අප අමතන්න Get link Facebook X Pinterest Email Other Apps වතිකාන සුළග වෙබ් අවකාශය පිළිබද ඔබේ අදහස් යෝජනා චෝදනා දන ගැනීමට අප ඉතා කැමැත්තෙන් පසු වෙමු මේ e mail ලිපිනය ඔස්සේ අප අමතන්න vathikanasulaga@gmail.com Get link Facebook X Pinterest Email Other Apps
විවාහයේ නිර්වචනය: ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා එයින් කතෝලික විශ්වාසයට වන බලපෑම The Supreme court ruling and the future of religious freedom in USA (2015 ජූලි 1)) විවාහයේ නිර්වචනය ගැන ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රෙෂ්ඨාධිකරණය පසුගිය සිකුරාදා දුන් තීන්දුව එරට කතෝලික සභාවටත්, කතෝලිකයනට හා සාම්ප්‍රදායික විවාහය පිළිගන්නා සියල්ලන්ටත් බාධක රැසක් මතු කරනු ඇතැයි එරට රදගුරු සමුළුව පවසයි. විශේෂයෙන් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පිළිගෙන ඇති ආගමික හා හර්දය සාක්ෂියේ නිදහස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එම තීන්දුව ගැටළු මතු කරනු ඇතැයි එම සමුළුව කියයි එක්සත් ජනපදයේ සියලු ප්‍රාන්ත රාජ්‍ය සම ලිංගික යුවල් වලට විවාහ බලපත්‍ර නිකුත් කල යුතු බව විනිසුරු වරුන් 5න් 4ක තීන්දුවක් දෙමින් ශ්‍රෙෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. සියලු ප්‍රාන්තවල සිදුවන සම ලිංගික විවාහ පිළිගත යුතු බව ද අධිකරණය කියා සිටියේ ය. අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුවයි. මෙම තීන්දුව අනුව සමලිංගික යුවලක් විවාහ වීමට ඉල්ලා සිටියහොත් එය ප්‍රතික්ෂේප කිරීමට අදාළ බලධාරියකුට හෝ නිලධාරියකුට නොහැකි ය.සමලිංගික විවාහ සභා නීතියට පටහැනි බැවින් කතෝලික පුජකතුමකුට ඊට එකඟ විය නො... තව කියවන්න »
පාප්වහන්සේ කියුබාවේ දී පිදෙල් කස්ත්‍රෝ හමුවන ලකුණු Pope Francis to meet with Fidel Castro in Cuba? 1988 ජනවාරියේ දී කියුබාවට පැමිණි ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප් වහන්සේව එවකට ජනාධිපති පිදෙල් විසින් පිළිගනු ලැබූ මොහොත (2015 සැප්තැම්බර් 15) සුදොතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය කියුබා සංචාරයේ දී හිටපු ජනාධිපති පිදෙල් කස්ත්‍රෝ හමුවනු ඇතැයි වතිකාන ආරංචි මාර්ග පවසයි. ශුද්ධෝත්තම පියතුමා ලබන සෙනසුරාදා එනම් සැප්තැම්බර් 19 වනදා උතුරු ඇමෙරිකාවේ අපෝස්තලික ගමනක් ආරම්භ කරයි. එම ඓතිහාසික ගමනේ ප්‍රථම නැවතුම කියුබාවයි. මෙම චාරිකාවට කියුබාව ඇතුලත් කරගන්නා ලද්දේ පාප් වහන්සේ ගේ ම ඕනෑකම මත වීම විශේෂත්වයයි. ඒ සඳහා ජනාධිපති රවුල් කස්ත්‍රෝ මහතා ගේ නායකත්වයෙන් යුත් කියුබා රජයේ ප්‍රතිචාරය නොමදව ලැබිණ. ඇමෙරිකා එක්සත් ජනපදය හා කියුබාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යළි සාමන්‍ය තත්වයට ගෙන ඒමේ කර්තව්‍යයේ දී ප්‍රැන්සිස් පාප් වහන්සේ ඉටු කළ අතරමැදි මෙහෙවර මෙම පිළිගැනීමට බෙහෙවින් ම හේතු වී තිබිණ. මෙම අපෝස්තලික ගමනේ දී පාප් වහන්සේ කියුබා නායක රවුල් කස්ත්‍රෝ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතය. ඊට අමතරව එතුමන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන කියුබ... තව කියවන්න »
"මීළඟ පාප් වහන්සේ කොන්සවටිව් ද? ලිබරල් ද?" -මහා මාධ්‍ය ඝෝෂාවක් මැද පැවැත්වෙන 'පාප් වරණ දැහැන' - 'ඉදිරියෙන් ඉන්නේ' කවුද? (2025 මැයි 5) මැයි 3 වන දා ඉරිදා වතිකානය පාලුවට ගොස් තිබිණ. ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා ජීවත්ව සිටිය දී එතුමා රෝගීව රෝහලේ සිටියත් වතිකානය අවට මාවත් සහ සාන්ත පීතර චතුරශ්‍රය ඉරිදාට ජනතාවගෙන් පිරී පවතියි. වේගයෙන් පැදවෙන මෝටර රථවලට වඩා එම ප්‍රදේශයෙන් ඇසෙන්නේ එම මාවත්වල ඇවිදින ජනතාවගේ පියගැටෙන හඬ සහ ඔවුන් ශබ්දයෙන් කතා බහ කරමින් යන හඬවල එකතුවයි. විශේෂයෙන්ම රෝමයට එන කවුරුත් ඉරිදා මධ්‍යහ්නයේ ශුද්ධෝත්තම පියතුමාගේ තුන්කාල ආරාධනා මරිය දැහැනට සහභාගී වීමට සාන්ත පීතර චතුරශ්‍රයට රොක්වෙති. එහෙත් ශුද්ධෝත්තම පියතුමාගෙන් හිස්වූ වතිකානයේ මේ සියලු මාවත් මෙන්ම වෙනදා එතුමා ගේ හඬින් සහ ජනතාවගේ කතා බහින් සජීවී වන වතිකානය මේ ඉරිදා පාළුවී තිබිණි. මාවත් වල පැදවෙන වාහන වල හඬ වෙන ඉරිදාට වඩා අද අසන්නට ලැබිණි. "නව පාප් වහන්සේ කවුද? කොන්සවටිව් ද ලිබරල් ද ?" "ලිබරල් කෙනෙක් ආවොත් සභාව බෙදෙයි!" "X ද ? Y ද? Z ද?" ගත වූ සතිය පුරා වතිකානයෙන් අසන්නට ලැබුණේ මේ ඝෝෂාවය. එම ඝෝෂා වලට ද ඉරිදා නිවාඩු ලැබී ඇති බවක් දකින්නට ලැබිණි. ඊට අමතරව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ස්වර්ගස්... තව කියවන්න »