Posts

Showing posts from August, 2018

"වතිකාන තානාපති ගේ ප්‍රකාශයෙන් පසු වතිකානය තුළ කලකිරීක් සහ නොසන්සුන් බවක්; එහෙත් සුදොතුම් පියතුමා වේදනාව නොතකා ශාන්තියෙන්" - වතිකාන රාජ්‍ය ලේකම් පැරොලීනි හිමි

Image
Pope serene despite ‘pain’ over Nuncio’s testimony;  in the Vatican there is bitter disappointment and restlessness,  Cardinal Secretary of State says (2018 අගෝස්තු 30) ඇමෙරිකාවේ හිටපු වතිකාන අපෝස්තලික තානාපති කාලෝ මරිය විගානි අගරදගුරු හිමි විසින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ඉලක්ක කරගනිමින් නිකුත් කරන ලද චෝදනා පත්‍රය හේතුවෙන් කතෝලික සභාව තුළ කම්පනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබුනත් සුදොතුම් පියතුමා සන්සුන්ව එම තත්වයට මුහුණ දෙන බව වතිකාන රාජ්‍ය ලේකම් පියෙත්‍රෝ පැරොලීනි කාදිනල් හිමි  පවසයි. එතුමා පවසන්නේ වර්තමාන තත්වය බඳු තත්වයක් මගින් "පැහැදිලිවම මහත් දොම්නසක්, කටුක බවක් සහ කනස්සල්ලක් ඇතිකරන නමුත් එම තත්වයට ඉතා සන්සුන්ව සහ ශාන්තිමත්ව මුහුණ දීමේ හැකියාවක් සුදොතුම් පියතුමා සතුව පවතින " බවයි. කාදිනල් පියෙත්‍රෝ පැරොලීනි හිමි මේ බව කියා සිටියේ වතිකානයේ "Vatican Insider" වෙබ් ප්‍රකාශනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්මුඛ සාකච්ඡාවට පාදක වූයේ වොෂින්ටන් හි හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන්ට එරෙහි ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පියවර ගැනීම ප්‍රැන

"පරමාදර්ශී පවුල එක්සත් පවුලයි" - බදාදා ධර්මෝපදේශය

Image
"The ideal is the united family" - Pope says at the general audience  (2018 අගෝස්තු 29) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (අගෝස්තු 29) බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය  යොදා ගත්තේ සභාවේ පවුල් මංගල්‍යයට සහභාගී වීම සඳහා තමන් අයර්ලන්තයේ කල අපෝස්තලික චාරිකාව ගැන කතා කරන්නට ය. මෙහිදී අයර්ලන්තයේ දී තමන් ලද අත්දැකීම ගැනත් පවුල් ගැනත් එතුමා කතා කළේය. නූතන ලෝකය තුළ වෙන්වීම සහ දික්කසාදය සාමාන්‍ය තත්වයට පත්ව ඇති නමුදු ආදර්ශවත් පවුල එක්ව, සමගිව සිටින්නට නිරන්තරයෙන් උත්සාහ කල යුතු බව එතුමා කියා සිටියේය. දික්කසාදය සාමාන්‍ය දෙයක්  වී ඇති ලෝකය තුළ දු ෂ්කරතා මධ්‍යයේ පවා නොකඩවා විශ්වාසවන්තව සිටින සැමියන් සහ භාර්යාවන් ගැන ලෝකය අමතක නොකළ යුතු බව එතුමා පෙන්වා දුන්නේය. "තමන් ගේ පවුල් සහ තම දරුවන් එකිනෙකාට විශ්වාසවන්තව ජීවත් වන බහුතරයක් වූ පවුල් ගැන අප බොහෝ විට අමතක කරනවා. වරදක් වූ විට, ගැටළුවක් ඇති වූ විට සමාව ඉල්ලන පවුල් ගැන අප අමතක කරනවා..."යි සිය කතා පිටපතින් ඉවත් වෙමින් සුදොතුම් පියතුමා පෙන්වා දුන්නේය. "අප එසේ අමතක කරන්නේ එය අද විලාසිතාව නිසයි. මන්ද අද පුවත් පත් සහ සඟරා

" චෝදනා පත්‍රය කියවා ඔබම විනිශ්චයකට එන්න. මා ඒ ගැන වචනයක් වත් කතා කරන්නෙ නැහැ" - හිටපු වතිකාන තානාපතිවරයා ගේ ප්‍රකාශය ගැන සුදොතුම් පියතුමා වාර්තාකරුවනට කියයි.

