි මටතේරුම් ගිය විට, සංවාදයට ඉඩක් ඇතිබව පෙනී යන්නේ නම්, මම සංවාදයක් ඇති කර ගැනීමට උත්සාහ කරනවා....එහෙත් ඇතැම් විරෝධතා පැනනගින්නේ සැබෑ වේද සත්‍යතා පවතින්නේ තමන් සතුව පමණක් බව විශ්වාස කරන කණ්ඩායම් වෙතින්. එසේ සිතන ඔවුන් 'දුර්ලබ්ධිකයන් යයි වෙනත් යට චෝදනා කරනවා....මේ තැනැත්තන් තුළ සහ ඒ තැනැත්තන් කියන හෝ ලියන දේවල් තුළ, ආධ්‍යාත්මික යහපත්බවක් නොමැති  බව මට පෙනී යන විට, මම ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරනවා....මට බොහෝ කනගාටු සිතෙනවා.... එහෙත් මම ඒ හැඟීම තුළ පදිංචි වෙන්නේ නැහැ...." යි එතුමා කියා සිටියේය. සුදොතුම් පියතුමා  මේ බව කියා සිටියේ ඉකුත් ජනවාරි මාසයේ චීලි රාජ්‍යයේ කල අපෝස්තලික සංචාරය අතරතුර  එරට ජේසු නිකායික පි

මරිය මෑණියන් වෙනුවෙන් නව මංගල්‍යයක් - "ශාන්ත සභාවේ මෑණියන් වන භාග්‍යවන්ත කන්‍ය මරිය වහන්සේ" - මංගල්‍ය පෙන්තකොස්ත දිනට පසුදා

Image
Pope Francis establishes a universal feast day for Blessed Virgin Mary Mother of the Church (2018 මාර්තු 03) දේව මාතාව වන මරිය මව  වෙනුවෙන්  කැපවූ නව මංගල්‍යයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (මාර්තු 3) ප්‍රකාශයට පත්කළේය. "'ශාන්ත සභාවේ අම්මා වන භාග්‍යවන්ත කන්‍ය මරිය වහන්සේ' (Blessed Virgin Mary, Mother of the Church) වෙනුවෙන්  වූ මෙම මංගල්‍යය රෝමානු දින දර්ශනයට ඇතුළත් කරන ලෙස" අද නිකුත් කරන ලද නියෝග පත්‍රයක් මගින් එතුමා නියම කළේය. එම මංගල්‍යය සෑම වසරකම ශුද්ධාත්ම මංගල්‍ය දිනයට පසු දින සඳුදාට යෙදෙන අතර විශ්ව සභාවට අයත් සෑම දෙව්මැදුරකම එය පවත්වන ලෙසද එතුමා නියම කර තිබේ. සභාව තුළ දේවමාතාවන්ගේ වැදගත්කම සුදොතුම් පියතුමන් විසින් අවස්ථා රැසකදී අවධාරණය කර තිබිණි. මෙම මංගල්‍යය මගින් කතෝලිකයන් තුළ මුල් කාලයේ සිටම පවත්නා මරිය බැතිය ශක්තිමත් කිරීමට හැකිවන අතර සභාවේ මාතෘක භාවය අවධාරණය කිරීමට ද එය ඉවහල් වනු ඇති බවට එතුමා බලාපොරොත්තු පළකර ඇත.  සුදොතුම් පියතුමා විසින් ඉකුත් බ්‍රහස්පතින්දා අනුමත කරන ලද මෙම නියමයට එතුමන් වෙනුවෙන් අත්සන් තබා තිබෙන්නේ දිව්‍ය වන්දනාව සහ දේව ප්‍

