Posts

Showing posts from December, 2017

"ලොව පුරා යුද්ධයෙන්, දුප්පත්කමින් හා සමාජ විෂමතාවලින් දුක් විඳින සෑම දරුවකුගේ ම මුහුණ තුළින් අප දකින්නේ ජේසු බිලිඳුන්ගේ මුහුණයි" - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ නත්තල් "නුවරට සහ ලෝකයට" පණිවිඩය

Image
"We see Jesus in every child who suffers due to war, poverty and inequality, each of whom bears the face of Jesus" - Holy Father's Urbi et Orbi message  සුදොතුම් පියතුමා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සරණාගත කඳවුරකට ගිය අවස්ථාව  (2017 දෙසැම්බර 27) ජේසු සමිඳුන් ගේ උපත සමරන නත්තල, ලොව පුරා  යුද්ධ කෝලහාල, දුප්පත්කම හා සමාජ විෂමතාව නිසා දුක් විඳින සෑම දරුවකුම සිහිපත්කොට ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරන්නට අවස්ථාවක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. "ඒ දුක් විඳින සෑම දරුවකුගේ ම මුහුණ තුළින් අප දකින්නේ ජේසු සමිඳුන් ගේ වත මඬල" යයි එතුමා පෙන්වා දෙයි. "යුද්ධයේ සුළං රැළි  ලොව පුරා හමා යන අතර යල් පැනගිය සංවර්ධන ආකෘතියක් විසින් මානව, සමාජයීය සහ පාරිසරික පරිහානියක් ඇතිකරමින් තිබෙන  අද දවසේ, බෙත්ලෙහෙමේ දරුවා කෙරෙහි අවධානය යොමු කර, කුඩා දරුවන් ගේ මුහුණු තුළ , විශේෂයෙන් ම ජේසු බිලිඳුන් සේ 'තානායමෙහි ඉඩක් නොමැති' දරුවන් ගේ මුහුණු තුළ උන්වහන්සේ හඳුනා ගන්නට නත්තල අපට ආරාධනා කරයි " යි එතුමා කියයි. "පිළිගනු නොලැබීමේ වේදනාව ජේසු සමිඳාණෝ හොඳින් දනිති. එමෙන්ම

"ජුසේ- මරිය අඩිපාරේ සැඟවුණු ලක්ෂ සංඛ්‍යාත පා සටහන්"- නත්තල් දිව්‍ය පූජාවේ ධර්ම දේශනය:"වැසුණු දොරවල් නිසා අපේක්ෂා හංගත්වයට පත්වුවන් ගේ ආරක්ෂකයන් වන්න"

Image
"God is present in the unwelcomed visitor who walks through our lives; be sentinels for those bowed down by the despair  of meeting  closed doors.” Homily at Christmas Mid- Night Mass  (2017 දෙසැම්බර් 26) ජුසේ තුමා සහ මරිය තුමිය ගලීලයේ නාසරෙත් සිට බෙත්ලෙහෙම දක්වා ගිය ගමන නූතන ලෝකයේ දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් හුදෙක් ජීවිතය බේරා ගැනීම සඳහා හෝ වඩා යහපත් ජීවිතයක් සොයා සිය ගම බිම් අතහැර වෙනත් දේශ සොයා යන ගමනට සමාන යැයි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පවසයි. "එදා එසේ ගිය ජුසේ තුමා හා මරිය තුමියට බෙත්ලෙහෙමේ ඉඩක් හමුවූයේ නැත. අද ගම්බිම් හැරදා යන්නට සිදු වී ඇති ජනතාවට මේ මිහිතලය තුළ ඉඩක් නැතැයි හැඟී නොයන ලෙස අප කටයුතු කල යුතු" යැයි එතුමා පෙන්වා දුන්නේය. දෙසැම්බර 24 වැනිදා වතිකානයේ ශා. පීතර බැසිලිකා දෙව්මැදුරේ එතුමා පැවැත්වූ නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය  පූජාවේ ධර්මදේශනය කරමින් සුදොතුම් පියතුමා ලෝකයට දුන් පණිවිඩය එයයි. " ජේසු සමිඳුන් ගවහලෙක ඉපදුනු 'සරල කතාව' සමස්ත මානව සංහතියේ ම ඉතිහාසය සදහටම වෙනස් කලේ යැ" යි එතුමා කීවේය. "ඒ  රාත්‍රියේ සිදුවූ සියලු දේ බ