Image
Pope Francis dismisses Vigano's accusations of McCarrick cover-up (2018 අගෝස්තු 28) තමන් අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන් ආරක්ෂා කල බවට ඇමෙරිකාවේ කිටපු වතිකාන අපෝස්තලික තානාපති කාලෝ විගානි හිමි කල ප්‍රකාශය ප්‍රසිස් සුදොතුම් පියතුමා ප්‍රතික්ෂේප කරයි. එතුමන් කියා සිටින්නේ විගානෝ අගරදගුරු තුමන් ගේ ප්‍රකාශය "එම ප්‍රකාශය වෙනුවෙන්ම කතාකරන" ("speaks for itself.") බවයි. මාධ්‍ය කරුවන්ට පිළිතුරු දෙමින් එතුමා මේ බව කියා සිටියේය. අගෝස්තු 26 වන ඉරිදා සවස අයර්ලන්තයේ සිට ආපසු වතිකානය බලා එන අතර සුදොතුම් පියතුමා සුපුරුදු ලෙස ගුවනේදී මාධ්‍ය හමුවක් පැවැත්වීය. ළමා සහ යොවුන් අපයෝජනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි ඇමෙරිකාවේ තියඩෝර් මැක්කෙරික් හිමියන්ට සොළොස්වන බෙනඩික් පාප් වහන්සේ පනවා තිබු දඬුවම් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් විසින් ඉවත් කරන ලද බවට විගානෝ අගරදගුරු තුමන් කර තිබූ දීර්ඝ ප්‍රකාශයක් ඉකුත් සෙනසුරාදා රාත්‍රී නිකුත් කර තිබිණි. විගානෝ හිමියන් මෙම ප්‍රකාශයෙන්   සුදොතුම් පියතුමාටත් වතිකානයේ කාදිනල් හිමිවරුන් කිහිපදෙනෙකුටත් දැඩි ලෙස චෝදනා කර තිබේ. ඒ චෝදනා අනුව සුදොතුම්

"ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා දුෂිත කාදිනල්වරයා ආරක්ෂා කිරීමට ක්‍රියා කළා" - හිටපු වතිකාන තානාපතිවරයෙක් චෝදනා කරයි; ප්‍රැන්සිස්-විරෝධී කුමන්ත්‍රණ කරුවන් අලුත් වෑයමක?

Image
Former ambassador Archbishop Vigano accuses Vatican - and Pope Francis-  of covering up McCarrick scandal for years (2018 අගෝස්තු 27) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර හිටපු අගරදගුරු තියඩෝර් මැක්කෙරික් හිමියන්ට එරෙහි ළමා සහ යොවුන් අපයෝජන චෝදනා සඟවා තැබීමට වතිකානයේත් කතෝලික සභාවේත් ඉහළම තනතුරු දැරූ පුද්ගලයන් ගණනනාවක් ක්‍රියා කල බවට වොෂින්ටන් නුවර හිටපු වතිකාන තානාපති කාලෝ විගානෝ අගරදගුරු හිමි චෝදනා කරයි. එම චෝදනාව තවත් බරපතල තත්වයට ගෙන එන හිටපු තානාපතිවරයා  ප්‍රකාශ කරන්නේ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ද එම චෝදනා දැන  සිටි නමුත් මැක්කෙරික් (හිටපු) කාදිනල් හිමිට  එරෙහිව පියවර නොගත් බවයි. ඒ වෙනුවට සුදොතුම් පියතුමා මක්කෙරික් හිමියන්  ආරක්ෂා කලාට අමතරව සභාවේ විවිධ අවස්ථා සඳහා එතුමා ගෙන් උපදෙස් ද පැතූ බවට හිටපු තානාපතිවරයා චෝදනා කරයි.  එබැවින් සෙසු රදගුරු හිමිවරුනට ආදර්ශයක් වන පරිදි ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඔහු අවධාරණය කරයි.   මෙම චෝදනාවලිය ඇතුලත් පිටු 11ක ලේඛනය අගරදගුරු කාලෝ විගානෝ විසින් නිකුත් කරන ලද්දේ 26 වැනිදා උදෑසනය. ඒ වන විට ප්‍රැන්සිස් සුදොතුම් පිය

