Posts

Showing posts from January, 2016

"මා වෙනුවෙන් යාච්ඥා කරන්න" ඉරාන ජනපති පාප් වහන්සේගෙන් ඉල්ලයි

Image
"Pray for me"- Rouhani tells the Holy Father (2016 ජනවාරි 27) ඉරාන ජනාධිපති හසන් රුහානි අඟහරුවාදා වතිකානයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ මුණගැසුනේ ය. ඉරාන ජනාධිපතිවරයා වතිකානයට පැමිණියේ යුරෝපයේ නිල සංචාරයක යෙදෙන අතරයි. මුලින්ම ඉතාලියට පැමිණි ඔහු එරට ජනාධිපති අගමැති ඇතුළු නායකයන් සමග සාකච්ඡා පැවැත්වීය. මීළඟට ඔහු ප්‍රංශයට යාමට නියමිතයි. ඉරාන නායකයා මෙම යුරෝපා සංචාරයේ යෙදෙන්නේ එරට විසින් න්‍යෂ්ටික බෝම්බයක් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල අත්හැර දැමීමට ප්‍රතිචාර වශයෙන් යුරෝපයෙන් ලැබෙන සංවර්ධන හා වෙළෙඳ ආධාර ලබා ගැනීමේ අරමුණෙනි. මෙම සංචාරයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට ආසන්න ආධාර ප්‍රමාණයක් ලබා ගැනීමට ඉරානය අපේක්ෂා කරයි. න්‍යෂ්ටික වැඩපිළිවෙලට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා යුරෝපය හා ඇමෙරිකාව විසින් පනවන ලද ආර්ථික සම්බාධක නිසා ඉරානයේ ආර්ථිකය බොහෝ සෙයින් බිඳ වැටී තිබිණ. ඉරාන නායකයාගේ මෙම මෙම නිල සංචාරය ඉතාලියෙන් ඇරඹීම තුළ වැදගත් වෙළෙඳ අරමුණක් ඇති අතර පාප් වහන්සේ මුණගැසීම  ඉහල රාජ්‍යතාන්ත්‍රික වැදගත්කමක් දරන්නේ ය යන්න විශ්ලේෂකයන්ගේ මතයයි. ජනවාරි 26 වැනිදා ප්‍රැන්සිස් පාප් වහන්සේ සහ ජ

"ප්‍රැන්සිස් පාප් වහන්සේ ISISටත් වඩා බලවත් තර්ජනයක්!" - ප්‍රවීණ පත්‍ර කලාවේදියෙක් කියයි

Image
"Pope Francis is a greater danger" - A veteran journalists's point of view  බ්‍රසීලයේ පැවැති විරෝධතා පෙළපාලියක ප්‍රදර්ශනය වූ පුවරුවක්. මෙහි අදහස "2016. සාමය . යුද්ධය එපා!" යන්නයි (2016 ජනවාරි 26) "ISIS ඇතුළු ආගමික අන්තවාදී ත්‍රස්තවාදීන් නුතන ලෝකයට තර්ජනයක් වී තිබේ. ලෝකයේ  එදිනෙදා සාමාන්‍ය ජීවිතය කඩාකප්පල් කරන ඔවුන් ලෝකය අවුලෙන් අවුලට පත් කරමින් සිටිති. මෙය සැබෑ තර්ජනයකි. එහෙත් අප අවදියෙන් සිටිය යුතු කරුණ තිබේ. ඒ මෙයයි: අපට පෙනෙන ජීවිතයට විශාලම තර්ජනය එල්ල වී ඇත්තේ මෙම නොමග ගිය, දුෂ්ට අන්ධ භක්තිකයන් ගෙන් නොවේ. අප ඉදිරියේ ඊට වඩා වැඩි තර්ජනයක් තිබේ. ඒ ප්‍රැන්සිස් පාප් වහන්සේ ය." මෙසේ පවසන්නේ දේවධර්මවේදියකු හා ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වන රොබට් මිකන්ස් ය. (ඔහු ගේ පසුබිම මෙම ලිපිය අවසානයේ පළවේ.) ඇමෙරිකාවේ National Catholic Reporter පුවත්පතට ලිපියක් ලියමින් මිකන්ස් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ, මානව ඉතිහාසය තුළත් සුපුවත තුළත් මුණගැසෙන නාසරෙතයේ ජේසුස් නමැති අසම සම දේව-මානව පුද්ගලයාගේ හදවත ගැඹුරටම කිඳා බසිමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයට කරන

