Posts

Showing posts from October, 2015

"න්‍යෂ්ටික අවි තහනම් කරන්න" ශුද්ධාසනය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි

Image
"Abolish nuclear weapons" - Holy see tells UN  (2015 ඔක්තෝබර 31) ලෝකයෙන් යුද්ධය තුරන් කරන්නැයි ද සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කරන්නයි ද ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජාතීන් ගේ සංවිධානය අමතා කල ඉල්ලීම සිහිපත් කරන ශුද්ධාසනය (වතිකාන රාජ්‍යය), ලෝකයෙන් න්‍යෂ්ටික අවි තුරන් කිරීමට පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටියි. එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නියෝජිත අති උතුම් බර්නාඩිටෝ ඖසා අගරදගුරු හිමිපාණන් ඉකුත් ඔක්තෝබර 16 වන දා ජගත් සංවිධානය අමතමින් මෙම ප්‍රබල ඉල්ලීම කළේය. "යුද්ධය ගැටුම් නිරාකරණය නොකරන බවත්, යුද්ධයට ගැටුම් නිරාකරණය කල නොහැකි බවත් විසි එක්වන සියවස දිග හැරෙමින් තිබිය දී අපට වඩ වඩාත් පැහැදිලි වෙමින් තිබේ" යි වතිකාන තානාපතිවරයා සිය ප්‍රකාශය ආරම්භ කරමින් කියා සිටියේ ය. යුද්ධ හා ගැටුම් නිරාකරණය කල හැකි විකල්ප මාර්ග රැසක් ඇති බව එතුමා පෙන්වා දුන්නේ ය. ගැටුම් වැළක්වීමේ මාර්ග හා ක්‍රමවේද, සාම සාධනය හා සාමය ගොඩනැගීම මෙලෙස භාවිත කිරීම සඳහා අප සතුව ඇති විශිෂ්ටම උපකරණ කිහිපයකි. ඒවා අප දැනට භාවිත කරනවාට වඩා වැඩියෙන් හා පූර්ණ වශයෙන් යොදා ගත යුතුව තිබේ

"ජනතාවගේ අරගල නොසලකා හරින ආධ්‍යාත්මිකත්වය වැලිකතරක් සේ නිසරුයි; වියළියි" - සිනොඩ් සමාප්ති දිව්‍ය පුජාවේ දේශනය

Image
Closing the Synod Pope says: Spirituality that ignores people's struggles is arid; creates desserts rather than becoming an oasis  (2015 ඔක්තෝබර 28) විශ්වාසික ජනතාවගේ ජීවිත ගමනේ දී ඔවුන් සමග එක්ව ගමන් කරන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලෝකයේ රදගුරු හිමිවරු ගෙන් ඉල්ලා සිටිති. "මායාවේ ආධ්‍යාත්මිකත්වයට" හෝ "වට්ටෝරුගත විශ්වාසයට" හසු නොවන්නැයි උන්වහන්සේ එතුමන්ලාට අනතුරු අඟවති. පුජකවරුන් ගේ යුතුකම වන්නේ විශ්වාසික ජනතාව කැටුව යාමත්, විශේෂයෙන් දුක්වේදනා සහ අර්බුදකාරී අවස්ථාවල දයාව රැගෙන යන්නන් බවට පත්වීමත් බව උන්වහන්සේ පෙන්වා දෙති. පවුල පිලිබඳ ලෝක රදගුරු සිනොඩ් කතිකාව පරිසමාප්තියට කරමින් ඔක්තෝබර 25 වැනි ඉරිදා වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවැති හවුල් ගායනා පුජාවේ ධර්ම දේශනාව කරමින් පාප් වහන්සේ මේ බව පැවසුහ. මෙදින පාප් වහන්සේ ගේ ධර්ම දේශනාවට පාදක වුයේ ඉරිදා සුබ අස්නෙන් කියවුණු ජේසු සමිඳුන් ජෙරුසලෙමට යන ගමනේ දී බාර්තිමේයස් නම් අන්ධ සිඟන්නා සුවපත් කිරීමේ අවස්ථාවයි. "ජේසු සමිඳුන් තම ජීවිතයේ වැදගත් ම ගමන යමින් සිටියදී පවා, එය නොතකා, බාර්තිමේයස් ගේ

සිනොඩ් කතිකාවේ අරමුණ පවුලේ වැදගත්කම යලි තහවුරු කිරීමයි - සමුළුව අවසන් කරමින් සුදොතුම් පියතුමා කල ප්‍රකාශය