"දයා කරුණාව අප බලන්නට පැමිණ අපට කතා කරන ගවලෙන " - ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ මෙතෙක් පල නොවූ ගවලෙන ගැන භාවනාවක්

Image
"Mercy visits us and speaks to us in the crib" - A meditation on the Crib by Pope Francis  (2017 දෙසැම්බර 24) නත්තලේ අබිරහස අපට ප්‍රදානය කරන පණිවිඩය නම් අපේ ස්වර්ගීය පියාණන් ගේ දයා කරුණාවය. අප  නත්තල් ගවලෙන ගැන භාවනා කරන විට පැහැදිලිවම අපට ලැබෙන දේව වරප්‍රසාදය නම්  දයා කරුණාව දැක්වීමට අප තුළ ඇතිවන දැඩි කැමැත්තයි. වරක් සුබ  අස්නේ එන එක් තරුණයෙක්  ජේසු සමිඳුන් "යහපත්" යයි කීවේය. එහෙත් ඊට පිළිතුරු ලෙස ජේසු සමිඳුන් කියා සිටියේ "යහපත් වන්නේ දෙවියන් වහන්සේ පමණක්" බවයි. මේ මගින් සියලු දයා කරුණාවේ උල්පත කවුරුන්දැයි ජේසු සමිඳුන් ඔහුට කියා දුන් අතර කරුණාව දැක්වීමේ මාර්ගය අපට පෙන්වා දුන්නේය. අපට කරුණාව දැක්විය හැක්කේ දෙවියන්  වහන්සේගේ යහපත්කමේ පතුලක් නොමැති අබිරහසෙන් අප ආවරනය වීමට ඉඩ දීමෙන් පමණි. ජේසු නිකායිකයන්  කරුණාවන්ත විය යුතුය යන අදහස ශු. ඉග්නේෂස් තුමාට ද නුපුරුදු දෙයක් වූයේ නැත. නිකායේ ශ්‍රේෂ්ඨයන් ගේ කාර්යභාරය ගැන නිකාය ව්‍යවස්ථාවේ එතුමා  මෙසේ කියයි: "මීට කළින් සඳහන් කල  කරුණු අතරින් කවර කොටසක් අඩු වුවද, (ජේසු නිකායික ශ්‍රේෂ්ඨයා )දයා කරුණාවෙන් හ

"වතිකාන සේවකයන් ගේ රැකියා අස්ථිරත්වය ඉක්මණින් වෙනස් විය යුතුයි" - වතිකාන රාජ්‍ය සේවක නත්තල් හමුවේදී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි; "මෙවැනි වැරදි කරමින් සභාවේ සමාජ ධර්මය ගැන කතා කරන්නේ කොහොමද?"

Image
Holy Father wants an end to the existence of precarious employment at the Vatican:" It is a problem of Conscience."   (2017 දෙසැම්බර 22) වතිකානයේ පවතින අස්ථිර රැකියා තත්වයට ඉක්මනින් විසඳුම් සෙවිය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අවධාරණය කරයි. එතුමා මේ බව කියා සිටියේ දෙසැම්බර 21 වැනිදා වතිකාන රාජ්‍යයේ සේවක සේවිකාවන් වෙනුවෙන් පැවැත්වුණු නත්තල් උත්සවයේදීය. වතිකානයේ රාජ්‍ය සේවක සේවිකාවන් වෙනුවෙන් පැවැත්වෙන නත්තල් උත්සව සම්ප්‍රදාය  ආරම්භ කරන  ලද්දේ 2014 දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසිනි. මෙවරද එම උත්සවය සවැනි පාවුළු ශාලාවේදී පවත්වන ලදී. සේවක සේවිකාවන් වෙනුවෙන් පැවැත්වෙන මෙම උත්සවයට ඔවුන් ගේ පවුල්වල සාමාජිකයනට ද ඇරැයුම් කෙරේ. සුදොතුම් පියතුමා උත්සවය පැවැත්වුණු සවැනි පාවුළු ශාලාවට පැමිණියේ ඒ දෙපස රැස්ව සිටි සේවක දරුවනට ආශීර්වාද කරමින්, ඔවුන් වැලඳ ගනිමින් සහ ඔවුනට "හයි ෆයිව්" දෙමිනි. කතෝලික සභාවේ මෙම විශ්ව සේවාවට අතිශයින්  වැදගත් දායකත්වයක් දෙන සේවක සේවිකාවන්ට තමන් ස්තුති කරන බව ඔවුන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කීවේය. "බොහෝ බර, බොහෝ ගැටළ