"ජිහාඩ් ත්‍රස්තවාදීන්ට වෛර නොකරන්න. ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්න." ආධ්‍යාත්මික ලේඛක පියනමක ගේ අනාවැකිය

Image
A spiritual writer-priest:"Pray for Jihadists' conversion. Next 'St. Paul' is among them"  (2016 ජනවාරි 24) ප්‍රචණ්ඩත්වය නවත්වන්නට අවශ්‍ය ද? ප්‍රචන්ඩකාරීන් වෙනුවෙන් යාච්ඥා කරන්න. අන්තවාදී ජිහාඩ්වාදී සටන්කාමීන් පරාජය කරන්නට අවශ්‍ය ද? නිසැකවම ඊට පිළිතුර "ඔව්" යන්නයි. එසේ නම් ඔවුන්  පරාජය කිරීමට අපිත්  මානව සංහාරක අවි රැගෙන සටන් බිමට යමුද? "නැහැ" ප්‍රංශ ජාතික නව නිකායක පියතුමෙක් කියයි. "අපි ජිහාඩ්වාදී ත්‍රස්තවාදීන් වෙනුවෙන් යාච්ඥා කරමු. අනාගත සාන්ත පාවුළු අපොස්තුළුවරයා ඔවුන් අතර සිටිය හැකියි" එම පියතුමා පෙන්වා දෙයි. මෙසේ පවසන්නේ ප්‍රංශ ජාතික ආධ්‍යාත්මික ලේඛකයකු වන ජාක් ෆෙලිපේ පියතුමාය. එතුමා භාග්‍යවැකි  නිකායේ (Community of the Beatitudes) ප්‍රථම පියතුමා ය. මෙම නිකාය කාමලයිට් අධ්‍යාත්මික මග අනුව යමින් පිහිටුවන ලද පැවිදි (කැපවුණු) නිකායකි. ඇමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් හි ශාන්ත තෝමස් මුවර් සරසවියේ කුලපති ජේම්ස් පාහේ පියතුමා සමග කල සම්මුඛ සාකච්ඡාවක දී ෆෙලිපේ පියතුමා මෙම අදහස් ප්‍රකාශ කර තිබිණි. "ජිහාඩ් යුදවාදීන් ගේ සිත් හැරීම ව

"කිතුනු අප අතර විෂමතාවලට වඩා බෞතීස්මය බලවත්" - කිතුනු සභා අතර සංවාදය

Image
"For Christians Baptism is stringer than differences"   (2016 ජනවාරි 20) "කිතුනු සභා සහ නිකායන් අතර පවතින භේද අපචාරයක්. අවාදර්ශයක්" යැයි මීට කලින් කිහිපවතාවක් පවසා ඇති සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ සතියේ පොදු හමුවේ දී මෙම වැදගත් මාතෘකාවට යළිත් පැමිණියහ. එනම්, කිතුනුවන් අතර එකමුතුවයි. "කිතුනුවන්ට තමන් අතර ඇති පොදු බෞතීස්මය තමන් අතර ඇති වෙනස්කම් වලට වඩා බලවත්" යන්න මෙවර එතුමන් ඒ පිළිබඳව කතා කල තේමාවයි. කිතුනුවන්  තර එකමුතුව ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ මෙහෙවරේ ඉහලම ප්‍රමුඛත්වය ගත්  මාතෘකාවකි. එතුමන් අවධාරණය කරන එක් කරුණක් තිබේ. එනම් කිතුනුවන් අතර සමගිය ගොඩ නැගීමට විවධ කිතු සභා අතර ඇති ධාර්මික හෝ පුද පිළිවෙත් වල විෂමතා සමහන් වන තෙක් සිටීම අවශ්‍ය නොවන බවයි. දැනට පොදුවේ සියල්ලන් එකඟ වන විෂයයන් තුල එකමුතු වී සෙසු කරුණු ගැන ඊළඟට සාකච්ඡා කල හැකිය යන්න එතුමා ගේ මතයයි. එතුමන් බොහෝ අන්තර් කිතුනු සමගි මෙහෙයයන් හා හමුවීම් වලට සහභාගී වන්නේ ඒ ස්ථාවරයේ සිටයි  පාප් වහන්සේ මෙලෙස කිතුනු සභා අතර සමගිය යලිත් මාතෘකා කර ගත්තේ මේ සතියේ බදාදා (ජනවාරි 20) එතුමන් ගේ