Image
"Synod was about affirming family, indissoluble marriage" - Holy Father's remarks at the closing of the Synod (2015 ඔක්තෝබර 28) පවුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවේ අරමුණ වූයේ පවුල මුහුණ දෙන ගැටළු වලට විසඳුම් සෙවීම නොව, දේව කැමැත්ත, ශුද්ධ ලියැවිල්ල සහ දෙදහස් වසරක සභා සම්ප්‍රදායේ ආලෝකයෙන් එම ගැටළු හා අභියෝග දෙස බැලීම යැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසති. සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ඉකුත් සෙනසුරාදා (ඔක්තෝබර්  24 වනදා) සිනොඩ් කතිකාවේ සමාප්ති දේශනය කරමිනි. මෙම කතිකාව  ඔක්තෝබර 4 වනදා සිට 24 වනදා දක්වා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී පැවැත්වින. පාප් වහන්සේ ගේ දේශනයට පෙර, කතිකාවේ දී සිනොඩ් පියවරුන් එළැඹුණු නිගමන ඇතුලත් සමුළු ප්‍රකාශනයට ඡන්දය විමසනු ලැබිණ. ප්‍රකාශනයේ සඳහන් සියළු වගන්ති, ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකේ ඡන්දයෙන් අනුමත විය. (ඒ පිලිබඳ කතාව වෙනම ප්‍රවෘත්තියක සඳහන් වේ.) "සිනොඩ් සමුළුවේ අරමුණ වූයේ පවුල නමැති ආයතනයේ වැදගත්කමත්, පිරිමියකු හා ගැහැනියක අතර ඇති වන විවාහයේ වැදගත්කමත්  වටහාගෙන, එය අගය කරන  ලෙස සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටීමයි; විවාහයේ එක්සත

සිනොඩ් කතිකාවේ ප්‍රතිඵලය: විනිශ්චය නොකරන, සවන් දෙන කැටුව යන සභාවක්

Image
The outcome of the Synod: A non-judgmental, listening, accompanying Church  (2015 ඔක්තෝබර 26) "සභාවේ මුලික යුතුකම වන්නේ විනිශ්චය කිරීම හෝ පිළිකුල ප්‍රකාශයට පත් කිරීම නොව දෙවියන් වහන්සේ ගේ අසීමිත වූ දයා කරුණාව ප්‍රකාශ කිරීමය". සති තුනක් පුරා වතිකානයේ සවැනි පාවුළු ශාලාවේ දී මුළු දුන් පවුල පිලිබඳ රදගුරු සිනොඩ් සමුළුව ඉකුත් සෙනසුරාදා (ඔක්තෝබර 24 වන දා ) අවසන් විය. කතිකාව අවසානයේ සිනොඩ් නිගමන ඇතුලත් ප්‍රකාශ පත්‍රය සඳහා ඡන්ද විමසීමෙන් පසුව   සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිනොඩ් පියවරුන් - කාදිනල් හිමිවරුන්, රදගුරු-අගරදගුරු හිමිවරුන්, පුජාප්‍රසාදිවරුන්, පැවිදිවරුන් -පවිදිවරියන් හා ගිහි සාමාජිකයන් - අමතමින් මේ බව පැවසුහ. සති තුනක සාකච්ඡා, වාද විවාද වලින් පසු ඇති කරගත් නිගමන සභාවේ ඉගැන්වීම් වලට මුළුමනින්ම අනුකුල වන අතර ඒවා සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ගේ දැක්මට හා එතුමන් ගේ "දේව දයා කරුණාවේ" කේන්ද්‍රීය පණිවිඩය ද අනුමත කරන ඒවා බව වතිකාන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. සිනොඩ් සමුළුව නූතන ලෝකයට අවශ්‍ය වන ගැටළු කිහිපයකට - එනම්, දික්කසාද වූ කතෝලිකයන් හා සමලිංගිකයන් ගේ

ගිහියා, පවුල සහ ජීවිතය වෙනුවෙන් නව වතිකාන දෙපාර්තමේන්තුවක්

Image
A new Vatican office created, combining laity, family and life issues  (2015 ඔක්තෝබර 23)   ගිහියා, පවුල සහ ජීවිතය වෙනුවෙන් නව වතිකාන කාර්යාලයක් පිහිටුවීමට සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර තිබේ. මෙම කාර්යාලයට රෝම ක්‍යුරියාව තුළ පවතින දෙපාර්තමේන්තුවක (Dicastery ) බලතල හිමිවනු ඇත. ඔක්තෝබර 22 වන බ්‍රහස්පතින්දා රදගුරු සිනොඩ් කතිකා සැසිය ආරම්භයේ පාප් වහන්සේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළහ. "ගිහියා, පවුල සහ ජීවිතය යන කරුණු සඳහා නීත්‍යනුකුල බලය සහිත  දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට මා තීරණය කර තිබෙනවා. මේ නව දෙපාර්තමේන්තුව මගින් දැනට පවතින ගිහියා සඳහා වූ ශුද්ධාසන මන්ත්‍රණ සභාව සහ පවුල සඳහා වූ ශුද්ධාසන මන්ත්‍රණ සභාව ප්‍රතිස්ථාපනය කරනු ඇති" යි සුදොතුම් පියතුමා දැනුම් දුන්නේ ය. මීට අමතරව දැනට පවතින ජීවිතය පිලිබඳ පාප් වහන්සේ ගේ ආයතනය ද නව දෙපාර්තමේන්තුවේ කොටසක් බවට පත් වනු ඇත. සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මෙම තීරණය ගෙන ඇත්තේ වතිකාන පරිපාලන ව්‍යූහය වන රෝම ක්‍යුරියාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එතුමන් විසින් පත් කරන ලද සාමාජිකයන් නව දෙනකුගෙන් සමන්විත කාදිනල් මණ්ඩලයේ නිර්දේශය අ

පවුල පිලිබඳ රදගුරු කතිකාව මතභේද මැද එකඟත්වයකින් තොරව අවසන් වේවිද?