"අපේ ලෝකයට ආදරයේ විප්ලවයක් අවශ්‍යයි" - සුදොතුම් පියතුමා අයර්ලන්තයේ දී පවුල් වලට කියයි.

Image
Pope in Ireland: Our world needs a revolution of love (2018 අගෝස්තු 25) අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට පැමිණීමෙන් පසු මුලින්ම එරට ආණ්ඩු සහ සිවිල් නියෝජිතයන් හමුවූ ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ඉන් පසුව සිය සංචාරයේ ප්‍රධාන අරමුණ වන ලෝක පවුල් හමුවේ වැඩසටහනට සම්බන්ධ වීම ආරම්භ කළේය. මෙම වැඩසටහනට එක්  වෙමින් එතුමා මුලින්ම ඩබ්ලින් නුවර සාන්ත මරියා සම ආසන දෙව්මැදුරේ දී අයර්ලන්ත පවුල් හමුවක මුලසුන ගත්තේය. අයර්ලන්තයේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය වන අයුරින් තෝරාගන්න ලද විවාහ වූ සහ විවාහ වන්නට ගිවිසගෙන සිටින යුවල්  350ක් මෙම හමුවට එක්වූහ. මෙය ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ගේම ඉල්ලීම මත සංවිධානය කරන ලද්දකි. යුවල් හමුවී ඔවුන් ගේ අත්දැකීම් බෙදා ගන්නටත් ඔවුන් ගේ ප්‍රශ්නවලට පිළිතුරැ දීමටත් තමාට අවශ්‍ය බව එතුමා පවසා තිබිණි. "අපේ ලෝකයට ආදරයේ විප්ලවයක් අවශ්‍යයි. ඒ විප්ලවය ඔබගෙන් පටන් ගන්න; ඔබගේ පවුලෙන් පටන් ගන්න" යැයි මෙහිදී එක් යුවලක ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා කියා සිටියේය. "පවුල් ගසේ මුල්" වල වැදගත් කම  "අපි  අපේ  පවුල්වල මුල් වලට ආපසු ගොස් ඒවා රැකබලා ගත යුතුයි. සිය මුල

"පූජක ළමා අපයෝජන වසංගතය මුලිනුපුටා දැමීමට කල හැකි සියල්ල කරනවා" අයර්ලන්තයේ සංචාරය අරඹමින් සුදොතුම් පියතුමා කියයි

Image
Starting his Irish visit Pope renews his commitment to 'eliminate the scourge' of clerical abuse from the church 'no matter the cost'  (2018 අගෝස්තු 25) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද  (අගෝස්තු 25) අයර්ලන්තයට පැමිණියේය. එතුමා එරටට පැමිණීමේ මූලික අරමුණ ලෝක පවුල් හමුවේ 9 වැනි ලෝක සමුළුවට සහභාගී වීමය. මෙය ශු. දෙවැනි ජුවාම් පාවුළු පාප්වහන්සේ 1979 දී එරටට සිදු කළ අපෝස්තලික සංචාරයෙන් පසුව පාප් වහන්සේ නමක් එරටට පැමිණෙන පළමු අවස්ථාවයි. එහෙත් දෙවැනි ජුවාම් පාවුළු පාප් තුමන් සංචාරය කල සමයට මෙන් නොව  ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන්  එරටට පැමිණෙන මේ මොහොත කතෝලික සභාවට මහත් ආන්දෝලනාත්මක මොහොතක් වී ඇති අතර අයර්ලන්ත  කතෝලික සභාවට ද අභියෝගාත්මක අවධියක් වී තිබේ. කතෝලික සභාවට මෙය ආන්දෝලනාත්මක මොහොතක්  වී ඇත්තේ ඇමෙරිකාවේ සිදු වී ඇති පූජක ළමා අපයෝජන පිළිබඳව සහ රදගුරු හිමිවරුන් විසින් ඒවා සහ ඊට සම්බන්ධ පූජකවරුන් ආරක්ෂක කර සඟවා ගත් ආකාරය ගැන අලුතින් තොරතුරු හෙළිදරව් වීමට පටන් ගැනීම නිසාය. අයර්ලන්තයේ අභියෝගය මෙයයි: වසර 2000 ට පෙර අයර්ලන්තය යුරෝපාකරයේ කතෝලික හදවත හා කේන්ද්‍රස්ථානය වී