"දිව්‍ය පූජාව ජේසු සමිඳුන් සමග ප්‍රේමනීය හමුවක්"- බදාදා පොදු හමුව: "පූජාවේ පූර්ණ සෞන්දර්යය රස විඳීන්න"

Image
"Mass is an encounter of love with Christ." Pope's Catechesis at the General Audience (2017 දෙසැම්බර් 20) බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ කතාව සඳහා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අලුතින්  තොරාගෙන ඇති තේමාව "දිව්‍ය පූජාවයි". දිව්‍ය පූජාවට ගෞරවයෙන් සහභාගී වීමේ අවශ්‍යතාව සහ ඉරිදා දිව්‍ය පූජාවට සහභාගී වීමේ හේතුව  වැනි මාතෘකා යටතේ එතුමා ඉකුත් සතිවල වන්දනාකරුවනට කරුණු පැහැදිලි කළේය. දෙසැම්බර 20 වැනි බදාදා පොදු හමුවේදී දිව්‍ය පුජාව පිලිබඳ ඉගැන්වීම් තවදුරටත් කරගෙන ගිය එතුමා දිව්‍ය පුජාවේ එක් එක් කොටස්වල ඇති වැදගත්කම පැහැදිලි කිරීම එදින  සතියේ ආරම්භ  කළේය. සිය ධර්මෝපදේශය ආරම්භ කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ දිව්‍ය  පූජාවේ ආරම්භක පිළිවෙත, දේව වාක්‍යයේ පිළිවෙත, දිව්‍ය සත්ප්‍රසාදීය පිළිවෙත සහ අවසාන කිරීමේ පිළිවෙත යන සියලු කොටස් එකට බැඳී ඇති බවයි. "මේ සියලු කොටස් එකම දේහයක්   ගොඩගනවා. ඒවා වෙන් කල නොහැකියි." මේ නිසා ඒවා එකින් එක ගෙන විස්තර කිරීමට තමා බලාපොරොත්තු වෙන බව එතුමා කීවේය. දිව්‍ය පූජාව තුළ අරුත්බර සංකේත රැසක් අන්තර්ගත බව සුදොතුම් පියතුමා කීව

"ජේසුගෙන් තොර නත්තල හිස් මංගල්ලයක්" 81 වන උපන් දිනය සමරද්දී සුදොතුම් පියතුමා කියයි."කිසිදාක ඔබේ දරුවන්ගේ සිත් රිදෙන ලෙස නොහැසිරෙන්න" දෙමාපියන්ට කියයි

Image
“Do not take Jesus out of Christmas!”- Pope Francis says as he celebrates 81st birthday: (2017 දෙසැම්බර 17) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (දෙසැම්බර 17 ) සිය 81 වැනි උපන් දිනය සැමරුවේය. මෙවර උපන් දිනය සැමැරීමට එතුමන් සමග එක්ව සිටියේ වතිකානයේ සාන්තා මාර්තා බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබා ගන්නා  ළමයින් කණ්ඩායමකි. ඔවුන් සමග එම බෙහෙත් ශාලාවේ කාර්ය මණ්ඩලය, ඔවුන් ගේ දෙමාපියන් සහ ස්වේච්ඡා සේවකයෝ ද වතිකානයේ සවැනි පාවුළු ශාලාවට පැමිණ  සිටියහ. සුදොතුම් පියතුමා ගේ උපන් දිනය වෙනුවෙන් එම ශාලාවේ අති දීර්ඝ උපන්දින පීට්සා එකක් සුදානමින් තිබිණි. එතුමා ළමයින් සමග එක්ව එහි දල්වා තිබූ ඉටිපන්දම නිවා උපන් දින සැමරුම ආරම්භ කළේය. "මේ පීට්සා එක සම්පුර්ණයෙන්ම ඔබටයි. මෙය ඉතිරි නොකර කන්න" ඉන් පසුව එතුමා ළමයිනට කීවේය. ඉතාලියේ උපන් දින උත්සව  සඳහා පුළුස්සනු ලබන්නේ හතරැස් දීර්ඝ පීට්සාය. සුදොතුම් පිය උපන් දිනය වෙනුවෙන් පිළිස්සූ  පීට්සාවේ දිග අඩි 13 කි. (මීටර 4 කි). ඉන් පසුව එතුමා සිය උපන් දිනය වෙනුවෙන් සාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි වන්දනා කරුවන් ටද කතා කළේය. රෝමය පුරා විවිධ ප්‍රදේශ වල

