Posts

Showing posts from June, 2023

"වධහිංසා කිරීම මුළුමනින් ම තහනම් කරමු; ඒවා ලෝකයෙන් තුරන් කරමු." ජුනි මාසයේ යැදුම් අදහස ඉදිරිපත් කරමින් සුදොතුම් පියතුමා ලෝක ජනතාවගෙන් ඉල්ලයි" : වධහිංසා මානව ගරුත්වයට හානිකරයි".

Image
"Let us commit for the abolition of torture" Holy Father appeals in his February Pope Video  (2023 ජුනි 04) වධ හිංසා පැමිණවීම ලෝකයෙන් මුළුමනින් ම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා සමස්ත ලෝකයෙන් ඉල්ලා සිටියි. ජාත්‍යන්තර ප්‍රජාව ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කරනු පිණිස දෙවිඳුන් යදින අතර ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නැයි එතුමා ලොව පුරා වෙසෙන කතෝලික ජනතාවට උපදෙස් දෙයි.   ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මෙම ආයාචනය කරන්නේ 2023 ජුනි මාසය වෙනුවෙන් සිය යැදුම් අදහස හා පණිවිඩය ඇතුළත් සසුන් පිය වීඩියෝව නිකුත් කරමිනි.  වධහිංසා. වධ දීම්.  මෙයින් අදහස්  කෙරෙන්නේ හුදෙක් ශාරීරික වධහිංසා පමණක් නොවේ. බොහෝ දෙනෙකු නොසිතුවාට නූතන හිංසන ක්‍රමයක් වන මානසික, මනෝභාවික වදහිංසා ද ඊට ඇතුලත්වේ.  "සකල ආකාරයේ වදහිංසා තහනම් කරන්නැ"යි   සුදොතුම් පියතුමා ලෝකයෙන් ඉල්ලා සිටින්නේ අහම්බයකින් නොවේ. එක අතකින් ජුනි 26 වැනි දා   වධහිංසා වලට ලක්වූ වින්දිතයන්ට  සහයෝගිතාව පිණිස  වන එක්සත් ජාතීන් ගේ  දිනයයි. තවත් පැත්තකින්, ලොව පුරා යුද්ධ සහ කැරලි පවතින  කලාප රැසක වධහිංසා සිදුවන බවට වාර්තා