Image
Synod ends where it began, in disagreement  (2015 ඔක්තෝබර 22) ප වුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාවේ කාලය අවසන් වෙමින් තිබේ. එහෙත් අතිශය වැදගත් කරුණු කිහිපයක් ගැන තීරණයකට එළඹීමට රදගුරු හිමිවරුනට තවමත් නොහැකිවී තිබේ. මේ නිසා, සිනොඩ් සමුළුව පටන් ගත් තැනින් ම, එනම් එහාන්ගත්වයක් නොමැතිවම මෙම සමුළුව අවසන් වන බවට ලකුණු පහල වී තිබේ. පවුලට සම්බන්ධ කරුණු රැසක් ගැන රදගුරු හිමිවරුන් එකඟත්වයකට එළඹ ඇති නමුදු කරුණු දෙකක් ගැන ඔවුහු තවමත් වාද කරමින් සිටිති. එනම් දික්කසාද වී සිය විවාහය නිල වශයෙන් සභාවෙන් අහෝසි කර නොගන්නා අයට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දානය කිරීම හා සමලිංගිකයන් ගැන කතා කිරීමේ දී භාවිත කල යුතු භාෂාව යන කරුණු දෙක ගැන ඔවුහු තවමත් වාද විවාද කරමින් සිටිති. ඉකුත් ඔක්තෝබර 4 වැනිදා ආරම්භ වූ පවුල පිලිබඳ සිනොඩ් සමුළුව ලබන ඉරිදා අවසන් වේ. සිනොඩ් සමුළුවේ දී අවධානය යොමු වන්නේ දික්කසාද  වුවන් ගේ ප්‍රශ්නය සහ සමලිංගික ප්‍රශ්නය කෙරෙහි පමණක් නොවන බව  පාප් වහන්සේ සේම දගුරු හිමිවරු  ද පවසති. එහි අරමුණ මාධ්‍ය වල අවධානය එම ප්‍රශ්න වලින් ඉවතට ගැනීමයි. එහෙත් සිනොඩ් පියවරුන් මෙතෙක් එකඟත්වයකට එළැඹ නැත්තේ ද එ

ආගම ත්‍රස්ත විරෝධී බලව්ගයක් මිස ත්‍රස්තවාදයේ උල්පතක් නොවේ - වතිකානය එක්සත් ජාතීන්ට කියයි.

Image
Genuine religious faith is a powerful force against terrorist savagery - Holy See tells UN  (2015 ඔක්තෝබර 21) අව්‍යාජ ආගමික විශ්වාසය ත්‍රස්තවාදයේ ම්ලේච්ඡත්වයට එරෙහි බලවේගයක් බව ශුද්ධාසනය (වතිකාන රාජ්‍යය) එක්සත් ජාතීන් ගේ සංවිධානයේ දී ප්‍රකාශ කරයි. "ඇත්ත වශයෙන් ම අව්‍යාජ ආගමික විශ්වාසය එක්සත් බවේ හා සමගියේ උල්පතක් වන අතර මුලධර්මවාදී ත්‍රස්තවාදයට එරෙහි ශක්තියක් ද වේ. ප්‍රචණ්ඩකාරී නොවන මාර්ග වලින් සිය දුක්ගැනවිලි ඉදිරිපත් කොට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ආගමික විශ්වාසය තනි තනිව එක් එක් පුද්ගලයාවත් සමාජයත් දිරි ගන්වයි." එක්සත් ජාතීන් ගේ වතිකාන නිත්‍ය නිරීක්ෂක (තානාපති) අති උතුම් බර්නාඩිටෝ ඖසා අගරදගුරු හිමිපාණන් මේ බව කියා සිටියේ ජගත් සංවිධානයේ ප්‍රති ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග සොයාබැලීමේ කමිටුව අමතමිනි. ඉකුත් ඔක්තෝබර 14 වන දා එතුමා සිය ප්‍රකාශය ඉදිරිපත් කලේ ය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම සඳහා කිසිදු විටෙක ආගම හේතුවක් කර නොගන්නැයි සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ලොව සියලුම ආගමික ජනතාවගෙන් හා නායකයන්ගෙන් කිහිප වතාවක් ම ඉල්ලා ඇති බව ද එතුම සිහිපත් කලේය. "පසුගිය වසර තු