"අපි දරුවන් කෙරෙහි සැලැකිල්ලක් නොදැක්වූයෙමු; ඔවුන් අත්හැර දැමුවෙමු," පූජක ළමා අපචාර වැලක්වීමට එක්සත්ව ක්‍රියා කරන ලෙස සුදොතුම් පියතුමා සියලු කතෝලිකයන්ගෙන් ඉල්ලයි.

Image
Pope Francis issues new letter on sex abuse: "We showed no care for the little ones" (2018 අගෝස්තු 20) පූජක ළමා අපචාර සහ ඒවා සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම "අපරාධයක්" බව සඳහන් කරමින් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා අද (අගෝස්තු 20) විශේෂ ලියුමක් නිකුත් කළේය. "දේව ජනතාව වෙත" යනුවෙන් ආමන්ත්‍රණය කර තිබූ එම ලියුම යොමු කර තිබෙන්නේ  ලොව පුරා සියලු කතෝලික ජනතාව වෙතයි. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පූජක ළමා අපචාර පිලිබඳ නව අධිකරණමය  වාර්තාවක් නිකුත් වීමට ප්‍රතිචාරයක් ලෙස එතුමා මෙම ලියුම සියලු කතෝලිකයන් වෙත යොමු  කර තිබේ. මෙම ලියුමේ තේමාව ලෙස ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා තෝරාගෙන ඇත්තේ "එක් සාමාජිකයකු දුක් විඳින විට ඒ සමග සියල්ලෝ දුක් විඳිති" (1 කොරින්ති 12:26)  යන ශු.පාවුළු තුමන් ගේ ඉගැන්වීමයි. "පුජකවරුන් සැලකිය යුතු සංඛ්‍යාවක් විසින් බලය අයුතු ලෙස භාවිත කිරීම, සහ හර්දය සාක්ෂිය අපහරණය කිරීම නිසා බාලයන් බොහෝ දෙනෙකුට විඳින්නට සිදුවූ දුක්  වේදනා ගැන අලුතින් පලවූ වාර්තා දුටු විට ශු. පාවුළු තුමාගේ මේ වදන් මා තුළ ප්‍රතිරාව නගන්නට විය" යයි එතුම

