Posts

Showing posts from January, 2018

සුදොතුම් පිය ගුවන් යානයේ විකසිත වූ ආදරයේ මල් - ගුවනේ දී ගුවන් සේවක යුවලක් ආශීර්වාදකාර බන්ධන (විවාහ) ප්‍රසාද නිධානය ලබති

Image
Holy Father blesses the marriage of two flight attendants aboard the papal plane (2017 ජනවාරි 18) චිලි රටේ ගුවන්දී අද  (ජනවාරි 18) පෙරවරුවේ ආදරයේ මල් පිපුණේය. ඒ ප්‍රේමයේ කුසුම් විකසිත වීමට ආශීර්වාදය දානය කරන ලද්දේ නිතර අනපේක්ෂිත දේ කරමින් ලොව මවිත කරන ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා විසිනි. මේ අනුව ගුවන් යානයක් තුළ කතෝලික විවාහ මංගල මෙහෙයක් සිදුකළ ප්‍රථම පාප්වහන්සේ ලෙසද එතුමා ඉතිහාසයට එක්වේ. එතුමන් විසින් ආශීර්වාදකාර බන්ධන (විවාහ) සක්‍රමේන්තුවට ඇතුළත් කරන ලද්දේ ලෑටෑම් (LATAM) ගුවන් සේවාවේ ගුවන් සේවිකා -සත්කාරක  යුවලකි. 39 හැවිරිදි ගුවන් සේවිකා පාවුලා රුවිස් සහ 41 හැවිරිදි සත්කාරක කාලෝස් සියුෆාදි එලොරියාගා එම යුවලයි. සිවිල් නීතිය යටතේ විවාහ වී සිටි ඔවුහු  අවුරුදු 8ක් එකට ජීවත් වෙමින් සිටියහ. ඔවුන්ට රෆායෙලා සහ ඉසබෙලා නමින් දූවරු දෙදෙනෙක් ද සිටිති. එහෙත් මෙතෙක් ඔවුන් "පල්ලියෙන් විවාහ වී" තිබුනේ නැත.  සුදොතුම් පියතුමා ඇතුළු පිරිස රැගත් ලෑටෑම් ගුවන් යානය චිලියේ එක් නගරයක සිට තවත් නගරයක් වෙත ගමන් කරමින් තිබිණ. ඒ වන විට යානය අඩි 36,000ක් ඉහල අහසේ ගමන් කරමින් තිබුණේය. සාම්ප්

පූජකවරුන් ගේ ළමා අපචාර වලින් හටගත් "පිළියම් කල නොහැකි හානිය" වෙනුවෙන් සමාව ඉල්ලීම යුතුයි : සුදොතුම් පියතුමා චීලියේ දී කියයි

Image
Pope Francis begins Apostolic Visit in Chile  expressing  'pain and shame' over clergy abuse  සුදොතුම් පියතුමන් චීලි ජනාධිපතිනිය විසින් පිළිගනු ලැබ ... (2017 ජනවාරි 16) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චීලි රාජ්‍යයේ අපෝස්තලික ගමන ආරම්භ කරමින් එරට කතෝලික සභාව අපකීර්තියට පත් කර ඇති ප්‍රධානම ප්‍රශ්නය ගැන කෙලින් කතා කළේය. එම ප්‍රශ්නය නම් එරට පූජකවරුනට එරෙහිව එල්ල වී ඇති ළමා ලිංගික අපචාර චෝදනායි. "මෙම පිළියම් කල නොහැකි හානියෙන් හටගත් ලැජ්ජාව ගැන මාගේ   දැඩි වේදනාවත් ලජ්ජාවත් ප්‍රකාශකිරීමට මා බැඳී සිටින බව හැඟෙන්නේ" යයි එරට තුල සිය ප්‍රථම කතාව කරමින්ම සුදොතුම් පියතුමා කීවේය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චිලියේ කරන සංචාරයේ  කළ ප්‍රථම සම්පුර්ණ දිනය අදයි (ජනවාරි 16). අද පෙරවරුවේ එරට ජනාධිපති මාලිගාවේදී ජනාධිපති මිචෙල් බැචේලෙට් මහත්මිය විසින් එතුමා මහත් හරසරින් පිළිගැණින. ඉන් අනතුරුව එතුමා  එහි පැවැති රාජ්‍ය පිළිගැනීමේ සභාව අමතා කතා කළේය. මෙම සභාවට එරට හිටපු  ජනාධිපති, වත්මන් ජනාධිපති සහ මීළඟ ජනාධිපති යන තිදෙනා  ද මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධ

සුදොතුම් පියතුමා තවත් අභියෝගාත්මක අපෝස්තලික ගමනක: චීලි සහ පීරු රටවල සංචාරයේ වැළලී ඇති 'බිම් බෝම්බ'

Image
Hot spots in Pope Francis' Apostolic Visit to Chile and Peru  පීරු රටේ ඇමේසන් වනාන්තරයක ජීවත්වන යගුවා ගෝත්‍රිකයෙක් (Vatican News) (2018 ජනවාරි 14) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුර කාලයේ 22 වන විදේශ අපෝස්තලික ගමන ජනවාරි 15 වන සඳුදා ආරම්භ කරයි. මෙවර එතුමා ගමන් කරන්නේ දකුණු ඇමෙරිකාවේ චිලි සහ පීරු රාජ්‍ය වලටයි. මෙය එතුමා සිය මහාද්වීපය වන ලතින් ඇමෙරිකාවට කරන 6 වැනි චාරිකාවයි. ලතින් අමෙරිකාවේ රටවල් අතරින්  එතුමා මෙතෙක් බැහැදැක නැත්තේ සිය මව්රට වන ආජන්ටිනාව හා උරුගුවේ රාජ්‍යයයි. මෙවර චිලි බලා යන ගමනේ දී එතුමා පියාසර කරන්නට නියමිතව ඇත්තේ ආර්ජන්ටිනාවට ඉහළිනි. ආජටිනාවට ඉහලින් පියාසර කරද්දී එතුමා එරටට කවර පණිවිඩයක් ලබා දෙනු ඇත්දැයි විචාරකයන් බලා සිටිනු ඇත. රෝමයේ සිට පැය 16ක ගුවන් ගමනකින් පසුව ජනවාරි 15 වනදා සන්ධ්‍යාවේ එතුමා චීලියේ සන්තියාගෝ අගනුවරට  සැපත්වීමට නියමිතයි. සුදොතුම් පියතුමා අපෝස්තලික ගමන්  සඳහා යන බොහෝ රාජ්‍ය ඉතා පරෙස්සමින් පා තැබිය යුතු 'බිම් බෝම්බ යායවල්'ය යන්න විචාරකයන් ගේ මතයයි. චීලි සහ පීරු මෙම කාණ්ඩයෙන් වෙනස් නොවේ. අයිතිවාසිකම් අහිමිව අරගලයක යෙදී

රෝමයේ දුප්පතුන්ට සුදොතුම් පිය වියදමින් සර්කස් දැක්මක් සහ වෛද්‍ය සායනයක්

Image
Pope Francis gives joy of circus to Rome’s poor රෝමයේ සක්සා රුබ්රා කලාපයේ පිහිටි "මෙද්‍රිනෝ සර්කස්" ශාලාව (2018 ජනවාරි 12) රෝමයේ වෙසෙන දුප්පත් හා අසරණ ජනතාවගේ විනෝදය වෙනුවෙන් සිය වියදමින් සර්කස් දැක්මක් ලබා දීමට ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඊයේ  (ජනවාරි 11බ්‍රහස්පතින්දා) කටයුතු කළේය. එතුමන් වෙනුවෙන් එය සංවිධාන කර ක්‍රියාත්මක කරන ලද්දේ සුදොතුම් පිය දයා සේවා කාර්යාලය විසිනි.  රෝමයේ ජනප්‍රිය සර්කස් දැක්මක් වන "මෙද්‍රිනෝ සර්කස්"  හි බ්‍රහස්පතින්දා දහවල් දර්ශනය සුදොතුම් පියතුමන් ගේ විශේෂ අමුත්තන් - එනම් රෝමයේ  සමාජ හා ආර්ථික පර්යන්ත වල ජීවත්වන ජනයා - වෙනුවෙන් වෙන්කර තිබිණි. ඊට සහභාගී වන ලෙස දුප්පතුන්ට ආරාධනා පත් යවා තිබුනේ සුදොතුම් පිය දයා සේවා කාර්යාලයේ ප්‍රධානි කොන්රඩ් ක්‍රජෙව්ස්කි අගරදගුරු හිමිපාණන් විසිනි. එදින සර්කස් ශලාව තුළ තීබූ 2100 වන සියලු ආසන මෙම විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කිරීමට සර්කස් සංදර්ශනයේ හිමිකරු ෆැබ්‍රිසියෝ ග්‍රන්දි පියවර ගෙන තිබිණි. එම විශේෂ දර්ශනය ඔහු හැඳින්වූයේ සුදොතුම් පියතුමා ගේ දුප්පතුන් වෙනුවෙන් පෙන්වනු ලබන "සහෝදරත්වයේ සර්කස්