කතෝලික සභාවේ නායකයන් තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණ ධර්ම සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

Image
"Return to Essentials" - Holy Father instructs Church Leadership  පාප් වහන්සේ ක්‍යුරියා නිලධාරීන් ඇමැතූ අවස්ථාව  (2016 ජනවාරි 19) වඩාත් ගෞරවයෙන්, අවංකකමින් සහ පරිණතබවින් (මුහුකුරාගිය බවින්) යුතුව සිය කාර්යයන් ඉටු කරන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝම ක්‍යුරියාවේ කාදිනල් හිමිවරුන්ගෙන් හා රදගුරු හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති. එල්සැල්වදෝරයේ හිටපු අගරදගුරු භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ තුමන් පැවසු අයුරු "දෙවියන්වහන්සේ ගේ දැවැන්ත ගැලවීමේ කාර්යය හා සසඳන කල තමන්ගේ කටයුතු කෙතරම් සුළු දැයි" නිතර සිතන ලෙස ද උන්වහන්සේ සභා පරිපාලන තන්ත්‍රයට උපදෙස් දෙති. සභාවේ මධ්‍යම පරිපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීම, "අධිෂ්ඨානපුර්වකව, පැහැදිලිබවින්, ධෛර්යයෙන් හා ස්ථිර අරමුණකින් යුතුව ක්‍රියාත්මක කරන" බව ද උන්වහන්සේ අවධාරණය කරති. පාප් වහන්සේ මේ බව කියා සිටියේ  රෝම කියුරියාවේ නිලධාරීන් සමග පසුගිය නත්තල ආසන්නයේ (2015 දෙසැම්බර 21 වන දා) පැවැති නත්තල් හමුවේ දිය. රෝම කියුරියාව යනු වතිකානයේ සිට කතෝලික සභාවට නායකත්වය දෙන  සභාවේ ඉහළම පාලන තන්ත්‍රයයි.  ඊට අයත් කාදිනල් හා රදගුරු හිමි

සුදොතුම් පියතුමා ජයන්ති වසරේ දයාවේ ක්‍රියා මාලාවකට මුලපුරයි

Image
Holy Father kicks off a series of acts of mercy in the Jubilee Year  සුදොතුම් පියතුමන් සෙනෙහසින් පිළිගත් වැඩිහිටියෝ  (2016 ජනවාරි 18) කිසිවකු බලාපොරොත්තු නොවන වෙලාවල කවුරුත් නොසිතන දේ කරන ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් සිකුරාදා (ජනවාරි 15) තවත් එවැන්නකට මුල පිරූහ. දැන් උදා වී ඇති ජයන්ති වසරේ සෑම මාසයකටම  වරක් තමන් ශාරීරික දයාවේ ක්‍රියාවක හෝ ආත්මික දයාවේ ක්‍රියාවක යෙදෙන බවට එතුමා පසුගිය මාසයේ ඉඟි කොට තිබිණි. එය යතාර්ථයක් බවට පත් කොට, වසර පුරා දිවෙන දයාවේ ක්‍රියා මාලාවකට මුලපුරමින්, රෝමය තදාසන්නයේ පිහිටා ඇති බෘනෝ බූස්සි විශ්‍රාමික නිවාසයට එතුමා ඉකුත් සිකුරාදා ගියේය. පාප් වහන්සේ එහි ගියේ නව ධර්මදානය පිලිබඳ වතිකාන මන්ත්‍රණ සභාවේ සභාපති අති උතුම් රයිනෝ ෆිසිෂෙල්ලා කාදිනල් හිමිපාණන් ද සමග ය. (දයාවේ ශුද්ධ වසරේ වැඩසටහන් සංවිධාන කරන්නේ නව ධර්මදානය පිලිබඳ මන්ත්‍රණ සභාවයි.) ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ 33 දෙනෙක් මෙම විශ්‍රාමික නිවාසයේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටිති. පාප් වහන්සේ එහි පමිනේනෙන තෙක් ඒ කිසිවකු මේ ගැන දන සිටියේ නැත. විශ්‍රාමික නිවාසයට ගිය පාප් වහන්සේ එහි නිවැසි සෑම කෙනෙකු සමගම ටික ව