"ප්‍රතිමුර්තීන් නොවේ, දෙවියන් වහන්සේ විශ්වාස කරන්න" - පොදු හමුවේ ධර්මෝපදේශය

Image
 Pope Francis says at general audience:"Trust God – not idols" සුදොතුම් පියතුමා පොදු හමුවේ දී  (2018 අගෝස්තු 11) ප්‍රතිමුර්තීන් සහ මිථ්‍යාවන්  වෙත  ඇති බැඳීම නිසා දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය බිඳ වැටෙන  බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා පෙන්වා දෙයි. කතෝලිකයන් සිය දුර්වලතා පිළිගෙන සිය හදවත් සුවපත් කරන්නට ක්‍රිස්තුන් වහන්සේට ආරාධනා කල යුතු බව එතුමා පවසයි. සුදොතුම් පියතුමා මෙම ඉගැන්වීම කලේ අගෝස්තු 8 වැනි බදාදා පොදු හමුවේ ධර්මෝපදේශ දේශනය කරමිනි. මෙවර  ධර්මෝපදේශ මාලාව සඳහා එතුමන් මාතෘකාව ලෙස තෝරාගෙන ඇත්තේ දස පනතයි. පසුගිය සතියේ සිට එතුමන් භාවනා කරන්නේ පළමුවන දේව පනත ගැනයි. " ප්‍රතිමුර්තීන් වෙත ඇති බැඳීමේ තුවාලයට සුවය ලැබෙන්නේ, දිළින්දකු වී, අසාර්ථකත්වය පිළිගෙන,  අපගේ අනතුරුදායකත්වය ප්‍රේමයෙන් සහ ශක්තියෙන් පිරවීම සඳහා එය භාරගත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වෙතින් පමණකි " යයි සුදොතුම් පියතුමා අවධාරණය කළේය. "අප ජේසු සමිඳුනට අපගේ හදවත්තුළට ඇතුළුවීමට ඉඩ දුන් විට, අපගේ දුර්වලතා පිළිගැනීම මනුෂ්‍ය ජීවිතයේ අවාසනාවක් නොව සැබැවින්ම ශක්තිමත් වූ තැනැන්වහන්සේට වි

"පූජක ළමා අපචාර චෝදනා ගැන අප නිසි ලෙස ක්‍රියා කලේ නෑ" - චීලි රදගුරුවරු සමාව ඉල්ලති; නව ගමනක් අරඹන බව කියති

Image
Chilean bishops acknowledge failures in handling sexual abuse of minors: "A turning point" they say ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා චීලි රදගුරු හිමිවරුන් මුණගැසුණු මොහොත  (2018 අගෝස්තු 8) සිය රටේ කතෝලික සභාව මත දැවැන්ත කළු පැල්ලමක් ඇති කොට සභාවේ සදාචාරාත්මක හඬේ විශ්වසනීයත්වය පලුදු කල පූජක ළමා අපචාර සිද්ධි දාමය සම්බන්ධයෙන් ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් මුණගැසී ඉල්ලා අස්වීමේ ලිපි භාර  දීමෙන්  පසුව තමන් නව ගමනකට මුල පුරන බවට චීලි රදගුරු මණ්ඩලය ප්‍රතිඥා දී තිබේ. ඔවුන් මෙම ප්‍රතිඥාව දුන්නේ අගෝස්තු 6 වැනිදා එරට සන්තියාගෝ අගනුවර පැවැත්වුණු ජන මාධ්‍ය හමුවකදීය. එරට සභාව මුහුණ දී සිටින මෙම අභියෝගය ගැන සාකච්ඡා කිරීම සඳහා චීලි රදගුරු සමුළුවේ අති  විශේෂ මහා සභා රැස්වීමක් ජූලි 30 වැනිදා සිට දින 5ක් පුරා පැවැත්විණි. මාධ්‍ය හමුව කැඳවනු ලැබ තිබුනේ එම සමුළුවේ තීරණ දැනුම් දීම සඳහාය. "බරපතල පාපවල ගොදුරු බවට පත්වූවන්ට සවන් දීමේදී, ඔවුන් විශ්වාස කිරීමේදී, ඔවුන්ට උවැටන් කිරීමේදී සහ ඔවුන් කැටුව යාමේදී අපගේ වගකීම් ඉටුකිරීමට අපි අසමත් වූයෙමු," යි  තීරණ දැනුම් දෙමින් චීලි රදගුරු සමුළ

"ධෛර්යවන්තව, යැදුමෙන් සවිමත්ව, නිර්මාණශීලිව ක්‍රියා කරන්න; දෑත් කිලිටි කරගැනීමට බිය නොවන්න" සුදොතුම් පියතුමා යොවුන් ජේසුනුවනට උපදෙස් දෙයි

