Posts

Showing posts from December, 2022

ස්වර්ගස්ථ පාප්තුමා "කරුණාවන්ත, මහාත්ම ගුණයෙන් යුතු මිනිසෙක්" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය පූර්ව ගාමියා ගේ ගුණ සමරයි (වීඩියෝ )

Image
Benedict XVI' was "kind and noble; a witness of faith." - Pope Francis pays tribute to his predecessor  (2022 දෙසැම්බර් 31) ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ "කරුණාවන්ත සහ උතුම් මහාත්ම ගුණයෙන් යුත් තැනැත්තෙකු" බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි.  දෙසැම්බර් 31 වැනිදා උදෑසන සදාතන ජීවිතය සඳහා නික්ම ගිය සිය පූර්වගාමියා ගැන ප්‍රශංසා කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ දෙසැම්බර 31 වැනි දින සන්ධ්‍යාවේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ පවත්වනු ලබන වසර අග සාම්ප්‍රදායික සන්ධ්‍යා මෙහෙයේ ධර්ම දේශනය පවත්වමිනි. වසර දෙකක වසංගත දීම වලින් පසුව පැවැත්වුණු මේ මෙහෙයට විශාල බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ.  "මහත් චිත්තවේගයෙන් යුතුව අපි එතුමන් ගේ පුද්ගලභාවය සිහිපත් කරමු: එතුමා ඉතා කරුණාවන්ත අති උත්තම සහ මහාත්ම ගුණයෙන් යුත් තැනැත්තෙකි," යි සිය පූර්වගාමියා ගේ ගුණ සිහිපත් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය.  "මේ නිසා අපේ හදවත් අති මහත් කෘතවේදී බවින් පිරී යයි: එතුමන් ශුද්ධ වූ සභාවටත් ලෝකයටත් දානය කිරීම ගැන දෙවියන් වහන්සේට අපි ස්තුති කරමු;

සුබ ගමන් බෙනඩික් සසුන් පියාණෙනි: වියත්, ධර්මධර, විනයධර සසුන් එඬේරා ගේ නික්ම යාම

Image
Farewell Pope Emeritus  Benedict XVI: The academic and the Theologian-Shephard called to Eternal Home  (2022 දෙසැම්බර් 31) වසර 600කට පසුව පාප් ධුරයෙන් ඉසිඹු ලබා  සිය බැහැපත් බව පෙන්වමින් පාප් ධුරයට නව වෙනසක් එක් කල සොළොස් වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ 2022 දෙසැම්බර් 31 වන සෙනසුරාදා රෝම වේලාවෙන් 9.34ට ස්වර්ගීය ජීවිතයට නික්ම ගියහ. ස්වර්ගස්ථ වන විට එතුමා 95 වැනි වියේ පසු විය.  ඉසිඹු ලැබීමෙන් පසුව එතුමන් ජීවත් වූ වතිකාන රාජ්‍යය තුළ පිහිටි සසුන් මාතා තාපසාරාමයේ දී (Mater Ecclesiae Monastery) එතුමන් ස්වර්ගස්ථ වූ බව වතිකාන මාධ්‍ය අංශය නිවේදනය කළේය.  එතුමා ගේ දේහය 2023 ජනවාරි 2 වැනි  දා සිට වතිකානයේ සාන්ත පීතර බැසිලිකා දෙව්මැදුරේ දී ජනතා ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත. ස්වර්ගස්ථ වූ විශ්‍රාමික බෙනඩික් පාප් වහන්සේ ගේ  ආත්මය වෙනුවෙන් වූ ගායනා ස්තෝත්‍ර යාගික මෙහෙය ජනවාරි 6 වැනි බ්‍රහස්පතින්දා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. ඉක්බිතිව බැසිලිකාවට  යටින්  ඇති සසුන් පිය සුසාන බිමේ දී එතුමා ගේ  දේහය මිහිදන් කිරීමට නියමිතය.  ස්වර්ගස්ථ වූ සොළොස්වන බෙනඩික් විශ්‍රාමික පාප් වහන්සේ

සුදොතුම් පිය දෙසැම්බර යැදුම් අදහස, ස්වේච්ඡා සංවිධාන වෙනුවෙන් - "යුක්තිය සහ සාධාරණත්වය, දුප්පතුන් ගේ ආරක්ෂාව සහ මැවිල්ල වැනි ජනතා අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට ස්වේච්ඡා සේවාව අප විවෘත කරයි"

Image
Holy Father's December prayer intention: For volunteer organizations (2022 දෙසැම්බර 12) 2022 දෙසැම්බර මාසය සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ යැදුම් අදහස ඇතුළත් සසුන් පිය වීඩියෝව දැන් නිකුත් වී තිබේ.  ලොව පුරා "දයා කරුණාවේ ශිල්පීන්" ලෙස ක්‍රියා කරන, පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට කැප වී සිටින ස්වේච්ඡා සේවකයන් සහ සංවිධානවල සාර්ථකත්වය වෙනුවෙන් යාච්ඥා කිරීමට තමා සමග එක්ක වන්නැයි  එතුමා සසුන් පිය වීඩියෝ පණිවිඩයෙන්  සමස්ත කිතුනු ජනතාවට ආරාධනා කරයි.  එම වීඩියෝව මගින් ආධ්‍යාර්ථ පණිවිඩයක් දෙන එතුමා ස්වේච්ඡා සේවකයන් ලෙස "දයා කරුණාවේ ශිල්පීන්, දයා කරුණාවේ  නිර්මාණ ශීලී කර්මාන්ත කරුවන් වීමට කැප වන්නැයි කතෝලික ජනතාවගෙන් ඉල්ලීමක් ද  කරයි.  ස්වේච්ඡා සේවාවේ  ආත්මය: "කැපවීම" ( Commitment) "කැපවීම" යන්න ස්වේච්ඡා සේවාවේ  ආත්මය බව සසුන් පිය වීඩියෝවේ සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එහෙත් නූතන වාණිජ ලෝකය  "කැපවීම" මකා දමන්නට අද උත්සාහ කරන බව ද එතුමා පෙන්වා දෙයි.  ස්වේච්ඡා සේවකයකු ලෙස සේවාව කිරීම  කෙනෙකු "කැපවීම සඳහා ගන්නා නිදහස් තෝරාගැනීමකි."