සාන්ත තෙරේසා තුමියගේ මාපියන් ශුද්ධවරයට එසවූ සුවපත්වීමේ ප්‍රාතිහාර්යය

Image
The Miracle behind the Canonization of the Parents of The Little Flower of Jesus   සාන්ත පීතර බැසිලිකාව මත ප්‍රදර්ශනය කර තිබූ ශු.මාටෑන් යුවලගේ රුව සහිත ධජයක්  (2015 ඔක්තෝබර 19) ස්පාඥ්ඥ ජාතික සත් හැවිරිදි කාමන් දියණිය සතුව සොඳුරු විශ්මය ජනක කතාවක් තිබේ. "සග හොබවන මල් ගොමුවේ ජේසු නෙලූ කුඩා මල" ලෙස හැඳින්වෙන  ලිසුවෙක්ස් හි සාන්ත තෙරේසා තුමිය ගේ දෙමාපියන්-එනම් භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් යුවල - සාන්තුවරයට එසවීමට ඉවහල් වූ ප්‍රාතිහාර්යය මේ දියණියට සම්බන්ධ වී තිබේ. ලක්ෂ සංඛ්‍යාත  වන්දනාකරුවන් පිරිසක ගේ සහභාගීත්වයෙන් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයේ ඊයේ (ඔක්තෝබර 18 ඉරිදා) පැවැති දිව්‍ය පූජාවේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ විසින් භාග්‍යවන්ත ලුවී සහ සෙලී මාටෑන් දෙමාපිය යුවල සාන්තුවරයට ඔසවන ලදී. මේ අනුව කතෝලික සභාව විවාහක යුවලක් එකට සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කල ප්‍රථම වතාව ලෙස මෙය ඉතිහාසයට එක් වනු ඇත. එහෙත් වඩා වැදගත් වන්නේ මේ යුවල සාන්තුවරයට එසවීමට පාදක වූ වෛද්‍ය විද්‍යාවෙන් විස්තර කල නොහැකි වූ ප්‍රාතිහාර්යයේ කතාවයි. එම කතාව ඇගේ දෙමාපියන් වතිකානයේ දී CNA ප්‍රවෘ

"අපගේ අධිකාරීත්වය සේවයේ අධිකාරීත්වයක් පමණි" සුදොතුම් පියතුමා සිනොඩ් පියවරුන්ට අවධාරණය කරයි

Image
"The only Authority is the authority of service" : Pope tells Synod bishops  (2015 ඔක්තෝබර 18) "ගමන් මග දිගේ සේවය මගින් සිය සොයුරු සොයුරියන්ට උපකාර කිරීමට තරම් තමන් 'පහත්' කරගන්නා අය සභාවට අවශ්‍යව තිබේ. .....එකම බලය කුරුසියේ බලයයි. එකම අධිකාරීත්වය සේවාවේ අධිකාරීත්වයයි......කතෝලික සභාවේ ධූරානුක්‍රම සේවාවට ආලෝකය ලබා දෙන්නේ ක්‍රිස්තු සමිඳුන් වදාළ අනුශාසනයයි. එනම් 'ඔබ අතරේ ශ්‍රෙෂ්ඨයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ සේවකයා වේවා. සියල්ලන් අතර ප්‍රථමයා වීමට කැමැති තැනැත්තේ සියල්ලන් ගේ වහලා වේවා.' යන්නයි. උන්වහන්සේ ගේ මෙම ප්‍රකාශය තුළ කතෝලික සභා අබිරහසේ හදවතට  අපි පිවිසෙමු." සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ ගැඹුරු ප්‍රබල වදන් ප්‍රකාශ කලේ වතිකානයේ දී ඊයේ (ඔක්තෝබර් 17) පැවැති වැදගත් සභා සංවත්සර උත්සවයකට සහභාගී  වෙමිනි. එනම්  රදගුරු සිනොඩ් කතිකාව ආරම්භකර වසර 50ක් සපිරීමේ සංවත්සරයයි. 1965 සැප්තැම්බර් 15 වැනිදා රදගුරු සිනොඩ් සමුළුවට මුල පුරන ලද්දේ ශු. සවැනි පාවුළු පාප්තුමන් විසිනි. දෙවැනි වතිකාන කතිකාවේ දී එළඹුණු තීරණයකට අනුව එම කතිකාව අවසානයේ සිනොඩ

"මෙය ඇත්තෙන් ම ප්‍රාතිහාර්යයක්!" ISIS ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් ගැලැවී පලා ආ සිරියානු ජාතික පියතුමාගේ කතාව

Image
"It's truly a miracle!" Kidnapped Syrian priest escapes from ISIS ISIS වෙතින් ගැලවීමට හැකි වූ මවුරාඩ් පියතුමා (2015 ඔක්තෝබර 15) ඉස්ලාමීය රාජ්‍ය හෙවත් ISIS (අයිසිස්) ත්‍රස්තවාදීන් ගේ අත්අඩංගුවේ  පසු වූ සිරියානු පියතුමෙක් එම ග්‍රහණයෙන් ගැලවී පලා ඒමට ඉකුත් දා සමත් විය. එතුමා පවසන්නේ මෙය ප්‍රාතිහාර්යයක් බවයි. දේවමාතාවන් වන මරිය වහන්සේ ගේ මැදිහත්කමින් මෙය සිදු වූ බව පවසන එතුමා ඊට උදව් වූ මුස්ලිම් මිතුරෙකුට ද සිය කෘතවේදීත්වය පල කරයි. මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දුන්නේ සිරියාක් කතෝලික පියතුමකු වන ගරු ජාක්  මවුරාඩ් පියතුමා ය. එතුමා සිරියාවේ අල කර්යාටේන් නගරයේ තිබුණු මාර් එලියාන් තාපසාරාමයේ නායක පියතුමා විය. මේ වසරේ මැයි 21 වැනි දා ISIS සටන්කරුවෝ තාපසාරාමයට පැමිණියහ. එහිදී ඔව්හු මවුරාඩ් පියතුමා සමග තවත් තරුණයකු අත්අඩංගුවට ගත්හ. "පළමු දින හතරේ අප සිටියේ කඳුකරයේ යි. තාපසාරාමයේ සිට අපව ගෙන ආ මෝටර රථයේ දමා අපව සිර කර තිබුනා" යි පියතුමා ඉතාලියේ TV 2000 සේවාවට පවසා තිබිණි. "අගෝස්තු 11 වනදා අපව පැල්මයිරා ප්‍රදේශයට රැගෙන ගියා. අල් කර්යාටේන් නගරයෙන් පැහැරගත් තවත්

