Posts

Showing posts from June, 2019

"දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන සෑම අවස්ථාවක්ම 'ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබීමක් කර ගන්න" - සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ මංගල්‍ය දින තුන්කාල ආරාධනා භාවනාව.

Image
Receive Communion every time as if it were the first time: Angelus meditation on the Solemnity of the Corpus Christi  (2019 ජුනි 24) කතෝලිකයකු  දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබන සෑම විටම එය ඔහුගේ හෝ ඇයගේ ප්‍රථම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීම සේ හදවතින් සුන්දර විය යුතු බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. එතුමා මේ බව කියා සිටියේ ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ  ගාම්භීර මංගල්‍යය යෙදුනු ජුනි 23 වනදා ඉරිදා මධ්‍යාහ්නයේ තුන්කාල ආරාධනා මරිය දැහැනේ භාවනාව කරමිනි. සිරිත් පරිදි ඊට එක්වීම සඳහා දස දහස් සංඛ්‍යාත වන්දනාකරුවන් පිරිසක් වතිකානයේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ. "ජේසු සමිඳුන් ගේ ශ්‍රී ශරීරයේ සහ ශ්‍රී රුධිරයේ  ගාම්භීර මංගල්‍යය යනු දිව්‍ය සත්ප්‍රසාදය නමැති ජේසු සමිඳුන් ගේ  ආශ්චර්යවත් තිළිණය කෙරෙහි අපගේ ප්‍රීතිය සහ මවිතය වාර්ෂිකව අලුත් කරගන්නා ශුද්ධවන්ත දිනයක්" යයි සුදොතුම් පියතුමා  පෙන්වා දුන්නේය. " දිව්‍ය සත්ප්‍රසාදය යනු ජේසු සමිඳුන් ගේ සමස්ත ජීවිතයේ දක්නට ලැබුණු සංකලනයේ ජීවමාන සංකේතයයි: එනම් සිය පියාණන් වෙත සහ සහෝදර සහෝදරියන් වෙත තිබුණු එකම ප්‍රේම

"ක්‍රිස්තු සමිඳුන් ගේ හදවතින් පැණනගින දිව්‍ය ප්‍රේමය ශුද්ධාත්මයාණෝ යි " පූර්ව-පෙන්තකෝස්ත රාත්‍රී දිව්‍ය පූජාවේ දේශනය - "නගරයේ මොරගැසීමට සවන් යොමන්නට අපට උදව් කරන්නට ආත්මයාණන්ට ඉඩ දෙන්න"

Image
“Divine Love is the Holy Spirit that springs from the Heart of Christ.. Allow the Spirit to help us hear the cry of the city" Pope at the Pentecost Vigil (2019 ජුනි 8) "ඔබේ අතින් අල්ලාගෙන ඔබ නගරය මැදට කැටුව ගොස් අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන්ගේ මොරගෑමට  සවන් දීමට ඔබට සහාය වීම සඳහා ශුද්ධාත්මයාණන් වහන්සේට ඉඩ හරින්නැ"යි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා රෝමපුර වාසීන්ගෙන් ඉල්ලා සිටියි. "උත්ථාන වූ ක්‍රිස්තුන් වහන්සේ ගේ ශ්‍රී හදවතින් පැණනගින ආත්මයාණෝ අපගේ හදවත් දයා කරුණාවෙන් පුරවාලති" යි එතුමා සඳහන් කරයි. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා මේ බව කියා සිටියේ ජුනි මස 8 වන සෙනසුරාදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ  පවත්වන ලද පෙන්තකෝස්ත පූර්ව-රාත්‍රී දිව්‍ය පූජාවේ ධර්ම දේශනාව පවත්වමිනි. එතුමා මෙම දිව්‍ය පූජාව ඔප්පු කලේ රෝම රදගුරු පදවියේ විශ්වාසික ජනතාව සමගයි. මෙහිදී එතුමාගේ සමස්ත දේශනාවම තුළින්ම පැහැදිළි කෙරුනේ ශුද්ධාත්ම මංගල්‍යය තුළින් පැණනගින කතෝලික සභාවේ මාතෘත්වය  පිළිබඳවයි. මෙම දේශනාව තුළ එතුමා යොදාගත් "රෝමය" සහ "නගරය" යන පද වෙනුවට ඕනෑම රටක් හෝ නගරයක්