කිතුනු සභා අතර එකමුතුව තහවුරු කිරීමට - සුදොතුම් පියතුමා ජිනීවා නුවරට

Image
Pope to visit Geneva for World Council of Churches anniversary WCC මහ ලේකම් ෆයික්සේ ට්වෙයිට් දේවගැතිතුමා වතිකානයෙදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා හමු වූ මොහොතක්  (2018 මාර්තු 2) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලබන ජුනි 21 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යන බව වතිකානයේ දී අද ප්‍රකාශයට පත් කෙරිණි. එතුමන් එහි යන්නේ ජගත් කිතුනු සභා සම්මේලනයේ 70 වන සංවත්සරයට එක්වීම සඳහායි. වතිකානයේ දී මේ බව නිල වශයෙන් නිවේදනය කරණ ලද්දේ එම සම්මේලනයේ මහලේකම් ෆයික්ස ට්වෙයිට් දේවගැතිතුමා සහ කිතුනු සභා අතර එක්සත් කම ප්‍රවර්ධනය කිරීම පිලිබඳ සුදොතුම් පිය මන්ත්‍රණ සභාවේ ප්‍රධානි කර්ට් කෝච් කාදිනල් හිමිපාණන් විසින් පවත්වන ලද ඒකාබද්ධ  මාධ්‍ය හමුවකදී ය. කිතුනු සභා 147ක එකමුතුවෙන් ජගත්  කිතුනු සභා සම්මේලනය (World Council of Churches - WCC ) පිහිටුවා ගන්නා ලද්දේ 1948 දීය. යුරෝපයේ සහ උතුරු ඇමෙරිකාවේ කිතුනු සභා ඊට එක්වී තිබිණි. මේ වන විට ලොව පුරා කිතුනු සභා 348ක් දක්වා එහි සාමාජිකත්වය පුළුල් වී තිබේ. ඕතොඩොක්ස්, ඇන්ග්ලිකාන, බැප්ටිස්ට්, ලුතෙරාන, මොතෝදිස්ත සහ රෙපරමාදු යන ප්‍රධාන කිතුනු සභා සියල්ල ද එක්සත් සහ ස්වාධ

"ප්‍රථම කිතුනු පූජාසනය කුරුසියයි" - බදාදා පොදු හමුව

Image
"Cross was the the first Christian altar": Pope says at the General Audience  (2018 මාර්තු 1) දිව්‍ය පූජා යාගය පවත්වනු ලබන්නේ පූජාසනය හෙවත් අල්තාරය කේන්ද්‍ර කරගනිමින් එය වටා රැස්වෙමිනි. මෙහි අරුත නම් ප්‍රථම කිතුනු පුදසුන වූයේ කුරුසිය බවත් ඒ මත ජේසු සමිඳුන් සිය ජීවිත පූජාව සිදුකළ බවත් සිහිපත් කිරීම යයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ පෙබරවාරි 28 වන බදාදා වතිකානයේ දී පැවැති සිය පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. මේ වසරේ එතුමන් ගේ සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශය සඳහා තෝරාගෙන තිබෙන මාතෘකාව දිව්‍ය පූජාවයි. ඉකුත් සතිවල එහි විවිධ කොටස් හා සංකේත ගැන කතා කල එතුමා මෙවර ජනතාවගේ අවධානය යොමු කලේ පඬුරු ඔප්පු කිරීමේ සිට දිවරහස් කිරීම තෙක් දිවෙන කොටස කෙරෙහිය. මේ දිනවල රෝමයේ පවතින අධික සීතලත් සඳුදා රෝමයට වැටුණු හිමපතනයත් නිසා මෙවර පොදු හමුවට  පැමිණි වන්දනා කරුවනට ස්ථාන දෙකක පහසුකම් සපයා තිබිණ. ප්‍රධාන කණ්ඩායම සිටියේ සුදොතුම් පියතුමා සිය පොදු හමුව පැවැත්වූ සවැනි පාවුළු ශාලාව තුළයි. අති  විශාල ජනතාවක් ඊට පැමිණ සිටි බැවින් ඉතිරි ජනතාවට  සාන්