'ගෙදරක් නැති' ප්‍රජාවට සුදොතුම් පියතුමාගෙන් නිවහනක්

Image
Pope's dormitory for Vatican's homeless is inaugurated  (2015 ඔක්තෝබර 12) වතිකානයේ 'ගෙදරක් නොමැති' (Homeless) ජනයා වෙනුවෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ ඉල්ලීම හා දායකත්වය මත ඉදිකරන ලද නිවහන 'අමුත්තන්' සඳහා දැන් විවෘතව තිබේ. පාප් වහන්සේගේ දාන කාර්යාලය ප්‍රකාශ කරන්නේ එය විවෘත කර දැනට දින කිහිපයක් ගත වී ඇති බවයි. මෙම නිවහනේ ගෙදරක් නොමැති පුද්ගලයන් 34 දෙනෙකුට රාත්‍රියට නිදන පහසුකම් තිබේ. රෝමය අධික ලෙස සීතල වන ශිශිර රිතුවේ දී ගෙදරක් නොමැති ජනයාට රාත්‍රියට මෙය සිය 'ගෙදර' වනු ඇත. කුතුහලයෙන් පිරුණු ජන මාධ්‍ය ඇතුළු සියලු ඇස් වලට හොර රහසේ ඉකුත් දා එහි නිල විවෘත කිරීම සිදුවිය. මෙම තොරතුරු හෙළිවන්නේ පාප් වහන්සේ ගේ දයා සේවා කාර්යාලය විසින් ඊයේ   (ඔක්තෝබර 12)  නිකුත් කරන ලද නිවේදනයකිනි. "රෝමයේ සාන්තෝ ස්පිරිතෝ රෝහල අසල පිහිටි 'වියා දෙයි පෙනිටෙන්සියෙරි' හි දී 'ගෙදරක් නැති ප්‍රජාව' සඳහා වූ නිදන ශාලාවක් මීට සතියකට පෙර විවෘත කරන ලදී' යි එම නිවේදනයේ සඳහන් වෙයි. "එය නිල වශයෙන් විවෘත කෙරුනේ ජපමාල මාතා වහන්සේ ගේ මංගල්‍යය සැමැරුණු

ජපමාලය - නපුරට එරෙහි ප්‍රතිශක්තිය

Image
Don't SAY the rosary; PRAY it (2015 ඔක්තෝබර 6) මේ ජපමාල මාසයයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජපමාලය දේව වරම් වැසි වස්වන විශ්මිත යාච්ඥාවක් බව වතිකානයේ සිටින දොමිනිකාන පියනමක් පෙන්වා දෙයි. එතුමා පවසන්නේ, සිය ජීවිත තුළ සැබෑ පරිවර්තනයක් සිදුවීමට අවශ්‍ය නම්, කිතුනුවන් හුදෙක් ජපමාලය 'කියන්නේ නැතිව', එහි ඇති භාවනාත්මක යැදුම් අගය අවබෝධ කරගත යුතු බවයි. ජපමාලය -නිසි ලෙස යදින්නේ නම් - එය අපගේ පෞද්ගලික ජීවිතයට දේව වරප්‍රසාද රැසක් වස්වයි. එහෙත් ගතවූ දශක කිහිපය තුළ එය නිවැරැදිව උගන්වනු ලැබුවේ නැත. ඒ නිසා බොහෝ දෙනෙකු කලේ එය 'ඔහේ කීමය'. මේ නිසා එය බැතිමත් යැදුමක් වූයේ නැත. මේ නිසා එයින් දේව වරප්‍රසාද ගලා ආවේ නැත. මෙසේ පවසන්නේ දොමිනිකාන නිකායික ගරු බැසිල් කෝල් පියතුමා ය. එතුමා වොෂින්ටන් නුවර දොමිනිකාන අධ්‍යාපන ආයතනයේ ශිල ධර්මය, ආධ්‍යාත්මිකත්වය හා දේවධර්මය පිලිබඳ කථිකාචාර්යවරයෙකි. ජපමාලය පිළිබඳ දේශකයකු හා ප්‍රවර්ධකයකු වන මෙම පියතුමා ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් ජපමාල කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස ද සේවය කරයි. පහත සඳහන් වන්නේ ජපමාලය යාච්ඥා කරන ආකාරය ගැන එතුමා කල දේශනයේ සාරාංශයකි.