"පෙම්බර මව්නි,අපේ සමාජය රෝගී බවට පත්කරන 'විෂබීජ' වලට එරෙහිව සටන් කරන 'ප්‍රතිදේහ' බවට අප පත්කළ මැනව" ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා නිර්දෝෂ පිළිසිඳීමේ මෑණියන් ඉදිරියේ යාච්ඥා කරයි

Image
Holy Father prays at the Column of the Immaculate conception: "Let us develop the 'antibodies' needed to combat the 'viruses' of our times" (2017 දෙසැම්බර් 10) ප්‍රන්සිස් සුදොතුම් පියතුමා නිර්දෝෂ පිලිසිදීමේ මංගල්‍යය නිමිත්තෙන් දෙසැම්බර 8 වනදා සාම්ප්‍රදායික ලෙස රෝමයේ ස්පාඥ්ඥ චතුරශ්‍රයේ ( Piazza di Spagna) පිහිටි නිර්මල පිළිසිඳීමේ දේව මාතාවන්ගේ ප්‍රතිමාව බැහැදකින්නට ගියේය. මෙම ප්‍රතිමාව ස්ථාපිත කර  ඇත්තේ ස්පාඥ්ඥ චතුරශ්‍රයේ ගිනිකොණ දිගින් පිහිටා ඇති "නිර්මල පිළිසිඳීමේ කුලුන" මතය. කිරිගරුඬ පාෂාණයෙන් ගොඩනැගුණු මෙම කුලුනේ උස මීටර 11.8කි. දේව මෑණියන් ගේ ලෝකඩ ප්‍රතිමාව ස්ථාපිත කර ඇත්තේ ඒ මතයි. දේව මාතාව වන මරිය වහන්සේ ගේ නිර්මල පිළිසිඳීම පිලිබඳ වේද සත්‍යතාව ප්‍රකාශයට පත් කරන ලද්දේ 1854 දී 9 වැනි පියුස් සුදොතුම් පියතුමන් විසිනි. ඉන් වසර තුනකට පසුව 1857 දෙසැම්බර 8 වැනිදා මෙම කුලුන ආශීර්වාද කර කැපකරන ලදී. 1953 සිට පාප් වහන්සේලා නිර්මල පිළිසිඳීමේ මංගල්‍යය දා මෙම ස්ථානයට පැමිණ ප්‍රතිමාව ඉදිරියේ මල් කළඹක් තබා ඊට  ගෞරව කර ඒ ඉදිරියේ යාච්ඥා කිරීම සම්ප්‍රදායක්

"මරිය මව මිනිසත් බවේ සදා හරිත කෙම් බිමයි": නිර්දෝෂ පිළිසිඳීම දින තුන්කාල ආරාධනා භාවනාව

Image
 "Mary is ever-green oasis of humanity": Holy Father's reflection at Angelus ළදරු මරිය තුමිය සිය දෙමාපියන් වන ජෝකිම් තුමා සහ ආනා මෑණියන් සමග.- මෙය ඉස්තාන්බුල් හි ඕතඩොක්ස් දෙව්මැදුරක ඇති බිතුසිතුවමකි.  (2017 දෙසැම්බර 09) දෙසැම්බර 8 වන දා සමරන ලද්දේ දේවමාතාව වන මරිය මෑණියන් ගේ නිර්මල පිළිසිඳීමේ මහා මංගල්‍යයයි. එය සභාව මහත් භක්තියෙන් හා උද්දාමයෙන් සමරන අබිරහසකි. මෙදින ද ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  විසින්  මෙහෙයවනු ලබන තුන්කාල ආරාධනා මරිය යැදුමට  සහභාගී වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන් සහ සංචාරකයන් පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්වී සිටියහ. සුදොතුම් පියතුමා මෙම යැදුමට පෙර කල භාවනාවේ දී මරිය වහන්සේ ගේ නිර්මල පිළිසිඳීමේ අබිරහස තේරුම් ගත හැකි "යතුර"  පැහැදිලි කර දුන්නේය. එසේම "වයස් ගත නොවී  යෞවනය සදා රැකගැනීමට" අවශ්‍ය  "ආහාර වට්ටෝරුව" ද එතුමා පැහැදිලි කර දුන්නේ ය. වන්දනා කරුවන් අමතමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියා සිටියේ මරිය මව ගේ නිර්මල  පිළිසිඳීම තේරුම් ගත හැකි යතුර නම් ගාබ්‍රියෙල් දේව දූතයාගේ ආචාර වාක්‍යය බ

