Posts

Showing posts from July, 2020

"ඥානෝපදේශය (දහම් පාසල්) නිර්දේශ පාදක විෂය ඉගැන්වීමක් නොවේ; ධර්මදානය යි" - නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය කියයි: "සක්‍රමේන්තු පෙන්වා දරුවන් 'බ්ලැක්මේල්' නොකරන්න"

Image
"Catechesis is not a school subject a teacher imparts information to students" - Archbishop Rino Fisichella at the Publication of the Directory of Catechesis   සේයාරුව යූකාන් ප්‍රවෘත්ති සේවයෙන්  (2020 ජූලි 17) "නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීම සභා ජීවිතයේ ඉතා ප්‍රීතිමත් අවස්ථාවකි." නව ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා අගරදගුරු හිමිපාණන් මෙසේ කියා සිටියේ ධර්මෝපදේශය පිලිබඳ නව උපදේශ සංග්‍රහය නිකුත් කිරීම නිමිත්තෙන් ඉකුත් දා පැවැති මාධ්‍ය හමුව අමතමිනි. නව ධර්මෝපදේශය උපදේශ සංග්‍රහය  වතිකානය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ ඉකුත් ජුනි 25 වැනිදා ය. මේ උපදේශ සංග්‍රහය නිකුත් කෙරෙන්නේ  1971 දී නිකුත් කරන ලද "පොදු ධර්මොපදේශ උපදේශ සංග්‍රහයටත්" 1997 දී නිකුත් කෙරුණු "ධර්මෝපදේශය සඳහා පොදු උපදේශ" මාලාවටත් බොහෝ කාලයකට පසුව ය. එම උපදේශ සංග්‍රහයන් නිකුත් කරන ලද්දේ පුදැදුරුවරුන් පිලිබඳ සසුන් පර්ෂදය විසිනි. සොළොස්වන බෙනඩික් පාප්තුමන් විසින් ධර්මෝපදේශය පිලිබඳ වගකීම ධර්මදානය පිලිබඳ සසුන් පිය මන්ත්‍රණ

කොරෝනා "සිරවීමට" විරාමයක්: ලූර්දුවෙන් ලොව ප්‍රථම අථත්‍ය වන්දනා ගමන ජූලි 16 දවස පුරා - ලූර්දු සිද්ධස්ථානයේ සිට සජීවීව ලොව පුරා

Image
Lourdes hosts world's first ever virtual pilgrimage today  (2020 ජූලි 15) ප්‍රංශයේ ලූර්දු නම් පුංචි ගම්මානයේ බර්නදෙත් සුබීරු නම් 14 හැවිරිදි දැරිය එගම  ගල් ගුහාවක් මත දර්ශනය වූ දේවමාතා වහන්සේ ප්‍රථම වරට දුටුවේ  වසර 160කට පෙර 1858 ජූලි 16 වැනිදා ය. "මම ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය වෙමි " යි 17 වන දර්ශනයේ දී ඕ බර්නදෙත්ට පැවසුවා ය. මේ "ජම්ම දෝෂයෙන් නිදොස්ව පිළිසිඳුණු තැනැත්තිය" ගේ පෙම්බර අනුහසින් ලූර්දු ගම්මානය ලොව පතල වන්දනා ස්ථානයක් බවට පත් විය. එතුමිය දර්ශනය වූ ගුහාව අසලින් ගලා ගිය දිය පාරේ ජලය සුව කල නොහැකි ශාරීරීක රෝග සුව කරන ඔසුවක් ද ආත්මික ශාන්තිය දෙන අමාවක්  ද බවට පත් විය. වසරේ දින 365 පුරාම වන්දනා කරුවන්ගෙන් පිරී ඉතිරී ගිය, කිසිදා  නොවැසුණු, මේ වන්දනා ස්ථානය කෝවිඩ් වසංගතය නිසා ප්‍රථම වතාවට වසා දමන්නට සිදුවිය. ප්‍රථම වතාවට එය වන්දනාකරුවන්ගෙන් හිස් වූ පින් බිමක් බවට පසුගිය මාස දෙක තුළ පරිවර්තනය විය.  දැන් ප්‍රංශය කෙමෙන් සාමාන්‍ය ජීවිතයට විවර වෙමින් තිබේ. එහෙත් වෛරස මුළුමනින්ම මර්දනය වී නොතිබීමත් තවත් වසංගත රැල්ලක අවදානම පවතින නිසාත්