"ඔබ ඔබේ ප්‍රසාද ස්නාපන දිනය උත්සවාකාරයෙන් සමරනවාද?" සුදොතුම් පියතුමා අසයි. "නැතිනම්, එය සමරන්න පටන් ගන්න. එය කිතුනුවාගේ අනන්‍යතාවයි"

Image
"Do you celebrate your Baptism Day?" Pope asks Christians on the Feast of the Baptism of the Lord (2018 ජනවාරි 07) ඔබ ඔබේ උපන් දිනය සතුටින්, උත්සවාකාරයෙන් සමරනවා නිසැකය. එහෙත් ඔබේ ප්‍රසාද ස්නාපන දිනය එසේ සමරනවාද? අඩුම තරමින් ප්‍රසාද ස්නාපන දිනය ඔබ  දන්නවාද? කිතුනුවකු ගේ ප්‍රසාද ස්නාපන දිනය උපන් දිනයටත් වඩා වැදගත් දිනයක් බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. "ප්‍රසාද ස්නාපනය ලැබූ ඒ මොහොත කිතුනුවකු සිය අනන්‍යතාව ලබාගත් මොහොතයි. එය  දෙවියන් වහන්සේ ගේ පව් සමාවේ  සහ දේව වරප්‍රසාදීය නදියේ අප  ගිලී පිවිතුරු වූ මොහොතයි. මේ නිසා එම දිනය අමතක කිරීම නිසා  ජේසු සමිඳුන් අප වෙනුවෙන් කල දේ මතකයෙන් ගිලිහී යාමේ අනතුරට වුවද ලක්විය හැකියි" යයි එතුමා පෙන්වා දෙයි. ජනවාරි 7 වැනි ඉරිදා දහවල් තුන්කාල ආරාධනා මරිය යැදුමට එක්වෙමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේය. මෙදින තුන්කාල ආරාධනා යැදුමේ භාවනාවට  එතුමා විෂය  කරගත්තේ මෙදින සමරන ලද ජේසු සමිඳුන් ගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයේ සිද්ධියයි. ජනවාරි 7 වැනි ඉරිදා සමරන ලද මෙම මංගල්‍යයත් සමග නත්තල් සමය නිමාවට පත්වෙයි. මීට කලින

යුද්ධයේ බියකරුබව පෙන්වන සුදොතුම් පියතුමාගේ තැපැල්පත

Image
Vatican issues Pope's postcard illustrating the horror of war (2018 ජනවාරි 4) වසර 2017 අවසන් වූයේත් 2018 ආරම්භ වූයේත් තවත් යුද්ධයකට හඬ ගසන හඬ ලොව ඇතැම් පෙදෙස් වලින් ඇසෙමිනි. මේ නිසා යුද්ධයේ බියකරු බව හා  ජනතා හදවත් තුළ නැගෙන සාමයේ ප්‍රාර්ථනා ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේ වසර අවසාන සිතිවිලිවලට හා යාච්ඥා වලට එකතු වී තිබිණි. කතෝලික සභාව ජනවාරි පළමුවැනි දින සමරන්නේ ලෝක සාම දිනය ලෙසය. මේ සියල්ල පසුබිමේ තිබියදී, ලෝක සාම දිනයට දින දෙකකට කළින්, එනම් දෙසැම්බර 30 වනදා,  සුදොතුම් පියතුමා වතිකාන ජනමාධ්‍ය කාර්යාලය හරහා බෙහෙවින් අසාමාන්‍ය පියවරක් ගත්තේය. එනම්, යුද්ධයේ බිහිසුණු බව හා ශෝකාන්තය චිත්‍රණය වන පින්තූර තැපැල් පතක් බෙදා හැරීමයි. මෙම තැපැල් පතේ මුද්‍රණය කර ඇත්තේ 2 වන ලෝක මහ යුද්ධය අවසානයේ ජපානයේ නාගසාකි නුවරට පරමාණු බෝම්බය හෙළීමෙන් පසුව ගන්නා ලදුව ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ සේයාරුවකි. පරමාණු බෝම්බයෙන්  ගිනිගෙන දැවී කාල වර්ණ වූ පොලොව  මත දස හැවිරිදි දරුවෙක් සිටගෙන සිටියි. ඔහුගේ පසුබිමින් පෙනෙන්නේ බෝම්බයේ කාල වර්ණ දුමාරයයි. මේ පිරිමි දරුවා පුංචි දරුවකු ගේ මළ සිරුර සිය කරේ එ