පාප් වහන්සේත් "එපා!" කියද්දී ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස ඇමෙරිකාව ඒකපාර්ශවිකව පිළිගනියි ; ලෝකයම දැඩි අනතුරකට හෙලයි

Image
Tramp declares Jerusalem the Capital of Israel, despite Pope's plea to avoid this decision  සුදොතුම් පියතුමා ජෙරුසලෙමේ 'වැලපෙන පවුර' අසලදී  (2017 දෙසැම්බර් 6) ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද ඒකපාර්ශවිකව ප්‍රකාශයට පත් කළේය. නිල වශයෙන් මෙය ප්‍රකාශයට පත් කරමින් ඔහු කියා සිටියේ  කලින් ඇමෙරිකා ජනාධිපති වරුන්  මැදපෙරදිග වෙනුවෙන් අනුගමනය කල ක්‍රියාමාර්ග අසාර්ථක වූ නිසා මෙය තමන් ගේ "අලුත්ම අලුත් සිතිවිල්ලක්" බවයි. එසේමavoid දැන් ඊශ්‍රායෙලයේ ටෙල්අවීව් හි ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බව ද ඔහු කියා සිටියේය. මෙය ඇමෙරිකාවේ දේශානුරාගී චන්ද දායකයන් පිනවීමට ට්‍රම්ප් ගත්  තවත් අදුරදර්ශී පියවරක් වන අතර එහි ආදීනව දැන් දැන්ම ලැබෙමින් පවතියි. මැදපෙරදිග සිටින ඇමෙරිකාවේ සහ බටහිර රටවල මිතුරු රටවල් මේ නිසා බොහෝ අසහනයට පත්වී සිටියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මුස්ලිම් අන්තවාදී සංවිධාන තව දුරටත් ශක්තිමත් වීමේ අනතුර ද හටගෙන තිබේ. ට්‍රම්ප් ජෙරුසලෙම ඊශ්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගත්තේ එම තීරණය නොගන්නා ලෙස බටහිර රටවල්  රැසක්  ඔහුගෙන් ඉ

ම්‍යන්මාවෙදී 'රෝහින්ග්‍යා' වචනය පාවිච්චි නොකළේ ඇයි? සුදොතුම් පියතුමා පිළිතුරු දෙයි

Image
Why Pope did not use the word "Rohingya" in Myanmar...  ගුවන් යානයේ මාධ්‍ය හමුව. වතිකාන මාධ්‍ය අධ්‍යක්ෂ ග්‍රෙග් බර්ක් ද සුදොතුම් පියතුමා අසල සිටියි.  (2017 දෙසැම්බර 3) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය බංගලි දේශ අපෝස්තලික සංචාරය නිමා කරමින් දෙසැම්බර 2 වැනි සෙනසුරාදා පස්වරුවේ ඪකා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් රෝමය බලා පිටත්විය. ම්‍යන්මාවට සහ බංගලි දේශයට එතුමන් කල මෙම සංචාරය එතුමා ඉතාලියෙන් පිටත කල 21 වැනි චාරිකාවයි. ගුවන් යානයේ දී එතුමා සුපුරුදු පරිදි මාධ්‍ය හමුවක් පැවැත්වීය. රෝහින්ග්‍යා ජනතාව ගේ අනාගතය සහ සුදොතුම් පියතුමා ගේ මීළඟ අපෝස්තලික චාරිකා ඔවුන් විමසු ප්‍රශ්න අතර විය. ලබන වසරේ ඉන්දියාවේ සංචාරය කිරීමට හැකිවනු ඇතැයි සුදොතුම් පියතුමා බලාපොරොත්තු පල කළේය. එහෙත් චීනයේ චාරිකාවක යෙදීමට සැලැස්මක් මෙතෙක් නැතැයි ද එය කනගාටුවට කරුණක් බවද එතුමා කීවේය. එතුමා මේ වසරේ බලාපොරොත්තුව සිටියේ ඉන්දියාවේ සහ බංගලි දේශයේ චාරිකා කිරීමටයි. ඉන්දියාවේ කතෝලික සභාව එතුමාට ආරාධනා කර ඇති අතර එරට කතෝලිකයෝ එතුමන් ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිති. එහෙත් අගමැති මෝදී ගේ ආණ්ඩුව එතුමන්ට නිල ආරාධනයක