කෝවිඩ් 19 සංකුලතා හේතුවෙන් බංග්ලාදේශ අගරදගුරු හිමි ස්වර්ගස්ථ වෙයි

Image
Bangladesh Archbishop passes away due to Covid-19 complications  ස්වර්ගස්ථ වූ මෝසස් කොස්තා අගරදගරු හිමි සිය බැටළුවන් සොයා ගිය මොහොතක්  (2020 ජූලි 14) කොවිඩ්-19 ආසාදනයේ සංකුලතා හේතුවෙන් සිය අගරදගුරු හිමි නමක් සවර්ගස්ථ වීම නිසා බංගලි දේශයේ කතෝලිකයෝ මහත් සංවේගයට පත් වී සිටිති. මෙසේ ස්වර්ගස්ථ වූයේ එරට චිතගොං පදවියේ අගරදගුරු අති උතුම් මෝසස් කොස්තා හිමිපාණෝ ය. එතුමා 69 වන වියේ පසුවිය. සිරි කුරුස නිකායට අයත් පුදැදුරු වරයකු වූ මෝසස් කොස්තා අගදරගුරු හිමියන් කෝවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූයේ ඉකුත් ජුනි මාසයේ ය. එම රෝග ලක්ෂණ සංකීර්ණ වී හුස්ම ගැනීමේ අපහසුතා වර්ධනය වීම නිසා ජුනි 13 වැනිදා චිතගොං සිට එතුමා ධකා නුවරට රැගෙන එන ලද අතර එහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී. ජුනි 22 දා වන විට එතුමා ගේ තත්වය කැපී පෙනෙන ලෙස සුව අතට හැරිණි. ඉන් පසු කරන ලද පරීක්ෂණයේ දී එතුමාගේ සිරුරේ කෝවිඩ්-19 වෛරස නොමැති බව ද  තහවුරු විය. කෙසේ නමුදු වැඩිදුර ප්‍රතිකාර සඳහා එතුමා තව දුරටත් රෝහලේ රඳවා ගන්නා ලදී. කෙසේ  නමුත් මෝසස් කොස්තා අගරදගුරු හිමියන් ගේ තවත්වය ජූලි 8 වැනිදා යළිත් අයහපත් අතට හැරිණි. කෝවිඩ

තුර්කියේ "හගියා සොෆියා" බැසිලිකාව ඉස්ලාම් පල්ලියක් බවට පරිවර්තනය කෙරේ; "කිතුනු-ඉස්ලාම් සංවාදයට බරපතල හානි සිදු විය හැකියි" ඕතඩොක්ස් නායකයෝ කනස්සල්ල පළකරති

Image
Turkey's Hagia Sophia Basilica converted to be a mosque "හගියා සොෆියා"  බයිසන්තියාන බැසිලිකාව (2020 ජූලි 11) තුර්කියේ  හගියා සොෆියා ඓතිහාසික ස්මාරකය ඉස්ලාම් පල්ලියක් බවට පත් කරන බව එරට ජනාධිපති ටය්යිප් එර්ඩොගාන් අද ප්‍රකාශ කළේය. ඊට අදාළ ජනාධිපති නියෝගය ඔහු ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජූලි 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ගොඩනැගිල්ල තුළ ඉස්ලාම් ආගමික යාච්ඥා ආරම්භ කිරීමට අනුමැතිය දී තිබේ.  ඔහු මෙම නියෝගය නිකුත් කලේ එරට ඉහළම පරිපාලන අධිකරණය ඉකුත් දා නිකුත් කළ තීන්දුවක් අනුව යමිනි. 1934 දී මෙම පෞරාණික ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත් කරනු ලැබීම නීතිවිරෝධී ක්‍රියාමාර්ගයක් බවට එම අධිකරණය තීන්දු කර තිබිණි. හගියා සොෆියා - "දිව්‍ය ප්‍රඥාවේ" බැසිලිකාවේ ඉතිහාසය කෙටියෙන් ක්‍රි. ව. 537 දී මෙම බැසිලිකා දෙව්මැදුර ඉදිකරන ලද්දේ ජස්ටීනියන් නමැති බයිසන්තියාන ක්‍රිස්තියානි අධිරාජයා විසිනි. ඔහු එය "දිව්‍ය ප්‍රඥාවට" (Hagia Sophia - Divine Wisdom) කැප කිරීම නිසා මෙම නාමය ඊට හිමිවිය. 1453 දී කොන්ස්තන්තිනෝපලය බිඳ වැටී එය ඔටෝමාන් අධිරාජ්‍යයට යටත් වීමත් සමග කොන

"පවුල් වලට ආදරයත්, ගෞරවයත්, මගපෙන්වීමත් ලැබෙන පිණිස යාච්ඥා කරමු." - සුදොතුම් පියතුමා ගේ 2020 ජූලි මාසයේ යැදුම් අදහස (වීඩියෝ)

Image
Pope's prayer intention for July: that families be loved, respected, guided (2020 ජූලි 20) 2020 ජූලි මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යාච්ඥා අදහස  :නූතන ලෝකයේ පවුල්" වෙනුවෙනි. ඒ අනුව "ආදරය , ගරුත්වය සහ මගපෙන්වීම තුළ පවුල් කැටුව යාමට"  සමාජයේ සෑම අංශයකටම හැකි වන පිණිස යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා සිටින කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටියි. මාසික යැදුම් අදහස විස්තර කෙරෙන සුදොතුම් පියතුමා ගේ පණිවිඩය ඇතුළත් වීඩියෝව අද නිකුත් කෙරිණි. 'සසුන් පිය වීඩියෝව' ("The Pope Video") නමින් හැඳින්වෙන එය නිකුත් කරන ලද්දේ පාප් වහන්සේ ගේ යැදුම් අදහස සන්නිවේදනය කරන "අපෝස්තලික යැදුම පිලිබඳ ශුද්ධෝත්තම පියතුමා ගේ ලෝක ව්‍යාප්ත යැදුම් ජාලය" විසිනි. නූතන පවුල විවිධ අන්තරායන් සහ ආතතීන් වලට ගොදුරු වී ඇති බව සුදොතුම් පියතුමා එම වීඩියෝ පණිවිඩය මගින් පෙන්වා දෙයි. "වේගවත් ජීවිතය" (fast pace of life) ඊට  හේතුව බව එතුමා සඳහන්න කරයි.   "ඇතැම් විට දෙමාපියන්ට  සිය දූ දරුවන්  සමග සෙල්ලම් කිරීමට ද අමතක වෙයි" යි එතුමා නූතන යථාවක් දෙස ලෝකයේ අවධානය