තුර්කිය හා මැදපෙරදිග වෙනුවෙන් වතිකානයේ දී යැදුම්

Image
Pope prays for Turkey and the Middle East පිපිරීමන් තුවාල ලද කාන්තාවක් සැනසීමට උත්සාහ කරන තුවාල ලද මිනිසෙක්  (2015 ඔක්තෝබර 11) තුර්කියේ බෝම්බ පිපිරීමන් විපතට පත් වූ සියල්ලන් වෙනුවෙන් සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය හද පත්ලෙන් ම නැගෙන ශෝකය ප්‍රකාශ කරති. තුන්කාල ආරාධනා මරිය යැදුම සඳහා සාන්ත පීතර චතුරශ්‍රයට ඊයේ (ඔක්තෝබර 11 ඉරිදා) දහවල් රැස්වූ වන්දනකාරුවන් හමුවේ පාප් වහන්සේ මේ බව කියා සිටියහ. ඔක්තෝබර 10 වන සෙනසුරාදා අන්කාරා නුවර පැවැති විපක්ෂ පෙළපාලියකදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදීහු දෙදෙනෙක් බෝම්බ පුපුරවා ගත්හ. කුර්දි හිතවාදී සුළුතර පක්ෂයකට සහාය සඳහා මෙම පෙළපාලිය පැවැත්වෙමින් තිබිණ. මෙම පිපිරීමෙන් 120කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. සිය තුන්කාල ආරාධනා යැදුම ආරම්භ කිරීමට පෙර සුදොතුම් පියතුමා මෙම විපත ගැන සිහිපත් කළහ. "මෙම සිද්ධියෙන් මිය ගිය අය වෙනුවෙන් මා වේදනාවට පත් වෙනවා. එයින් තුවාල ලැබූ සියල්ලන් වෙනුවෙන් වේදනාවට පත් වෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ සාමය වෙනුවෙන් පෙළපාලි ගිය, නිරායුධ, අනාරක්ෂිත ජන

"නපුරු මිනිසුන් සශ්‍රීක වන්නේ ඇයි" සුදොතුම් පියතුමා විමසයි

Image
 "Why do good things happen to bad people? " Pope explains from the Holy Scriptures (2015 ඔක්තෝබර 9) "අපේ නෙත් මානයේ යහපත් දැහැමි ජනයා අනේක විධ දුම් කම් කටොලු වලට මුහුණ දෙද්දී ,නපුරු අදමිටු මිනිසුන් සශ්‍රීක වන්නේ කොහොමද?"  යහපත ගැන කතා කරන සෑම මොහොතකම එය අප තුළ ගටගන්නා ප්‍රශ්නයකි. "අයහපත් මිනිසුනට යහපත් දේ සිදුවන්නේ කොහොමද?"  සාන්තා මාර්තා නිවහනේ ඊයේ උදාසන දිව්‍ය පුජාවේ දී සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ද එම ප්‍රශ්නය ඇසූහ. එසේ ප්‍රශ්න කල එතුමා ඊයේ (ඔක්තෝබර 8 බ්‍රහස්පතින්දා)දිව්‍ය පුජාවේ දේව වචනය විග්‍රහ කරමින් ඊට පිළිතුරු ලබා දුන්නේය. "තම සැමියා හා දරු තිදෙනා සමග ප්‍රේමයෙන් ජීවිතය ගත කල යොවුන් මවක් පිළිකාවකින් ඔත්පල වෙනවා. ඈ සිය පවුලේ අය රැක බලාගත නොහැකිව ඇඳටම වැටෙනවා. ඇයි ? හදවතින් බැතිමත්ව දෙවිඳුන් සරණ ගිය වැඩිහිටි මවක ගේ එකම පුතා මාෆියා සාමාජිකයන් විසින් ඝාතනය කරනු ලබනවා. ඒ ඇයි ?" එදිනෙදා ජීවිතයේ දකින අයුක්‌තිය හා අසාධාරණයත්, දිව්‍ය සංරක්ෂණය, යුක්තිය සහ දයා කරුණාවත් අතර ඇති සම්බන්ධතාවත් ගැන යහපතට ප්‍රේම කරමින් තම ජීවිතය පිලිබඳ දේව