Image
Pope tells young Jesuits: "Be courageous, prayerful and creative" (2018 අගෝස්තු 5) දිරිමත්බව, යාච්ඥාව සහ නිර්මාණශීලීත්වය සෑම ජේසු නිකායික දූත සේවාවකම අන්තර්ගතවිය යුතු ලක්ෂණ බව ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා කියයි. විශේෂයෙන්ම රැකියා විරහිත වූ අපේක්ෂා භංග වූ තරුණයන්ට සේවාව කිරීමේදී මෙම ලක්ෂණ අනිවාර්යයෙන් අඩංගු විය යුතු බව එතුමා පෙන්වා දෙයි. එතුමා මේ බව කියා සිටියේ යුරෝපීය යොවුන් ජේසු නිකායිකයන් (ජේසුනුවන්) කණ්ඩායමක් ඉකුත් අගෝස්තු 1 වැනිදා වතිකානයේ දී මුණගැසුණු අවස්ථාවේදීය. "පුහුණුවන යුරෝපීය ජේසුනුවෝ" නමැති පාඨමාලාවට සහභාගී වීම සඳහා මෙම යොවුන් ජේසු නිකායිකයන් කණ්ඩායම වතිකානයට පැමිණ සිටියේය. ඒ අතර සවැනි පාවුළු ශාලාවේ කමිටු කාමරයක දී ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් කණ්ඩායමක් ලෙස මුණගැසීමේ අවස්ථාව  ඔවුනට ලැබිණි. ලියා ගත් කතාවක් කියවනවා වෙනුවට සුපුරුදු ලෙස මෙම ජේසු නිකායික පිරිසේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුදොතුම් පියතුමා එය සුහද හමුවක් බවට පත් කර ගත්තේය. රැකියා විරහිත තරුණ ජනතාව සමග අර්ථාන්විතව සන්නිවේදනයක යෙදිය හැකි ආකාරය මෙම සංවාදයේදී නැගුනු එක් ප්‍රශ්නයක් විය. ව

සුදොතුම් පියතුමා කතෝලික ධර්මෝපදේශය ප්‍රතිශෝධනය කරයි: "මරණ දඬුවම පිළිගත නොහැකියි" පැහැදිළිව අවධාරණය කරයි

Image
Pope Francis revises teaching on death penalty- it’s ‘inadmissible’: the revision says (2018 ජූලි 4) කතෝලික සභාවේ ධර්මෝපදේශය අනුව කවර තත්වයක්, අවස්ථාවක් හෝ වාතාවරණයක් මත  හෝ මරණීය දණ්ඩනය තව දුරටත් පිළිගත නොහැකිය. ප්‍රැන්සිස් සුදොතුම් පියතුමන් ගේ උපදෙස් මත කතෝලික ධර්මොපදේශයේ මරණ දඬුවම ගැන සඳහන් කොටසට සිදුකරන ලද මෙම ප්‍රතිශෝධනය අගෝස්තු මස  2 වැනිදා ශුද්ධාසනයේ  විශ්වාස ධර්මය පිලිබඳ සසුන් නියෝජනය විසින් නිකුත් කරනු ලැබිණි. මේ අනුව " මරණ දඬුවම පිළිගත නොහැකිය. මන්ද එය පුද්ගලයාගේ ගරුත්වයටත් අනුල්ලංඝනීය බවටත් පහර දීමක් වන බැවිනි" යි ප්‍රතිශෝධිත ධර්මෝපදේශය පැහැදිලිව ප්‍රකාශ කරයි. "ලොව පුරා මරණ දණ්ඩනය අහෝසි කිරීමට කතෝලික සභාව අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කරයි" යන වගන්තියක් ද ඊට එකතු කර තිබේ. මෙම ප්‍රතිශෝධනය ඇතුළත්ව කතෝලික ධර්මොපදේශය මරණ දඬුවම සම්බන්ධයෙන් කරන ඉගැන්වීම සම්පූර්ණයෙන් මෙසේය: "සාධාරණ නඩු විභායකින් පසුව, පොදු යහපත සුරක්ෂිත කිරීමේ මාර්ගයක් වශයෙන්  නීත්‍යානුකුල බලධාරීන් විසින්  ඇතැම් බරපතල අපරාධ සම්බන්ධයෙන්  මරණීය දණ්ඩනය පැනැවීම,  ඒවාට නිසි ප්‍රතිචාරයක්