"යුද්ධ සහ ප්‍රචණ්ඩ ක්‍රියා 'ආගම' යන වචනයට පටහැනියි" - පාප් වහන්සේ සිනගෝගයේදී කියති

Image
“The violence of man toward man is in contradiction with every religion worthy of this name" - Pope at the Roman Synagogue  (2016 ජනවාරි 17) යුද්ධය, ප්‍රචණ්ඩ ක්‍රියා සහ අයුක්තියට එරෙහිව ක්‍රියා කිරීමට එක්සත් වන්නැයි ශුධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ජුදෙව්වන්ගෙන් හා කිතුන්වන්ගෙන් ඉල්ලා සිටිති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ යුද්ධය හා  අයුක්තිය මානව වර්ගයා තුළ ගැඹුරු තුවාල ඇති කරණ බැවින් ඒවා පිටුදැකීමට සියල්ලන් එක්සත් විය යුතු බවයි. "මේවා අපට අභියෝග කර සිටින්නේ සාමය හා යුක්තිය කෙරෙහි අපගේ කැපවීම ශක්තිමත් කරන ලෙසටයි. මිනිසාට එරහිව මිනිසා සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා  'ආගමක්' යන වචනයට සුදුසුකම් ඇති සෑම ආගමකටම පටහැනි ය. විශේෂයෙන්ම, ඒවා ශ්‍රේෂ්ඨ ඒකදේවවාදී ආගම් වලට පටහැනියැ" යි එතුමා අවධාරණය කළේය. "අතීතය අපට වර්තමානයටත් අනාගතයටත් පාඩමක් විය යුතු" යැයි දෙවන ලෝක යුද්ධ සමයේ සිදුවූ මහා ජුදෙව් සමූල ඝාතනය (Holocaust) සිහිපත් කරමින් එතුමා සඳහන් කලේ ය. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියාසිටියේ 2016 ජනවාරි 17 වන ඉරිදා රෝමයේ ප්‍රධාන සිනගෝගයට (ජුදෙව් දහමේ පුජන

සුදොතුම් පියතුමාට දයා කරුණාව ගැන පාඩමක් වූ ගණිකා ලඳ ගේ කතාව

Image
How a prostitutes story taught Pope Francis the meaning of mercy සුදොතුම් පියතුමා ඇමෙරිකාවේ ෆිලී සිරගෙදර දී තම ආසනය සෑදු රැඳවියන්ට "Thumbs-up" දුන් අවස්ථාව   (2016 ජනවාරි 14) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ආජන්ටිනාවේ මීසම් සේවක  පියතුමකු ලෙස සේවය කරන සමයේ තම මීසමේ සිටි තම සැමියා විසින් අත්හැර දමන ලද දරුවන් කිහිප දෙනෙකුගේ මවක් හඳුනාගෙන සිටියේ ය. ඇය රැකියාවක් සොයා ගන්නට දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. කුඩා රැකියා ද දුලබ විය. මේ නිසා  ස්ථිර ආදායම් මාර්ගයක් ඇයට තිබුනේ නැත. එහෙත් කෙසේ හෝ සිය දරුවන් ගේ කුසගිනි නිවිය යුතුව තිබුනේ ය. ඔවුන් ගේ බේත් හේත්, ඇඳුම් පැළඳුම් හා අධ්‍යාපනයටද වියදම් කල යුතුව තිබිණි. මේ අනිවාර්ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ආදායමක් සොයා ගැනීමට ඇය යොමු වූයේ අසරණ වන කාන්තාවන් අවසානයේ දී යොමුවන රැකියාවට ය. සිය සිරුර විකිණීමට ය. ටික කලකට පසු මේ මව ප්‍රදේශයේ දෙව් මැදුරට ද ගියා ය. මේ මව ගේ දුප්පත් කම හා අසරණකම දැනගත් මීසම් සේවක පියතුමා සිය ගිහි දූත සේවාවල සහාය ලබා ගෙන ආහාර හා වෙනත් අවශ්‍ය දෑ ලබා දීමෙන් ඇයට උපකාර කලේ ය.  නත්තල් ආසන්නයේ දිනක් මේ කාන්තාව මීසම