"තනිකමින් අප මුදන්නේ කවුද? පවුල යි " බදාදා පොදු හමුව

Image
"Who saves us from loneliness ? Family ! " Pope says  (2015 ඔක්තෝබර 7) පවුල තනිකමින් හා උදාසීන කමින් අප මුදා ගනියි. ජීවිතයට අත්‍යවශ්‍ය දේ අපට උගන්වන්නේ ද පවුලයි. සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (ඔක්තෝබර 7 බදාදා) සාතන පීතර චතුරශ්‍රයේ පැවැති සතිපතා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. වසරක කාලයක් පවුල පිලිබඳ ධර්මෝපදේශ ඉගැන්වීම් බදාදා පොදු හමුවේ තේමාව කර ගත් පාප් වහන්සේ ඉකුත් සැප්තැම්බර මුල් සතියේ එය නිමාවට පත් කළහ. මෙම බදාදා සිට පවුල පිලිබඳ නව ධමොපදේශ කතා මාලාවක් ආරම්භ කරන බව එතුමා පැවසීය. මෙම කතාවලට කේන්ද්‍ර වන්නේ සභාව සහ පවුල අතර ඇති වෙන් කල නොහැකි සම්බන්ධතාවයි. සමස්ත මානව පවුලේ යහපත අරමුණු කරගනිමින් මෙම ධර්මෝපදේශය ආරම්භ කරන බව සුදොතුම් පියතුමා කීවේය. සුදොතුම් පියතුමා මෙම දේශනය ආරම්භ කලේ දැන් වතිකානයේ පැවැත්වෙමින් ඇති පවුල පිලිබඳ රදගුරු සිනොඩ් කතිකාව කෙරෙහිද අවධානය යොමු කරමිනි. එහි තේමාව "සභාව සහ නුතන ලෝකය තුළ පවුලේ කැඳවීම හා දුත මෙහෙවර බව පාප් වහන්සේ පෙන්වා දුන්හ. පවුල අපේ අවධානයටත් සැලකිල්ලටත්  අද යොමුවිය යුතුව තිබෙනවා. සිනොඩ් කතිකාව

"කළමණාකරුවන් නොව එඬේරුන් වන්න" - පාප්වහන්සේ ඇමෙරිකාවේ දී රදගුරු හිමිවරුනට කී දේ

Image
"We are Shepherds- only shepherds" : What Pope said to American Bishops  වොෂින්ටන් නුවර සාන්ත මතෙව් ආසන දෙව්මැදුරේදී රදගුරුහිමිවරුන් හමුවී (2015 ඔක්තෝබර 6) ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉකුත් දා ඇමෙරිකාවේ කල සංචාරයේ දී එරට රදගුරු හිමිවරුන් වෙනම හමු වූහ. එහිදී උන්වහන්සේ රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ නිරන්තරයෙන් එඬේරුන් වීමට උත්සාහ කරන ලෙසයි. නිතර පුද්ගලයන් මුණගැසීමට ද  සංවාදයට ද බිය නොවන්නැයි උන්වහන්සේ ඔවුනට උපදෙස් දුන්හ. පාප් වහන්සේ ඇමෙරිකානු රදගුරු හිමිවරුන් මුණගැසුනේ ඉකුත් සැප්තැම්බර් 23 වනදා වොෂින්ටන් නුවර සාන්ත මතෙව් ආසන දෙව්මැදුරේ පැවැති සන්ධ්‍යා මෙහෙයේ දී ය. සිය ගණනක් වන එක්සත් ජනපදයේ රදගුරු හිමිවරු ඒ සඳහා පැමිණ සිටියහ. මෙහිදී පාප්වහන්සේ රදගුරු හිමිවරුනට කල දෙසුම, මෝසැසි පෙරේරා මාහිමිපාණන් ගේ වදන්වලින් කියන්නේ නම්, මනහර "උපමා සිත්තම් ලකරින්" විචිත්‍ර වී තිබුනේ ය. තමන් පැමිණියේ රදගුරුවරුන් කල යුත්තේ කුමක්ද යන්න ගැන නිශ්චිත අවවාද හෝ උපදේශ දීමට  නොවන බව පාප්වහන්සේ අවධාරණය කළහ. "මා පැමිණියේ ඔබ විනිශ්චය කිරීමටවත්  ඔබට දේශනයක් කිරීමටවත් නොවේ. ඔබට ස

"කතිකාව පාර්ලිමේන්තුවක් නොවේ...." සිනොඩ් ආරම්භක දේශනය

Image
Pope: Synod is not a parliament; but a place to listen to Holy Spirit  සිනොඩ් කතිකාව යාච්ඥාවකින් ආරම්භ වූ අවස්තාව (2015 ඔක්තෝබර 5) පවුල පිලිබඳ සාමාන්‍ය රදගුරු සිනොඩ් කතිකාව සුදොතුම් ප්‍රැන්සිස් පාප්වහන්සේ  ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර 5 වැනිදා (ඊයේ) වතිකානයේ දී ආරම්භ විය. සිය ආරම්භක දේශනය කරමින් පාප් වහන්සේ ඊට එක්වන සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ කතිකාව දේශපාලිනකරණය නොකරන ලෙසයි. ඒ වෙනුවට ශුද්ධාත්මයාණන් ගේ මගපෙන්වීමට ඉඩ දෙන්නැයි උන්වහන්සේ සාමාජික රදගුරු හිමිවරුන් ගෙන් ඉල්ලා සිටියේ ය. කතිකාවේ ප්‍රථම සැසිය ආරම්භ වීමට පැය  කාලකට  පමණ කලින් පාප් වහන්සේ එය පැවැත්වෙන සවැනි පාවුළු ශාලාව අබියසට පැමිණ සිටියහ. එතැන සිට උන්වහන්සේ  කතිකාවට පැමිණෙන සිනොඩ් සාමාජිකයන්, කිතුනු ප්‍රජා නියෝජිතයන් සහ විශේෂඥයන් හා නිරීක්ෂකයන් ලෙස පැමිණෙන ගිහියන් පිළිගත්හ. කාදිනල් හිමිවරුන්, අගරදගුරු හා රදගුරු හිමිවරුන්, පුජකවරුන් ඇතුළු 270 දෙනකු කතිකාවේ නිගමන වලට චන්දය ප්‍රකාශ කිරීමේ වරම් ලබා සිටිති. "සිනොඩ් කතිකාව අප එකඟතාවකට එන සාලයක් හෝ සම්මන්ත්‍රණයක් හෝ පාර්ලිමේන්තුවක් හෝ සෙනෙට් සභාවක් හෝ නොවේ" යි සුදො

