Posts

Showing posts from March, 2017

සුදොතුම් පියතුමා චතාරික ධර්ම විවේකයේ - ඔබටත් ඊට සම්බන්ධ විය හැකියි

Image
Holy Father starts his Annual Retreat on Sunday-You too can join  (2017  මාර්තු 5) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද ඉරිදා (මාර්තු 5)  සිය වාර්ෂික ධර්ම විවේකය ආරම්භ කරයි. මෙම ධර්ම විවේකය (ඥානකාන්තිය) සිකුරාදා දක්වා පැවැත්වේ. එතුමා  මෙම චතාරික ධර්ම විවේකයට එක් වන්නේ වතිකානයේ පරිපාලන නිලධාරීන් වන රෝම කියුරියාවේ කාදිනල් හිමිවරුන් හා අගරදගුරු හිමිවරුන් ද සමගය. සුදොතුම් පියතුමන් හා කියුරියා ප්‍රධානීන් ගේ චතාරික ධර්ම විවේකය මෙවරත් පැවැත්වෙන්නේ රෝමයේ සිට සැතැපුම් 16ක් පමණ දුරින් ඇති අරිච්චියා නුවර පිහිටි දිව්‍ය  සමිඳාණන් ගේ නිවස' ( 'Casa Divin Maestro') නම් සුන්දර නිවහනේ දී ය. අල්බානෝ විල අසල පිහිටි මෙම නිවහන නිහඬ භාවනාවට කදිම ස්ථානයකි. මෙවර සුදොතුම් පියතුමන් හා රෝම කියුරියාවේ චතාරික ධර්ම විවේකයේ තේමාව ශු. මතෙව් තුමන් ගේ සුබ අස්නට අනුව ජේසු සමිඳුන් ගේ දුක් ප්‍රාප්තියයි. ජේසු නිකායේ නිර්මාතෘ ශු. ඉග්නේෂෂ් ලොයොලා තුමන් ගේ ආධ්‍යාත්මික අභ්‍යාස පාදක කරගනිමින් කෙරෙන මෙම භාවනා මෙහෙයවනු ලබන්නේ ප්‍රන්සිකාන නිකායික ජිල්ලියෝ මිචෙලීනි පියතුමන් විසිනි. ලොව පුරා කිතුනුවන් සියලු දෙනා