"මරිය මව කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දුන්නා!": සමගිසන්ධානය සඳහා පාප් වහන්සේ සූත්‍රය -මඩු පුදබිමේ කතාව (ආවර්ජනය)

Image
"At the foot of the Cross, Mary forgave her Son's killers" - Pope's formula for reconciliation (A look back ) (2016 ජනවාරි 13) " මරිය මව එදා කුරුසිය පාමුල සිට සිය පුතනුවන් ගේ ඝාතකයනට සමාව දුන්නාය. ඉන්පසුව එම පුතනුවන් ගේ ප්‍රාණය නිරුද්ධ  වූ දේහය සිය දෑතින් වැළඳ ගත්තාය. එසේම, දැන් ශ්‍රී ලාංකිකයන්ට  මේ උතුම් සමගි සන්ධාන ක්‍රියාවලිය තුළ මග පෙන්වීමටත් ඒ අනුව දෙවියන් වහන්සේ ගේ දයා කරුණාවේ හා සමාවේ ඔසු තෙලෙන් සෑම හදවතක්ම සුවපත් කිරීමටත් එතුමිය සුදානම්ව සිටියි." 2015 ජනවාරි 14 වන දා සන්ධ්‍යාවේ සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මඩු පුද බිමේ සිට ශ්‍රී ලාංකික ජනතාවට් ලබා දුන් පණිවිඩය එයයි. ජනවාරි 13 සහ 14 දෙදින  ශ්‍රී ලංකාවේ දී සුදොතුම් පියතුමා කතා දෙකක් සහ ධර්ම දේශනා  දෙකක් ඉදිරිපත් කළේය. ඒ සෑම කතාවකම හා ධර්ම දේශනාවම පණිවිඩය පොදු සාධක කිහිපයක් මත කේන්ද්‍ර වී තිබුනේ ය. ඒවා නම්,  සත්‍යය සෙවීම, යුක්තිය හා සාධාරණත්වය, සමාව දීම, සමගි සන්ධානය සහ සාමය යන සාධකයි. එතුමා  පෙන්වා දුන්නේ දීර්ඝ කාලයක් දිග්ගැස්සුණු ජාතික ගැටළුවත්,දිගු කාලීන යුද්ධය හා ඊට අදාළ වූ සැක සංක

"ආගමික - වාර්ගික භේද යුක්ති සහගත කිරීම සඳහා දහම යොදා ගැනීමට ඉඩ නොදෙමු" සුදොතුම් පියතුමා ශ්‍රී ලංකාවේ සර්වාගමික නායක හමුවේ දී කල කතාව (සංවත්සර ආවර්ජනා)

Image
"Religious beliefs must never be abused to justify violence" Holy Father's speech at the Inter religious meeting in Sri Lanka (A look back) " සාමයේ නාමයෙන්, ආගමික විශ්වාස කිසිවිටෙකත් ප්‍රචණ්ඩකාරී හෝ යුද අරමුණු සඳහා අපහරණය කිරීමට ඉඩ නොදිය යුතුයි. සෑම දහමකම හමුවන  සාමයේ සහ සහජීවනයේ පනත් හෝ ශික්ෂාපද  පුර්ණ වශයෙන් ජීවත් කරන ලෙස අප ඉතා පැහැදිලිවත් සැකයෙන් තොරවත් අපගේ ආගමික ජන කොටස් වලට අභියෝග කල යුතු අතර , ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වූ වහාම ඒවා පැහැදිලිවම ප්‍රතික්ෂේප කිරීමට ද ඉදිරිපත් විය යුතුය." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ මීට වසරකට පෙර,2015 ජනවාරි 13 වනදා, සන්ධ්‍යාවේ, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති සර්වාගමික නායක හමුවේ දී ය. එදින පෙරවරුවේ තෙදින අපෝස්තලික සංචාරයක් සඳහා දිවයිනට සැපත් වූ උන්වහන්සේ පස්වරුවේ මෙම උත්සවයට එක්වූහ.  බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කිතුනු දහම් නියෝජනය කරමින් පුජ්‍ය -පූජක උතුමන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම හමුවේ දී පාප් වහන්සේ කල කතාවේදී වෙනත් ආගම් හා වෙනත් කිතුනු සභා වෙත කතෝ

