Posts

Showing posts from November, 2020

රොබෝ යන්ත්‍ර සහ "කෘත්‍රීම බුද්ධියේ " දියණුව මානව යහපත පිණිස පමණක් ම වේවා! සුදොතුම් පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස

Image
Holy Father's November prayer intention: that progress in robotics and AI “be human” (2020 නොවැම්බර 9) ප්‍රැන්සිස් සුදොතුම්  පියතුමා ගේ නොවැම්බර මාසයේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ. මෙවර එතුමා එම පණිවිඩය මගින් කතා කරන්නේ මිනිස් පැවැත්මට සේ ම විනාශයට ද හේතු විය හැකි නූතන තාක්ෂණ සොයාගැනීමක් ගැන ය.  නූතන විද්‍යාවේ  හා තාක්ෂණයේ ඵලයක් වන "කෘත්‍රිම බුද්ධිය" (Artificial Inteligence - AI) ඔස්සේ  මානව වර්ගයා අත්දකිමින් සිටින  යුග වෙනස ගැන මේ වීඩියෝව මගින් එතුමා ලෝකයේ සහ කතෝලික ජනතාවගේ අවධානය  යොමු කරයි. තාක්ෂණ ඉතිහාසයේ දැවැන්ත පිම්මක් වන මේ සොයා ගැනීම "මානව ගරුත්වයට ගරු  කරමින් සහ  මැවිල්ල රැකබලා ගනිමින් මානව වර්ගයට  සේවාව කරන්නක් ම වන පිණිස" මේ නොවැම්බර මාසය තුළ යාච්ඥා කරන්නැයි එතුමා ලොව පුරා වෙසෙන කතෝලික ආරාධනා කරයි.  මෑත කාලය තුළ කෘත්‍රීම බුද්ධිය කැපී  පෙනෙන වර්ධනයක් ලබා ගෙන  තිබේ.  දැනුම සහ ඥානය භාවිත වන විවිධාකාර  ක්ෂේත්‍ර වල  කෘත්‍රිම බුද්ධිය භාවිතයට  ගනු ලැබේ. කෘත්‍රිම බුද්ධියේ දී කරනු ලබන්නේ මානව පාලනයකින් තොරව දැනුම භාවිත කර තීරණ ගෙන ක

අපේ උදාසීන කමත් නරුම කමත් අත්හැර වාර්ගික, සමාජයීය, භූගෝලීය පවුරු බිඳින්නට අභියෝග කරන "සියල්ලෝ සොහොයුරෝ" විශ්ව ලේඛනය : "එකම මානව පවුලක සිහිනයක්" - විශ්ව ලේඛනය ගැන භාවනාව (පළමු කොටස)

Image
“Fratelli tutti”: A call to abandon indifference and cynicism - "A dream for one Human Family" - A meditation (Part one) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා බංගලිදේශයේ දී රෝහින්ග්‍යා සරණාගතයන් සමග  (2020 නොවැම්බර 2) "කිතුනු අපට ක්‍රිස්තුන් වහන්සේ ගේ වචන වඩා ගැඹුරු අරුතක් ගෙන එයි. අත්හැර දමන ලද, පිටමං කරන ලද නොහොත් සමාජයෙන් බැහැර කරන ලද හෝ තුවාල කරන ලද අපගේ සහෝදර සහෝදරියන් තුළ උන්වහන්සේව හඳුනා ගැනීමට එම වචන අපට බල කරයි." "ධර්මෝන්මාදී අන්තවාදයේ ආකෘතීන් ඇතැම් විට, කිතුනුවන් ද ඇතුළු, සියලු ආගමික විශ්වාසකයන් අතර පවතින බව අප පිළිගත යුතු ය." "ධර්මෝන්මාදී අන්තවාදයේ ආකෘතීන් ඇතැම් විට, කිතුනුවන් ද ඇතුළු, සියලු ආගමික විශ්වාසකයන් අතර පවතින බව අප පිළිගත යුතු ය. මෙය සමාජ මාධ්‍ය ඇතුළු විවිධ වේදිකා මත, කතෝලික මාධ්‍ය වල පවා, වෙනත් කණ්ඩායම් අවමානයට, අගෞරවයට පත් වන ආකාරයේ වෛරී වචන වලින් ප්‍රකාශ වන අවස්ථා තිබේ. මෙය අප සියල්ලන් ගේ එකම පියාණන් විසින් අපෙන් ඉල්ලා සිටින සහෝදරත්වයට දායකත්වයක් වන්නේ කෙසේ ද?" "මානව පුද්ගලයා සතු ගරුත්වයට ගරු කොට ඔහු ගේ හෝ ඇය ගේ අයිතිවාසිකම