"අද දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු රෝහින්ග්‍යා ජනතාවයි ": බංගලා දේශයේ දී ලෝකය මවිත කල සුදොතුම් පියතුමා ගේ ප්‍රකාශය (Updated with new information)

Image
“The presence of God today is also called ‘Rohingya" Holy Father says in Bangladesh  (2017 දෙසැම්බර 2) "අද ලෝකයේ දෙවියන් වහන්සේ ගේ වැඩසිටීම යනු රෝහින්ග්‍යායි ජනතාවයි " ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දෙසැම්බර 1 දා බංගලි දේශයේ ඪකාහිදී මේ ප්‍රකාශය කලේ එරටට පැමිණ සිටින සරණාගතයන් පිරිසක් මුණගැසී ඔවුන්ගේ හද කම්පනය කරන ශෝකාන්ත වලට සවන් දීමෙන් පසුවයි.  එතුමා ඔවුන් කිහිප දෙනෙකුට කතා කලේ ඔවුන්ගේ දෑත් සියතින් අල්ලාගෙනයි. ඉන් පසුව කිසිදු සුදානමකින් තොරවම එතුමා  මේ වදන් ප්‍රකාශ කළේය. ඔවුනට සිදු කරණ ලද සියලු නපුරු  කම් වලට එතුමා සමාව ඉල්ලා සිටියේය. එපමනක් නොව ම්‍යන්මාවේ දී කිසිවිටෙකත් භාවිත නොකරන ලෙස එතුමාට උපදෙස් දී තිබූ "රෝහින්ග්‍යා" යන වචනය භාවිත කරමින් ලොව පුරා නිරීක්ෂයන් මවිත කළේය. බංගලි  දේශයේ කාර්ය බහුල දිනයක් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සමාප්තියට පත් කලේ මෙම හමුවෙනි. එම සන්ධ්‍යාව එතුමා ආරම්භ කලේ රික්ෂෝවකින් ඪකා අගරදගුරු නිවසේ උයනට පැමිණෙමිනි. එහිදී එතුමා සර්ව සාමයික හා අන්තර් කිතුනු නායක හමුවකට එක්විය. මුස්ලිම්හි සහ හින්දු පූජක වරුන් ද බෞද්ධ මහා සංඝ රත්නයද 

සුදොතුම් පියතුමා බංගලි දේශයට: "රැඛිනේ පළාතෙන් පැමිණි (රෝහින්ග්‍යා ) සරණාගතයන් ආදරයෙන් පිළිගත්තාට ඔබට ස්තුතියි; අන්තර් ජාතික ප්‍රජාව බංගලි දේශයට අනිවාර්යයෙන් ආධාර කළ යුතුයි" එතුමා අවධාරණය කරයි

Image
In Bangladesh, Pope Francis thanks the nation for the "spirit of generosity and solidarity"; calls for humanitarian aid and political solution for the Rohingya crisis   ජනාධිපති අබ්දූල් හමීඩ් මහතා විසින් පිළිගනු ලැබ .... (2017 නොවැම්බර 30) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ සිට සිය අපෝස්තලික ගමනේ දෙවන අදියර ආරම්භ කරමින් නොවැම්බර 30 වැනිදා පෙරවරු 10 ට පමණ බංගලි දේශයට සැපත් වූයේය. ඪකා අන්තර් ජාතික ගුවන් තොටුපලේදී එතුමන් මහත් හරසරින් පිළිගන්නා ලද්දේ ජනාධිපති අබ්දුල් හමීඩ් මහතා, මැති ඇමතිවරුන් සහ එරට කතෝලික සභා නායකයන් විසිනි. එතුමන් වෙනුවෙන් සම්ප්‍රදායානුකුල ලෙස ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් ද පැවැත්වින. එදින සවස එතුමා ඪකාහි ජනාධිපති මාලිගයේ දී ජනාධිපති  හමීඩ් මහතා මුණගැසුනේය.එහිදී පැවැති උත්සවයේදී පිළිගැනීමේ කතාව කරන ලද්දේ ජනාධිපති හමීඩ් මහතා විසිනි. ඊට පිළිතුරු කතාව කල ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ම්‍යන්මාවේ රෝහින්ග්‍යා ජනතාව ගේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අන්තර් ජාතික ප්‍රජාව "තීරණාත්මක පියවර" ගත යුතු බව අවධාරණය කළේය. එතුමන් කියා සිටියේ මෙම ගැටලුව ද