"විවිධත්වය තර්ජනයක් නොවේ. සඵලත්වයේ හා සාරවත් බවේ නිධානයක්" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ලංකා ගමනේ ආවර්ජනා

Image
"Diversity: not a threat; but a source of enrichment" - Pope Francis in Colombo, Sri Lanka (A look back)  (2016 ජනවාරි 12) "විවිධත්වය දැකිය යුත්තේ තර්ජනයක් ලෙස නොවේ. සඵලත්වයේ හා සාරවත් බවේ  නිධානයක් ලෙසය" - සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුටුපලේ දී. 2015 ජනවාරි  13 දා - එවකට නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අබියස. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ  "යහපාලන" ආණ්ඩුවට වසරක් පිරෙද්දී, මහත් ආන්දෝලන මැද ශ්‍රී ලංකාවට සැපත් වූ කතෝලික සසුනේ දෘශ්‍යමාන නායකයාණන් හෙවත් පේදුරු තුමාගේ අනුප්‍රාප්තිකයානන් වන සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ශ්‍රී ලංකා අපෝස්තලික ගමනට ද වසරක් සපිරෙයි. පාප් වහන්සේ ලක්දිවට පැමිණියේ උන්වහන්සේ ගේ සංචාරය මත වැටී තිබු ආත්මාර්ථකාමයේ හා  බලකාමයේ අඳුර, මහා පෙළහරකින් මෙන්  බිඳ දමමින්  අපේක්ෂාවේ නව හිරු කිරණ මිහිරි අරුණැල්ලක් සේ ලක් බිම මත වැටීමට පටන් ගත් මොහොතේ ය. කවර වෙනසක් ශ්‍රී ලංකාව තුළ සිදු වුවද, ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දී මෙරට කතෝලිකයනටත්, මේ සුන්දර රටේ සෞභාග්‍යය අපේක්ෂා කර

"ඉඩ දෙන්නෙ'පා විශ්වාසයේ උරුමය නැතිවෙන්න......."

Image
"Faith is the greatest inheritance" (2016 ජනවාරි 10) මේ ඉරිදා (2016 ජනවාරි 10) ලොව පුරා කතෝලිකයන් සැමැරූයේ ජේසු සමිඳුන් ගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයයි. ඒ නිමිත්තෙන් මේ වසරේත් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ළදරු-ළදැරියන් පිරිසකට ප්‍රසාද ස්නාපනය දානය කරනු ලැබිණි. මෙවර  26 දෙනෙක් - එනම් ළදරුවන් 13ක් සහ ළදැරියන් 13 දෙනෙක්- පාප් වහන්සේ අතින් ප්‍රසාද ස්නාපන දේව ප්‍රසාද නිධානය ලදහ. මේ නවක කිතුනුවන්ගේ දෙමාපියන්, ඥාන මව්පියන් හා ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක් වූ ප්‍රසාද ස්නාපන මෙහෙය පවත්වන ලද්දේ මයිකලාන්ජෙලෝ ගේ මනස්කාන්ත බිතුසිතුවම් වලින් අලංකාර වූ සිස්ටයින් දෙව්මැදුර තුළ ය. ප්‍රසාද ස්නාපන දිව්‍ය පුජාවේ දේශනය පවත්වමින් ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියේ කිතුනු මවකට හා පියෙකුට තම දූ දරුවනට දානය කල හැකි අමිල වූ හා අති විශිෂ්ට වූ උරුමය ඇදැහිල්ල බවයි. "තම දරුවන් ප්‍රසාද ස්නාපනය කිරීම සඳහා දෙව්මැදුරට  ගෙන එන දෙමාපියන් කරන්නේ මරිය තුමිය හා ජුසේ තුමන් අනුගමනය කිරීමයි" එතුමා පැහැදිලි කළේය. " ජේසු බිලිඳුන් ඉපදී දින 40කින් මරිය තුමිය හා ජුසේතුමා එතුමන් දෙවි