"සියලු කතෝලිකයිනට වෘතශුද්ධිය නිර්දේශ කරන්න" - සමලිංගික කතෝලිකයෝ සිනොඩ් කතිකාවෙන් ඉල්ලා සිටිති

Image
Gay Catholics ask Synod to promote Chastity - for EVERYONE (2015 ඔක්තෝබර 4) වෘතශුද්ධිය පිලිබඳ කතෝලික ඉගැන්වීම වෙනුවෙන් පෙනී සිටින්නැයි කලක් සමලිංගික ආකර්ෂණය සහිතව සිට පසුව ජීවිත මාරුවක ඇතිකරගත් කිතුනු තරුණ තරුණියෝ සිනොඩ් කතිකාවේ පියවරුන් ගෙන් ඉල්ලා සිටිති. සම ලිංගිකයනට සේම දිකසාද වුවනට හා යලි විවාහ වුවනට පමණක් නොව, විවාහ ජීවිත ගත කරන්නන්ට පවා වෘතශුද්ධියේ ජීවිත ගත කිරීම නිර්දේශ කලයුතු බව ඔවුහු පෙන්වා දෙති. කතෝලික ගිහි-පැවිදි උපදේශකයන්ගේ මග පෙන්වීම මත ලැබූ සිත්  මාරුවකින් පසු නව ජීවිතයක් අත්දකින මෙම තරුණ තරුණියන් මේ බව කියා සිටියේ ඉකුත් සිකුරාදා (ඔක්තොබර 3) වතිකානයේ දී පැවැති සම්මන්ත්‍රනයක දී ය. සම්මන්ත්‍රණයේ අරමුණ වූයේ සමලිංගික ආකර්ෂණය සහිත වුවන් ගේ හඬ සභා පියවරුන්ට ඇසෙන ලෙස හඬ නගා කීමයි  ඒ මගින් සමලිංගික ආකර්ෂණය සහිත කාන්තාවන් හා පිරිමින් ගේ අත්දැකීම්වලට දහම් සේවා ප්‍රතිචාර සොයන ආකාරය සොයා බැලීමට සිනොඩ් කතිකාව යොමු කිරීම ඔවුන් ගේ ඉලක්කය විය.2014  පැවැති අතිවිශේෂ රදගුරු කතිකාවේ දී සමලිංගික ආකර්ෂණය සහිත වුවන් පිලිබඳ මාතෘකාව ඊට එක්වූ සභා පියවරුන් ගේ අවධානයට ලක් නොවූ බව ඒ පිලිබඳ

අඹු-සැමි ප්‍රේමයේ හා විවාහයේ පුජනීයත්වය - සිනොඩ් කතිකාව අරඹමින් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි

Image
Church's mission to the families: Fidelity, Truth and love - Pope says at the opening of Family Synod  සිනොඩ් කතිකාවේ පියවරු දිව්‍ය  පුජාවට එක්  වෙමින්  (2015 ඔක්තෝබර 4) පිරිමියකු හා ගැහැනියක අතර සංයෝගය පවුල සඳහා ආරම්භයේ සිට ම දෙවියන් වහන්සේ ගේ සැලැස්ම වූ බව සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අවධාරණය කරති. නූතන ලෝකය පෙලෙන හුදෙකලා බවේ ගැටලුවෙන් මිදීමේ මාර්ගය ද පිරිමියකු හා ගැහැණියක අතර  ඇතිවන මෙම සංයෝගය බව උන්වහන්සේ  පෙන්වා දෙති. විවාහය හුදෙක් තාවකාලික "ගිවිසුමක්" බවට පරිවර්තනය වී ඇති ලෝකයට යලිත් අභියෝග කරන උන්වහන්සේ විවාහයේ  ස්ථිරත්වය හා වෙන් කල නොහැකි බව තහවුරු කරති. ඔක්තෝබර 4 වැනි ඉරිදා (ඊයේ ) වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වුණු පවුල පිලිබඳ ජගත් රදගුරු සිනොඩ් කතිකාවේ සමාරම්භක දිව්‍ය පූජාවේ අනුශාසනය කරමින් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ය. සිනොඩ් කතිකාවට සහභාගිවන රදගුරු හිමිවරුන් ගේ සහභාගිත්වයෙන් මෙම දිව්‍ය පුජාව පැවැත්වින. ඔක්තෝබර 4 වැනි දා සිට 25 වැනි දා දක්වා කතිකාව පැවැත්වේ. මෙවර කතිකාවේ තේමාව,"සභාව සහ නූතන ලෝකය තුළ පවුලේ කැඳවීම සහ දූත මෙ